Hathbodhi rajamaha viharaya - හත්බෝධි රජමහා විහාරය

Hathbodhi rajamaha viharaya - හත්බෝධි රජමහා විහාරය හත්බෝධි රජ මහ විහාරය ,

කළුබෝවිල ,

දෙහිවල.

2026/08/15  දින කලුබොවිල හත්බෝධි රජමහ  විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞර්වාහ කණවරැල්ලේ කස්සප ලොකුහාමුදුරුවන් වහන්සේගේ  76...
16/08/2026

2026/08/15 දින කලුබොවිල හත්බෝධි රජමහ විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞර්වාහ කණවරැල්ලේ කස්සප ලොකුහාමුදුරුවන් වහන්සේගේ 76 වන ජන්ම දිනය සිහිකරීම නිමිති කරගෙන සිදු කරන්නට යෙදුන පහන් පූජාමය පිංකම .....🙏✨️


2026/08/15  දින කලුබොවිල හත්බෝධි රජමහ  විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞර්වාහ කණවරැල්ලේ කස්සප ලොකුහාමුදුරුවන් වහන්සේගේ  76...
15/08/2026

2026/08/15 දින කලුබොවිල හත්බෝධි රජමහ විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞර්වාහ කණවරැල්ලේ කස්සප ලොකුහාමුදුරුවන් වහන්සේගේ 76 වන ජන්ම දිනය සිහිකරීම නිමිති කරගෙන

තෙරුවන්ගේ අනන්ත වූ සූවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයත් සියලු යහපතත් උදා වේවා යන උතුම් පැතුමින් අද දින සිදු කරන්නට යෙදුනු ලේ දන් දීමේ පිංකම .....🙏✨️


රුධිර පරිත්‍යාගයෙන් ජීවිතයකට බලාපොරොත්තුවක් දෙමු!🩸     අගෝස්තු මස 15 වන දින උදෑසන 08.30 සිට සවස 3.30 දක්වා කළුබෝවිල හත්බ...
02/08/2026

රුධිර පරිත්‍යාගයෙන් ජීවිතයකට බලාපොරොත්තුවක් දෙමු!🩸

අගෝස්තු මස 15 වන දින උදෑසන 08.30 සිට සවස 3.30 දක්වා කළුබෝවිල හත්බෝධි රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන ලේ දන්දීමේ මහා පින්කමට ඔබත් දායක වන්න.

පැමිණෙන විට ජාතික හැඳුනුම්පත රැගෙන එන්න. 🙏✨

හත්බෝධි රජමහා විහාරස්ථානයේ පින්බර වස් ආරාධනා මහෝත්සවය 🙏✨2026 ඇසළ පෝය දිනට පසුව යෙදුණු පෙරවස් සමාදන් වීම නිමිත්තෙන්, අප  ...
30/07/2026

හත්බෝධි රජමහා විහාරස්ථානයේ පින්බර වස් ආරාධනා මහෝත්සවය 🙏✨

2026 ඇසළ පෝය දිනට පසුව යෙදුණු පෙරවස් සමාදන් වීම නිමිත්තෙන්, අප හත්බෝධි රජමහා විහාරස්ථ පූජනීය සංඝරත්නය උදෙසා වස් ආරාධනා කිරීමේ පින්කම 2026/07/29 වන දින දායක පින්වතුන්ගේ මූලිකත්වයෙන් ඉතා ශ්‍රද්ධා භක්තියෙන් යුතුව පවත්වන ලදී.🌸✨

එළඹෙන තුන් මස පුරාවට පැවැත්වෙන මෙම වස් කාලය තුළ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ආගමික වතාවත්, බෝධි පූජා සඳහා සම්බන්ධ වී පින් රැස් කරගන්නා ලෙස සියලුම පින්වත් පිරිසට ආරාධනා කර සිටිමු.

මෙම පින්කම සංවිධානය කළ, දායකත්වය දැරූ සහ සහභාගී වූ සියලුම දායක දායිකාවන් සැමටත් අනුමෝදන් වන මෙත් සිතින් රැස් කළ සියලු පින් බලයෙන් නිදුක් නීරෝගී සුවය සහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා!🙏

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! 🌸🌾

Photography : Nimna Chamodh Peiris


හත්බෝධි රජමහ විහාරස්ථානයේ පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ‘බෝධිරාජ පොසොන් උදානය 2026’ … 🙏✨අපේ සංස්කෘතියේ ගෞරවය...
28/06/2026

හත්බෝධි රජමහ විහාරස්ථානයේ පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ‘බෝධිරාජ පොසොන් උදානය 2026’ … 🙏✨

අපේ සංස්කෘතියේ ගෞරවයත්, බැතිබර සිත් එකමුතුවත් එකට දිස්වන අසිරිමත් ආධ්‍යාත්මික අත්දැකීමක් ලෙස මෙය ඔබ සැම වෙත ගෙන එන්නෙමු… 🌸

මෙම අසිරිමත් අවස්ථාව විඳගැනීමට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා. 🤍

මකර තොරණේ ආරම්භයෙන් රතු පාලම, මිහින්තලේ, සාම චෛත්‍ය, ගෙත්තම් පහන, සමන් දේවාලය, දොළොස්මහේ පහන, මහාගිරි දඹ, සිරිපාද පද්මය, සීත ගඟුල, ඇහැල කණුව සහ ලිහිණිගල දක්වා සෑම නරඹන ස්ථානයක්ම ගෙන එන්නේ වෙනස්ම අසිරියක් 🌿

දහම් පාසල් දරුවන්ගේ නිර්මාණශීලීත්වයෙන් හැඩවුණු නිර්මාණ, ජීවිතයට වැදගත් පණිවිඩයක් ගෙන දෙන ‘අපාය’ නිර්මාණය, අලංකාර තොරණ සහ බැතිමතුන් වෙනුවෙන් සංවිධානය වන දන්සල් ද මෙහි විශේෂත්වයන් අතරින් කිහිපයකි ✨

ශ්‍රද්ධාව, ඉවසීම, දහම සහ යහපත් ජීවිතයක වටිනාකම් සිහිපත් කරවන පූජනීය අත්දැකීමක්… 🌼

ඔබත් පැමිණෙන්න…

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා… 🌸

අජරාමර නිවන් සුව පිණිසම කළ පින් හේතුවේවා..! 🙏
10/06/2026

අජරාමර නිවන් සුව පිණිසම කළ පින් හේතුවේවා..! 🙏

හත්බෝධි රජමහා විහාරයේ වැඩසිට 2026.06.09 වන දින අපවත්වී වදාළ පූජ්‍ය ඇහැලකන්දේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට (ඉන්දියන්...
09/06/2026

හත්බෝධි රජමහා විහාරයේ වැඩසිට 2026.06.09 වන දින අපවත්වී වදාළ පූජ්‍ය ඇහැලකන්දේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට (ඉන්දියන් හාමුදුරුවො)

අමාමහ නිවන් සුව ලැබේවා..! 🙏

හත්බෝධිය රජ මහ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩසිට අපවත් වී වදාළ කලුබෝවිල විමලසිරි මාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය සිහිපත...
31/05/2026

හත්බෝධිය රජ මහ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩසිට අපවත් වී වදාළ කලුබෝවිල විමලසිරි මාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය සිහිපත් කරමින් සිදුකරන වාර්ෂික දානමය පිංකම මේ වසරේ 2026 වෙසක් මස 31 වන දින සිදුකෙරුණි..🙏✨

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා..! 🤍🙏✨
30/05/2026

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා..! 🤍🙏✨

Address

Kalubowila West
10350

Opening Hours

Monday 05:00 - 22:00
Tuesday 05:00 - 22:00
Wednesday 05:00 - 22:00
Thursday 05:00 - 22:00
Friday 05:00 - 22:00
Saturday 05:00 - 22:00
Sunday 05:00 - 22:00

Telephone

+94776972915

Website

Alerts

Be the first to know and let us send you an email when Hathbodhi rajamaha viharaya - හත්බෝධි රජමහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Hathbodhi rajamaha viharaya - හත්බෝධි රජමහා විහාරය:

Shortcuts

Share