St Xavier's Church kadugannawa

St Xavier's Church kadugannawa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St Xavier's Church kadugannawa, Religious organisation, 39, Kadugannawa.

Permanently closed.
Happy time befor Bishop Test
25/01/2026

Happy time befor Bishop Test

23/12/2025

25th Service

8.30 AM Holy Rosary
9.00 AM Holy Mass

23/12/2025

Christmas Service
10 .00 PM Holy Rosary
10.30 PM Carols
11.30 PM Mid Night Mass

13/12/2025
08/12/2025

ජම්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳු මරියනි...

සාන්ත සභා මාතාව උදුවප් මස 08 වන දින ඉමහත් ආනන්දයෙන් යුතුව දේවමාතාවන්ගේ නිර්මල පිළිසිදීමේ මංගල්‍යය සමරන්නීය. මෙහි මුලික අරුත වන්නේ දේවපුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මෑණියන් ලෙස ගැලවීමේ සැලැස්මට අනුව තෝරාගත් මරියෝත්තමාවන් සිය උත්පත්තියේ සිටම එනම් ශු. ආනා මවුතුමියගේ කුසය තුළ පිළිසිදුනු මොහොතේ සිටම දේවපුත්‍රයාණන්ගේ මහිමය හේතුකොටගෙන ජම්ම පාපයෙන් නිර්දෝෂ වීම මෙයින් ගම්‍යය වේ. මානව වංශයේ සාමාජිකයන් ලෙස අප ජන්ම පාපය ඇතිව මෙලොව උපත ලැබුවෙමු. අපගේ ආදී මවුපියන්ගේ අකීකරුකම නැමැති ක්‍රියාවෙන් ලෝකවාසී සියල්ලන්ටම ජන්ම පාපයේ උරුමකරුවන් විය. මනුෂ්‍යයින් ලෙස අපි ජන්ම පාපය ඇතිව මෙලොව උපත ලැබුවෙමු. අපගේ ආදී මවුපියන්ගේ අකීකරුකම නැමැති ක්‍රියාවෙන් ලෝක වාසී සියල්ලන්ට ජන්ම පාපය උරුම වුණි. මෙලෙසින් බිඳ වැටුණු දෙව්මිනිස් සබැඳියාව යළිදු එක්කරලීමට අභිමත වු දෙවිසමිදාණෝ කාලය සම්පුර්ණ වු කල ( ගලාති 4/ 4) මිනිස් ස්වරූපයෙන් අප හා සමග මාංශගත වූ සේක. ( ජොහාන් 1/ 14) . ඒ අපගේ ස්වාමියාණන් ද, ගැලවුම්කරුවාණන් ද, වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළිනි. ( පිලිප්පි 2/ 6 - 11). මෙලෙස දේවසැලැස්මට සහ ගැලවීමේ සැලැස්මට අනුකූලව ඔවුන්වහන්සේ මාංශගතවුයේ අහස්කුස දෙදරා පෙළහැර පාමින් නොව මනුෂ්‍ය දියණියක තෝරාගෙන ඕතොමන් තුළින් උපත ලබමිනි. මෙලෙස දේවමාතාවන් වහන්සේගේ මහිමාන්විත නිර්මල පිළිසිදීම යනුවෙන් හදුන්වනු ලබන්නේ මරියෝත්තමාවන් දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මෑණියන් වීමට තෝරා ගනු ලැබු නිසා දේව වරප්‍රසාද රාශියකින් ඕතොමන් පොහොණි වී තම පිළිසිදීමේ මොහොතේ සිටම මානව වංශයේ පාපී බවේ තත්වයෙන් එනම් පාපයට ඇති ලැදිබැවින් මිදීමය. ඒ දෙවිසමිදුන්ගේ සුවිශේෂී වරප්‍රසාදය සහ අනුග්‍රහය ඕතොමන් කෙරේ වීමය. ශු. කතෝලික සභා සම්ප්‍රදායට අනුව තම උත්පත්තියේ සිටම ජන්ම පාපයෙන් නිර්දෝෂව උපත ලැබූ පුද්ගලයන් තිදෙනෙකු පිළිබඳව උගන්වයි. එයින් ප්‍රථමයා ලෝ ගැලවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේය. දෙවන තැනැත්තිය මරියෝත්තමාවන් වන අතර තෙවන තැනැත්තා වන්නේ ගැලවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ හට පෙර මග සූදානම් කළ ශු. ස්නාවක ජුවාම් මුනිතුමාය. ( ලුක් 1/ 40 - 44)

මංගල්‍යයේ ඉතිහාසය

ක්‍රි.ව. 2 වන සියවසේ මැද භාගයේ සිට දේවවන්දනා පිළිවෙත් සහ සම්ප්‍රදායෙන් මෙම මංගල්‍යය ආරම්භවූ බවට තොරතුරු ලැබී ඇත. මෙය පෙරදිග බිසන්තීනු පිළිවෙත් හරහා රෝමයට පැමිණි අතර පෙරදිග බිසන්තීනු පිළිවෙත් වල මෙම මංගල්‍යය “ ශු. ආනා මෑණියන් විසින් මරියෝත්තමාවන් පිළිසිද ගැනීමේ මංගල්‍යය” ලෙස දෙසැම්බර් මස 08 වන දින සමරන්නට යෙදුණි. පෙරදිග ප්‍රදේශ වලින් මෙය රෝම පිළිවෙත් වලට එකතු වීමේ දී හදුන්වන ලද්දේ ”දේවමාතාවන්ගේ නිර්දෝෂ පිළිසිදීමේ මංගල්‍යය” ලෙසටය. මෙම මංගල්‍යය රෝමානු කතෝලික සභාව, නැගෙනහිර ඕර්තඩොක්ස් ආගම, පෙරදිග ඕර්තඩොක්ස් ආගම .... ආදී සභාවන් ද සිය විශ්වාසයේ ඉගැන්වීමක් ලෙස දේවමාතාවන් වු නිත්‍ය කන්‍ය මරියෝත්තමාවන් එතුමියගේ පිළිසිද ගැනීමේ මොහොතේ සිට ගැලවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමය සහ බලපරාක්‍රමය හේතුකොට ජම්ම පාපයෙන් නිර්දෝෂවීම සහ ආරක්ෂාවීම විශ්වාස කරයි. මෙම මංගල්‍යය රෝමානු ජනවන්දනාවට එක්වුයේ ක්‍රි.ව. 8 - 9 සියවස් අතර කාලයේදී ය. එනම් ප්‍රථමයෙන් දකුණු ඉතාලියට පසුව එංගලන්තයට ද එයින් ප්‍රංශයට හරහා රෝමානු පිළිවෙත් වලට එක් විය. මේ සදහා ඇතැම් සභා ධර්මාචාර්යවරුන් පවා වැඩි අවධානයක් නොකළ බව සදහන් වේ. ( උදාහරණ ශා. බර්නාඩ් මුනිතුමා ) එහෙත් ක්‍රි.ව. 1300 දී පමණ ඩන්ස් ස්කෝටස් නැමැති දේවධර්මාචාර්යවරයාගේ විග්‍රහයන් සහ ඉගැන්වීම් නිසා මෙම දුර්මතය දුරුවිය. ක්‍රි.ව. 1476 දී සිව් වන සික්ස්ටස් ශුද්ධෝත්තම පියතුමා විසින් මේ මංගල්‍යය මහා මංගල්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කළ අතර , ත්‍රිදෙන්තීනු මන්ත්‍රණ සභාවේ දී ද මෙය අනුමත කළත් , මේ සදහා වු සෘජු දේව ධාර්මික පදනමක් ඉදිරිපත් නොකරයි. ක්‍රි.ව. 1708 දී 11 වන ක්ලෙමන්ට් ශුද්ධෝත්තම පියතුමා විසින් මේ මංගල්‍යය විශ්වීය මංගල්‍යයක් ලෙස නිර්දේශ කරන ලදී. එනමුදු දේවමාතාවන්ගේ නිර්මල පිළිසිදීම සහ මෙම මංගල්‍යය සාන්ත සභාවේ වේද සත්‍යයක් ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ක්‍රි.ව. 1854 දෙසැම්බර් මස 08 වන දින භාග්‍යවත් 09 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා විසිනි.

ශු. ලියවිලි පදනම

ශු. සභාව තුළ යම් සත්‍යතාවක් , සිද්ධියක් විශ්වාසයේ අංගයක් වන්නට ශු. ලියවිලි පදනමක් තිබිය යුතුය. මරියෝත්තමාවන්ගේ නිර්මල පිළිසිදීම වනාහි ඇති දේවධාර්මික පදනම ක්‍රිස්තුන් වහන්සේ කේන්ද්‍ර ගත වේ. දේව පුත්‍රයාණන්ගේ මවු වීමට තෝරා ගන්නා ලද නිසා දෙවියන් වහන්සේගේ අති සුවිශේෂීය කැදවිම ලත් ඕතොමන් උත්පත්තියේ සිට ජන්ම පාපයේ සියලූ කැළල් වලින් නිදොස් වුවාය. එය ලෝකාරම්භය දක්වා ඇදී යන සත්‍යතාවයකි.
“ තා සහ ස්ත්‍රීය අතරේ ද තගේ වංශය හා ඇගේ වංශය අතරේ ද මම බද්ධ වෛරයක් තබන්නෙමි , ඔහු තගේ හිස පොඩි කරන්නේය. තෝ ද ඔහුගේ විලූඹ දෂ්ඨ කරන්නේය...” ( උත්පත්ති 3/ 15)
“බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.” ( යෙසායා 7/ 14 )
මෙලෙස පුරාණ ගිවිසුම තුළ එන්නාවූ ශු. ලියවිලි පාඨ තුළ සහ පුරාණ ගිවිසුමේ පුර්ණත්වය වූ නව ගිවිසුම තුළ වාක්‍යාණෝ මිනිසත් බව ගැනීමේ සිද්ධිය එනම් ගාබි්‍රයෙල් දේවදුතයා මරියෝත්තමාවන් හට මංගලම් කීමේ සිද්ධිය තුළ ඕතොමන් හට ආචාර කරන “ විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟය ” ( ලූක් 1/ 28 ) ලෙසටය.
තව දුරටත් එම ශු. ලියවිලි පාඨය තුළ ම “ ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය.” ( ලූක් 1/ 30 ) ලෙස පවසා සිටියි. මෙයින් ද තහවුරු කරන්නේ දේව වරප්‍රසාදය සහ බලය තුළ එතුමිය පාරිශුද්ධ වීමය. එනම් ජන්ම පාපයෙන් නිදොස් වීමය. දෙවිසමිදුන්ගේ සුවිශේෂී වරප්‍රසාදය සහ අනුග්‍රහය ඕතොමන් කෙරේ බලපැවැත අසම්මත වු ප්‍රබල දේව සැලැස්මට හිස නමා ලෝ මැවුම්කාර ,වචන තෙම, (ජොහාන් 1/14) ලොව බිහිකරලන්නට දේව පණිවුඩය අනුව දේවවචනය හදින් හා කයින් පිළිගෙන, ගැළවුම්කරුවාණන් බිහිකළ මරියෝත්තමාවෝ දෙවිපියාණන්ගේ ආදර දියණිය ද, දේවපුත්‍රයාණන්ගේ ආදර මෑණියන්ද ශුද්ධාත්මයාණන්ගේ වාසස්ථානය ද ලෙස අන් සියලූ මැවිලි අභිබවා යන විපුල ප්‍රසාද ලත් උත්තමියක (ලූක් 1/28 ) ද පරම ශුද්ධාත්මික ක්‍රිස්තු ශරීරය වන ශු. සභාවේ මෑණියන් ලෙස ද (ජොහාන් 19/27) ඕ තොමෝ දේව ජනතාවගෙන් ගෞරව බුහුමන් ලබන්නේද පෙර සදහන් කළ පරිදි ලෝ ගැලවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමය සහ තේජස්ශ්‍රීය හේතුවෙනි. තවද සිය ඥාති සොයුරිය වූ එලිසබෙත් තුමිය බහදැකීමේ සිද්ධිය තුළ ද පෙර සදහන් කළ දේව වරප්‍රසාදය සහ අනුග්‍රහය මරියෝත්තමාවන් කෙරේ වන බව සදහන් වේ.
“ ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය. මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණිමට තරම් මම කවරෙක් ද? මක්නිසාද ඔබේ ආචාර හඩ මා සවන් ගත වූ කෙණෙහි ම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය. ‘ සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම‘ යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය. ( ලූක් 1/ 42 - 45)
මෙම ශු. ලියවිලි පාඨය තුළ මරියාවන් දැරූ “ දරු ඵලය ” දේව පුත්‍රයාණන් වන නිසාත් , එලිසබෙත් මරියාවන් හට ආචාර කරන ” මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් ” යන ව්‍යවහාරය තුළින් ද පෙර සදහන් කළ සත්‍යතාව ගම්‍ය වේ.

සභා පිය ඉගැන්වීම්

ක්‍්‍රි.ව. 431 දී එෆෙසස් හි මන්ත්‍රණ සභාව පැවැත්වුයේ නෙස්ටෝරියස් නැමැති රදගුරුතුමා ක්‍රිස්තුන් වහන්සේගේ දේවත්වය හා මනුෂ්‍යත්වය පිළිබඳවත් මරියාවන් වන මැවිල්ල දේවමාතාවන් වන්නේ කෙසේ එනම් ඇය ජේසුස් යන මනුෂ්‍යයාගේ මෑණියන් මිස දේවමාතාවන් නොවන බව යන වේද ධාර්මික ගැටළු සහිත ඉගැන්වීම් ඉදිරිපත් කළ නිසාවෙනි.
මෙකී මතවාදයට එරෙහිව ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිරිල් තුමා පෙරටුකොට ගත් ශු. සභාව මෙම මතය බිඳ හැර ශු. කන්‍යාවිය වන මරියෝත්තමාවෝ දේවමාතාවන් ලෙස හඳුන්වා ඕතුමියට බැති පෙම් දක්වන්නට නියෝග කරන ලදී. මේ නිසා ම ජනවාරි පළමුවන දා පැවැත්වෙන පරිශුද්ධ දේවමාතා මංගල්‍යයට මුල් කාලයේ සිට ම සවිමත් අත්තිවාරමක් හා පදනමක් දේවධාර්මිකව මෙන්ම සභා සම්ප්‍රදායානුකූලව ලැබුණි. එනමුදූ අනාදිමත් කාලයක සිටම සභාවේ ඉගැන්වීමක් වූ මරියෝත්තමාවන් නිර්මල පිළිසිදිම පිළිබද ව එක් එක් සභා පියවරු විවිධ කාලවකවානු තුළ විවිධ මත සහ සාක්ෂි ඉදිරිපත් කර ඇත. ඒ අය අතුරින් ශු. අයිරේනියස් මුනිතුමාගේ මෙම ඉගැන්වීම සුවිශේෂී වේ.
“ නිර්මල වූ තැනන් වහන්සේ නිර්මල ආකාරයෙන් නිර්මල ගර්භය විවර කළේය. ”
“ මරියතුමිය වනාහි නව ඒවද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වනාහි නව ආදම් ද වන සේක ...”
ඒත් සමගම 7 වන සියවසේදී ක්‍රිට් හි ශු. ඇන්ඩෲ , කොන්ස්තන්තිනොපලයේ ශු. ජෙර්මානු , ශු. ජුවාම් දමසේනු වැනි සභා පියවරු සෘජුවම ගැන සදහන් කර තිබේ. තවද කාල් රානර් නම් දේවධර්මාචාර්යවරයාගේ මතයට අනුව මෙසේ සදහන් කරයි.
“ ඇය සදාතන කන්‍යාව වුවාය. එය වනාහි දේව පුත්‍රයාණන් පිළිසිද ගැනීමට පෙර පමණක් නොව ඇයගේ මුළු දිවියේමද , දිවියෙන් පසුවද සදාකාලිකව ඉහළින් පැමිණෙන වරප්‍රසාදයේ ත්‍යාගය ලබාගැනීමේ උරුමක්කාරිය ලෙස ඇය නිර්මලවද , ශුද්ධවද පත්වුවාය. ”

වේද සත්‍ය ප්‍රකාශනය

ක්‍රි.ව. 1854 දෙසැම්බර් මස 08 වන දින රෝමයේ ශා. පීතර බැසිලිකාවේදී එවකට ශුද්ධෝත්තම පියතුමන් ලෙස වැඩහුන් භාග්‍යවත් 9 වන පියුස් ශුද්ධෝත්තම පියතුමන් විසින් සමස්ථ සභාවම විශ්වාස කළ යුතු සත්‍යතාවක් ලෙස දේවමාතාවන්ගේ නිර්මල පිළිසිදීම නම් කරන ලදී. එම සත්‍යතාව ප්‍රකාශයට පත්කිරීමට පෙරාතුව සමස්ථ සභාවෙන් ම මේ පිලිබදව කරුණු සහ යෝජනා විමසා සිටි අතර , එසේ ප්‍රකාශයට පත්කිරීම යෝග්‍ය යැයි සමස්ථ සභාවේම මතය වුයෙන් ක්‍රි.ව. 1854 දෙසැම්බර් මස 08 වන දින මෙලෙස ප්‍රකාශයට පත්කොට මෙය සමස්ථ සභාවේම වේද සත්‍යතාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

වේද සත්‍ය ප්‍රකාශය
“ භාග්‍යවත් කන්‍ය මරියවහන්සේ එතුමියගේ පිළිසිද ගැනීමේ මොහෙතේ සිට ම මනුෂ්‍ය ජාතියේ ගැලවුම්කරුවාණන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමය සහ තේජස්ශ්‍රීය හේතුවෙන් ජම්ම පාපයෙන් නිර්දෝෂවීම සහ ආරක්ෂාවීම ක්‍රිස්තු භක්තිකයන් සියලූ දෙනාම විශ්වාස කළ යුතු සත්‍යතාවක් ලෙසට අපි ප්‍රකාශ කරමු. පැහැදිළි කරමු. පිළිගනිමු...”
මෙම වේද සත්‍යතාව කෙතරම් දුරට සත්‍යවුවාද යැයි කිවහොත් ක්‍රි.ව. 1858 පෙබරවාරි 11 වන දින ප්‍රංශයේ පීරනිස් කදු පාමුල ලූර්දු නම් නුවර බර්නදෙත් සුබේරුස් නම් දැරියට දේවමාතාවන්ගේ දර්ශනය වූ අවස්ථාවේදී එතුමිය හදුන්වන ලද්දේ “ මම ජන්ම දෝෂයෙන් නිර්දෝෂ වූ තැනැත්තිය වෙමි” යනුවෙනි.

මේ මංගල්‍යයේ ධාර්මික ඉගැන්වීම්

1. එකම මධ්‍යස්ථකයාණන් වන ක්‍රිස්තුන් වහන්සේගේ (තිමති 2:5-6) ගැලවීමේ සැලැස්ම සෘජුවම සම්බන්ධ වෙමින් දේව සැලැස්ම අනුව මෙසියස්වරයාණෝ බිහිකරමින් ද, ඔවුන් වහන්සේගේ සහකාරිය ද බැහැපත් දාසිය ද ලෙස මෑණියන් වුවා ය. ආත්මික බන්ධනය තුළ ඕතුමිය අපගේ මෑණියෝ වන්නේ ප්‍රථමයෙන් ම ඕ තොමෝ ජේසු සමිඳුන්ගේ මෑනියන් වන නිසා ය. ( ජාතීන්ගේ ආලෝකය 60) ගැළවීමේ සැලැස්මට සෘජු ලෙස සම්බන්ධ වෙමින් ඔවුන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය ද අප ලද අනගි තිළිණය හා උරුමය මරියෝත්තමාවෝ ය. (ජොහාන් 19:27) එමඟින් පිළිඹිබු වන්නේ විශ්ව මාතෘත්වයයි.

2. මරියෝත්තමාවන් නිර්මල පිළිසිදූනේ ආත්ම ශරීරය සමගින් ය. එම නිසා අපගේ ආත්ම සහ ශරීරයන් පිරිසිදු සිතුවිලි හා චේතනාවන්ගෙන් පුරවා ගත යුතු බවත් , ශරීරය වෙළෙඳ භාණ්ඩයක් ද, අපහරණයට සහ අපයෝජනයට ලක්වන නුතන සමාජයේ ශරීරයේ ශුද්ධවත් භාවය පිළිබඳවත් , එහි ගෞරවනීයත්වය රක්ෂා කරගැනීමට අපට මෙම මංගල්‍යය තුළින් මගපෙන්වයි.

3. ශු. සභාව තුළ ධාර්මික දිවි පෙවතකට අපට ගෙන හැර පාන සරල සුගම සළකුණ ද මරිය වහන්සේ ය. ඕතුමිය නිර්මල පිළිසිදූනේ දිව්‍ය පුත්‍රයාණන් වහන්සේගේ මහිමය සහ දේවත්වය තුළ ඇය ලද සුවිශේෂී වරප්‍රසාදය සහ ස්වකීය බැහැපත් හා සරල දිවිපෙවත තුළිනි. එම නිසා ඕ තොමෝ මෙන් රටට, දැයට, ලවණක් ආලෝකයක් වන්නට ද අපගේ ප්‍රසාද ස්නාපනීය කැඳවිමට ප්‍රතිචාර දක්වන්නට මෙහිදී අපට ඇරයුම් කෙරේ.

අසේල දසනායක

09/11/2025
23/10/2025
23/10/2025

*විශේෂ දැනුම්දීමයි*

එළඹෙන 25 වන සෙනසුරාදා දින අප මීසම මගින් යාමට සැලසුම් කර තිබූ වාර්ෂික වන්දනා ගමන පවතින අධික වැසි තත්වය හේතුවෙන් කල් දැමීමට සිදුව ඇති අතර, ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කර සිටිමි.
කෙසේ වෙතත්, එම වන්දනා ගමන ඒ ආකාරයෙන්ම ලබන මස දී පැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමි.

ස්තූතියි.
ජේසු පිහිටයි.

Address

39
Kadugannawa
SRILANAKA

Website

Alerts

Be the first to know and let us send you an email when St Xavier's Church kadugannawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share