අවිද්‍යා අන්ධකාරයෙන් අන්ධව ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් දැවී පොරකන සතහට සැබෑ තථාගත දහමෙන් නිවී සැනසෙන්නට, සැබෑ මනුදම් මතින් ලොව දිනන්නට මග සලසාලන උතුම් සඳහම් සත්කාරය “සම්මා සති පදනම“ යි. කුල ජාති භේද... වාර්ගික භේද....ආගම් භේද... ආදී කිසිදු ආකාරයක භේදයකින් තොරව බුදුන් කල සැනසුනා සේ සැනසීමට පත්විය හැකි පිරිසිදු බුදු දහමෙන් තම දහම් පිපාසය සංසිඳුවා ගත හැකි සඳහම් සත්කාරය “සම්මා සති පදනම “ නම් වේ.
ප
්‍රඥාවත් කරුණාවත් පෙරදැරිව ආරම්භ වූ “සම්මා සති පදනම “ සැබෑම බුද්ධිමත් මිනිසෙකුට මේ ජීවිතය තුළ දීම සැබෑම සදහම් ඵල නෙලාගැනීමට මහඟු අත්වැලක් වනු දැකීම අපගේ පරමාර්ථයයි. රාගය නිවමින් ද්වේශය නිවමින් මෝහය නිවමින් නිර්වාණ ධර්මයෙන් පෝෂණය වන්නට... ප්‍රඥාවෙන් සැනසෙන්නට තෙරුවණේ රැකවරණය ආශිර්වාදය මැද මෙසේ තවත් එක් දුර්ලභ අවස්ථාවක් ලබා දෙන්නට කටයුතු සිද්ධවිය යුතුයි !
අප පදනම දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවෙන් සුපෝෂිතව නිවන් මග අරමුණ කරගත් පිරිසකගෙන් සැදුම්ලත් කල්‍යාණ මිත්‍ර කණ්ඩායමකි. සමථ විදර්ශනා භාවනා වඩමින් ජීවිතයේ යථාවබෝධය ලබාගැනීමට උත්සහ ගන්නා අතරම සමාජය තුළ අසරණව, කරුණාව ඇවැසිව සිටින ජනතාව හට පදනම මගින් ලබාදිය හැකි උපරිම සහන ලබා දීමට කටයුතු සිදු වනු ඇත. ඒ යටතේ ගිලනුන්ට පිහිට වීම, සමාජය තුළ අසරණව සිටන අය හට පිහිට වීම, අසරණ දරුවන් අධ්‍යාපනික අත්වැලක් ලබා දීම ආදී අරමුණ ප්‍රධාන වෙයි.