Kahathuduwa Diyagama Amashanthi Thapowanaya

Directions

Kahathuduwa Diyagama Amashanthi Thapowanaya ☸ ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර විශාරද පාණ්ඩිත්‍යයෙන් අත්කර ගැනෙන ප්‍රඥා පාටවය පුද්ගල චර්යාව ශොභාමත් කරයි ☸️

07/10/2026

🌸🪷 ගෞතම බුද්ධ චරිතය 🪷🌸

🌿 ලුම්බිනී ගමන 🌿

දරු ගැබට දස මස පිරෙන්නට ළං වූ කල්හි, මහාමායා දේවීන් තම දේවී මාපියන් වෙතට, දෙව්දහ නුවරට යන්නට අදහස් කොට ඒ බව සුදොවුන් මහ රජතුමාට දැන්වූවා ය.

කපිලවාස්තුව රෝහිණී නදියෙන් මෙගොඩ වූ අතර, එගොඩ ලුම්බිනී උයනට ටිකක් එපිටින් දෙව්දහ නුවර පිහිටියේ ය. 🌿

සුදොවුන් මහ රජතුමා,
“එන පසළොස්වක දා මහාමායා දේවීන් එහි එතැ”
යැයි දන්වා අංජන රජු වෙත දූතයෙකු යැවීය.

✨ නියමිත දිනයෙහි මහාමායා දේවීන් රන්සිවි ගෙයක නංවා, ක්ෂත්‍රිය කාන්තාවන් පිරිවර කොට දී, ඇමැතියන්ගේ රැකවරණය ඇතිව මහ පෙරහැරින් දෙව්දහ පුරය කරා යැවූහ.

🌊 රෝහිණී නදිය ද තරණය කළ ඒ මහ පෙරහැර ලුම්බිනී උයන සමීපයට පැමිණියේ ය. දෙව්දහ පුරයෙන් ද දේවීන් පිළිගැනීමට මහත් නෑදෑ පිරිසක් ලුම්බිනිය වෙත පැමිණ බලා සිටියහ.

🌺 එදවස ලුම්බිනී උයන මල් හා පලවලින් බර වූ වෘක්ෂලතාවලින් අතිශයින් ශෝභාසම්පන්න විය. ගිරවුන්, මොනරුන් ආදී පක්ෂීන්ගේ මධුර හඬින් ද, මල් රොන් ගනිමින් හැසිරෙන බඹරුන්ගේ ගුමුගුමු හඬින් ද උයන් පෙදෙස ඒකනින්නාද විය.

🌿 සුගන්ධවත් මන්දමාරුතයෙන් මුළු පෙදෙසම සුවඳවත් වූ අතර, ලුම්බිනී උයන ඉතා රම්‍ය වූ සොඳුරු පරිසරයක් බවට පත්ව තිබිණි.

🌸 මේ අතර මහාමායා දේවීන් උයන් සිරි දැක එහි යන්නට කැමැත්ත පළ කළා ය. ඇය කැටුව පෙරහැර ලුම්බිනී උයනට පිවිසියේ ය.

🌳 මහාමායා දේවීන් රන්සිවි ගෙයින් බැස, සිය නැඟණියන් ආදී ක්ෂත්‍රියාවන් හා සෙසු සේවක සේවිකාවන් සමඟ උයන් සිරි බලමින් හැවිදිනී ය.

🌼 එසේ යන අතර, මුල සිට අග දක්වාම මලින් සැරසුණු මඟුල් සල් රුකක් දැක ඒ වෙත ගියා ය.

මඟුල් සල් රුකෙහි අත්තක් අල්ලා ගනු කැමැත්තෙන් දකුණත දිගු කළා ය.
🌿 ඒ සල් අත්ත දේවීන් වෙත නැමුණේ ය.
මහාමායා දේවීන් එය අල්ලා ගත්තා ය.

🪷✨ මෙසේ ලුම්බිනී උයනේදී සිදුවූ ඒ උතුම් අවස්ථාව, ලෝකයට අසිරිමත් බුද්ධ චරිතයක උදාවට පෙර සිදුවූ පූර්ව පියවරක් ලෙස බෞද්ධ සාහිත්‍යයේ අතිශය ගෞරවයෙන් සිහිපත් කෙරේ. ✨🪷

🙏 සම්බුදු සරණයි!
🌸 ශ්‍රී සද්ධර්මය සදා සුරැකේවා! 🌸

#ගෞතමබුද්ධචරිතය #ලුම්බිනීගමන #මහාමායාදේවී #ලුම්බිනී #බුද්ධචරිතය #සම්බුදුසරණයි #සද්ධර්මය

06/10/2026
06/10/2026

#ශාප නොකරන්න කර්මය විශ්වාස කරන්න

කර්මයට ඉහලින් කිසිවක් නැත!

Address

Kahatuduwa
10320

Website

Alerts

Be the first to know and let us send you an email when Kahathuduwa Diyagama Amashanthi Thapowanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share