Word of Yahashua Assembly International

Word of Yahashua Assembly International Welcome to Word of Yahashua Assembly International's page.

1952 නොවැම්බර් මස 25 වන දා උපත ලද Y. නිහාල් ද සිල්වා දේවගැතිතුමා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් හා ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලබා ඇත. උපතින් බෞද්ධයෙකු වූ ඔහු 1977 වසර වන විට එවකට කොළඹ ඔබරෝයි හෝටලයේ රාත්‍රී සමාජ ශාලාවේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියෙකු ලෙස සේවය කරමින් සිටි අතර එහිදී ඔහු සමඟ රැකියාව කළ මිතුරෙකු මඟින් යෂුවා (යේසුස්) ක්‍රිස්තුස් වහන්සේ ගැන දැනගන්නා ලදි.

එම වකවා

නුවේදී ඔහුගේ ජීවිතයේ ඇතිවූ ප්‍රශ්නයකදී ඔහු විසින් ඊට විසඳුමක් සොයා නොලැබුන විටෙක අවසානයේදී “මැවුම්කාර ජීවමාන දෙවිකෙනෙකු ඇත්නම් මට පිහිට වන්න” යනුවෙන් පවසා ඇත. එසේ නොවුවහොත් ඔහුගේ දිවි තොර කර ගැනීම ඔහුගේ එකම අභිප්‍රාය වී තිබිණ. එම මොහොතේ ජීවමාන දෙවිතුමන් ඔහුගේ ජීවිතයට දර්ශණය වී හාස්කමකින් ඔහුගේ ප්‍රශ්නයට විසඳුමක් ගෙන ආ අතර ඔහුගේ දිවි රැකිණ. එම සිදුවීමෙන් පසුව ඔහු, යෂුවා (යේසුස්) ක්‍රිස්තුස් වහන්සේ ඔහුගේ එකම පුද්ගලික ගැළවුම්කරු ලෙස පිළිගත්තේය.

පසුව කිතුනු සභාවේදී මුණගැසුනු හයසින්ත් ෆ්‍රැන්සිස්කෝ මෙනවිය සමඟ 1979 වසරේදී විවාහ විය. ස්වාමින්වහන්සේ ඔවුන් දෙපලට දරුවන් තිදෙනෙකු තුලින් ආශිර්වාද කළ සේක. ඉන්පසු වසර කිහිපයකට පසු විදෙස් ගතවී යුරෝපා රටක රැකියාවක් කිරීමෙන් අනතුරුව 1990 දශකයේ මුල් භාගයේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය. නැවත පැමිණි කාලයේදී ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීම තුල එවකට කලුබෝවිල ප්‍රදේශයේ පැවති රේමා බයිබල් පාසලට ඇතුලත්ව වසර දෙකක පාඨමාලාව සම්පූර්ණ කළේය.

1990-1992 වකවානුවේ බයිබල් පාසැලේ අධ්‍යාපනය ලබමින් සිටිනා විට ස්වාමින්වහන්සේ, සිංහල මාධ්‍යයෙන් ඇදහිල්ලේ වචනය ඉගැන්වීම සඳහා බයිබල් පාසැලක් ආරම්භ කිරීමට ඔහුගේ සිත තුලට කථා කළ සේක. ඒ සිතිවිල්ල උදෙසා යාච්ඤා කළ ඔහු එය නිසි කාලයේදී ගෙන ඒමට ස්වාමින්වහන්සේට භාර දී බයිබල් පාසලෙන් ඉවත් වීමෙන් පසු සේවයේ යෙදෙන අතරම රැකියාවකද නිරතව සිටියේය. වසර දෙකකට පමණ පසු දෙවියන් වහන්සේ නැවතත් ඔහුට කථා කරමින් පූර්ණකාලීනව සේවය කිරීමට කැඳවූ සේක. එය සම්පූර්ණයෙන්ම ඇදහිල්ලේ පියවරක් වූ අතර එමඟින් ඇදහිල්ලේ ජීවිත රටාවක් ගතකිරීමට ඔහු සහ ඔහුගේ පවුලට සිදුවිය.

මෙම තීරණයගෙන කාලයකට පසු 1995 සිට 1999 දක්වා නාරාහේන්පිට ZION COLLEGE OF MINISTRIES (සියොන් බයිබල් පාසලේ) විදුහල්පති ලෙස කටයුතු කිරීමට ඔහුට දෙවිඳුන් මඟ විවර කළ සේක. මෙම බයිබල් පාසැල තුල සේවය කරමින් සිටින අතරවාරයේ 1999 දී ස්වාමින් වහන්සේ නැවතත් කලින් ඔහුට කථා කර තිබූ ඇදහිල්ලේ වචනය ඉගැන්වීමේ බයිබල් පාසලක් ආරම්භ කිරීම ගැන කථා කළ සේක. මේ වනවිට මේ පිළිබඳව කථා කර වසර දහයකට ඉතා ආසන්නව තිබිණි. වසර 2000දී ස්වාමින් වහන්සේ ඔහුට මඟපෙන්වමින් තුඩැල්ල ප්‍රදේශයට රැගෙන ආ අතර එහිදී උන්වහන්සේ ඔහුට සැපයූ නිවස ඇතුලත ප්‍රධාන නිවසින් වෙන්වූ, සිසුන් 40 දෙනෙකුට අධ්‍යාපනය ලැබිය හැකි ශාලාවක් අන්තර්ගතව පැවතුනි. පළමු සිසුවා දෙවියන් වහන්සේ රැගෙන ආ අතර සිසුන් හතර පස් දෙනෙකු සමඟින් බයිබල් පාසල ඇරඹිණ. මෙසේ ඇරඹි බයිබල් පාසලට වැඩිකල් ගතවීමට ප්‍රථම උන්වහන්සේ සිසුන් 40 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ආ අතර පංති කාමරය සම්පූර්ණයෙන්ම පීරී පැවතුනි. එදාමෙදාතුර සිසු සිසුවියන් 500 කට අධික ප්‍රමාණයක් බයිබල් පාසලේ වසර දෙකක පාඨමාලාව සම්පූර්ණ කර ඇත.

වර්ෂ 2003 මුල් භාගයේදී නැවතත් ස්වාමින්වහන්සේ ඹහු තුලට උන්වහන්සේගේ සැලැස්මේ දෙවන පියවර එළිදරව් කළසේක. එනම් “අදුල්ලාම්හි ගුහාව” යන්නයි. (1 සාමුවෙල් 22:1-2) මේ දර්ශණයත් සමඟ තුඩැල්ල ප්‍රදේශය තුල සිංහල භාෂාවෙන් කිතුනු සභාවක් ආරම්භ කිරීමට ස්වාමින්වහන්සේ සභාපාලකතුමාට කථා කළ සේක. ස්වාමින් වහන්සේ සමඟින් දීර්ඝ පොර බැදීමකින් පසුව 2003 වසර අවසානයට මාස කිහිපයකට පෙර ඔහුගේ බිරිඳත් දියණියත් හා තවත් එක් පිටස්තර පුද්ගලයෙකුත් සමඟ ඔහුගේ නිවස තුල සන්ධ්‍යා මෙහෙයක් ලෙස සභාව ඇරඹිනි.

පෙරසේම දිනෙන් දින ස්වාමින් වහන්සේ ඊට මිනිසුන් එකතු කළ අතර වැඩිකලක් ගතවීමට පෙර නිවස තුල ඉඩකඩ මදිවූ බැවින් නිවසින් පිටත කූඩාරමක් සාදා ඒ තුල මෙහෙයන් පැවැත්වීමට ගත්තේය. මේ සභාව තුලට විපතට පත්වූවන්ද ණය තුරුස් ඇත්තන්ද නොසතුටු සිත් ඇත්තන්ද ගෙනෙමින් ස්වාමින්වහන්සේ මේ සේවය තුලින් ඔවුන් සුව කරමින් මුදාහල සේක. එතැන් පටන් මේ දක්වා ස්වාමින්වහන්සේ මේ සේවය පියවරෙන් පියවර වර්ධනය කළ සේක.

සභාව ආරම්භ කළ පසු ආත්මයාණන්වහන්සේ සභාපාලකතුමාට මේ සභාව සභාපාලක ජෝසප් මොරෙල් යටතේ පවතින WORD OF LIFE CHRISTIAN ASSEMBLY (ජීවනයේ වචනය ක්‍රිස්තියානි සභාව) යටතට ගෙනෙන ලෙස පැවසූ අතර පසුගිය වසර හය මුළුල්ලේ අප ඒ සේවය සමඟ එක්ව කටයුතු කරන්නෙමු.

එසේම අප බයිබල් පාසැලේ අධ්‍යාපනය සම්පූර්ණ කළ සභාපාලක කැඳවීමක් සහිත දේව දාසයෙකු යටතේ සභා ශාඛාවක් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටුවා ඇති අතර එහි බයිබල් පාසලක්ද පැවැත්වේ. ඊට අමතරව සයිප්‍රස් හා ඊශ්‍රායෙල් යන දේශයන් වල අප සභාවේ පූර්ණ අධීක්ෂණය හා අනුමැතිය යටතේ ශාඛාවන් පැවැත්වේ.

තුඩැල්ල ප්‍රධාන ශාඛාව යටතේ තරුණ කණ්ඩායමේ සේවය, ඉරිදා දහම් පාසල, ප්‍රශංසා හා නමස්කාර කණ්ඩායමේ සේවය, ප්‍රොපේතමය මැදහත්කාරකමේ සේවය, මැදහත්කාර යාච්ඤා කණ්ඩායමේ සේවය, කාන්තා කණ්ඩායමේ සේවය වැනි රාජ්‍යයේ සේවාවන් රැසක් ක්‍රියාත්මක වේ.

සභාපාලක තුමා සමඟින් සභා වැඩිමහල්ලන් කණ්ඩායම හා උපකාරක සේවා කණ්ඩායම ද අත්වැල් බැඳ රාජ්‍යයේ සේවයේ යෙදී සිටිති.

24/08/2026

2026.08.29 දිනට අදාල ශුද්ධ ලියවිලි (ටෝරා) කොටස්
24/08/2026

2026.08.29 දිනට අදාල ශුද්ධ ලියවිලි (ටෝරා) කොටස්

ආදරණීය සහෝදර සහෝදරියනි,මෙම සතියේ Ki Teitzei අපට කියන්නේ:“පිටත්ව යන්න. නමුත් යහ්වේ වහන්සේගේ මාර්ගයෙන් පිට නොවන්න.”Haftara...
22/08/2026

ආදරණීය සහෝදර සහෝදරියනි,

මෙම සතියේ Ki Teitzei අපට කියන්නේ:

“පිටත්ව යන්න. නමුත් යහ්වේ වහන්සේගේ මාර්ගයෙන් පිට නොවන්න.”

Haftarah අපට කියන්නේ:

“ඔබේ ගමනේදී කඳු සෙලවුණත්, යහ්වේ වහන්සේගේ කරුණාව සෙලවෙන්නේ නැත.”

එබැවින් අද ඔබ කුමන තත්ත්වයක සිටියත්—

ඔබේ කූඩාරම කුඩා වුණත්,
ඔබේ හදවත බර වුණත්,
ඔබේ අතීතය වේදනාකාරී වුණත්,
ඔබේ අනාගතය පැහැදිලි නොවුණත්—

යහ්වේ වහන්සේ ඔබව අමතක කර නැහැ.

ඔබ තවමත් උන්වහන්සේගේ අතේ.

ඔබ තවමත් උන්වහන්සේගේ ගිවිසුම තුළ.

ඔබේ කතාව තවමත් අවසන් නැහැ.

🌿 කඳු සෙලවුණත් — උන්වහන්සේගේ කරුණාව සෙලවෙන්නේ නැත.
🌿 මිනිසුන් වෙනස් වුණත් — උන්වහන්සේගේ විශ්වාසවන්තකම වෙනස් නොවේ.
🌿 අතීතය වේදනාකාරී වුණත් — උන්වහන්සේට අනාගතය ගොඩනැගිය හැකියි.
🌿 ඔබට කිසිවක් නොපෙනුණත් — යහ්වේ වහන්සේ තවමත් ක්‍රියා කරමින් සිටී.

ඒ නිසා මේ සතියේ අපි අපේ හදවතින් කියමු:

“යහ්වේ වහන්ස, මගේ කූඩාරම පුළුල් කිරීමට මට ඇදහිල්ල දෙන්න.
මගේ අතීතය මගේ අනාගතය පාලනය කිරීමට ඉඩ නොදෙන්න.
මගේ බියට වඩා ඔබේ පොරොන්දුව විශ්වාස කිරීමට මට උදව් කරන්න.
කඳු සෙලවුණත්, ඔබේ කරුණාව සෙලවෙන්නේ නැති බව මට මතක් කර දෙන්න.”

ඔබ පිටත්ව යන සෑම තැනකම යහ්වේගේ මාර්ගයේ ගමන් කරන්න.
ඔබට හමුවන සෑම කුණාටුවකදීම උන්වහන්සේගේ සාමය අල්ලාගන්න.
ඔබට නොපෙනෙන අනාගතය උන්වහන්සේගේ අතට භාර දෙන්න.

“මාගේ කරුණාව ඔබ කෙරෙන් පහ නොවන්නේය.” — යෙසායා 54:10

22/08/2026

2026.08.22 - සබත් දේවමෙහෙය
Word of Yahashua Assembly International

| සබත් දිනට අදාල ශුද්ධ ලියවිලි කොටස් |
ටෝරා කොටසේ නම : කී-ටෙට්සෙ
ඔබ පිටතට යන විට / ඉදිරියට යන විට
When you go forth / Go out

ද්වීතියකථාව 21:10 - 25:19
යෙසායා 54:1-10
යෙසායා 52:13 - 53:12
ගීතාවලිය 32
මතෙව් 5:27-30
මතෙව් 24:29-42
මතෙව් 19:3-12
1 කොරින්ති 5:1-5

2026.08.22 - සබත් දේවමෙහෙයWord of Yahashua Assembly International...

“ඔබේ කූඩාරමේ ඉඩ පුළුල් කරන්න”අද අප කියවන Haftarah කොටස වේදනාව, තනිකම සහ බලාපොරොත්තු කඩවීම අත්විඳි සෙනඟකට යාවේ වහන්සේ දෙන...
22/08/2026

“ඔබේ කූඩාරමේ ඉඩ පුළුල් කරන්න”

අද අප කියවන Haftarah කොටස වේදනාව, තනිකම සහ බලාපොරොත්තු කඩවීම අත්විඳි සෙනඟකට යාවේ වහන්සේ දෙන සුන්දර බලාපොරොත්තුවක් ගෙන එනවා.

යෙසායා 54:1 හි උන්වහන්සේ කියනවා:

“ප්‍රීතිමත් වන්න, වඳ ස්ත්‍රිය…”

ඇයට ප්‍රීති වීමට හේතුවක් පෙනෙන්නේ නැහැ. ඇය හිස්ව සිටිනවා. තනිකම අත්විඳිනවා. අනාගතය ගැන බලාපොරොත්තුවක් පෙනෙන්නේ නැහැ.

ඒත් යාවේ වහන්සේ ඇයට කියන්නේ ඇයගේ වර්තමාන තත්ත්වය අනුව ජීවත් වෙන්න නොවෙයි.

ඊළඟට උන්වහන්සේ කියනවා:

“ඔබේ කූඩාරමේ ස්ථානය පුළුල් කරන්න; ඔබේ වාසස්ථානවල තිර දිගහරින්න.”
(යෙසායා 54:2)

මේක ඇදහිල්ල ගැන ඉතා ගැඹුරු පණිවිඩයක්.

තවමත් කිසිවක් පෙනෙන්නේ නැහැ.
නමුත් ඉඩ සූදානම් කරන්න.

තවමත් පිළිතුර ලැබිලා නැහැ.
නමුත් යාච්ඤාව අත්හරින්න එපා.

තවමත් දොර විවෘත වෙලා නැහැ.
නමුත් බලාපොරොත්තුව අත්හරින්න එපා.

තවමත් ඔබේ ජීවිතය හිස් වගේ පෙනෙනවා.
නමුත් ඔබේ අනාගතය ඒ හිස්කමෙන් තීරණය කරන්න එපා.

🌿 ඇදහිල්ල කියන්නේ දැනට පෙනෙන දේ අනුව පමණක් ජීවත් වීම නොවෙයි.

යාවේ වහන්සේ කියන දේ විශ්වාස කරමින්, තවමත් නොපෙනෙන දේ සඳහා සූදානම් වීමයි.

සමහරවිට අද ඔබේ ජීවිතයත් පුංචි කූඩාරමක් වගේ පෙනෙනවා ඇති.

බලාපොරොත්තු අඩුයි.
අවස්ථා අඩුයි.
සම්පත් අඩුයි.
ඔබ සමඟ සිටින මිනිසුන් අඩුයි.
අතීතයේ වේදනාව නිසා අනාගතය ගැන විශ්වාස කරන්නත් අමාරුයි.

නමුත් යාවේ වහන්සේ කියනවා:

“ඔබේ කූඩාරම පුළුල් කරන්න.”

ඔබේ හදවත පුළුල් කරන්න.

ඔබේ යාච්ඤාව පුළුල් කරන්න.

ඔබේ බලාපොරොත්තුව පුළුල් කරන්න.

ඔබේ දැක්ම පුළුල් කරන්න.

ඔබේ අතීතය නිසා ඔබේ අනාගතය කුඩා කරගන්න එපා.

ඔබේ වේදනාව ඔබේ කතාවේ අවසාන වචනය නොවෙයි.

ඔබේ අහිමිවීම ඔබේ අවසානය නොවෙයි.

ඔබේ තනිකම ඔබේ අවසාන අනන්‍යතාවය නොවෙයි.

යාවේ වහන්සේ තවමත් ඔබේ කතාව ලියමින් සිටිනවා.

ඒ නිසා අද ඔබට කිසිවක් පෙනෙන්නේ නැති වුණත්,

ඉඩ සූදානම් කරන්න.

තවමත් පිළිතුර නොපෙනුණත් — යාච්ඤා කරන්න.

තවමත් මාර්ගය නොපෙනුණත් — විශ්වාස කරන්න.

තවමත් දොර වසා තිබුණත් — බලාපොරොත්තුව තබාගන්න.

මන්ද ඔබ දකින්නේ අද පමණයි.

නමුත් යාවේ වහන්සේ දකින්නේ මුළු කතාවමයි.

🤍 **ඔබේ වර්තමානය ඔබේ අවසානය නොවේ.

ඔබේ වේදනාව ඔබේ කතාවේ අවසාන වචනය නොවේ.
යාවේ වහන්සේ තවමත් අවසන් කර නැහැ.**

ඒ නිසා,

“ඔබේ කූඩාරමේ ඉඩ පුළුල් කරන්න.” 🌿

යාවේ වහන්සේ තවමත් ඔබට පෙන්වා නැති දේ සඳහා, අදම ඔබේ හදවත සූදානම් කරගන්න. 🤍

ඔබේ වර්තමානය ඔබේ අවසානය නොවේ.”අද අප කියවන Haftarah කොටස ඉතා සුන්දර බලාපොරොත්තුවක් ගෙන එන කොටසක්.යෙසායා 54 හි අපට හමුවන්න...
21/08/2026

ඔබේ වර්තමානය ඔබේ අවසානය නොවේ.”

අද අප කියවන Haftarah කොටස ඉතා සුන්දර බලාපොරොත්තුවක් ගෙන එන කොටසක්.

යෙසායා 54 හි අපට හමුවන්නේ වේදනාව අත්විඳි, තනිකම අත්විඳි, ප්‍රතික්ෂේප වූවා සේ හැඟුණු සෙනඟකට යාවේ වහන්සේ කතා කරන හඬයි.

යෙසායා 54:1 ආරම්භ වන්නේ:

“ප්‍රීතිමත් වන්න, වඳ ස්ත්‍රිය…”

මේ වචන ඇසූ විට අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා.

ඇයි ඇයට ප්‍රීති වෙන්න කියන්නේ?

ඇයගේ තත්ත්වය බලන විට ප්‍රීති වීමට හේතුවක් පෙනෙන්නේ නැහැ.

ඇය වේදනාව අත්විඳලා තියෙනවා.

ඇය තනිකම අත්විඳලා තියෙනවා.

ඇය බලාපොරොත්තු නැති තත්ත්වයක සිටිනවා.

ඒත් යාවේ වහන්සේ ඇයගේ වර්තමාන තත්ත්වය දිහා බලලා ඇයගේ අනාගතය තීරණය කරන්නේ නැහැ.

උන්වහන්සේ ඇයට කියනවා:

“ඔබ දැන් දකින තත්ත්වය ඔබේ අවසානය නොවේ.”

ඔබට අද හිස් බවක් දැනෙන්න පුළුවන්.

නමුත් හිස්කම සදාකාලික නොවේ.

ඔබට අද තනිකමක් දැනෙන්න පුළුවන්.

නමුත් තනිකම ඔබේ අවසාන අනන්‍යතාවය නොවේ.

ඔබට අද ප්‍රතික්ෂේප වූවා වගේ දැනෙන්න පුළුවන්.

නමුත් මිනිසුන්ගේ ප්‍රතික්ෂේප කිරීම යාවේ වහන්සේගේ සැලැස්ම අවලංගු කරන්නේ නැහැ.

ඔබට අද ඔබේ ජීවිතය කිසිම දිශාවකට යන්නේ නැහැ වගේ පෙනෙන්න පුළුවන්.

නමුත් යාවේ වහන්සේ තවමත් ඔබ නොදකින දේවල් සූදානම් කරමින් සිටිනවා විය හැකියි
අද ඔබ තවත් ශක්තිමත් වෙලා දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටීම ස්ථිර කරගන්න

Address

No. 8, Archbishop 1st Lane, Tudella
Ja-Ela
11350

Opening Hours

08:00 - 15:00

Telephone

+94755935945

Website

Alerts

Be the first to know and let us send you an email when Word of Yahashua Assembly International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Word of Yahashua Assembly International:

Shortcuts

Share