16/08/2026
☸️ ❛❛ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා නිකායේ අභිනව මහානායක ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය
❜❜ ☸️
━━━━━━━━ •⊰►🌼◄⊱━━━━━━━━
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා නිකායේ අභිනව මහානායක ධුරයට පත්වූ අතිපූජ්‍ය මහකන්දේ රතනපාල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහා නිකායේ අභිනව මහානායක ධුරයට පත්වූ විනයාචාර්ය, මහෝපාධ්‍යාය, විනයකීර්ති ශ්‍රී ඥානානන්ද අතිපූජ්‍ය මහකන්දේ රතනපාල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය 2026 අගෝස්තු මස 15 වන දින මහත් ගෞරවාභිමානයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවිති මෙම උත්සවයට පක්ෂ/විපක්ෂ බොහො මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් සහ සැදැහැවත් බොදු ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ,
මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහභාගීත්වයෙන්
ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ පැවති මෙම මහෝත්සවය, වනවාස ශාසන සම්ප්‍රදායේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සනිටුහන් විය.
අභිනව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශාසනික මෙහෙවර තවදුරටත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින්, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා උන්වහන්සේට නිදුක් නිරෝගී සුවයත්, දීර්ඝායුෂත්, ශක්තියත් ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 🙏
තෙරුවන් සරණයි! 🙏
#වතුරුවිල
#මීමුරේ
#මීමුරේආරන්‍යසේනාසනය