Sri Jayawardanaramaya - Ja ela

Sri Jayawardanaramaya - Ja ela temple

අදදින තම ජන්ම දිනය සමරන උතුරු බටගම ශ්‍රී ජයවර්ධනාරාමය,බෝධිමුල්ල ශ්‍රී නාගාරාමය,අංගමුව ශ්‍රී සුදර්ශනාරාමය විහාරත්‍රයාධිපත...
21/11/2024

අදදින තම ජන්ම දිනය සමරන උතුරු බටගම ශ්‍රී ජයවර්ධනාරාමය,බෝධිමුල්ල ශ්‍රී නාගාරාමය,අංගමුව ශ්‍රී සුදර්ශනාරාමය විහාරත්‍රයාධිපති ධුරන්ධර,විශ්‍රාමලත් පරිවේනාධිපති,ශාස්ත්‍රපති,අවසරයි,බෝගොඩ පියනන්දාභිධාන අප ගුරුදේවෝත්තම නායකමාහිමිපාණන් වහන්සේට සියක් ආයු ලැබ සසුන් කෙත සුපෝෂණය කරන්නට අනන්ත තෙරුවන් ගුණ අසිරියෙන්,සතර දළදා වහන්සේලාගේ ආශිර්වාදයෙන්,උතුම් සිරිමා බෝ පිහිටෙන්,සම්‍යක් දෘෂ්ටික ලෝක පාලක දේව ආශිර්වාදයෙන් නිදුක් නීරෝගි සුව සපිරි සුභ ජන්ම දිනයක් වේවා,සුඛී දීඝායුකෝ භව ගුරුහිමියනි

16/10/2024

අප විහාරස්ථ කඨින මහා පූජෝත්සවය මෙම මස 27 වන ඉරිදා උදෑසන පැවැත්වෙන බව පින් සිතින් සිහිපත් කර සිටිමි.පින් කැමැති පිංවතුන් ඒ සදහා සම්බන්ධව දෙලොව සැප සලසා ගන්නා මෙන් කාරුණිකව සිහිපත් කර සිටිමි

02/09/2024
ජා ඇල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමන්ඩලයේ තිස්තුන් වසරක් නිස්සරනාධ්‍යසයෙන් ප්‍රධාන ලේඛකාධිකාරී ධූරය හෙබවූ ජා ඇල උතුරුබටගම ශ්...
25/08/2024

ජා ඇල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමන්ඩලයේ තිස්තුන් වසරක් නිස්සරනාධ්‍යසයෙන් ප්‍රධාන ලේඛකාධිකාරී ධූරය හෙබවූ ජා ඇල උතුරුබටගම ශ්‍රී ජයවර්ධනාරාමය, කුලියාපිටිය බෝදිමුල්ල ශ්‍රී නාගාරාමය හා අංගමුව ශ්‍රී සුධර්ශනාරාමය යන විහාරයන්හී විහාරාධිපති,විශ්‍රාමලත් පරිවේනාධිපති ,පූජ්‍ය බෝගොඩ පියනන්දාභිධාන අප ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේට සිදුකල ජාතික, ආගමික හා ශාසනික සේවයට උපහාර පිදීම නිමිති කොටගෙන ජා ඇල ප්‍රාදේශීය මහලේකම් කාර්‍යාලයේදී ජාඇල ශාෂනාරක්ෂක බලමණ්ඩලය,ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ජාඇල විහාරාධිපති සංගමය එක්ව පැවැත්වූ
පූජෝපහාර මහෝත්සවය....

අදදින අප විහාරස්ථානයේ පවත්වන්නට යෙදුන අටවිසි බුද්ධ වන්දනාව සහිත අසූමහ ශ්‍රාවක පූජාව දේශකයානෝ=දකුණු බටගම ශ්‍රී වර්ධනාරාමා...
18/08/2024

අදදින අප විහාරස්ථානයේ පවත්වන්නට යෙදුන අටවිසි බුද්ධ වන්දනාව සහිත අසූමහ ශ්‍රාවක පූජාව

දේශකයානෝ=දකුණු බටගම ශ්‍රී වර්ධනාරාමාධිකාරී,සූරීගම නාගර්ජුන විද්‍යාපීඨ විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය රජවැල්ලේ පඤ්ඤානන්ද හාමුදුරුවන් වහන්සේ

21/07/2024

විදුදම් ඇසල පෙරහර සාර්ථකව අවසන් කරන්නට උරදුන් කැපවී කටයුතු කළ දහම් පාසල් ආචාර්ය මණ්ඩලයට,දුවා දරුවන් සියලු දෙනාටම,සංවර්ධන කමිටුවට,පෙරහර කමිටුවට සහ දැනුවත් කල පරිදිම කටයුතු කරන්නට යෙදුන දෙමව්පියන්,ප්‍රදේශවාසීන් ඇතුළු නන් අයුරින් උදව් උපකාර කල සියලු දෙනාටම හෘදයාංගම පුන්‍යානුමෝදනාව සිදු කරමි.

මම,
පොඩි හාමුදුරුවෝ

ජූනි මස 10 , අවුරුදු 20න් පහල ආසියානු මල්ලවපොර තරගාවලිය නියෝජනය කිරීමට පැවති තේරීම තරගාවලියේදී, ගම්පහ බණ්ඩාරනායක විද්‍යා...
21/07/2024

ජූනි මස 10 , අවුරුදු 20න් පහල ආසියානු මල්ලවපොර තරගාවලිය නියෝජනය කිරීමට පැවති තේරීම තරගාවලියේදී, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය නියෝජනය කරමින්, කිලෝග්‍රෑම් 74-79 බර පන්තියෙන් රන් පදක්කම ජයග්‍රහණය ලබා..
හෙට දින (ජූලි 22) තායිලන්තයේ පවත්වනු ලබන uww අවුරුදු 20න් පහල ආසියානු මල්ලවපොර තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඔබට ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවා..!
(විද්‍යාදීප දහම් පාසල් ආචාර්ය මණ්ඩලය සිසු දරුවන් සහ සංවර්ධන කමිටුව )

ජාඇල උතුරු බටගම ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථ විද්‍යාදීප දහම් පාසල් දුවා දරුවන්ගේ අලංකාර නර්තන අංගයන්ගෙන් සමන්විත ඇසල පෙරහර...
17/07/2024

ජාඇල උතුරු බටගම ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථ විද්‍යාදීප දහම් පාසල් දුවා දරුවන්ගේ අලංකාර නර්තන අංගයන්ගෙන් සමන්විත ඇසල පෙරහර 2024/07/21 වන දින උදෑසන 08.00ට වීදි සංචාරය කරනු ලබයි.විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර බන්ඩිගොඩ පාරෙන් දෆිනෑන්ස්වත්ත පොදු සුසාන මාර්ගයේ ආප්පකඩේ හංදියට පැමින නිවන්දම මාර්ගයේ ගමන් කරමින් විහාරස්ථානයෙන් අවසන් වනු ලබයි.සැදැහැසිත් පිරි ඔබසැමට ආරාධනා කර සිටින්නෙමු

අප විහාරස්ථ විද්‍යාදීප දහම් පාසලෙහි දහම් පාසල් අවසාන ශ්‍රේණියෙහි දහම් අධ්‍යාපනය හදාරන N.ඕෂදී නිසානි දියණිය අවුරුදු 17 න්...
09/07/2024

අප විහාරස්ථ විද්‍යාදීප දහම් පාසලෙහි දහම් පාසල් අවසාන ශ්‍රේණියෙහි දහම් අධ්‍යාපනය හදාරන N.ඕෂදී නිසානි දියණිය අවුරුදු 17 න් පහල ජාතික පාපන්දු සංචිතයට තේරී පත්ව ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු.දියණියනි ඔබ අප දහම් පාසලට මහත් ආඩම්බරයක්,මැණිකක්.ආචාර්ය මණ්ඩලය,සිසු දරුවන්,දෙමව්පියන් අපි හැමෝම ඔබේ අනාගත දිවිය සාර්ථක වේවායි ඉතසිතින් පතන්නෙමු.තෙරුවන් සරණයි

Address

Ja-Ela
TEMPLE

Telephone

+94112238024

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Jayawardanaramaya - Ja ela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share