Pusulpitiya Raja Maha Viharaya.

Directions

Pusulpitiya Raja Maha Viharaya. A stupa was constructed at this temple in remembrance of Prince Dutugemunu, and a shrine room was later built surrounding this small stupa.

අතීත දළදා උරුමයට තෙවරක් උරුමකම් කියනා,වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රැකූ, ශ්‍රී මහා බෝධී ශාඛාවක් රෝපිත, ගුප්ත මලියදේව රහතුන් වැඩ සිටි, නිරිදු දුටුගැමුණු පෝෂණය කළ සහ රාජාභිෂේක ලද රාජපූජිත, වැස්සවළාහක දෙවි හාමුදුරුවන්ගේ අඩවියයි මේ, ගලවල රටේ අභිමානය.☸️ පුසුල්පිටිය රජ මහා විහාරය ඇයි බලන්න යන්නේ?

*ඉතිහාස හා සංස්කෘතික වටිනාකම් වලින් සම්පූර්ණ, තවමත් වැඩිපුර නොහඳුනන උරුම ස්ථානයක් අත්විඳින්න.
*පුරාණ ගෘහනිර්මාණ ශිල්පය හා පූජනීය ධාතු–ආගමික ඉතිහාසය සොයා බලන්න.
*පිරී ඇති සංචාරක මාර්ගවලින් දුරස්ව, නිශ්ශබ්ද හා ආධ්‍යාත්මික පරිසරයක සන්සුන් වන්න.
*ශ්‍රී ලංකාවේ රාජකීය හා බෞද්ධ ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක් හඳුනාගන්න. Why Visit Pusulpitiya Raja Maha Vihara?

*Experience a hidden heritage site rich in history and cultural significance.
*Explore ancient architecture and the sacred legacy of Buddhist relics.
*Enjoy a tranquil spiritual atmosphere away from crowded tourist routes.
*Discover an important chapter of Sri Lanka’s royal and Buddhist heritage.

*පුසුල්පිටිය රජ මහා විහාරය

පුසුල්පිටිය රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ කොත්මලේ නවංගම ග්‍රාම නිළධාරී වසමේ පුසුල්පිටිය ග්‍රාමයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ විහාරස්ථානයකි. එළාර රජු අනුරාධපුරය පාලනය කළ සමයේ දුටුගැමුණු කුමාරයා සිය තරුණ අවධිය ගත කළ ස්ථානයක් ලෙස මෙම ප්‍රදේශය ජනප්‍රවාදයන්හි විස්තර වේ. Pusulpitiya Raja Maha Vihara is an ancient Buddhist temple of great historical value located in Pusulpitiya village, within the Kotmale Nawagama Grama Niladhari Division of Sri Lanka. According to local legends, this area is believed to be the place where Prince Dutugemunu spent his youth during the period when King Elara ruled Anuradhapura.

*ඉතිහාසය
මහාබෝධිවංශය අනුව, අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර රෝපණය කළ ස්ථාන 32 අතරට පුසුල්පිටිය ග්‍රාමයද ඇතුළත් වේ. මෙම කරුණ විහාරයේ ඉතිහාසමය වටිනාකම තවත් ඉහළ නංවයි. According to the Mahabodhivamsa, Pusulpitiya village is mentioned as one of the 32 locations where saplings of the Sacred Sri Maha Bodhi of Anuradhapura were planted. This further highlights the historical and religious significance of the temple.

*ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කිරීම
ඉතිහාස ග්‍රන්ථයන්හි සඳහන් වන පරිදි, ශ්‍රී දළදා වහන්සේ පුසුල්පිටිය රජ මහා විහාරය තුළ වාර තුනක් රහසිගතව වැඩහිඳුවා ආරක්ෂා කර ඇත. ඒවා නම්,
-පොළොන්නරුව යුගයේ කාලිංග මාඝ රජ සමය (ක්‍රි.ව. 1215 – 1236)
-තුන්වන විජයබාහු රජ සමය (ක්‍රි.ව. 1232 – 1236)
-ක්‍රි.ව. 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් උඩරට යටත් කරගත් අවස්ථාව
යන කාල වකවානුවලදීය. Historical records state that the Sacred Tooth Relic of the Buddha was secretly housed and protected at Pusulpitiya Raja Maha Vihara on three occasions:
-During the reign of Kalinga Magha in the Polonnaruwa period (1215–1236 AD)
-During the reign of King Vijayabahu III (1232–1236 AD)
-In the year 1815, when the British took control of the Kandyan Kingdom

*විහාරය
දුටුගැමුණු කුමරු සිහිවීම පිණිස මෙම විහාරස්ථානයේ චෛත්‍යයක් ඉදිකර ඇති අතර, එම කුඩා චෛත්‍යය මධ්‍යස්ථ කරගනිමින් විහාර ගෙයක් ගොඩනංවා ඇත. විහාරය බුදු මැදුරු දෙකකින් සමන්විත වන අතර, පැරණි බුදු මැදුර මහල් දෙකකින් යුක්ත වේ. එහි හතරවන බුවනෙකබාහු රජතුමා විසින් කරවන ලද බැම්මක්ද, රාජාධිරාජසිංහ රජුගේ ගමන් මාලිගාවක තිබූ උළුවස්සක්ද අදටත් දැක ගත හැක. The temple complex consists of two shrine houses, with the older shrine being a two-storeyed structure. Within the temple premises, one can still observe a wall constructed during the reign of King Buwanekabahu IV and a doorway that once belonged to a travelling palace of King Rajadhi Rajasinghe.

*මකර තොරණ
ගම්පොළ යුගයේ රජ කළ බුවනෙකබාහු රජතුමා විසින් නිර්මාණය කර කොත්මලේ පුසුල්පිටිය රජ මහා විහාරයේ තැන්පත් කර තිබූ, මැණික් ඔබ්බවා ඇත්දළවලින් කැටයම් යොදා සාදා ඇති මිල කළ නොහැකි පෞරාණික මකර තොරණක් මෙහි විශේෂයෙන් සලකා බැලිය යුතුය.

ලංකාවේ වැඩ වසූ අවසන් මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ ඉන්දියාවේ සිට මෙරටට වැඩමවා, පුසුල්පිටිය රජ මහා විහාරයේ තැන්පත් කළ දඹරන් බුදු පිළිමය වැඩහිඳුවීම සඳහා මෙම මකර තොරණ රජතුමා විසින් නිර්මාණය කරවූ බව සඳහන් වේ.
මෙම මකර තොරණ අඩි 3 ½ ක් පමණ උසින් යුක්ත වේ. A priceless ancient Makara Torana (dragon arch), intricately carved using elephant tusks inlaid with gemstones, was created by King Buwanekabahu during the Gampola period and installed at Pusulpitiya Raja Maha Vihara. It is believed that this Makara Torana was specially crafted by royal command to enshrine a golden Buddha statue brought to Sri Lanka from India by Maliadeva Maha Rahathan Thero, who is regarded as the last great Arahant to have resided in Sri Lanka. The Makara Torana stands approximately 3½ feet in height.

*මූලාශ්‍ර
ලංකා ප්‍රදීප, සම්ප්‍රවේශය: 2023-07-16
මව්බිම පුවත්පත, 2013-06-02

Sources
Lanka Pradeepa, accessed on 16 July 2023
Mawbima Newspaper, 02 June 2013

ඉතිහාසයපුසුල්පිටිය විහාරයේ ආරම්භය නිශ්චිතව පැහැදිලි නොවූවත් දුටුගැමුණු කුමරු කොත්මලේට පැමිණීමට පෙර දේවානම්පියතිස්ස රජ සම...
16/01/2026

ඉතිහාසය
පුසුල්පිටිය විහාරයේ ආරම්භය නිශ්චිතව පැහැදිලි නොවූවත් දුටුගැමුණු කුමරු කොත්මලේට පැමිණීමට පෙර දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිවූ විහාරයක් බැව් විශ්වාස කෙරේ. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර රෝපණය කළ ස්ථාන 32 න් එකක් ලෙස මහාබෝධිවංශයහි පුසුල්පිටිය ග්‍රාම නාමය සඳහන් වේ. මෙය ඉතුහාසයට සාක්ෂි දරයි.

31/12/2025

පුසුල්පිටිය රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ නවංගම ග්‍රාම නිළදාරී වසමේ පුසුල...
30/12/2025

පුසුල්පිටිය රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ නවංගම ග්‍රාම නිළදාරී වසමේ පුසුල්පිටිය ග්‍රාමයේ පිහිටි ‌ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ විහාරස්ථානයක් වේ. එළාර රජ අනුරාධපුරය පාලනය කල සමයේ දුටුගැමුණු කුමාරයා සිය තරුණ අවධිය ගෙවූ ස්ථානයක් ලෙස මෙම ප්‍රදේශය ජනප්‍රවාදයේ විස්තර වේ.

දුටුගැමුණු කුමරු කොත්මලේට පැමිණීමට පෙර දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිවූ විහාරයක් බැව් විශ්වාස කෙරේ.

අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර රෝපණය කළ ස්ථාන 32 න් එකක් ලෙස මහාබෝධිවංශයහි පුසුල්පිටිය ග්‍රාම නාමය සඳහන් වේ.

ශ්‍රී දළදා වහන්සේ පුසුල්පිටිය රජ මහා විහාරය තුල තුන් වතාවක් රහසිගත ලෙස වඩා හිඳුවා තිබූ බව ඉතිහාස ග්‍රන්ථයන්හී සඳහන් වේ.

ගුප්ත මලියදේව රහතුන් වැඩ සිටි වැස්සවළාහක දෙවි හාමුදුරුවන්ගේ අඩවියයි මේ, ගලවල රටේ අභිමානය.

Address

Pusulpitiya Raja Maha Viharaya, Harangala/Kumbaloluwa Road
Kalapitiya
20560

Opening Hours

Monday 06:00 - 17:30
Tuesday 06:00 - 17:30
Wednesday 06:00 - 17:30
Thursday 06:00 - 17:30
Friday 06:00 - 17:30
Saturday 06:00 - 17:30
Sunday 06:00 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Pusulpitiya Raja Maha Viharaya. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share