Mahamevnawa Buddhist Monastery - Ibbagamuwa

Mahamevnawa Buddhist Monastery - Ibbagamuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahamevnawa Buddhist Monastery - Ibbagamuwa, Buddhist Temple, Mukalanyaya, Ibbagamuwa.

21/10/2020
ශ්‍රී අංගුලිමාල මහාසෑ වන්දනා ගාථාව.....
15/07/2020

ශ්‍රී අංගුලිමාල මහාසෑ වන්දනා ගාථාව.....

ශ්‍රී අංගුලිමාල මහාසෑ වන්දනා ගාථාව

සිරීමතෝ ලෝකනාථස්ස
ධාතුජ්ජලිත මුද්ධනී
ජිනපුත්තංගුලිමාලස්ස
ධාතු ගබ්භේ පතිට්ඨිතං
තං තේජමානං දද්දල්ලමානං
වන්දාමහං අංගුලිමාල ථූපං’ති.

සිරිමත් ලෝ නා මුනි රජිඳුන්නේ
ධාතුන් සෑ මුදුනෙහි වැඩ ඉන්නේ
උතුම් අඟුල්මල් මහ තෙරිඳුන්නේ
ධාතුන් සෑ ගැබ මැද වැඩ ඉන්නේ
බුදු ගුණ මුනි ගුණ තෙද පැතිරෙන්නේ
අංගුලිමාල මහ සෑ බබළන්නේ
සාදු සාදු මහ සෑය වඳින්නේ

01/07/2020

සත්පුරුෂ ඇසුර කොතරම් ආශ්චර්යක් ද ?

01/07/2020

අච්චයන්ති අහෝරත්තා ජීවිතං උපරුජ්ඣති
ආයු ඛීයති මච්චානං කුන්නදීනං ව ඕදකං

හරි ඉක්මනට මේ රෑ දවල් ගෙවිල යනවා. ජීවිතේ අවසන් වෙන්නෙ හරිම වේගයෙන්. උපන් සත්වයින්ගේ ආයුෂ ගෙවිල යන්නෙ පුංචි දොළ පාරක ගලන වතුර ටිකක් වගේ.

අථ පාපානි කම්මානි කරං බාලෝ න බුජ්ඣති
පච්ඡාස්ස කටුකං හෝති විපාකෝ හිස්ස පාපකෝ’ති.

එහෙත් පව් කරන මෝඩ ජනතාව මේක තේරුම් ගන්නේ නෑ. අන්තිමේදී දුක් විපාක විඳින්ට සිදුවෙන්නෙ ඔවුන්ටමයි. පාප කර්මයේ විපාකත් පාපීමයි.

(හේරඤ්ඤකානි රහතන් වහන්සේ)

👍 𝗨𝗦 Mahamegha :::: මහාමේඝ

01/07/2020

භාවනාවේ මූලික කරුණු - 1 (සිතට සුව දෙන භාවනා)

01/07/2020

👍 𝗨𝗦 Mahamegha :::: මහාමේඝ

ශ්‍රද්ධා පොසොන් පුන් පොහෝදා සජීව විකාශය...!!!
30/05/2020

ශ්‍රද්ධා පොසොන් පුන් පොහෝදා සජීව විකාශය...!!!

ශ්‍රද්ධා පොසොන් පුන් පොහෝදා සජීව විකාශය

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම...
22/05/2020

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම...

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් 2020-05-16 දින සිදුකරන්නට යෙදුනා.

සෑය වටා ඉදිකර ඇති සතර වාහල්කඩවල ද කොත් වහන්සේලා 36 නමක් පළඳවන ලද අතර අඩි 12ක් උසැති ප්‍රධාන කොත් වහන්සේ ඇතුළුව 37 ක් වූ මෙම සියලු කොත් වහන්සේලා අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් සිහිගන්වමින් ඊට ගෞරව පිණිස පූජා වුණි.

සියල්ලෝ මේ උතුම් පින සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

මේ සඳහා නන් අයුරින් ආධාර උපකාර කළ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබේවා!

මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශීර්වාදයෙන් මුළු ලොව පුරා පැතිරෙන භයානක වසංගත රෝගය වහ වහා දුරු වේවා! වසංගත රෝගය වැළඳුණු සියලු දෙනාට ද ඉක්මන් සුවය ලැබේවා! සියලු දෙනාට නිදුක් නීරෝගී සුවපත් භාවයෙන් යුතුව සුරක්ෂිත වූ ජීවිත ගත කරන්නට වාසනාව ලැබේවා!

https://mahamevnawa.lk/sri-angulimala-seya/

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ සතරැස් කොටුවෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කිරීම.....
08/05/2020

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ සතරැස් කොටුවෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කිරීම.....

ඡත්ත මාණවක ගාථා...
23/04/2020

ඡත්ත මාණවක ගාථා...

ආගම් ඇදහීම...
01/04/2020

ආගම් ඇදහීම...

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් කෙනෙකුට ආගමක් ඇදහිය යුත්තේ මක් නිසාද කියා තේරුමක් නැහැ. එතකොට ඒ උදවිය ලාභ බඩුවලට රැවටෙනවා වගේ ආගම්වලටත් රැවටෙනවා. එහෙම වෙන්නේ ආගමක් සෙවීමේ නියම තේරුම නොදන්නා නිසයි. සමහරු රැකියාවක් ලබාගැනීම පිණිස, විවාහයක් පිණිස, දරුවන් පාසලට දමා ගැනීම පිණිස, රෝගයක් සුවපත් කරගැනීම පිණිස, ගෙවල් දොරවල් සාදාගැනීම පිණිස, කෑම වේලක් පිරිමසා ගැනීම පිණිස ආගම වෙනස් කරනවා. නුවණ තියෙන අයට මේ උදවිය ගැන හරිම දුකයි. තාවකාලික ලාභ ප්‍රයෝජන පිණිස ආගම් අදහන අය කිසිසේත්ම නුවණ පාවිච්චි කරන්නේ නැහැ. තාවකාලික ප්‍රයෝජනය විතරයි සලකන්නේ. දුර බලන්නේ නැහැ. ඉතාමත් බොළඳ විදිහට ළඟ විතරයි බලන්නේ. ඇත්තෙන්ම එවැනි කරුණක් උදෙසා අපි කිසිසේත්ම ආගමක් ඇදහිය යුතු නෑ.

පින්වතුනේ, පින්වත් දරුවනේ, තාවකාලික ලාභයක් පිණිස ආගමක් අදහන පුද්ගලයා ඇත්තෙන්ම අනුවණ මෝඩයෙක්මයි. ආත්ම වංචාවෙන් යුතුව තමා විසින් තමාව රවටා ගන්නා පුද්ගලයෙක්මයි. ඒ විදිහට තමන්ගේ තාවකාලික වාසිය විතරක් බලන පුද්ගලයා ඒ ආගමට හසු වෙන්නේ ඇමක් ගිලින මාළුවෙක් වගෙයි. ඊට පස්සේ ඇත්ත නැත්ත තෝරාගැනීමට ඔහුට බැරිව යනවා. සරු නිසරු දේ තෝරගන්නත් බැරිව යනවා. හොඳ නරකත් තෝරාගැනීමට බැරිව යනවා. එවිට වැටුණු වළෙන් ගොඩ එන්න බැරිව අන්තිමේදී ඒ නිසරු දෙයම වර්ණනා කරන්න පටන් ගන්නවා. පුහු මාන්නය නිසා ජීවිතාවබෝධය අහිමි වෙලා යනවා.

නමුත් පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයක අවබෝධ කළ යුතු පැති රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි උපදින්නේ කොහොමද? උපන්නාට පසු අපි මුහුණ දෙන්නේ මොන වගේ රෝග පීඩාවලටද? මොන වගේ කරදර කම්කටොළුවලටද? අපට මේ අනතුරුවලින් මඟ හැර ඉන්නට බැරිද? අපි ආදරය කරන අය අපෙන් වෙන් වී යද්දී අපට එය වළක්වන්නට බැරිද? අප අකමැති දේවල් අපට ලැබෙද්දී එය වළක්වන්නට බැරිද? අප මේවාට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? අපි කායිකවත්, මානසිකවත් ඉන්නේ ආරක්ෂා සහිතවද? ඔය වගේ දේවල් අපට ප්‍රශ්න හැටියට තියෙන බව ඇත්තෙන්ම අපි දන්නේ නැහැ.

බොහෝ දෙනෙක් හිතන්නේ නොපෙනෙන ලෝකයේ සිටින දෙවි දේවතාවුන් හට යාඥා කිරීමෙන් පුද පූජාවල් පැවැත්වීමෙන් ඔවැනි ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන් කියලයි. නමුත් අපට පැහැදිලිවම පේනවා ඒ ක්‍රමයෙන් විසඳුම් ලැබූ කෙනෙක් ලෝකයේ තවමත් බිහිවෙලා නැහැ. එහෙත් පැහැදිලිවම මේ සියලුම ප්‍රශ්න විසඳාගත් කෙනෙක්ව අපට මුණ ගැසෙනවා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ. සියලුම ප්‍රශ්න ඉදිරියේ උන්වහන්සේ සිනහ මුසු මුහුණින් වැඩසිටියා පමණක් නොවේ, අනෙක් අයටත් අටලෝ දහමින් කම්පා නොවී සිටින ආකාරය මහා කරුණාවෙන් යුතුව කියා දුන්නා. සාරවත් දේ කියලා කියන්නේ එයටයි. ඒ සාරවත් දේ නම් චතුරාර්ය සත්‍යය ධර්මයයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට අඳුරත්,එළියත් වෙන් කොට හඳුනාගන්නා පුළුවන් වගේම, සරු දෙයත් නිසරු දෙයත් වෙන් කොට හඳුනා ගැනීමට පුළුවන් විය යුතුයි. එතකොට අපි නිසරු දෙය අත්හැරලා සරු දෙය කරා යන අය බවට පත්වෙනවා. චතුරාර්ය සත්‍යය අවබෝධය කරා ම යනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

(Y) US Mahamevnawa Buddhist Monastery

දියුණු කළ සිතෙහි වටිනාකම...
01/04/2020

දියුණු කළ සිතෙහි වටිනාකම...

පින්වතුනේ, පින්වත් දරුවනේ, නොවටිනා දෙයට ආශා කිරීම නිසා බොහෝ දෙනෙකුට වටිනා දේවල් අහිමි වෙනවා. සමහරුන් සෙල්ලමට ආසයි. ඒ නිසාම අධ්‍යාපනය අහිමි කරගන්නවා. දියුණු වෙන්න තිබෙන මාර්ගය නැති කරගන්නවා. අන්තිමේදී පසු තැවි තැවී ඉන්නවා. සමහරු ඉගෙන ගන්න කාලේ ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නවා. ඒවා ගැනම කතාබස් කර කර ඉන්නවා. ඒ තුළින්ම සතුටු වෙවී ඉන්නවා. අන්තිමේදී ඒ නිසාම දුකට පත්වෙනවා. විභාග අසමත් වෙනවා. රැකීරක්ෂාවල් නැති කරගන්නවා.

සමහරු මත්පැන්වලට ආශා කරනවා. උත්සවවලදී මත්පැන් බීලා ආඩම්බරයෙන් නටනවා. පිරිස මැද්දේ කැපී පෙනෙන්න මහන්සි ගන්නවා. මහා ලොකු වීරකමක් කියල හිතාගෙන බොන්න පටන් ගන්නවා. අන්තිමේදී බේබද්දෙක් වෙනවා. මිල මුදල් නාස්ති කරගන්නවා. පව්කාර යාළු මිත්‍රයන් පිරිවරා ගන්නවා. ශරීර සෞඛ්‍ය විනාශ කරගන්නවා. ශෝක වෙවී ජීවිතය අවසන් කරනවා. සමහරුන් සතුන් මරන්න ආසයි. මේ නිසාම දඩයමේ යනවා. මාළු අල්ලනවා. සතුන්ට වද දෙනවා.

මේ හැමදෙයින්ම සිත පිරිහෙනවා. ඇත්තෙන්ම පිරිහුණු සිතක් තිබෙන නිසාමයි මෙවැනි දේවල් සිතට ඇතුළු වන්නේ. වහලේ හොඳට හෙවිලි කරලා නැති නම්, වැස්ස වහින විට වහළයේ ඒ සිදුරු අතරින් ගෙට වතුර ගලන එක නවත්වා ගන්නේ කොහොමද? පිරිහුණු සිතක් ඇති කෙනාගේ සිතට පවිටු ආශාවල් ඇති වෙන කොට වළක්වාගන්නේ කොහොමද? ඒක ඉතාම අමාරු දෙයක්. මේ ලෝකයේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ සිතට රැකවරණයක් නැතුවයි. ඒ නිසා තමන්ගේ සිතේ කෙලෙස් ඇති වෙලා ඒ කෙලෙස් විසින් තමාව විනාශ කර දමන්නේ තමා නොදැන සිටිද්දීමයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, දහම තුළ රැකගත් සිත හරිම අසිරිමත්. ඒ සිත පූජනීයයි. බාහිර කෙනෙකුට මොනම ක්‍රමයකටවත් ඒ පිරිසිදුකම නැති කරන්න බැහැ. සිත අපිරිසිදු වන්නේ රාගය, ද්වේෂය, මුලාව, ආඩම්බරකම, ඊර්ෂ්‍යාව, පිළිගැනීම, එකට එක කිරීම, ගුණමකුකම, කෙලෙහිගුණ නොදැනීම ආදී දේවල්වලිනුයි. සිත පිරිසිදු වෙන්නෙත් ඔවැනි දේ දුරු කිරීමෙනුයි. එතකොට සංවරකම, සිහිනුවණ, වීරිය, ගුණවත්කම, නිහතමානීකම, නොඇලීම, මෛත්‍රිය ආදී උසස් දේවල් සිත තුළ වැඩෙනවා. එයින් තමයි රැකවරණය ලැබෙන්නේ. නිවසක වුණත් වහළය හොඳින් සෙවිලි කොට තිබෙනවා නම්, කොයිතරම් වැස්සත් ප්‍රශ්නයක් නැහැ. ඒ වැස්සෙන් ගේ ඇතුළ තෙමෙන්නේ නැහැ. ධර්මය තුළින් රැකවරණය ලැබූ සිත අන්න ඒ වගේමයි. යහපතක්ම සැලසෙනවා. අයහපතින් වළකිනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

(Y) US Mahamevnawa Buddhist Monastery

Address

Mukalanyaya
Ibbagamuwa

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 17:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

+94374942743

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Buddhist Monastery - Ibbagamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share