Polonnaruwe Saddhaseela Thero

Polonnaruwe Saddhaseela Thero සියලු සත්වයෝ සුවපත් වේවා
නිදුක් වේවා
නීරෝගි වේවා
නිවන් දකිත්වා

බක්කුල මහාසෑය
29/05/2024

බක්කුල මහාසෑය

බුද්ධත්වයට ප්‍රථම බෝසතාණන් වහන්සේ දුටු සිහින පහ..🙏🌷එය වෙසක් මස පුර තුදුස්වක දිනය විය. සංසිඳුණු සිතින් යුත් බෝසතුන් එදින ...
23/05/2024

බුද්ධත්වයට ප්‍රථම බෝසතාණන් වහන්සේ දුටු සිහින පහ..🙏🌷

එය වෙසක් මස පුර තුදුස්වක දිනය විය. සංසිඳුණු සිතින් යුත් බෝසතුන් එදින සැතපෙද්දී රාත්‍රී අළුයම් කාලය එළඹෙත්ම විවිධ වූ අර්ථවත් සිහින පසක් දුටුවේ ය. අළුයම අවදි වූ බෝසතාණන් වහන්සේ එම සිහින පස හා එහි අර්ථය වෙන වෙනම විමසා බැලූහ.

එම සිහින සහ ඒවායේ අර්ථය මෙසේ යැයි උන්වහන්සේට වැටහිණ.

✴️ පළමු වන සිහිනය

මහ පොළොව යහනක් විය. හිමාලය පර්වතය තම සයනෙහි කොට්ටය වේ. එහි සැතපෙන බෝසතුන්ගේ වම් අත පෙර දිග මුහුදෙහි විය. අවර දිග මුහුදෙහි දකුණු අත විය. දකුණු දිග මුහුදෙහි දෙපා විහිදී තිබිණ.

"එය වනාහි සියල්ල අභිබවා බෝසතුන් සම්බුදු පදවිය ලබන බවට පෙරනිමිත්තක් බව උන්වහන්සේ වටහා ගත්හ."

✴️ දෙවන සිහින

දෙවන සිහිනය වූයේ බෝසතුන්ගේ නාභියෙන් රතු ඊතණ ගසක් පැන නැගී අහස පුරා දිග්ව පැතිර යාමය.

"ශ්‍රේෂ්ඨ වූ ආර්‍යෂ්ඨාංගික මාර්ගය අවබෝධ කොට ගෙන එය ලොව පුරා දේශනා කරන්නේය" යන්න එම සිහිනයේ අර්ථය ලෙස තේරුම් ගන්නා ලදී.

✴️ තුන්වන සිහිනය

තුන්වන සිහිනය වූයේ කළු හිස් ඇති සුදු පණුවන් රාශියක් පාද මූලයෙන් නැගී දණහිස දක්වා වසා ගැනීමය.

"එය වනාහි බොහෝ උවසු උවැසියෝ බුදුන් සරණ යන්නෝ ය" යන අදහස පල කරන්නක් විය.

✴️ සතර වන සිහිනය

සිව් දිගින් පියඹා පැමිණි ඒ ඒ වර්ණයෙන් යුත් ලිහිණියන් සතර දෙනෙක් බෝසතුන්ගේ පා මුල වැටී එකම සුදු වර්ණයෙන් යුක්ත වීම සතර වන සිහිනය යි.

"ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ ,වෛශ්‍ය, ශුද්‍ර යන සිව් කුලයන්ගෙන් පැමිණෙන ජනයා බුදුරදුන් හමුවෙහි පැවිදිව එකම ආර්‍ය ශ්‍රාවකයන් බවට පත්වන්නේය" යන්න එහි අදහස විය.

✴️ පස්වන සිහිනය.

මහත් සේ කිළිටි අසූචි පර්වතයක් මුදුනේ එහි නොතැවරී ,නොගැටී බෝසතුන් සක්මන් කිරීම ය.

"සිව්පසයෙහි බොහෝ ලාභ ප්‍රයෝජන ලැබෙද්දී එහි නොඇලී නිරාමිශ පිවිතුරු ජීවිතයක් ගත කිරීම"එහි අදහස වන බව වටහා ගන්නා ලදී.

" මහා පුරුෂයාණන් වහන්සේ මෙම සිහින පස තමන් වහන්සේ නිසැකයෙන්ම බුදු වන බවට පැහැදිලි පෙර නිමිත්තක් බවට වටහා ගත් බෝසතාණන් වහන්සේ අළුයම අවදිව මුහුණ දොවා පිරිසිදුව භික්ෂාචාර(දාන) වේලාව එළඹෙන තෙක් පෙර දිගට මුහුණ ලා ප්‍රසන්න මුහුණින් යුතුව අජපල් නුගරුක මුල වැඩ සිටියහ."

උපුටා ගැනීමකි....

♥️♥️දන්න අයටත් ශෙයා කරන්න අමතක කරන්න එපා

ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ ලොවුතුරා බුද්ධ රාජ්‍යය ට පැමිනි තැන දහසක් ලෝක ධාතුවලට බුද්ධ රශ්මි විහිදෙන තැන මේ විශ්‍යේ ත...
18/05/2024

ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ ලොවුතුරා බුද්ධ රාජ්‍යය ට පැමිනි තැන දහසක් ලෝක ධාතුවලට බුද්ධ රශ්මි විහිදෙන තැන මේ විශ්‍යේ තවත් බලවත්ම ස්ථානය වන බුද්ධ ගයා පින් බිම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල වෙනුවෙන් සැරසී සිටින අයුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය බැබලුනා එකල භාරතයේ..නොයෙක් මිසදිටු බලවේග වල නැගී ඒමත් එක්ක ධර්මය ටිකෙන් ටික අතුරු දන් වුනත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සක්තිය තාමත් භාරත දේශය හෙවත් දඹදිව පවති.නොයෙක් මිසදිටු බලවේග එක එක කතා ගොතමින් සත්‍ය ධර්මයට ගරහා කරමින් යන මේ කාලයේ වුනත් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම බුද්ධ රාජ්‍යය ට පත් වු තැන මේ ස්ථායමයි..

03/05/2024

ශ්‍රි පාද පත්මය ගැන කෙටි අනුසාසනාවක්

මුතියංගන සෑ රජුන් හා දෙතිස්පඵල බෝධීන් වහන්සේ වන්දනා කිරීම 2024/5/3
03/05/2024

මුතියංගන සෑ රජුන් හා දෙතිස්පඵල බෝධීන් වහන්සේ වන්දනා කිරීම 2024/5/3

Address

Horana

Telephone

+94789083458

Website

Alerts

Be the first to know and let us send you an email when Polonnaruwe Saddhaseela Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share