Kaduwela Sri Rankadu Paththini Devalaya - කඩුදෙවොල පත්තිනි දේවාලය

  • Home
  • Sri Lanka
  • Kaduwela
  • Kaduwela Sri Rankadu Paththini Devalaya - කඩුදෙවොල පත්තිනි දේවාලය

Kaduwela Sri Rankadu Paththini Devalaya - කඩුදෙවොල පත්තිනි දේවාලය රංකඩු පත්තිනි දේවාලය අතීතයේ හදුන්වා ඇත්තේ "කඩුදොවොල" යන නමිනි. "සටන් වලදී කඩු වෙලට විසිකිරීම පාදක කරගෙන එම ප්‍රදේශයට කඩුවෙල" යන නම යෙදුණේ යැයිද ජනප්‍රවාදයේ එයි.

බංඩාර හත්කට්ටුවේ දෙවියන් අතර වූ විසම්මුතියේදී පත්තිනි මාතාවන් මෙතනට වැඩ ආරවුල් සංසිදුවා මැණික් බණ්ඩාර දෙවියන්ට මේ දෙවොල කැපකර දුන් බවට ජනප්‍රවාදයෙහි දැක්වෙයි. මේ හත්කට්ටුවට සපුමල් බංඩාර,වීදිය බණ්ඩාර ‍යන දෙවිවරුද ඇතුළත් වූහ. ලංකාවේ පත්තිනි දේව ඇදහිල්ල ව්‍යාප්ත වූයේ ක්‍රි.පූ. 112 - 134 ගජබා රජු දවස බව ඉතිහාසයේ සදහන් වෙයි. මේ අනුව එම කාල වකවානුවට ආසන්න කාල සමයකදී ඇති වුව යැයි සිතිය හැක. "කඩුදෙවොල" මැණික් බංඩාර දෙවියන්ගේ අණසක යටතේ පැවත තිබී සීතාවක රාජ්‍ය සමයේදී එහි පත්තිනි දේව ඇදහිල්ල ව්‍යාප්ත වන්නට ඇත. ඒ අනුව "රංකඩු පත්තිනි දේවාලය" වූවා විය හැකිය. එහෙයින් මෙය ගජබා රජ දවසට අයත් වේ යැයි උපකල්පනය කළ හැකිය. සීතාවක යුගයේ කඩුදෙවොල පිළිබද තොරතුරු රැසක් හමුවෙයි. මෙකල රාජසිංහ රජුගේ ආධාර උපකාර හා පුද සත්කාර ලැබූ දේවාල රාශියක් පිළිබදව සදහන් වෙයි.ඒවා අතර කඩුවෙල පිහිටි දේවාලය,නවගමු දේවාලය,මැදගොඩ දේවාලය,කන්නන්තොට ගනේගොඩ දේවාලය ප්‍රධාන තැනක් ගනියි.
රාජසිංහ රජු හේවාගම් කෝරළය නම් කිරීමට පූර්වයෙහි සිටම එහි කඩුදෙවොල නමින් පූජනීය ස්ථානයක් පැවති බව රාජාවලියෙහි එන අත් පිටපත් වලින් සනාථ වෙයි. කෝට්ටේ හා පෘතුගීසින් සමග සීතාවක රාජධානිය නිරන්තර සටන් මෙහෙය විය. මෙම සටන් වලදී කඩුදෙවොල රාජසිංහ රජුගේ යුධ සෙබලුන්ගේ හෙළිබිමක් බවට පත්විය.

දින 21 ක් පුරා දේවාල භූමිය තුළ මල් පෙරහර , කුඹල් පෙරහර , පාවඩ පිට පෙරහර හා උඩමළුවේ වීථි මහා පෙරහර චාරිත්‍රානුකූලව පවත්වා...
30/08/2026

දින 21 ක් පුරා දේවාල භූමිය තුළ මල් පෙරහර , කුඹල් පෙරහර , පාවඩ පිට පෙරහර හා උඩමළුවේ වීථි මහා පෙරහර චාරිත්‍රානුකූලව පවත්වා ඓතිහාසික කඩුදෙවොල පුදබිමේ 214 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් පසුගියදා (16) දිය කපා ගෙවදීමේ වීථි සංචාරක මහා පෙරහැර පැවැත්විණි.

ශ්‍රී සත්පත්තිනි සළඹ හා දේවාභරණ රැගත් බස්නායක නිළමේ තුමන් , ප්‍රධාන කපු මැතිඳුන් ඇතුළු පිරිස දේවාලයට අයත් තොටුපළින් ඔරුවට ගොඩව බෝමිරිය ගනේවත්ත පුරාණ විහාරයේ ස්වාමීන් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ හේවිසි නාද සහිතව කැළණි ගඟේ බුලත්ගම්පත සීමාවේ දි පුරාණ චාරිත්‍ර විධි බිඳකුදු කඩ නොකරමින් පෞරාණිකත්වයට , සිරිත් සම්ප්‍රදායන්ට මූලිකත්වය දෙමින් දිය කැපීමේ චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරන ලදී.

එසේ ලබාගන්නා ලද නැවුම් දිය සහිත නොඉඳුල් රන් පැන් කලය හා දේවාභරණ රැගත් අත්‍යාලංකාරවත් වූ පෙරහැර උඩරට , පහතරට හා විචිත්‍රවත් නර්තනාංගයන් සමඟින් දේවාල භූමියට ගෙවදීම සිදු කෙරිණි.

අත්‍යාලංකාරවත් වූ මෙම දිය රණකෙළි මංගල්‍යයේ පෙරමුණේ රාල ලෙසින් අප දේවාලස්ථ තරුණ සමිතියේ ගරු සභාපති දක්ෂිත අල්විස් මහතා කෝට්ටේ රජ මහා විහාරස්ථානයට අයත් රාජා ඇතු මත ගමන් කල අතර පැන් කලය වැඩමවීම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ජන රාජා ඇතුගේ පිටමත දේවාලස්ථ තරුණ සමිතියේ ගරු ලේකම් උමේෂ් මේනුක මහතා විසින් සිදු කල අතර විෂ්ණු දේවාභරණ ශ්‍රී දළදා මාළිගාවේ සිංහ රාජා ඇතුගේ පිට මත දේවාලස්ථ තරුණ සමිතියේ ගරු උපසභාපති නිලන්ත ජයදින මහතා විසින් ද සිදු කරන ලදී. ශ්‍රී සත්පත්තිනි මෑණියන්ගේ දේවාභරණ කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ ප්‍රධාන කපු ධුරන්දර ශමාල් සචිත්‍ර මහතා විසින් සිදු කල අතර ඒ සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා ඇතු සම්බන්ධ වුණි.

එසේම තවත් හස්තීන් 15 කගේ පමණ හා උඩපහතරට හා විචිත්‍රවත් නර්තනාංගයන්ගෙන් මෙම දියකැපීමේ පෙරහැර විචිත්‍රවත් විය.

සෑම වසරකම මෙන් මෙම මාහැඟි මංගල්‍යයේ ආශිර්වාදය , ආශ්චර්යය මොනවට පසක් කරමින් විටින් විට මහ පොළොව සිපගත් ආශිර්වාද මල්වැසි මධ්‍යයේ මෙවර 214 වන වරටත් පවත්වනු ලැබූ ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ ඇසළ මංගල්‍යයේ පෙරහර කටයුතු නිමාවට පත්විය.

ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!

තෙරුවන් සරණයි!

📷 Sahan Jayathu Hasaranga | Ajith Perera

සැදැහැති මාධ්‍ය මෙහෙවර,
කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.

කැළණි ගං මිටියාවතේ පත්තිනි දේව මෑණියන්ගේ අඩවිය වූ ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ දියකැපීමේ මහා මංගල්...
22/08/2026

කැළණි ගං මිටියාවතේ පත්තිනි දේව මෑණියන්ගේ අඩවිය වූ ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ දියකැපීමේ මහා මංගල්‍යය පැවැත්වුණු පසුගිය ඉරුදින (16) දියකපා ගොඩ වන ස්ථානයේ දි දෙනු ලැබූ දේව දානය බියගම වෙළඳ ව්‍යාපාරික හර්ශන දීප්ති කුමාර මැතිතුමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ දි සිදු කෙරිණි.

එතුමන්ගේ පූර්ණ දායකත්වය මත කතරගම දෙවියන් උදෙසා දෙනු ලබන දානයත් මහා දානමය පුණ්‍යකර්මයත් සිදු කෙරෙන්නට විය.

මෙවර දියකැපීමේ පෙරහැර එතැන් සිට ගමන් ඇරඹූ අතර මේ සඳහා උදව් උපකාර කලා වූ වෙහෙස මහන්සි වුණා වූ හර්ෂන දීප්ති කුමාර මැතිතුමා ඇතුළු පවුලේ සැමටත් බියගම ගම්වාසී ජනතාවටත් උතුම් වූ සත්පත්තිනි දේව මෑණියන්ගේ පිහිටාරක්ෂාව නිබඳවම ලැබේවා'යි ප්‍රාර්ථනය කරමු.

තෙරුවන් සරණයි!

මාධ්‍ය අංශය,
රංකඩු පත්තිනි දේවාලය,
කඩුවෙල.

21/08/2026

පත්තිනි මෑණියන් පුදදෙන ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 214 වන ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය පසුගිය ඉරුදින (16) පෙරවරුවේ කැළණි නදියේ බුලත්ගම්පත සීමාවේදී චාරිත්‍රානුකූලව ඉටු කෙරිණි. 🙏🏻💧

මෙම දිය කැපීමේ මහා මංගල්‍යයත් සමඟ 214 වන ඇසළ මංගල්‍යයේ පෙරහැර රාජකාරීන් නිමාවට පත් විය.

භක්තියෙන්, සම්ප්‍රදායෙන් හා සංස්කෘතික උරුමයෙන් පිරි මෙම උතුම් මංගල්‍යය සාර්ථක කරගැනීමට දායක වූ, සහය වූ සියලුම පින්වතුන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏🏻

උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටාරක්ෂාව ඔබ සැමට නිබඳවම ලැබේවා! 🙏🏻✨

තෙරුවන් සරණයි!

සැදැහැති මාධ්‍ය මෙහෙවර
📍 කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය

පතිනි මවුන් පුදදෙන , ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 214 වන ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය පසුගිය ඉරුද...
20/08/2026

පතිනි මවුන් පුදදෙන , ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 214 වන ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය පසුගිය ඉරුදින(16)පෙරවරුවේ කැළණි නදියේ බුලත්ගම්පත සීමාවේ දී ඉටු කෙරිණි.

මෙම දිය කැපීමේ මහා මංගල්‍යයයෙන් කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 214 වන ඇසළ මංගල්‍යයේ පෙරහැර රාජකාරීන් නිමාවට පත් වූ අතර මෙවර පෙරහැර මංගල්‍යය සාර්ථක කරගැනීමට සහය වූ සෑම සියලු දෙනාටම උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිබඳවම ලැබේවා!

සැදැහැති මාධ්‍ය මෙහෙවර
📍 කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය

කඩුදෙවොලට පිදූ හස්ති වස්ත්‍රය...ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 214 වන ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සධාතුක...
19/08/2026

කඩුදෙවොලට පිදූ හස්ති වස්ත්‍රය...

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 214 වන ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සධාතුක කරඩුව වඩමවන මංගල හස්තිරාජයා වෙනුවෙන් ඉතා අත්‍යාලංකාරවත් වූ හස්ති වස්ත්‍ර පූජාවක් පසුගියදා කඩුදෙවොල පුණ්‍ය භූමියේ දි සිදු විය.

මේ සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය දරණු ලැබුවේ කොරතොට මැණික්කාර පාරේ පදිංචි තුමුල මෝටර්ස් අධිපති උපතිස්ස විජේතුංග මැතිතුමන් ඇතුළු පවුලේ සැම විසිනි.

නීල පැහැයෙන් අලංකෘත වූ මෙම හස්ති වස්ත්‍රය ප්‍රවීණ හස්ති වස්ත්‍ර නිර්මාණ ශිල්පී තල්දූවේ පදිංචි ගිම්හාන් රශින්ත මහතා අතින් නිම වුණි.

මේ සඳහා මූල්‍ය දායකත්වය දැරූ උපතිස්ස විජේතුංග මැතිතුමන් ඇතුළු පවුලේ සැමටම උතුම් සත්පත්තිනි දේව මෑණියන් වහන්සේගේ පිහිටාරක්ෂාව නිබඳවම ලැබේවායි ප්‍රාර්ථනය කරමු.

19/08/2026

214 වන ඇසළ මහා මංගල්‍යය | සත්වන දින පෙරහැර

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 214 වන ඇසළ මහා මංගල්‍යයේ සත්වන දින පෙරහැරේ අසිරිමත් අවස්ථා…

හස්තීන් මතින් දෙව් අභරණ වැඩම කරවමින්, භක්තිය, සම්ප්‍රදාය සහ ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමය එක්වූ මෙම අසිරිමත් පෙරහැර මංගල්‍යයේ තවත් පින්බර මතකයක් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු.

සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි! 🙏🏻

සැදැහැති මාධ්‍ය මෙහෙවර
📍 කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය

අලි ඇතුන් සහිත උඩමළුවේ සත්වන වීථි මහා පෙරහැර වීථි සැරූ පසුගියදා (15) දේව ප්‍රතිමා වඩම්මවමින් පෙරහැර සඳහා නොමසුරු දායකත්ව...
18/08/2026

අලි ඇතුන් සහිත උඩමළුවේ සත්වන වීථි මහා පෙරහැර වීථි සැරූ පසුගියදා (15) දේව ප්‍රතිමා වඩම්මවමින් පෙරහැර සඳහා නොමසුරු දායකත්වය දැරූ පිංවතුන්,

1. බුද්ධ ප්‍රතිමාව වැඩමවීම - රාජසිංහ මාවත ලී වෙළඳ ආයතනයේ ඩබ්ලිව්.එල්.ඩී. ප්‍රේමසිරි මැතිතුමා

2. විෂ්ණු දේව ප්‍රතිමාව - කොතලාවල නවිල් එන්ට්‍රප්‍රයිසස් අධිපති ප්‍රසිත ත්‍රිමාල් මැතිතුමා

3. සමන් දේව ප්‍රතිමාව - හේවාගම ගයාන් හාඩ්වෙයාර් අධිපති ගයාන් සමින්ද මැතිතුමා

4. කතරගම දේව ප්‍රතිමාව - කේ.ඩී. ඊබට් සහ සමාගමේ අධ්‍යක්ෂ කේ.ඩී.ඉන්දික මැතිතුමා

5. පත්තිනි දේව ප්‍රතිමාව - වෙලේ හන්දිය සාලිය ගාඩ්න්ස් අධිපති පද්මසිරි වනිගසූරිය මැතිතුමා වෙනුවෙන් සාලිය වනිගසූරිය මැතිතුමා

6. ලක්ෂ්මී දේව ප්‍රතිමාව - බී ලක්ස් සැලූන් අධිපති ධනුෂ්ක බණ්ඩාර මැතිතුමා

7. ඝණ දෙවියන්ගේ ප්‍රතිමාව - කඩුවෙල ටීක් ගාඩ්න්ස් උත්සව ශාලාවේ අධිපති සේනක රාජපක්ෂ මැතිතුමා

8. මැණික් බණ්ඩාර දෙවියන්ගේ ප්‍රතිමාව - ලකී ස්වීට් හවුස් අධිපති විමලසේන හේනාධීර මැතිතුමා

9. බුද්ධ ප්‍රතිමාව වැඩමවීම - කොතලාවල කළරු නිෂ්පාදන ආයතනයේ අධිපති හසිත එමිල් අබේසිංහ මැතිතුමා

10. නාථ දෙවියන්ගේ දේව ප්‍රතිමාව - කොමර්ෂල් බැංකුවේ ජේෂ්ඨ පද්ධති ඉංජිනේරු තිලංක ජයසිංහ මැතිතුමා

11. දැඩිමුණ්ඩ දේව ප්‍රතිමාව - එස්.එම්.ට්‍රේඩර්ස් තොග වෙළඳ ආයතනයේ අධිපති වී.පී. සමන්ත පෙරේරා මැතිතුමා

12. ඊශ්වර දේව ප්‍රතිමාව - ප්‍රේමදාස තොග වෙළෙඳ ආයතනයේ අධිපති ප්‍රේමදාස මැතිතුමා

13. ධෘතරාෂ්ට්‍ර දේව ප්‍රතිමාව - හේවාගම පදිංචි වෙළෙඳ ව්‍යාපාරික රෝහණ කුලරත්න මැතිතුමා

14. විරූඪ දේව ප්‍රතිමාව - පිට්ටුගල සුපුන් හාඩ්වෙයාර් අධිපති රුවන් ගුණසේකර මැතිතුමා

15. විරූපාක්ෂ දේව ප්‍රතිමාව - පිට්ටුගල සුපුන් පේන්ට් අධිපති චම්පික ගුණසේකර මැතිතුමා

16. වෛශවණ දේව ප්‍රතිමාව - ලකී ට්‍රේඩ් සෙන්ටර් අධිපති ලකිත රණතුංග මැතිතුමා

17. රංවල දේව ප්‍රතිමාව - තරංග සෑන්ඩ් ප්ලාන්ට් අධිපති උදිත තරංග මැතිතුමා

ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි.!!

තෙරුවන් සරණයි!!!

මෙත් සිත් පෙරදැරි මාධ්‍ය සද්ප්‍රයාමය,
කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.

පතිනි මවුන් පුදදෙන කැළණි ගං මිටියාවතේ අතිඋත්කර්ෂවත් වූ මහා සංස්කෘතික මංගල්‍යය , ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේ...
18/08/2026

පතිනි මවුන් පුදදෙන කැළණි ගං මිටියාවතේ අතිඋත්කර්ෂවත් වූ මහා සංස්කෘතික මංගල්‍යය , ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 214 වන ඇසළ මහා පෙරහැර මංගලෝත්සවයේ වීථි මහා පෙරහරෙහි අලි ඇතුන් සහිත උඩමළුවේ සිවුවන වීථි මහා පෙරහැර පසුගියදා (15) දේවාලස්ථ වීථිය වටා වීථි සංචාරය කරන ලදී.

එදින පෙරහැර දායකත්වය ඒෂියන් ලංකා මාකටින් අධිපති ඩබ්ලිව්. කේ. සිසිර මැතිතුමා ඇතුළු පවුලේ සැම විසින් දරනු ලැබීය.

සධාතුක කරඩුව වැඩම කරලීමේ පින්බර අවස්ථාව දේවාලස්ථ මංගල හස්තිරාජයා වන තාරක රංඩුක හස්තියාට හිමි වූ අතර විෂ්ණු දෙවියන්ගේ දේවාභරණ හැඳල පුරාණ විහාරයට අයත් අරුණ හස්තියාගේ පිටමත නිලන්ත ජයදින මහතා විසින් ද පත්තිනි මෑණියන්ගේ දේවාභරණ කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රාජමහා විහාරස්ථානයට අයත් කණ්ඩුල වීරා හස්තියාගෙ පිටමත දේවාලස්ථ ප්‍රධාන කපුධුරන්දර ශමාල් විජේතුංග මැතිතුමන් විසින් ද වඩමවනු ලැබීය.

සැදැහැති මාධ්‍ය මෙහෙවර
කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 214 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සත්වන දිනය වූ පසුගියදා (15) දින විදුල...
18/08/2026

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ 214 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සත්වන දිනය වූ පසුගියදා (15) දින විදුලි ආලෝකය විවෘත කරමින් ඉහළ බෝමිරිය පදිංචි වික්ටර් බේක් හවුස් අධිපති එස්.කේ.ඩී. ඥාණරත්න මැතිතුමා සහ එස්.කේ.ඩී. ප්‍රභාත් සම්පත් මැතිතුමා එක් වූ අතර අද දින දානමය පුණ්‍යකර්මය සඳහා බැතිබර දායකත්වය පියදාස ඩිස්ට්‍රිබියුටර්ස් පුද්ගලික සමාගමේ අධිපති කඩුවෙල පදිංචි ටී. තිලකසිරි දියෙස් මැතිතුමා විසින් සිදු කරනු ලැබීය.

ඔබ සැමට උතුම් වූ සත්පත්තිනි දේව මෑණියන්ගේ ආශිර්වාදය නිබඳවම ලැබේවා'යි ප්‍රාර්ථනය කරමු.

තෙරුවන් සරණයි.!

සැදැහැති මාධ්‍ය මෙහෙවර,
කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථ මාධ්‍ය ඒකකය.

Address

Kaduwela Sri Rankadu Paththini Devalaya
Kaduwela
10640

Opening Hours

Monday 08:00 - 13:00
16:00 - 20:00
Tuesday 08:00 - 13:00
16:00 - 20:00
Wednesday 08:00 - 13:00
16:00 - 20:00
Thursday 08:00 - 13:00
16:00 - 20:00
Friday 08:00 - 13:00
16:00 - 20:00
Saturday 08:00 - 13:00
16:00 - 20:00
Sunday 08:00 - 13:00
16:00 - 20:00

Telephone

+94112579522

Alerts

Be the first to know and let us send you an email when Kaduwela Sri Rankadu Paththini Devalaya - කඩුදෙවොල පත්තිනි දේවාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Kaduwela Sri Rankadu Paththini Devalaya - කඩුදෙවොල පත්තිනි දේවාලය:

Shortcuts

Share