හෙළ බොදුවන

හෙළ බොදුවන හෙළ බොදුවන සිංහල බොදු උරුමය ඉදිරියට ග?

හෙළ බොදුවන ආරම්භය හා ඉදිරි දැක්ම

හෙළ බොදුවන හුදෙක් මුහුණු පොතේ තවත් එක් පිටුවක් නම් නොවන වග මුලින්ම සටහන් කලයුතුය.හෙළ බොදුවන 2014 ක් වු බක් මස නාම මාත්‍රිකව සුළුපිරිසකගෙ මැදිහත්වීමෙන් ආරම්භ වු පදනමකි. මෙහි කැදවුම්කරු ලෙස ගයාන් කමලජීව වන මා කටයුතු කරන බව දැනුම් දෙන අතරම, සිංහල බෞද්ධ ආකල්ප රෑකගෙන ඉදිරියට ගෙනයාමට උනන්දුවන සැමට මේ සදහා අප සමග එකතුවන ලෙස ආරාධනා කරමු.

ඉදිරි දැක්ම හා අරමුණු

මෙය හුදෙක්

මුහුණු පොතට සීමා නොවු ප්‍රා‍යෝගිකව සිදුවන්නා වූ ක්‍රියදමයක මූලාරම්බයයි. එය ඔබට මතුවට ප්‍රත්‍යක්ෂ වනු ඇත.

හෙළ බොදුවන කිසිවිටකත් අන්‍ය ජාතින් හ අන්‍ය ආගම් හෙලා දැකීමට කටයුතු නොකරන අතර සිංහල බෞද්ධකම රැක ගැනීමට උත්සාහ කරමු.

මෙම පදනම මගින් බුදු දහම තව තවත් අපගේ ජීවිත වලට ලං කර ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට කටයුතු කරමු.

අපේ බුදුදහම හා හෙළ සංස්කෘතියේ උරුමය මතු පරපුරට දායාද කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට බලාපොරොත්තු වෙමු.

අද අපගෙන් දුරස් වෙමින් යන හෙළ වෙදකම, හෙළ ගොවිතැන හා හෙළ තාක්ෂණය පිලිබද පුනර්ජීවනයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙමු.

අපට නිසි මාර්ගය පෙන්වා දෙන පොල්පිතිමූකලාන ධම්ම ශ්‍රි විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සියලු පිංකම් සදහා පදනමේ පූර්ණ සහයෝගය ලබාදෙමු.

අප පදනමේ ප්‍රධාන අරමුණු අතරින් ඉතා වැදගත් කරුණ ලෙස දුෂ්කර පලාත් වල පාසල්, පන්සල්, ආරණ්‍ය වැනි ස්ථාන වලට ද්‍රව්‍යමය හා ශ්‍රමය අතින් උපකාර කිරීමත් ආර්ථික අපහසුතා ඇති දරැවන්ට ඉගෙනීම සදහා උපකාර කිරීමත් දැක්විය හැක.
තවද මෙවෙනි වැඩසටහන් සදහා ඔබට හැකි අයුරින් දායක වී, අප ගන්නා මේ පුංචි වෑයම සාර්ථක කරගැනීමට අප හා එක් වන ලෙස අප ඔබ සැමට අරාධනා කරමු.

චින්තනමය හා අධ්‍යාත්මික දියුණුවක් උදෙසා හෙළ බොදුවන සමග එක්වන්න......

ගයාන් කමලජීව....
කැදවුම්කරු

Address

417/A Niwandama South
Ja-Ela
11350

Telephone

0719191315

Website

Alerts

Be the first to know and let us send you an email when හෙළ බොදුවන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to හෙළ බොදුවන:

Share