කඩිහිංගල විනීත ස්වාමීන් වහන්සේ - Kadihingala Vineetha Thero

  • Home
  • Sri Lanka
  • Hiniduma
  • කඩිහිංගල විනීත ස්වාමීන් වහන්සේ - Kadihingala Vineetha Thero

කඩිහිංගල විනීත ස්වාමීන් වහන්සේ - Kadihingala Vineetha Thero ජාතික ඉද්ද මල් පූජාවේ නිර්මාතෘ, ශාස්තවේදී පුජ්‍ය කඩිහිංගල විනීත ස්මීන්වහන්සේ ....

ජාතික ඉද්ද මල් පූජාවේ නිර්මාතෘ, රූපවාහිනී විචිත්‍ර ධර්ම දේශක, සාම ශ්‍රී සද්ධර්ම වාචීෂ්වර, ශාස්ත්‍රවේදී, පණ්ඩිත, පූජ්‍යපාද, කඩිහිංගල විනීත ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්‍රචාරණ හා ශාසනික වැඩකටයුතු සඳහා මෙම සමාජමාධ්‍ය පිටුව පවත්වාගෙන යනු ලබයි.


ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳව විකිපීඩියා විශ්වකෝෂයෙන් බිඳක්...

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ යනු බුදු දහමේ ප්‍රාරම්භකයා වන අතර ලෝකයේ ප්‍රසිද්ධම අධ්‍යාත්මික ගුරුවරයෙක්ද වෙයි. බෞද්ධයන්ට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ යනු වර්ථමානයේ ගෙවීයන මහා බද්‍ර කල්පයේ හතරවන අන්තඞකල්පයේ ලොව පහලවී වදාල, තුන්ලොවට උතුම් අසහාය ගුරුවරයෙකු වූ සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකි. බුදුරජාණන් වහන්සේගේ මනුෂ‍්‍යයෙක් ද, අමරණිය තත්තවයට(නිර්වාණයට) පත්වුවෙක්ද , දෙවියන් ඉක්මවා යන්නෙක්ද, යන කරැණු තේරවාද හා මහා යාන නිකායන් අනුව තරමක් වෙනස් වේ. තේරවාදි බුදු දහමට අනුව උන්වහන්සේ අතිමහත් ඥනයෙන් හා ඉගැන්වීම් හැකියාවක් සහිත වු අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍ය උත්තමෙයකි. මහායාන බුදුදහමට අනුව සියළු සංසිද්ධි තුළ ඇතුළත් අමරණීය හා දෙවියන් ඉක්මවා යන බුද්ධත්වය නම් සදාතනික සත්‍යයේ ප්‍රතිමුර්තියකි. උන්වහන්සේගේ උපත සිදුවූයේ ඉන්දියාවේ ලුම්බිණියෙදීය. ගිහිකල නාමය සිද්ධාර්ථ ගෞතම නම් විය. සාක්‍යමුනි හෝ ශාක්‍යමුණි (ශාක්‍යකුලයේ මුනිවරයා) ලෙසද ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුන්වයි.

සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය

බුදු රදුන් සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය අතීතයේ මගධ රාජධානියට අයත් උරුවෙල ජනපදයේ නේරංජනා ගඟ අසබඩ ගයාව වූ අතර වර්තමානයේ ඉන්දියාවේ බුද්ධගයාව ලෙස හඳුන්වන අතර මහාබෝධි විහාරය එහි පිහිටා ඇත.

මෙලොව ඉපදීමට පෙර තුසිත දෙවුලොව වැඩ සිටි බෝසතාණන් වහන්සේ, දෙවියන්ගේ ඉල්ලීම පරිදි බුදුවනු පිණිස මනුලොව පහළවන්නට පස්මහ බැලුම් බැලුසේක. තමන්ට දෙව් ලොවින් චුත වන්නට කාලය පැමිණි කල ඇසළ මස පුර පසළොස්වක පෝදා තුසිත දෙව්ලොවින් චුතව මහාමායා දේදේවියගේ කුස තුළ පිළිසිඳ ගන්නාලදී.ඒ ඇසළ පුර පසළොස්වක පෝය දිනයේදී ය.මායා දේවිය කුමරු ඉපිද දවස් හතකින් මිය ගොස් තුසිත දෙව්ලොව මාතෘ දිව්‍ය පුත්‍රයාව ඉපදුනි.ඉන් පසු සිදුහත් කුමරුගේ සුලුමව වූ මහා ප්‍රජාපතී ගෝතමී විසින් ඔහු ඇති දැඩි කරන ලදී.මහා ප්‍රජාපතී ගෝතමීය සිය කුසින් උපන් දරුවන් වූ නන්ද කුමරු සහ සුන්දරී නන්දා කුමරිය යන දෙදෙනාද සිදුහත් කුමරුන්ද එක සේ ආදරය දක්වමින් ඇතිදැඩි කලාය.

ගිහිගෙය කළ කිරුණ උන්වහන්සේ සියලු දේ අතහැර පැවිදිව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර සොත්ථිය බමුණා දුන් කුස තණ අට මිට ද ගෙන ගයා ශීර්ෂයෙහි අතු පතර විහිදුවමින් තිබූ ඇසතු වෘක්ෂ මූලය වෙත වැඩම කළසේක. එහි වජ්‍රාසනය මත එම කුස තණඅට මිට අතුරා පෙර බුදුවරුන් බුද්ධත්වයට පත් වූ නැගෙනහිර දිශාව දෙසට පළඟක් බැඳ තිර අදිටනින් භාවනාවට සිත යොමු කළසේක.

මේ අවස්ථාවේ පවිටු මාරයා සිද්ධාර්ථ මාගේ විෂය ඉක්මවා යන්නට හදන්නේය, එයට ඉඩ නොදිය යුතුයි සිතා මාර සේනාව රැගෙන බෝසතාණන් වහන්සේ වෙත පැමිණියා. ඒ මාර සේනාව මාරයාගේ ඉදිරියෙන් දොළොස් යොදුනක්ද, දකුණු පසින් හා වම් පසින් දොළොස් යොදුනක්ද පිටුපසින් සක්වළ කෙළවර කොට ද සිටියේය. ඉහළින් තව යොදුනක් දක්වා පැතිර සිටියේය.

මේ මහා මාර සේනාවෙහි ශබ්දය මහපොළොව පැළී යන ආකාරයට යොදුන් දහසක් දක්වා පැතිරින. මාරයා ‘’ගිරිමේඛලා’’ නම් හස්ති රාජයා පිට නැගී නොයෙක් ආයුධ ඇති අත් දහසක් මවාගෙන විවිධ පාට ඇති, විවිධ මුහුණු ඇති විවිධ ආයුධ සහිත පිරිවරද සමග බෝසතාණන් වහන්සේ බිය ගන්වන්නට පැමිණියේය. මාරයා එහි පැමිණෙන්නට කලින් දස දහසක් සක්වළ දේවතා සමූහයා මහබෝසතුනට ස්තුති ගායනා කරමින් ඒ අසළ සිටියේය. නමුත් මාරසේනාව පැමිණෙන විට ඒ කිසිදු කෙනෙකුට එහි රැඳී සිටින්නට තරම් චිත්ත ශක්තියක් නොතිබුනේය. ඒ සියල්ලෝම පැන ගියේය. මහ බෝසතාණන් වහන්සේ තමන් සමීපයෙහි සිටි දෙව් දේවිතාවුන් ද නැති බව දැන, තමා ඉදිරියෙහි සිටින දස දහස් ගණන් මාර සේනාව දැක, තනි මා හා සටනට මේ සා සෙනගක් පැමිණ ඇතැයි සිතා තමන් වහන්සේ සසරදී පුරුදු කරන ලද දානාදි පාරමිතාවන් සිහි කරමින් එහිම වැඩ සිටිනලදී. මාරයාද මහා වාතයෙන් බෝසතුන් විනාශ කරමියි සිතා මහ සුළඟක් මැවනලදී. ඒ සුළඟ අඩ යොදුන්, දෙයොදුන්, තුන් යොදුන් විශාල වූ මහා පර්වත පළා දමා අසල ඇති මහ ගස් පවා මුලින් උගුල්වා සුණු විසුණු කරවමින් හමා යන ලදී. නමුත් සසර පුරුදු කළ අපමණ පුණ්‍ය ධර්ම ඇති මහ බෝසතාණන් වහන්සේගේ සිවුරු කොනකුදු සොලවන්නට ඒ මහ සැඩ සුළඟට හැකියාවක් ලැබුණේ නැත. ඉන් අනතුරුව මාරයා ජලයෙන් විනාශ කරමියි සිතා මහ වැස්සක් මැවන ලදී. ඒ වැසි ජල ධාරාවන්ගෙන් වේගය නිසා පොළොව සිදුරු වී ගියේය. මහා ගස් යට කරන් ජලධාරාවන් ගලා ගියත් බෝසතාණන් වහන්සේගේ සිවුරු එකදු දිය බිඳකින් තෙමන්නට තරම් හැකියාවක් ඒ ජලකඳට ලැබුණේ නැත. එයින් පසුව ගිය මාරයා මහ පාෂාණ වර්ෂාවක් වැස්සවන ලදී. විශාල වූ ගල් පර්වත කැබැලි බවට පත් වී දුම් දමමින් ගිනි ගනිමින් අහසින් අවුත් උන්වහන්සේ ඉදිරියෙහි මල් මාලාවන් බවට පත් විය. මාරයා ආයුධ වර්ෂාවක් මැවනලදී. එක් පැත්තක් කැපෙන දෙපැත්තම කැපෙන දිළිසෙන ආයුධ දහස් ගණනක් දුම් දමමින්, දිළිසෙමින් අහසින් පැමිණි ඒ ආයුධ වැස්ස බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි වැටුණේ මල් වැස්සක් ලෙසිනි. එවිට මාරයා ගිනියම් වූ අඟුරු වැස්සක් මවා පෑවා. ඒ ගිනි අඟුරු වැස්ස අහසින් බෝසතාණන් වෙත පැමිණ දිව්‍යමය මල් ලෙසින් විසිරී වැටිනි. ඉන් අනතුරුව උණු අළු වැස්සක් මැවන ලදී. ඒ උණු අළු වැස්සි බෝසතුන් වෙත පැමිණ සඳුණු කුඩු බවට පත් වී ගියේය. එයින්ද සෑහීමකට පත්නොවුණු මාරයා බෝසතාණන් වහන්සේට විරුද්ධ ව වැලි වැස්සක් මැවන ලදී. එම වැලි වැස්ස ඉතා සියුම් එකක් දුම් දමමින් දිළිසෙමින් අහසින් අවුත් ඒ වැලි වැස්ස දිව්‍ය මල් මෙන් බෝසතුන් ඉදිරියේ වැටුණා. දිව්‍ය ජලධාරාවක් ලෙසින් බෝසතාණන් වෙතට පැමිණ නැවතුණේ මාරයා විසින් මවන ලද මඩ වැස්සයි. එයද දුම් දමමින් දිළිසෙමින් පැමිණියත් උන්වහන්සේට හිරිහැරයක් වූයේ නැහැ. නවවෙනුව මාරයා විසින් මහා අන්ධකාරයක් මවා බෝසතාණන් බිය වද්දන්නට උත්සාහ කරන ලදී. ඒ අඳුර මහා ඝන අන්ධකාරයක් වුවත් බෝසතාණන් වහන්සේට පීඩාවක් නොවුනේ උන්වහන්සේ වැඩ සිටිය තැන ඉර උදාවූවා සේ ආලෝකවත් වී තිබූ බැවිනි.

මේ නව මහා වර්ෂාවන් වස්සා බෝසතාණන් වහන්සේ බිය වද්දන්නට නොහැකි වූ තැන මාරයා මාර සේනාව සමගින් බෝසතාණන් වහන්සේ වෙත පැමිණ සිද්ධාර්ථයාණෙනි පලා යව, මේ අසුන මගේය. ඔබේ නොවේය යනුවෙන් පැවසන ලදී. මහ බෝසතාණන් වහන්සේ ද මේ අස්න මගේ ය ඔබේ නොවේය යනුවෙන් නොබියව පිළිතුරු දුන්නේය. කෝපාවිෂ්ට වූ මාරයා කෝපය ඉවසාගත නොහැකිව උන්වහන්සේ වෙත චක්‍රායුධයෙන් දමා ගැසුවා. තමන් විසින් පුරන ලද පාරමි ධර්ම සිහිකරමින් සිටි බෝසතාණන් වහන්සෙට කිසිදු උපද්‍රවයක් ඇති වූයේ නැත. එයද අහසින්විත් බෝසතාණන් වහන්සේගේ හිසට ඉහළින් මල් වියනක් සේ අහසේ රැඳුණා. අනෙකුත් මාර සේනාව විසින්ද එල්ල කරන ලද ගල් මුල් ප්‍රහාරයන් සියල්ලෙන් සිදුහත් මහ බෝසතාණන් වහන්සේට කිසිදු පීඩාවක් ඇති වූයේ නැත. මාර සේනාවට බියෙන් පළා ගිය දේවතාවුන් සිදුහත් කුමාරයා විනාශ වී ගියේ දැයි සක්වළගලට මුවා වී හිස ඔසවා බලන්නට වුණා.

තමන් අසල සිටින විශාල මාර සේනාව පෙන්වූ මාරයා මේ සියල්ල මාගේ සාක්ෂිකරුවෝ ය ප්‍රකාශ කරන ලදී. බෝසතාණන්වහන්සේ ඒ සඳහා සාක්ෂි දිය හැකි සජීවි කෙනෙක් එතැන නොසිටි බැවින් වෙස්සන්තර ආත්මභාවයන් ආදියෙහි දී තමන් වහන්සේ පුරුදු කළ දාන පාරමිතාව සිහිකළා. මහ පොළොව මෙතැනදී තමන්ට ඇති සාක්ෂිය යැයි පවසා සිවුරු පට තුළින් තම දකුණු අත එළියට ගෙන භූමිය ස්පර්ශ කරන ලදී.

ඒ හා සමඟින් මහපොළොව මහ හඬ දී කම්පා වුණා. ඒ භූමි කම්පාවෙන් තැති ගත් ගිරිමේඛලා හස්ති රාජයා බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි දණ ගැසන ලදී. එය දුටු මාර සේනාව හිස හැරුණු හැරුණු අත දුවන්නට විය. බියෙන් පලා යන්නා වූ මාර සේනාව දුටු දේව සමූහයා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දිනුවා මාරයා පරාජයට පත්වුණා යනුවෙන් සතුටින් හඬ නවගන්නට විය.
==බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑම==.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සල් උයනේදීය.(දඹදිව)

Admin Post...පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට සුබ ජන්ම දිනයක් වේවා....
24/07/2026

Admin Post...

පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට සුබ ජන්ම දිනයක් වේවා....

උපදින දරැ පරපුර නිරෝගී මත් කරලීම උදෙසා ගැබිනි මව් වරැ වෙනුවෙන් ලබාදෙන  දානය   සහ උපකරණ කට්ටල පුජාව...
22/07/2026

උපදින දරැ පරපුර නිරෝගී මත් කරලීම උදෙසා ගැබිනි මව් වරැ වෙනුවෙන් ලබාදෙන දානය සහ උපකරණ කට්ටල පුජාව...

22වන ජාතික ඉද්ද මල් පූජාව | 2026ජූලි 14 සවස 07.00 සිට, ගාල්ල, හිනිදුම ශ්‍රී ශාසනෝදායාරාම මහා විහාරස්ථානයේදී සාර්ථකව පැවැ...
18/07/2026

22වන ජාතික ඉද්ද මල් පූජාව | 2026
ජූලි 14 සවස 07.00 සිට, ගාල්ල, හිනිදුම ශ්‍රී ශාසනෝදායාරාම මහා විහාරස්ථානයේදී සාර්ථකව පැවැත්වුනු වගයි...

Captured & Improved by Sagara Indrajith Samarasinghe


14/07/2026
08/07/2026
08/07/2026

22 වන ජාතික ඉද්දමල් පූජාව - 2026 🌸
දකුණු ලකෙන් මුළු සිරිලකටම ආශිර්වාද පතා වාර්ෂිකව සිදුකරනු ලබන ජාතික ඉද්දමල් පූජාව මෙවරත් අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කන්නෙලිය සහ සිංහරාජය වැනි වනාන්තර පීරා, ගිංගඟ මිටියාවතේ අසිරිය සමඟින් සැදැහැවතුන්ගේ අසීමිත කැපවීමෙන් හා මහන්සියෙන් නෙලාගන්නා නැවුම් ඉද්ද මල් දහස් ගණනක් මෙම උතුම් පූජාව සඳහා යොදාගනු ලබයි.
අපරිමිත සම්බුදු ගුණයට සිත්පුරා සැදැහැයෙන් ඉද්ද මල් පුදන්නට ඔබත් මේ උතුම් පින්කමට සම්බන්ධ වන්න!

📅 දිනය: ජූලි 14
📍 ප්‍රධාන ස්ථානය: ගාල්ල, හිනිඳුම ශ්‍රී ශාසනෝදයාරාම පුරාණ මහා විහාරස්ථානය
🕒 වැඩසටහන් පෙළගැස්ම:
පස්වරු 3:00 ට: හිනිඳුම මහාබෝධිවත්ත අසලින් සහ හිනිඳුම පොලිස් ස්ථානය අසලින් මල් පූජා පෙරහැර දෙකක් ආරම්භ වී විහාරස්ථානය කරා ගමන් කිරීම.
පස්වරු 6:00 ට: විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ අභියසදී ප්‍රධාන ඉද්දමල් පූජාව පැවැත්වීම.
🙏 මෙහෙයවීම: පූජ්‍ය ශාස්ත්‍රවේදී කඩිහිංගල විනීත ස්වාමීන් වහන්සේ
✨ සැදැහැති අනුග්‍රාහක දායකත්වය: බුදු සුවඳ දඹදිව වන්දනා සංචාරකයෝ - නුගේගොඩ
📺 මාධ්‍ය දායකත්වය සහ සජීවී විකාශය: 'FM දෙරණ' සහ 'TV දෙරණ' නාලිකා වල මාධ්‍ය අනුග්‍රහය සහිතව, 'මෙත් රූපවාහිනිය' (M**h TV) ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

📞 වැඩිදුර විමසීම් සඳහා: 071 830 8569

සැමට තෙරුවන් සරණයි!
**hTV

03/07/2026

22 වන ජාතික ඉද්දමල් පූජාව - 2026 🌸

ඉද්ද මල් සුවඳින් මුළු ලක්දීපය පුරාම ආශිර්වාදය විහිදුවන මහා පින්කම මෙවරත් අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. සිත පහන් කරවන මේ උතුම් පුණ්‍යකර්මයට සහභාගී වී ඔබත් ආශිර්වාද ලබාගන්න...

📅 දිනය: ජූලි 14
📍 ස්ථානය: ගාල්ල, හිනිඳුම ශ්‍රී සාසනෝදයාරාම විහාරස්ථ භූමියේදී...
🙏 මෙහෙයවීම: පූජ්‍ය ශාස්ත්‍රවේදී කඩිහිංගල විනීත ස්වාමීන් වහන්සේ
📺 මාධ්‍ය අනුග්‍රහය: FM දෙරණ සහ TV දෙරණ

සැමට තෙරුවන් සරණයි!

Address

Sri Sasanodayama Maha Viharaya
Hiniduma

Alerts

Be the first to know and let us send you an email when කඩිහිංගල විනීත ස්වාමීන් වහන්සේ - Kadihingala Vineetha Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to කඩිහිංගල විනීත ස්වාමීන් වහන්සේ - Kadihingala Vineetha Thero:

Shortcuts

Share