21/02/2026
2026, වසරේ ශ්‍රී ධර්මෝදය දහම් පාසල් අධ්‍යයන වාරය ආරම්භ කිරීම පෙබරවාරි 22, හෙට දින සිදුකෙරේ.පළමු ශ්‍රේණිය සිට,ධර්මාචාර්ය දක්වා පන්ති ආරම්භ කරන බැවින් ඔබගේ දුව,පුතා දහම් අධ්‍යාපනය සදහා යොමුකිරීම මගින්,ගුණ නැණ පිරි යහපත් දරුවෙකු සමාජගත කිරීමට දෙමාපියන් වන ඔබට හැකියාව පවතී.දීප්තිමත් සිසුන් රැසක්ම සමාජයට දායාද කළ ශ්‍රී ධර්මෝදය දහම් පාසල ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛත්වය ගත් දහම් පාසලයි.තවද දහම් පාසල් දරුවන් සහ පාසල් දරුවන් වෙත නොමිලේ තිලිණ කරනු ලබන,DP EDUCATION වෙතින් IT CAMPUS හි පරිගණක පාඨමාලාව නොමිලේ හැදෑරීම ටද අවස්ථාව සැලසේ...ඔබගේ අයදුම්පත් ඉක්මනින් ශ්‍රී ධර්මෝදය දහම් පාසල් කාර්යාලය වෙත ලැබීමට සලස්වන්න..අත්දැකීම් බහුල ,රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතු ඇදුරු මඩුල්ලකගේ සාර්ථක මගපෙන්වීම මත දහම් පාසල ක්‍රියාත්මක වනු ලැබේ.තෙරුවන් සරණයි .