Sankhapitti Purana Rajamaha Viharaya - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය

  • Home
  • Sri Lanka
  • Kaduwela
  • Sankhapitti Purana Rajamaha Viharaya - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය

Sankhapitti Purana Rajamaha Viharaya - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය The Official page of Kaduwela Sankhapitti Dhathu Pooja Maha Perahara - Kaduwela

ලෝකවාසී සැමට දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලැබෙන පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා !තෙරුවන් සරණයි !!සංඛපිට්ඨි පුරාණ රජමහා ව...
26/08/2026

ලෝකවාසී සැමට දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලැබෙන පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා !

තෙරුවන් සරණයි !!

සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථ මාධ්‍ය අංශය



🌼 සැදැහැති ඔබ සැමට කෙරෙන සැදැහැති ආරාධනාවයි..! 🙏🙏🙏අද දින සිය 58 වන ජන්ම දිනය සිහිපත් කරන,තක්ෂිලා මහ පරිවේණාධිපති කඩුවෙල-...
18/08/2026

🌼 සැදැහැති ඔබ සැමට කෙරෙන
සැදැහැති ආරාධනාවයි..! 🙏🙏🙏

අද දින සිය 58 වන ජන්ම දිනය සිහිපත් කරන,
තක්ෂිලා මහ පරිවේණාධිපති කඩුවෙල-කොතලාවල සංඛපිට්ඨි විහාරාධිපති,
ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කනංගම නාරද නායක ස්වාමීන්වහන්සේට,
නිදුක්-නිරෝගී සුපින්බර සුභ ජන්ම දිනයක් ප්‍රාර්ථනා කරනු වස් සංවිධානය කරනු ලබන
විශේෂ ආශීර්වාද බෝධි පූජාමය පිංකම සහ
ජනම දින සැමරුම් ධර්ම දේශනාමය පිංකම
අද සවස 5:00ට සංඛපිට්ඨි පුරාණ විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්වේ.

තෙරුවන් සරණයි..! 🙏
පූජ්‍ය මාදන්වල රාහුල හිමි
විහාරාධිකාරි
සංඛපිට්ඨි පුරාණ විහාරය
සංඛපිට්ඨි විහාරස්ථ දායක සභාව

කැළණි ගං මිටියාවතේ ඉපැරණිම පෙරහර සිරිත, 183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යයයේ  සත්වන දින අවසන් මහා පෙරහර...
14/08/2026

කැළණි ගං මිටියාවතේ ඉපැරණිම පෙරහර සිරිත, 183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යයයේ සත්වන දින අවසන් මහා පෙරහරේ

දේව ප්‍රතිමා වැඩමකරවීම සදහා ප්‍රධාන දායකත්වයන්

1. විෂ්ණු දේව ප්‍රතිමාව - සවිරු ෆාමසි අධිපති ජගත් කුමාර මැතිතුමා

* විෂ්ණු දේව ප්‍රතිමාව සදහා පුෂ්පෝපහාර දැක්වීම සහ රන්සිවිගෙයි විදුලි ආලෝකය විවෘත කිරීම - කඩුවෙල එක්සත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සභාපති, අශාන් ඇඩ්වර්ටයිසින් අධිපති නිශාන්ත ගුරුගේ මැතිතුමා

2. සුමන සමන් දේව ප්‍රතිමාව - ව්‍යාපාරික චමින්ද වෙදගේ මැතිතුමා

* සුමන සමන් දේව ප්‍රතිමාව උදෙසා පුෂ්පෝපහාර දැක්වීම සහ රන්සිවිගෙයි විදුලි ආලෝකය විවෘත කිරීම - ව්‍යාපාරික පියුමාල් අඹන්පිටිය මැතිතුමා

3. කතරගම දේව ප්‍රතිමාව - කළරු නිෂ්පාදන ආයතනයේ අධිපති හසිත අබේසිංහ මැතිතුමා

* කතරගම දේව ප්‍රතිමාව උදෙසා පුෂ්පෝපහාර දැක්වීම සහ රන්සිවිගෙයි විදුලි ආලෝකය විවෘත කිරීම - ව්‍යාපාරික ප්‍රියන්ත මැතිතුමා

4. පත්තිනි දේව ප්‍රතිමාව - වෙළඳ ව්‍යාපාරික ජයන්ත බාලසූරිය මැතිතුමා

* පත්තිනි දේව ප්‍රතිමාව උදෙසා පුෂ්පෝපහාර දැක්වීම සහ රන්සිවිගෙයි විදුලි ආලෝකය විවෘත කිරීම - ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජගත් මිල්ලවිතානාච්චි මැතිතුමා

ඇතුළු පිරිසගේ සැදැහැබර දායකත්වයෙන් සිදුවිණි.

තෙරුවන් සරණයි !

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera

මාධ්‍ය අංශය,
සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය
කොතලාවල, කඩුවෙල.





#183වනසර්වඥධාතුපූජාමහපෙරහර










🙏 183 වන සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යය 🙏අවසන් මහා පෙරහැර   වීථි  සංචාරය කරවීම සදහා  පුරාණ සිරිත් ප්‍රකාරව  මංගල හස්ත...
14/08/2026

🙏 183 වන සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යය 🙏

අවසන් මහා පෙරහැර වීථි සංචාරය කරවීම සදහා පුරාණ සිරිත් ප්‍රකාරව මංගල හස්තිරාජයා පෙරහැර කාරිය ඉටු කිරීම සදහා සදගල බැසීම.

තෙරුවන්ගේ ආශිර්වාදය සියලු දෙනාටම නිරන්තරයෙන් ලැබේවා! 🙏

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera

මාධ්‍ය අංශය,
සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය


#183වනසර්වඥධාතුපූජාමහපෙරහර








කැළණි ගං මිටියාවතේ ඉපැරණිම පෙරහර සිරිත, 183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යයයේ  සත්වන දින අවසන් මහා පෙරහර...
14/08/2026

කැළණි ගං මිටියාවතේ ඉපැරණිම පෙරහර සිරිත, 183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යයයේ සත්වන දින අවසන් මහා පෙරහරේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින සධාතූක ධාතු කරඩුව ධාතු මන්දිරයෙන් පිටතට
වැඩමකරවීම සහ ධාතු කරඩුව රන්සිවිගෙයි තැන්පත් කිරීම පසුගියදා (28) සැදැහැබර අයුරින් සිදුකෙරිණි.

මෙම පුණ්‍යකාර්‍ය සදහා,

සත්වන දින අවසන් මහා පෙරහර ප්‍රධාන දායකත්වය - පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මැතිතුමා, කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපතිතුමා ප්‍රමුඛ මහ නගර සභාව

රන්සිවිගෙයි ධාතු කරඩුව තැන්පත් කිරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මැතිතුමා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මැතිතුමා

රන්සිවිගේ විදුලි ආලෝකය විවෘත කිරීම -
කඩුවෙල මහ නගරසභාවේ නගරාධිපති රංජන් ජයලාල් මැතිතුමා ප්‍රමුඛ නාගරික මන්ත්‍රීවරු පිරිස

ධාතූන් වහන්සේලා උදෙසා පුෂ්පෝපහාර දැක්වීම - පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෞශල්‍යා ආරියරත්න මෙනෙවිය, කඩුවෙල මහ නගරසභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස,
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩංගොඩගේ මැතිතුමා, සවිරු ෆාමසි අධිපති ජගත් කුමාර මැතිතුමා, නිව් ආර් එස් ඉවෙන්ට් අධිපති රවීන්ද්‍ර ප්‍රියදර්ශන මැතිතුමා, තිලක් පුෂ්පකුමාර මැතිතුමා

අවසන් පෙරහර නිල මාධ්‍ය දායකත්වය - ව්‍යවසායක දිලිත් ජයවීර මැතිතුමා ප්‍රමුඛ දෙරණ මාධ්‍ය ජාලය

ඇතුළු පිරිසගේ සැදැහැබර දායකත්වය ලැබිණි.

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera

මාධ්‍ය අංශය,
සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය
කොතලාවල, කඩුවෙල.





#183වනසර්වඥධාතුපූජාමහපෙරහර










කැළණි ගං මිටියාවතේ ඉපැරණිම පෙරහර සිරිත, 183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යයයේ  සත්වන දින අවසන් මහ පෙරහර ...
14/08/2026

කැළණි ගං මිටියාවතේ ඉපැරණිම පෙරහර සිරිත, 183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යයයේ සත්වන දින අවසන් මහ පෙරහර (28) දින චාරිතානුකූලව පොල්තෙල් පහන දැල්වීම විහාරස්ථ ධාතූ මන්දිරයේදී සැදැහැබර අයුරින් පැවැත්විණි.

තෙරුවන් සරණයි !

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera

මාධ්‍ය අංශය,
සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය
කොතලාවල, කඩුවෙල.





#183වනසර්වඥධාතුපූජාමහපෙරහර










183 වන සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර වෙනුවෙන් විදුලි ආලෝකය විවෘත කිරීම කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුර...
14/08/2026

183 වන සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර වෙනුවෙන් විදුලි ආලෝකය විවෘත කිරීම

කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානයේ 183 වන සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යයේ සත්වන දින අවසන් මහා පෙරහැර නිමිත්තෙන් සංවිධානය කරන ලද විදුලි ආලෝකය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය පසුගියදා (28) බැතිබර අයුරින් පැවැත්විණි.

මෙම පුණ්‍ය කාර්යය සඳහා,

🔸 අශාදි ජුවලර්ස් අධිපති වසන්ත මැතිතුමා
🔸ලංකා ට්‍රාන්ස්ෆෝමර් අධිපති එන්. මරික්කාර් මැතිතුමා
🔸 නීතිඥ නුවන් ජයවර්ධන මැතිතුමා
🔸 රෙවොන් බේකර්ස් අධිපති යුවාන් ජයවර්ධන මැතිතුමා
🔸 සීශාන් සර්විස් අධිපති ශාන්ත බටුගහගේ මැතිතුමා

ඇතුළු පිරිසගේ සැදැහැබර දායකත්වය ලැබිණි.

මෙම උතුම් පුණ්‍ය කාර්යයට දායක වූ සියලු දායක පිංවතුන්ට තෙරුවන්ගේ සරණ හා ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

තෙරුවන් සරණයි! 🙏

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera


#183වනසර්වඥධාතුපූජාමහපෙරහර
#සංඛපිට්ඨිපුරාණරජමහාවිහාරය








183 වන ඓතිහාසික කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යයයේ අවසන් මහ පෙරහැර දි...
14/08/2026

183 වන ඓතිහාසික කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානයේ සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යයයේ අවසන් මහ පෙරහැර දින පෙරහැර අඩහැරය සිදුකිරීම සදහා වන සන්නස පිළිගැන්වීම.....

අවසන් මහ පෙරහැර වීථී සංචාරය කරවීම සදහා පුරාණ සිරිත් ප්‍රකාරව පෙරහැර අඩහැරය සිදුකිරීමේ ඉපැරණි චාරිත්‍රය පසුගියදා (28) දින ගෞරවාන්විත අයුරින් පැවැත්විණි.

මෙම පුණ්‍යෝත්සවය සදහා සැදැහැබර දායකත්වය ලබාදුන් කොතලාවල ඩිල්ෂාන් ෆර්නිචර්ස් අධිපති ඩිල්ෂාන් මහතා ඇතුළු පවුලේ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් මෙම චාරිත්‍රය සිදු කෙරිණි.

📅 ජූලි 22 සිට ජූලි 28 දක්වා
📍 සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය, කොතලාවල, කඩුවෙල

🙏 තෙරුවන්ගේ ආශිර්වාදය සැමට උදාවේවා!


#183වනසර්වඥධාතුපූජාමහපෙරහර








183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යයේ අවසන් දිනයේ දී (28) සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා  සිදුකරන සවස ගිලන්ප...
13/08/2026

183 වන සංඛපිට්ඨි සර්වඥ ධාතු පූජා මහා පෙරහර මංගල්‍යයේ අවසන් දිනයේ දී (28) සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා සිදුකරන සවස ගිලන්පස බුද්ධ පූජාව සහ තේවා මුරය, විහාරස්ථ විශාඛා කුළගන සමිතියේ සාමාජිකාවන් සියලුම දෙනාගේ සැදැහැබර දායකත්වයෙන් සිදුකෙරිණි.

තෙරුවන් සරණයි !

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera

මාධ්‍ය අංශය,
සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය
කොතලාවල, කඩුවෙල.





#183වනසර්වඥධාතුපූජාමහපෙරහර










🙏 183 වන සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යය 🙏අවසන් මහා පෙරහැරේ  උත්සව සභාව පසුගියදා (28)  බැතිබර හා අභිමානවත් අයුරින් පැව...
11/08/2026

🙏 183 වන සර්වඥ ධාතු පූජා මහ පෙරහර මංගල්‍යය 🙏

අවසන් මහා පෙරහැරේ උත්සව සභාව පසුගියදා (28) බැතිබර හා අභිමානවත් අයුරින් පැවැත්විණි.

විහාරස්ථානයේ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ, ආරාධිත අමුත්තන්, පෙරහර නිලධාරී මණ්ඩලය, දායක පින්වතුන් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සව සභාව අති උත්කර්ෂවත් අයුරින් සංවිධානය කරන ලදී.

සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානයේ සියවස් ගණනාවක අභිමානවත් පෙරහර සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යන මෙම මහා පුණ්‍යෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සියලුම පින්වතුන්ට සහ සංවිධායක මණ්ඩලයට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

තෙරුවන්ගේ ආශිර්වාදය සියලු දෙනාටම නිරන්තරයෙන් ලැබේවා! 🙏

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera


#183වනසර්වඥධාතුපූජාමහපෙරහර









Address

Sankapitti Purana Viharaya
Kaduwela
10640

Opening Hours

Monday 05:30 - 20:00
Tuesday 05:30 - 20:30
Wednesday 05:30 - 20:30
Thursday 05:30 - 20:30
Friday 05:30 - 20:30
Saturday 05:30 - 20:30
Sunday 05:30 - 20:30

Alerts

Be the first to know and let us send you an email when Sankhapitti Purana Rajamaha Viharaya - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share