ARYA Foundation ආර්ය පදනම

ARYA Foundation ආර්ය පදනම යථාර්තය නුවණින් අවබෝධ කර ගැනීමට සැරස?

ආර්ය පදනම වන අපි, තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් භාෂිත නිර්මල ථේරවාදී බෞද්ධ දර්ශනයේ කෙන්ද්‍රස්ථානය අප පුණ්‍ය භූමියයි. ජාතියේ පුණ්‍ය මහිමය නිසාම අප ලද දායාදයක් වන බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කරමින් පොෂණය කරමින් දිවි හිමියෙන් සුරැකීමට කැපවුණු ධර්මධර මෙන්ම විනයධර අනාගත පරපුරක් බිහිකිරීමට අවැසි නිවැරදි මග පෙන්වීම උදෙසා කැපවී සිටිමු.

2014 වසරේදී ධර්මාචාර්ය තිලාන් රංගන සංජීව මැතිතුමාගේ සංකල්පයක්ට අ

නුව බිහිකරන ලද මෙම බෞද්ධ සංවිධානය වර්තමානයේ දී මහාචාර්ය අතිපූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ ප්‍රධාන අනුශාසකත්වය යටතේ ශාසනික මෙන්ම ජාතික වශයෙන් ද ඉමහත් යුග මෙහෙවරක නිරතව සිටී.

14/12/2024

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි..!

ක්‍රිස්තු පූර්ව 236 වැනි වර්ෂයේ උඳුවප් මස පුර පසළොස්වක් පොහෝ දිනයේදී දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට වැඩම කරවීමත්, ශ්‍රී ලංකා ධරණී තලයෙහි භික්ෂූණී ශාසනය ආරම්භ වීමත් ලංකා ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිද්ධීන් වේ.

මහ වංශයේ 18 සහ 19 වන පරිච්ඡේදයන්හි බෝධි ආගමනය පිළිබඳ විස්තර ඇතුළත් ය. ඒ අනුව විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත්, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවාගෙන ඒම සඳහා දේවානම්පියතිස්ස රජතුමා පවරන ලද්දේ තමන්ගේ බෑණනුවන් වූ අරිට්ඨ අමාත්‍යවරයා වෙතත්ය. අරිට්ඨ අමාත්‍යතුමා මහින්ද මහරහතන් වහන්සේගේ දේවානම්පියතිස්ස මහරජතුමාගේත් හසුන්පත රැගෙන වප් මස දෙවැනි දිනයේ දී දඹකොළපටුනෙන් පිටත්ව එක්දිනක් තුළ පැළලුප් නුවරට පැමිණියේ මිහිඳු මහරහතන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් බව මහවංශය සඳහන් කරයි.

උඳුවප් පුර පසළොස්වක පොහොය වරුණ

ක්‍රිස්තු පූර්ව 236 වැනි වර්ෂයේ උඳුවප් මස පුර පසළොස්වක් පොහෝ දිනයේදී දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට වැඩම කරවීමත්, ශ්‍රී ලංකා ධරණී තලයෙහි භික්ෂූණී ශාසනය ආරම්භ වීමත් ලංකා ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිද්ධීන් වේ.

මහ වංශයේ 18 සහ 19 වන පරිච්ඡේදයන්හි බෝධි ආගමනය පිළිබඳ විස්තර ඇතුළත් ය. ඒ අනුව විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත්, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවාගෙන ඒම සඳහා දේවානම්පියතිස්ස රජතුමා පවරන ලද්දේ තමන්ගේ බෑණනුවන් වූ අරිට්ඨ අමාත්‍යවරයා වෙතත්ය. අරිට්ඨ අමාත්‍යතුමා මහින්ද මහරහතන් වහන්සේගේ දේවානම්පියතිස්ස මහරජතුමාගේත් හසුන්පත රැගෙන වප් මස දෙවැනි දිනයේ දී දඹකොළපටුනෙන් පිටත්ව එක්දිනක් තුළ පැළලුප් නුවරට පැමිණියේ මිහිඳු මහරහතන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් බව මහවංශය සඳහන් කරයි.

ලංකාගමනය
මිහිඳු මහරහතන් වහන්සේ්ගෙන් බණ අසා පළමුව මාර්ග ඵලාවබෝධය ලබන ලද්දේ අනුලා දේවිය ප්‍රධාන කාන්තා පක්ෂයයි. ඔවුහු සසුන්හි පැවිදි වන්නට අවශ්‍ය බව දෙවනපෑතිස් නිරිඳුන්ගේ මාර්ගයෙන් අනුබුදු මිහිඳු මාහිමියන්ට දැන්වූහ. එහෙත් කාන්තාවන් පැවිදි කරන්නට තමන් වහන්සේට නොහැකි බවත් ඒ සඳහා සිය නැඟණිය වන සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා මෙහි ගෙන්වා ගන්නා ලෙසත් වදාළහ. එය ඇසූ දෙවනපෑතිස් නිරිඳුන් විසින් ඒ සඳහා දඹදිව පැළලුප් නුවර අශෝක චක්‍රවර්තීන් වෙත අරිට්ඨ කුමරුන් ප්‍රධාන දූත පිරිසක් යැවීමට තෝරා ගන්නා ලදී. ලංකාවේ සිටින සිංහල කාන්තාවෝ සසුන්හි පැවිදි වන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්යය සඳහා භික්ෂුණී සංඝයා ලංකාවේ නොමැති හෙයින් එය කළ නොහැක. ඒ සඳහා සංඝමිත්තා මහරහත් උත්තමාව ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි එවනු මැනවි. එසේම පෙර තුන් බුදුවරයන් වහන්සේගේ බෝධි ශාඛාවලින් හිස් නොවූ ලංකාවට අප ගෞතම බුදුරදුන් පිටදුන් බෝධිරාජයාගේ ශාඛාවක් ද එවනු මැනවි. මේ සන්දේශය රැගත් රාජකීය දූත පිරිස වප් පුණු පොහෝදා ධර්මාශෝක අධිරාජයාණන් හමුවනු පිණිස දඹදිව පැළලුප් නුවර බලා පිටත් වූහ. ටික දිනකින් එහි ගිය ලාංකීය රාජකීය දූත පිරිස ධර්මාශෝක අධිරාජයා වෙත සන්දේශය පිළිගන්වා සංඝමිත්තා මහරහත් මෙහෙණිය ද හමුව සිය සොහොයුරු මිහිඳු මා හිමියන්ගේ පණිවුඩය සැල කළහ. එහෙත් සිය පුතාත් මුණුපුරාත් වෙනුවට සංඝමිත්තා උත්තමාව නිසා සැනසී සිටිය ධර්මාශෝක අධිරාජයා ඇය ලංකාවට එවීමට මුලදී එතරම් කැමැත්තක් නොදැක්වීය. පසුව එතුමාට සඝමිත් මාතාව කරුණු විස්තර කර දුන්නේ මෙසේ ය.

පියාණෙනි, මගේ සහෝදරයන් වහන්සේගේ වචනයට. මා ගරු කළ යුතුයි. අනුලාව ප්‍රධාන විශාල සිංහල කාන්තා පිරිසක් මහණ වන්නට මා ගැන බලාපොරොත්තුවෙන් සිටිති. ඒ නිසා මා එහි යා යුතුයි. මගෙන් උදාර සේවාවක් ලංකාවාසීනට සිදුවනු ඇත. යනුවෙන් ඇය පැවසුවා ය. එය ඇසූ දම්සෝ නිරිඳුන් ‘දියණියෙනි, එසේ නම් වඩිනු මැනවි. මාගේ දරු පරම්පරාව ම සිංහල ජනතාවට සේවය පිණිසම වේවා, එය මට ද මහත් පිනකි. ඔබ ඇතුළු භික්ෂුණී සංඝයා වඩින විට ඒ සමඟම බෝධිරාජයාගේ ශාඛාවක් ද ගෙන යනු පිණිස මම කටයුතු පිළියෙල කොට දෙන්නෙමි’ ය කීය.

මෙසේ කී ධර්මාශෝක අධිරාජයා සංඝමිත්තා මහරහත් උත්තමාවන් භික්ෂුණී සංඝයා සමඟ පිරිවර සහිතව ලංකාවට එවීමට සූදානම් කරවීය. ධර්මාශෝක අධිරාජයා රජ මාලිගාවෙහි මහා සංඝයා විෂයෙහි දන් පිරිනමා අවසන මහා බෝධි ශාඛාව ලංකාවට යැවිය යුතු දැයි මොග්ගලීපුත්තතිස්ස මහරහත් හිමියන්ගෙන් විමසීය. එය ඇසූ මොග්ගලීපුත්තතිස්ස මාහිමියෝ බෝධි ශාඛාව ලංකාවට යැවිය යුතු යැයි වදාරමින් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද මහා අධිෂ්ඨාන පස රජතුමාට දේශනා කළහ.

ලංකාවෙහි රෝපණය කිරීම පිණිස බෝධිය ගැනීමට අශෝක චක්‍රවර්තීන් එළඹුණු කල්හි බෝධි ශාඛාව අයත්නයෙන්ම ගැලවී රන් කටාරමෙහි පිහිටවා, බෝධි ශාඛාව පිහිටන කල්හි එය හිමවලා ගැබක් අතරට වැද සිටීවා, සත් දිනකට පසු නැවත රන් කටාරමෙහි පිහිටි කෙණෙහි පත්‍රයන්ගෙන් හා ඵලයන්ගෙන් සවණක් ඝන බුදුරැස් විහිදේවා, දෙවනපෑතිස් නිරිඳුන් විසින් කරවන ලද ථූපාරාම චෛත්‍යයෙහි දකුණු අකු ධාතුව පිහිටන කල්හි යමාමහ ප්‍රාතිහාර්යය කෙරේවා, ලක්දිව මාගේ ද්‍රෝණයක් පමණ ධාතුන් රුවන්වැලි සෑයෙහි පිහිටන කල්හි බුද්ධවේශය ගෙන අහසට පැන නැඟී යමාමහ පෙළහර කෙරේවා.

යන මේ අධිෂ්ඨාන පස පිරිනිවන් ඇඳේ වැඩ සිටි සර්වඥයන් වහන්සේ ලංකාව වෙත යොමු කළහ. යනුවෙන් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ රජතුමාට සිහිපත් කරවූහ. ඒ ඇසූ රජතුමා අතිශයින් සතුටුව පැළලුප් නුවර පටන් බෝධීන් වහන්සේ දක්වා සත්යොදුනක් මඟ සැරසවීය. රන් කටාරමක් ඒ සඳහා පිළියෙළ විය. රජතුමා සිවුරඟ සෙනග පිරිවරා ගෙන මහ පෙරහරින් බෝධීන් වහන්සේ වෙත ගියේ ය.

අශෝක රජුගේ සත්‍ය ක්‍රියාව
අශෝක රජතුමා දක්ෂිණ ශාඛාව පිහිටි ස්ථානයට ළං වූයේ උස් වූ පීඨයකට (අටල්ලකට) නැඟීමෙනි. ඒ සමඟම රන් කටාරම පීඨයකට නංවන ලද්දේ ඒ ස්ථානයට සමීප කර ගනිමිනි. ඉක්බිති රජතුමා රන් පින්සලයෙන් රන් සිරියල් ගෙන, බෝධි ශාඛාවේ ආරම්භය වටා රේඛාවක් ඇඳ ඉදින් මේ මහා බෝධීන් ලංකාද්වීපයට ම යා යුතු වේද? ඉදින් මටද සර්වඥ ශාසනයෙහි සැක රහිත වෙමි ද, මේ බෝධි ශාඛාව තමා ම සිඳී මේ රන් බඳුනෙහි පිහිටුවා යි සත්‍ය ක්‍රියා කළේ ය. එවිට ඒ මහා බෝධි ශාඛාව තොමෝ ම සිඳී සුවඳ කළලින් පිරුණා වූ කටාරම මතුයෙහි පිහිටියා ය. එවිට මහපොළොව කම්පා විය. නා නා ප්‍රකාර ප්‍රාතිහාර්යය පහළ විය. මහරජතුමා ඇතුළු පිරිස පී‍්‍රති ඝෝෂා කළහ. මහා සංඝයා වහන්සේ සාධු නාද කළහ. මිනිස්, දෙව් බඹුන්ගේ සාධු නාදයෙන් මුළු මහත් දඹදිව් තලයම ඒකාලෝක විය.

අශෝක රජතුමා ගංගා නම් නදියෙහි සරසන ලද නැවකට බෝධීන් වහන්සේ නංවා එකළොස් නමක් මෙහෙණින් වහන්සේ ඇතුළු සංඝමිත්තා ස්ථවිරයන් වහන්සේ මහාරිෂ්ඨ කුමරුන් ප්‍රමුඛ රාජකීය දූත පිරිස නැව් නංවා නුවරින් නික්ම සත් දිනකින් වින්ධ්‍යා වනය ඉක්මවා තාමලිත්ති නම් තොටට පැමිණියේ ය. ඒ අතරමඟ දෙවියෝත්, නාගයෝත්, මනුෂ්‍යයෝත් බෝධි රාජයා පූජාවට පාත්‍ර කළහ.

අශෝක රජතුමා සමුද්‍ර තීරයෙහි බෝධීන් වහන්සේ වඩා හිඳුවා නැවතත් දඹදිව රාජ්‍යයෙන් පිදීය. උඳුවප් මස ශුක්ල පක්ෂයෙහි පෑළවිය දිනයෙහි බෝධි රාජයා ඔසවාගෙන ගී‍්‍රවය දක්වා ජලයෙහි බැස නැවෙහි තැන්පත් කළේ ය. සංඝමිත්තාවන් ඇතුළු මෙහෙණින් වහන්සේ මහාරිෂ්ඨ කුමරුන් ඇතුළු පිරිසක් නැවට නංවා මෙසේ ප්‍රකාශ කළේ ය. මම තුන් වරක් දඹදිව රාජ්‍යයෙන් බෝධි රාජයා පිදුයෙමි. මාගේ මිත්‍ර රජතුමා ද එසේම කෙරේවා යනුවෙනි.

මහා පෙරහරින් නැව් නැංවූ මේ රාජකීය පිරිස නොයෙක් පූජා ලබමින් උඳුවප් පුර පසළොස්වක පොහෝදා ලක්දිව දඹකොළපටුනට පැමිණියහ. රජතුමා ගී‍්‍රවය තෙක් ජලයට බැස සොළොස් කුල ජනයන් සමඟ බෝධි ශාඛාවත්, සංඝමිත්තා රහත් මෙහෙණිය ප්‍රමුඛ භික්ෂුණී සංඝයාත් රාජකීය පෙරහරින් අනුරාධපුර මහමෙවුනා උයන වෙත කැඳවාගෙන ගියේ ය.

එහිදී ජාතික මහෝත්සවයක් ලෙස බෝධීන් වහන්සේ මහමෙව්නා උයනෙහි සකස් කළ උස් භූමියක රෝපණය කළ බව මහවංශය සහ බෝධිවංශයෙහි දැක්වෙයි. දෙවනපෑතිස් රජුගෙන් ආරම්භ වුණු බෝධි පූජා උත්සවය දුටුගැමුණු, භාතිය, ධාතුසේන, අඹහෙරණ, සලමෙවන්, දෙටුතිස් ආදී රජවරුන් විසින් සිදු කළ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.

භික්ෂුණී ශාසනය ආරම්භ වීම
සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිවට වැඩමවීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය ඇතුළු පිරිවර භික්ෂුණී සමාජයෙහි පැවිද්ද ලබා ශ්‍රී ලංකා ද්වීපය තුළ භික්ෂුණී සමාජය ආරම්භ වීම ද අදවන් උඳුවප් පොහොය හා සම්බන්ධ වූ ඉතා වැදගත් ඓතිහාසික ශාසනික සිදුවීමකි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

සටහන - හේමමාලා රන්දුනු

දුරුතු පුන් පොහෝ දා මුනි සිරිපා පහසින් ලක්දෙරණ සුපූජිත වූ වගයි..! 🙏🙏🙏ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිහිකරනු ව...
06/01/2023

දුරුතු පුන් පොහෝ දා මුනි සිරිපා පහසින් ලක්දෙරණ සුපූජිත වූ වගයි..! 🙏🙏🙏
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිහිකරනු වස් දුරුතු පොහොය දාන, සීල, භාවනාම ය වශයෙන් ත්‍රිවිධ පුණ්‍ය කර්මයන්හි නියැළීමට සිව්වනක් පිරිසටම උදාවන වටිනා දිනයෙකි.

ඕල්කට් දේශනය 2022 - ඔක්තෝම්බර් මස 29 දින සවස 4.45 සිට  ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ සිට සජීවී විකාශය..!             ...
29/10/2022

ඕල්කට් දේශනය 2022 - ඔක්තෝම්බර් මස 29 දින සවස 4.45 සිට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ සිට සජීවී විකාශය..! ආර්යවාහිනී බෞද්ධ නාලිකාවෙන් බලාපොරොත්තු වන්න.
🙏🌼🙏

ඔක්තෝම්බර් මස 29 දින සවස 4.45 සිට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ සිට සජීවී විකාශය

වසර එකසිය දෙකක් (102) ආයු වළඳා අපවත් වී වදාළ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක, අමරපුර සිරි සද්ධම්ම මහා නිකායේ කොළඹ දිස්ත්...
14/03/2022

වසර එකසිය දෙකක් (102) ආයු වළඳා අපවත් වී වදාළ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක, අමරපුර සිරි සද්ධම්ම මහා නිකායේ කොළඹ දිස්ත්‍රික් සංඝ සභාවේ උප සභාපති, ත්‍රිපිටකධර, ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්ම විනයාචාර්ය, කඩුවෙල-කොතලාවල සංඛපිට්ඨි විහාරය සහ ගොතටුව ශ්‍රී ඥානවිමලාරාමය යන විහාරයන්හි උභය විහාරාධිපති, පණ්ඩිත, ශාස්ත්‍රවේදී කඳුබොඩ අමරඤාණාභිධාන නායක ස්වාමීන්වහන්සේහට අමා මහ නිවන් සුව අත්වේවා..! 🙏🏼🙏🏼🙏🏼💐💐💐

වසර එකසිය දෙකක් (102) ආයු වළඳා අපවත් වී වදාළ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක, අමරපුර සිරි සද්ධම්ම මහා නිකායේ කොළඹ දිස්ත්‍රික් සංඝ සභාවේ උප සභාපති, ත්‍රිපිටකධර, ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්ම විනයාචාර්ය, කඩුවෙල-කොතලාවල සංඛපිට්ඨි විහාරය සහ ගොතටුව ශ්‍රී ඥානවිමලාරාමය යන විහාරයන්හි උභය විහාරාධිපති, පණ්ඩිත, ශාස්ත්‍රවේදී කඳුබොඩ අමරඤාණාභිධාන නායක ස්වාමීන්වහන්සේහට අමා මහ නිවන් සුව අත්වේවා..! 🙏🏼🙏🏼🙏🏼💐💐💐

🙏🙏🙏
01/01/2022

🙏🙏🙏

18/12/2021
ඉල් පුරපසලොස්වක පොහොය අදයි..!🙏🙏🙏ඉල් මස පුර පසළොස්වක පෝය දිනය කරුණු කාරණා කීපයක් නිසාම ශාසන ඉතහාසයේ සුවිශේෂී පෝය දිනයක් ව...
18/11/2021

ඉල් පුරපසලොස්වක පොහොය අදයි..!🙏🙏🙏

ඉල් මස පුර පසළොස්වක පෝය දිනය කරුණු කාරණා කීපයක් නිසාම ශාසන ඉතහාසයේ සුවිශේෂී පෝය දිනයක් වශයෙන් සැලකේ. ප‍්‍රථම ධර්මධූත පිරිස ධර්ම ප‍්‍රචාරය ඇරඹීම, තුන්බෑ ජටිල දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, මෛත‍්‍රී බෝසතුන් වහන්සේ නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් මහතෙරුන් වහන්සේ නාලක නම් උපන් ගමේ උපන් නිවසේදී පිරිනිවන් පෑම, යන සුවිශේෂී ශාසනික කරුණු සිදුවීමත් පසුවස් පවාරණය හා කඨින චීවර පූජාව සිදු කළ හැකි අන්තිම දිනය වීම යන සුවිශේෂි ශාසනික සිද්ධියෙන් මුල්කොට ඉල්මස පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයෝ ඉතා වැදගත් කොට සලකති.

ඉල් පුරපසලොස්වක පොහොය අදයි..!🙏🙏🙏

ඉල් මස පුර පසළොස්වක පෝය දිනය කරුණු කාරණා කීපයක් නිසාම ශාසන ඉතහාසයේ සුවිශේෂී පෝය දිනයක් වශයෙන් සැලකේ. ප‍්‍රථම ධර්මධූත පිරිස ධර්ම ප‍්‍රචාරය ඇරඹීම, තුන්බෑ ජටිල දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, මෛත‍්‍රී බෝසතුන් වහන්සේ නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් මහතෙරුන් වහන්සේ නාලක නම් උපන් ගමේ උපන් නිවසේදී පිරිනිවන් පෑම, යන සුවිශේෂී ශාසනික කරුණු සිදුවීමත් පසුවස් පවාරණය හා කඨින චීවර පූජාව සිදු කළ හැකි අන්තිම දිනය වීම යන සුවිශේෂි ශාසනික සිද්ධියෙන් මුල්කොට ඉල්මස පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයෝ ඉතා වැදගත් කොට සලකති.

ඉසිපතන මිගදායේ ධම්මචක්ක පවත්වන සූත‍්‍ර දේශනාවට අනතුරුව පළමුව කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ”එහිභික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාව” ලැබූ අතර දෙවනුව වප්ප, භද්දිය දෙදෙනා ද, අවසානයේ මහානාම, අස්සජි දෙදෙනා ද යන පස්වග තවුසෝ සෝවාන්ව මහණ උපසම්පදාව ලැබූහ. ”අනන්ත ලක්ඛණ සූත‍්‍ර” දේශනාවෙන් පසුව පස්වග මහණුන් සියලූ දෙනා රහත් බවට ද පත් වූහ.

එකල්හි යසකුල පුතු නාටක ස්ත‍්‍රීන්ගේ විප‍්‍රකාර දැක ගිහිගෙයි කලකිරී නිවසින් පිටව ඉසිපතනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ වෙත ගොස් බණ අසා පැවිදිව සෝවාන් වූයේය. මේ බව දත් ඔහුගේ මිතුරෝ සිව්පනස් දෙනෙක් ද බුදුන් වෙත පැමිණ බණ අසා රහත් වූහ. මෙසේ රහත් වූ පස්වග මහණුන් ඇතුළු සැටනම අමතා ”චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය” යනාදී වශයෙන් ”බොහෝ දෙනාගේ හිත පිණිස, සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, ධර්ම චාරිකාවේ යෙදෙන ලෙසත්, එක් මෙ`ගකින් දෙදෙනක් නොගොස් මුල, මැද, අවසන කළණ වූ පිරිසිදු ධර්මය දේශනා කරන ලෙසත්, ලාභාපේක්ෂාවෙන් තොරව ලෝකානුකම්පාව උදෙසා දෙව් මිනිසුන් සහිත සියලූ ලෝසතුන්ගේ හිතසුව පිණිස ධර්මප‍්‍රචාරය ආරම්භ කරන ලෙසත් අනුදැන වදාළ සේක. මෙසේ පළමු රහත් සැට නම ධර්ම චාරිකාවේ යෙදුනේ උතුම් ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය.

කොසොල් රජුගේ රජ කුමරුන් තිස් දෙනෙක් ක‍්‍රීඩා පිණිස කප්පායික වනයට ගියහ. ඉන් එක් කුමරෙක් තමන් කැඳවාගෙන ගිය වෙස`ගනක් ඔවුන් සතු ආභරණත් රැුගෙන පළා ගිය බව දැන ඇය සොයා යන්නෝ අතරම`ගදී බුදුන් දැක ඇය ගැන විමසූහ. එම අවස්ථාවෙහි අනුන් සෙවීමට වඩා තමන් සෙවීම වඩා උතුම් බව දක්වා වදාළ බණ අසා ඒ හැම දෙනා රහත් වූහ.

මේ වනවිට රහත් බව ලැබූ පස්වග මහණුන් හා යසකුල පුත‍්‍රයා ඇතුළු යහළුවන් පනස්පස් දෙනා සමග ඉහත තිස් නම එක්ව රහතන් වහන්සේ එක් අනූවක් වූ පසු බුදුරජාණන් වහන්සේ උරුවෙල නම් ජනපදයට වැඩම කළ සේක. එහි නිල්දරා නම් ගංතෙර උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප නම් තුන් බෑ ජටිලයෝ තමන් රහතුන් බව පවසමින් මිථ්‍යා දෘෂ්ටිකව සිටියහ. මොවුන්ට අතවැසියන් ද දහසක් පමණ සිටියහ. මිසදිටු බවින් අපාගත වීමට සිටි මොවුන් කෙරේ මහාකරුණාවෙන් පිරුණු බුදුරජාණන් වහන්සේ චරිතානුකූලව ධර්මදේශනා කොට ඒ ජටිලයන් දමනය කළේ ද ඉල්මස පුර පසළොස්වක පොහෝ දිනයකය.

බුදුරජාණන් වහන්සේ බේළුව නම් ගමෙහි වස් වසා වැඩ සිටි කල්හි මාරාන්තික රෝගාබාධයක් ඇතිවී එය සමාධි බලයෙන් මැඩගෙන සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පළමුව අග‍්‍රශ‍්‍රාවක දෙනම අපවත්වීම සිරිතය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම විහාරායේ වැඩසිටිනා කල්හි අභිධර්මයට සමත් දකුණත් සව් සැරියුත් තෙරුන් වහන්සේට නාලක නම් තම උපන් ගමෙහි උපන් නිවසේදී පිරිනිවන් පෑමට අවසර දුන් සේක. එසේ අපවත්වූ සැරියුත් තෙරුන් වහන්සේගේ ආදාහනයෙන් පසු ගෙනා ධාතු බුදුන් වහන්සේගේ ශී‍්‍ර හස්තයෙන් ගෙන ගාථා පන්සියයකින් ගුණ ගායනා කොට ජේතවනාරාමයේ චෛත්‍යක් කරවන ලදී. මෙසේ සැරියුත් මහතෙරුන් වහන්සේ පිරිනිවන් පා වදාළේ ද ඉල් මස පුර පසළොස්වක පෝ දිනයකදීය.

සංකස්ස පුරයේදී සැරියුත් තෙරුන් වහන්සේගෙන් ප‍්‍රශ්න විසඳා ඥානවන්තයන් අතර අගතැන් කොට වදාළ දවසේම මෙත් බෝසතුන් වහන්සේ මෙම මහා භද්‍රකල්පයේදී මෛත‍්‍රිය නමින් කේතුමතී නම් නුවර පහළ වන බවට අනාගත වංශ දේශනාව සිදු කොට විවරණ ශී‍්‍ර දෙවා වදාළේ ද ඉල් මස පුර පසළොස්වක පෝය දිනයකදීය.

ඇසළ මස පෙරවස් සමාදන්වීමට නොහැකි වූ උපසපන් භික්ෂූන් වහන්සේට පසුවස් විසීමට නියමිත නිකිණි මාසයේදී පසුවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ පසු වස් පවාරණය කරනුයේ ද ඉල් මස පුර පසළොස්වක දිනදීය. එසේම කඨින චීවර පූජාව කළ හැකි අන්තිම දිනය ද ඉල් පුර පසළොස්වක දිනට යෙදේ. මෙනයින් සලකන විට පසුවස් පවාරණය හා කඨින චීවර පූජාව කළ යුතු අවසන් දිනය යෙදෙන දිනය ලෙස ද ඉල්පුර පසළොස්වක පෝය දිනය වැදගත් වේ.

Address

Kaduwela

Telephone

+94776797997

Website

Alerts

Be the first to know and let us send you an email when ARYA Foundation ආර්ය පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ARYA Foundation ආර්ය පදනම:

Share