St.Stephen Church Kandakuliya

St.Stephen Church Kandakuliya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Stephen Church Kandakuliya, Religious organisation, BEACH ROAD, kandakuliya.kalpitiya, Kalpitiya.

    2019 St.Stephen’s Youth Front - Kandakuliye
02/04/2019

2019
St.Stephen’s Youth Front - Kandakuliye

දේවාශිර්වාදයෙන් අපේ දිරියෙන් දෙවන කඩඉමත් මෙසේ ඇරබුවෙමු....ඔරුවේ බෝට්ටුවේ දකුණු පසින් දැල් එලන්නට...දිවිගමන සුරකින මත්ස්‍...
28/08/2017

දේවාශිර්වාදයෙන් අපේ දිරියෙන් දෙවන කඩඉමත් මෙසේ ඇරබුවෙමු....
ඔරුවේ බෝට්ටුවේ දකුණු පසින් දැල් එලන්නට...
දිවිගමන සුරකින මත්ස්‍ය සම්පත් ගොඩ ගෙනෙන්නට..
අප පියවරුන් සොයුරන් ට ග්‍රාමයක් ලෙස මාවත සැකසුවෙමු...

 #අභිවෘද්ධිය  #අලේපය සක්‍රමේන්තු දානය  #2017අප දයාබර සොයුරු සොයුරියන් ශු.සභාවේ කිතුනු වැඩිහිටියන් ලෙස ශුද්ධාත්මයාණන් වහන...
13/08/2017

#අභිවෘද්ධිය #අලේපය සක්‍රමේන්තු දානය #2017

අප දයාබර සොයුරු සොයුරියන් ශු.සභාවේ කිතුනු වැඩිහිටියන් ලෙස ශුද්ධාත්මයාණන් වහන්සේ තුල වාක්දාතයන් දුන් මහත් උතුම් ගරු ගාම්භීර මොහොත..
ශුද්ධාත්ම සත්වරමින් පිරෙමින් ශුද්ධාත්ම ඵල තම ජීවිතයට නතුකර ගනිමින් එ සියලු සුදතුම් වරම් තුල ක්‍රිස්තු අනුගාමික ජීවිතයකට පියනගන්නට අප මීසමේ දරු දැරියන් 80 කට සුදතුම් වරම් දානය අද දින අප හලාවත පදවි එඩේරාණන් වන ගරු.දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ හා හලාවත පදවි අනුනායක ගරු.පැට්‍රික් විජේසිංහ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි..
කන්දකුලිය ශා.ස්තෙපන් දෙව්මැදුරේදී කුරින්ජම්පිටිය හා කන්දකුලිය දේව ජනතාවගේ යැදුම් තුල කිතුනු සභාවේ නව පිටුවක් පෙරලූ අප දයාබර සහෝදර සහෝදරියන්ට කිතු තුමන්ගේ නිබඳ ආශිර්වාදය මීසම් ජනතාවක් ලෙස ප්‍රාර්ථනා කරමු.
මේ සදහා වැය වූ ගරු.සම්පත් පියතුමා ඇතුළු දහම් පාසල් ගුරු මඩුල්ලට හා සහය වූ සැමට ස්තූතියි.
#ඔබ #අමතන #මා #ඔබෙ #දෙවිදුන් #වෙමි..
#සුභ #වදන #දෙසන්නට #ඔබ #කැදවන්නෙමි..
" #එන්න #මගේ #දුවේ...
#එන්න #මගේ #පුතේ..
#දෙස් #විදෙස් #සිසාරා..
#මගෙ #පෙම #කියන්න..
#කැමැත්ත #පවසන්නේ..

 #අප  #මීසම්  #එඩේරාණන්ගේ  #ජන්ම  #දින  #සැමරුම... #2017  #08  #12..දයාබර පියතුමෙනි..පුරා වසර ගණනාවක් තුල ජේසුතුමන්ගේ ආද...
13/08/2017

#අප #මීසම් #එඩේරාණන්ගේ #ජන්ම #දින #සැමරුම...
#2017 #08 #12..
දයාබර පියතුමෙනි..
පුරා වසර ගණනාවක් තුල ජේසුතුමන්ගේ ආදරය තුල රැදෙමින් දේව අම්මාගේ රැකවරණය ලබමින් දිවිගෙ වූ ඔබවහන්සේට තවත් වසර ගණනාවකට දේවාශිර්වාදය පිරුනු සුවබර නීරෝගීමත් දිවිගමනකට සුභාශින්ශන එක්කරමු..
යහපත පිරුනු සමාජයක් ගොඩනගන්නට කිතු සමිදුන් සෙවනේ නිබඳ දිරිය ශක්තිය ලැබේවා...
සුභ උපන්දිනක් වේවා පියතුමෙනි ...

 #පෝශණ  #වැඩමුළුව  #2017අප ග්‍රාමයේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන්නට හා සුදතුම් වරම් ලබන්නට සැරසෙන දරු දැරියන්ගේ දෙමාපියන...
26/06/2017

#පෝශණ #වැඩමුළුව #2017
අප ග්‍රාමයේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන්නට හා සුදතුම් වරම් ලබන්නට සැරසෙන දරු දැරියන්ගේ දෙමාපියන් වෙනුවෙන් පැවැත්වූ ආත්මීක වැඩමුළුව..
දෙමාපියන් තුන්සිය පනහකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි..
දෙමාපිය වගකීම් හා යුතුකම් දෙවිදුන් තුල දකින්නට අවබෝධ කරගන්නට මොවුන්ට මග පෙන්වූ ගරු රන්දිල් පියතුමා ඇතුලු කණ්ඩායමටත් අප මීසම් එඩේරාණන් වූ ගරු සම්පත් පියතුමෙනි ඔබවහන්සේටත් දෙවිදුන් තුල දේවාශිර්වාදය හා දිරිය ශක්තිය ප්‍රාර්ථනා කරමු

අද දින දේව වචනය
16/06/2017

අද දින දේව වචනය

 #අද  #දින  #සුපුවත
14/06/2017

#අද #දින #සුපුවත

 #ශා. #අන්තෝනි  #මුනිදේ  #අප  #නිසා  #යදිනු  #මැනවිඉල්ලන දේ දෙන නිබදේ..සන්තන්තෝනි මුනිදුනි..අප ඔබලග යදිමින් සිටිනා..අප උ...
13/06/2017

#ශා. #අන්තෝනි #මුනිදේ #අප #නිසා #යදිනු #මැනවි
ඉල්ලන දේ දෙන නිබදේ..
සන්තන්තෝනි මුනිදුනි..
අප ඔබලග යදිමින් සිටිනා..
අප උදෙසා යදිනු මැනේ....

අද දින දේව වචනය...
13/06/2017

අද දින දේව වචනය...

 #කන්දකුලිය  #මෝය  #කැපීමේ  #පළමු  #පියවරපාරම්පරික මසුන් මැරීම ජීවිකාව කරගත් විශාල ජනකායක් වෙසෙන අප ග්‍රාමයේ ජනතාවට ඇති ...
11/06/2017

#කන්දකුලිය #මෝය #කැපීමේ #පළමු #පියවර
පාරම්පරික මසුන් මැරීම ජීවිකාව කරගත් විශාල ජනකායක් වෙසෙන අප ග්‍රාමයේ ජනතාවට ඇති ප්‍රධානතම ගැටලුව වූ මෝය කට ස්වාභාවික හේතුන් නිසා වැසීයාම හේතුවෙන් ගත යුතු මීලග වඩා ඵලදායි ක්‍රියාකාරකම් පිලිබද සාකච්ඡා කිරීමට අප මීසමේ ගරු සම්පත් පියතුමාගේ මූලිකත්වයෙන් සියලුම දෙනා එක්වූ මොහොතයි..
අතීතයේ සිට පැවති මෙම තත්වයන් පිලිබද නීතිමය වශයෙන් රජයේ පිහිට ජනතාව පැතුවද තාවකාලික විසදුමක් පමනක් මොහොතකට දීමට රජය උත්සුක විය..වරින් වර මතුවන මෙම තත්වයන් මැඩපැවැත්වීමට කොතෙක් වර උත්සහ කලද සියල්ල ගගට කැපූ ඉනි මෙන් විය..
වත්මන් රජයේ අති ගරු අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රදේශයට පැමිනි විටද ජනතාව මේ පිලිබද එතුමා දැනුවත් කරන ලදී.නමුත් මේ සදහා සෑහීමකට පත්නොවිය හැකි තරමේ කිසිදු සහණයක් නොලැබිනි..
නැවතත් ග්‍රාමයක් ලෙස එකට එක්ව ගරු පියතුමාගේ මූලික මගපෙන්වීම ඔස්සේ අවශ්‍ය විඪි විඪාන ගැනීමට බලාපොරොත්තු වෙමු..
කල්පිටිය නාරා ආයතනය,නාවික හමුදාව ඇතුලු අදාල සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලුම ආයතන එක්ව කන්දකුලිය මුහුද ආශ්‍රිත සියලුම ක්‍රියාකාරකම් වල නිරත වෙන්නන්ගේ අනාගතය පතා කටයුතු කරන්නට ඇතිවන සියලුම තත්වයන් ඉතා සාමකාමීව විසදාගැනීමට එකට එක්වෙමු...
ගරු පියතුමෙනි අපට අවශ්‍ය ඔබතුමන් මෙන් ජව සම්පන්න නායකත්වයකි.. දේවස්ථානයට පමණක් සීමා නොවී අප හා උරෙනුර ගැටෙමින් දේව විශ්වාසය තුල අප ගොඩනගන්නට වෙහෙසන ඔබවහන්සේට නිරතුරු ශුද්ධාත්මයාණන් වහන්සේගේ සත්වරම් ලැබේවා...
#ඉතින් #එන්න.. #ආයෙත් #අපි #පියවර #තබමු..

Address

BEACH ROAD, Kandakuliya.kalpitiya
Kalpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when St.Stephen Church Kandakuliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share