Immaculate Heart Of Mary Church At Bandigoda

Immaculate  Heart  Of Mary Church At Bandigoda Mary Immaculate Heart Church Bandigoda

14/10/2025
O
06/04/2023

O

✝️🙏🌺🌷අද මහා බ්‍රහස්පතින්දා දිනයයි.🌷🌺🙏✝️

ශුද්ධවූ සතියේ සුවිශේෂී දිනයකි මහ බ්‍රහස්පතින්දා. මහ බ්‍රහස්පතින්දා යනු ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී පාද දෝවනය කර ඉන්පසු ගෙත්සමනියට ගිය බව අපි දැන සිටිමු. එය නිවැරදි බව සත්‍යකි. ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී අනතුරුව පාවා දෙනු ලැබීම තුල උන්වහන්සේගේ පාස්කුව සිදු වූ බව අභිධාර්මිකව සත්‍යක් ය යන්න සදහන් කල යුතුය. මේ සමගම එදින ක්‍රිස්තුන් වහන්සේ ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුලින් පුජත්වරය නම් වූ ප්‍රසාධ නිධාන ස්ථාපිත කිරීම ඉතා සුවිශේෂී කාරණයකි. එදින දේවස්ථානය තුල සවස් භාගයේදී මෙම සිදුවීම් සිහිපත් කරනු ලබන අතරම තවත් එදින පෙරවරුවේ සිදු කරනු ලබන සුවිශේෂී කාරණයක් වන්නේ තෛල ආශිර්වාද කිරීමය. වර්ෂය පුරාවට දේවස්ථානයන්හි භාවිතයට ගැනෙන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදිවරුන්ගේ කැපවීම අලුත් කරනු ලබන්නේද මහ බ්‍රහස්පතින්දා දිනයේදීය. සෑම රදගුරු වසමකම රදගුරු තුමා ප්‍රමුඛ පුජා ප්‍රසාදීන් වහන්සේලා එක්වී ගිහි ජනතාව සහ පැවදි අය සමගින් දිව්‍ය පුජාවන් සදහා සක්‍රමේන්තුවට අවශ්‍ය කරන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදීන්ගේ කැපවීම අලුත් කිරීම මහ බ්‍රහස්පතින්දා දිනයේ සිදු කරති.
මහ බ්‍රහස්පතින්දා දිනයේ සවස් භාගයේදී දේවස්ථානයන්හි සිදු කරන පිළිවෙත් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බහුතර ජනතාවක් මේ කෙරෙහි අවධානයක් නොදැක්වුවත් මහ බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිදු කරන ඉතා වැදගත් කාර්යයක් ලෙසට ශුද්ධවූ තෛලයට ආශිර්වාද කිරීම සැලකිය හැකිය. මහ බ්‍රහස්පතින්දා සවස ඉර බැසීමත් සමගම ජේසුස් වහන්සේගේ මහා රාත්‍රී භෝජනය හෙවත් අන්තිම රාත්‍රී භෝජනය ලෙස සැලකෙන දිව්‍ය පුජාව සිදු කරනු ලබති. මෙහිදී අප ජනතාවට කිවයුතු ඉතාම වැදගත් දේව ධාර්මික කාරණයක් තිබේ. එනම් මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම චතාරික සමය අවසන් නොවන බවයි. අපේ සැදැහැවත් ජනතාවගෙන් බහුතරයක් අතර තිබෙන අවබෝධයක් වන්නේ ශුද්ධවූ සතියේ ආරම්භයත් සමගම චතාරික සාමය අවසන් වන බවයි. ගොබ් ඉරුදින , සදුදා , අගහරුවාදා , බදාදා සහ බ්‍රහස්පතින්දා සවස් වරුව වනතෙක්ම චතාරිකය ලෙස සැලකේ. පාස්කුව ආරම්භ වන්නේ මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම සිදුවන දිව්‍ය පුජාවෙනි. පාස්කුව ආරම්භ වන්නේ ආලේලුයියා සෙනසුරාදා නොවන බව සිහිපත් කල යුතුය.
මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම ආරම්භ වන පාස්කුව මහ සිකුරාදා සහ ආලේලුයියා සෙනසුරාදා මෙම දින තුන පුරාවට සිදු වන්නේ එකම වන්දනා පිලිවතකි. එම දින තුන තුලදී සිදු කරන්නේ වන්දනා පිළිවෙත් තුනක් නොව එකම වන්දනා පිළිවෙතක් බව අවධාරණයෙන් සිහි කල යුතුය. දේවස්ථානය තුල මහ බ්‍රහස්පතින්දා සවස සිදු කරන වන්දනා පිළිවෙත් එදින අවසන් නොවේ. පසු දින වන මහ සිකුරාදා දිනයේ පිළිවෙත්හි ආරම්භයක් හෝ අවසානයක් ද නොවේ. ආලේලුයියා සෙනසුරාදා පිළිවෙත්හි ආරම්භයක්ද නොවන පිළිවෙත් අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජවෙනි. සරලවම සදහන් කල හොත් මහ බ්‍රහස්පතින්දා සවස ආරම්භ වන පාස්කු පිලිවෙත් අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජාවෙනි.

06/04/2023

අප්‍රියෙල් 06
ශු.සුවිශේෂය.
ශු.ජොහාන් 13: 1 – 15

1 තමන් මෙලොවින් ඉකුත් ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර, ජේසුස් වහන්සේ දැනගත් සේක. උන් වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළ සේක; අන්තිම දක්වා ම ඔවුන්ට ප්‍රේම කළ සේක.
2 රාත්‍රි භෝජනය වළඳන වේලාව පැමිණියේ ය. යක්ෂයා උන් වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබිණි. 3 පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බව ද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බව ද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බව ද දැන, 4 රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක. 5 ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක. 6 උන් වහන්සේ සීමොන් පේදුරු ළඟට ආ විට, ”ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැ”යි ඔහු ඇසී ය. 7 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා කරන්නේ කුමක් දැ යි ඔබ දැන් නොදන්නෙහි ය; එහෙත් පසුව ඔබට වැටහෙනු ඇතැ”යි වදාළ සේක. 8 එවිට පේදුරු, ”මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා ඔබ නොසේදුවොත් මා සමඟ සම්බන්ධකමක් ඔබට නැතැ”යි ඔහුට වදාළ සේක. 9 එවිට සීමොන් පේදුරු, ”ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත් ද හිස ද සේදුව මැනවැ”යි කී ය. 10 ජේසුස් වහන්සේ ද, ”ස්නානය කළ තැනැත්තේ මුළුමනින් ම පවිත්‍ර ය; පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්න වුවමනා නැත. ඔබ ද පවිත්‍ර ය; එහෙත් හැම කෙනෙක් ම එසේ නොවෙති”යි වදාළ සේක. 11 ”හැම කෙනෙක් ම පවිත්‍ර නොවෙති”යි උන් වහන්සේ වදාළේ, තමන් පාවා දෙන්නා කවරෙක් දැ යි දැන සිටි බැවිනි. 12 මෙසේ උන් වහන්සේ ඔවුන්ගේ පාද සෝදා, තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල, ඔවුන්ට මෙසේ වදාළ සේක: ”මා ඔබට කළ දේ කිමෙක් දැ යි ඔබ දන්නහු ද? 13 ‘ගුරුදේවයෙනි’, ‘ස්වාමීනි’ කියා ඔබ මා අමතන්නහු ය. එසේ කීම හරි ය; මම එසේ ම වෙමි. 14 ඔබේ ස්වාමීන් ද ගුරුදේවයන් ද වන මම ඔබේ පාද සේදුවෙම් නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය. 15 මා ඔබට, කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි.

02/04/2023

අප්‍රියෙල් 02
ශු.සුවිශේෂය.
ශු. මතෙව් 26: 14 - 27, 66
(අද දින ශු. සුවිශේෂයේ මුල් කොටස පමණි මෙහි ඇතුළත් වනුයේ)

14 තවද දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් නායක පූජකයන් වෙත ගොස්, 15 ”ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. 16 එතැන් පටන් ඔහු උන් වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවී ය. 17 නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, ”පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. 18 ජේසුස් වහන්සේ ද, ”ඔබ නගරයේ සිටින අසවල් මනුෂ්‍යයා වෙතට ගොස්, ‘මාගේ නියමිත මොහොත ළං ව ඇත; මාගේ ශ්‍රාවකයන් සමඟ ඔබේ නිවසේ දී පාස්කු භෝජනය පවත්වමි යි ගුරුදේවයන් වහන්සේ කියන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි වදාළ සේක. 19 ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ. 20 සවස් වූ කල උන් වහන්සේ ප්‍රේරිතයන් දොළොස් දෙනා සමඟ කෑමට හිඳගත් සේක. 21 ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, ”සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක. 22 ඔව්හු අතිශයින් ශෝක ව එකිනෙකා, ”ස්වාමීනි, ඒ මම දැ”යි අසන්න පටන් ගත්හ. 23 උන් වහන්සේ උත්තර දෙමින්, ”මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේ ය. 24 මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ම ඔහු නියමිත ගමන යන්නේ ය. එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක. 25 උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. ”වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.

02/04/2023

✝️🙏 🕊️🌿ගොබ් ඉරිදා දිනය අදයි 🌿🕊️🙏✝️

🌿ශුද්ධවු සතියේ ආරම්භයයි.🌿
🌿පසුතැවිල්ලෙන් මනස්තාපනයෙන් ජෙසුතුමන්ගේ කුරුසයේ යාගයට සූදනම් වෙමු......🌿

20/03/2023
20/03/2023

මාර්තු 20
ශු.සුවිශේෂය.
ශු. මතෙව් 1: 16, 18 – 21, 24

16 ජාකොබ්ට දාව මරිය තුමීගේ පුරුෂයා වූ ජෝසෙප් ද උපන්නෝ ය; මරිය තුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන් සේක. 18 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.
19 ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය. 20 එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, ”දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්. 21 ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය. 24 ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය.

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Immaculate Heart Of Mary Church At Bandigoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share