සදහම් පියස විවේක සේනාසනය

සදහම් පියස විවේක සේනාසනය න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි
'ධර්මයේ හැ?

🙏
15/08/2021

🙏

03/08/2021

🌷🙏🏻 නමස්කාර පාඨය හැදුනේ මෙහෙමයි.. 🙏🏻🌷

බුද්ධත්වයෙන් දෙවැනි දින මහ බෝමැඩදී අකුරු දහ අටකින් හා පද පහකින් යුක්ත වූ මෙම නම්ස්කාර පාඨය,

🔰1. සතාගිරි යක්ෂ,
🔰2. රාහු අසුරේන්ද්‍ර,
🔰3.ධ්‍රතරාෂ්ඨ,වීරූඨ,වීරෑපාක්ෂ, වෛශ්‍යවණ සිව්වරම් දෙවි,
🔰4. තාවංතිසයට අධිපති සක්දෙවිදු,
🔰5. සහම්පති මහබඹු,

යන යක්ෂ, අසුර, දිව්‍ය, බ්‍රහ්මයන් විසින් කියූ එක් එක් පදය එකතු කොට තනා ගන්නා ලද්දකි.

🌼 නමෝ

නරකයට යන සතුන් වළකා නිවන් පුරයට පමුණුවන හෙයින් "න" අර්ථයද, ලෝක සත්ත්වයන් නිවන් පුරයට පමුණුවන බැවින් "මෝ" යන අර්ථයද එක්‌කොට සතාගිරි යක්‍ෂයානෝ "නමෝ" යන පදයෙන් වැන්දේය. සාතාගිරි යකුන් "නමෝ" ගුණයට වදින ලද අයුරු..

"අපා දොර වැසුව සම්බුදු ගුණය කියා
න යන පදය ගොනු කරමින් දහම නියා
මෝ යන පදෙන් නිවණේ ඇති හරය කියා
සතාගිරි යකුන් වැන්දා නමෝ කියා"

🌼 තස්‌ස:-

දීපංකර බුදු සමයේ පටන් තණ්‌හාව නසමින් පාරමී පූර්ණය කළ නිසා අසුරේන්ද්‍රයා "තස්‌ස" කියා වැන්දේය. රාහු අසුරිදු "තස්ස" ගුණයට වදින ලද අයුරු...

"තණ්හා බරිත සිතුවිලි හැම දුරලුව
සත්‍ය වචනයෙන් තුන්ලොව සැනසුව
තස්ස යන පදෙන් ඒ බුදු ගුණ කීව
අසුරිදු රාහු වැන්දා සිරිපද ගාව"

🌼 භගවතෝ

සමාධි ප්‍රඥවෙන් පරතෙරට ගිය හෙයින් ක්‌ලේශයන් නසා බුද්ධත්වයට පැමිණි හෙයින් ධ්‍රඨරාෂ්ට, විරූඨ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ, සතර වරම් දෙවියෝ "භගවතෝ" කියා වැන්දේය. සතර වරම් දෙවිවරු "භගවතෝ" ගුණයට වදින අයුරු...

"නුවණින් අග්‍රවු ගුණයට සිත රන්දා
දන් පිදුමට සුදුසු ගුණයට හිත බන්දා
දුරලු නිසා කෙලෙසුන් මර බල සින්දා
භගවතෝ ගුණෙන් සිව් දෙවි බුදු පා වැන්දා"

🌼 අරහතෝ:-

සසර බියට පත් සත්වයාට අභය පුරයට ප්‍රවේශවීමට අනන්ත ගුණ ඇති අරහත් ධජය ප්‍රමුඛකොටගත් සර්වඥයන් වහන්සේට අරහතෝ කියා ශක්‍රයා වැන්දේය. සක්‍ර දෙවිදුන් "අරහතෝ" ගුණයට වදින ලද අයුරු...

"භව චක්‍රෙයහි අරයන් සන්සිදින ලද
බුදු බව ලබා සිවු සස් දම් දෙසන ලද
සක් දෙවිදුන් බුදුන් ගුණ කද සිතන ලද
අරහතෝ කියා වැන්දා සම්බුදු පාද"

🌼 සම්මා සම්බුද්ධස්‌ස:-

දුක්‌ඛ, සමුදාය, නිරෝධ, මාර්ග යන උතුම් ඇත්ත සතර තමන් විසින්ම අවබෝධ කරගෙන ලොවට දායාද කළ හෙයින් සහම්පති මහා බ්‍රහ්මයා සම්මා සම්බුද්ධස්‌ස යන දෙපදයෙන් වැන්දේය. මහා බ්‍රහ්මයා "සම්මා සම්බුද්ධස්ස" ගුණයට වදින ලද අයුරු...

"නිමා කරන්නට සසරෙහි සියලු දොසා
සම්මා බුදුන් ගුණ මහබඹු දුටුව නිසා
සම්මා සම්බුද්ධස්ස ගුණ කද ඇතුව තොසා
නම්මා සිරස වැන්දා බඹු සතුට නිසා"

මේ කොටස් පහ එකතු කරලා තමයි අපි බුදු රජාණන් වහන්සේට "භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස" කියලා නමස්කාර කරන්නේ.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

✍️ ලිපිය උපුටා ගැනීමකි

දෙවන ධර්ම සංගායනය තුන්වන ලිපියපටිසාරණීය කර්මය සිදු කිරිමෙන් පසු යස තෙරුන් වහන්සේ කුමක්ද කලේ?    වජ්ජිපුත්තක භික්ෂූන් වහන...
28/07/2021

දෙවන ධර්ම සංගායනය

තුන්වන ලිපිය

පටිසාරණීය කර්මය සිදු කිරිමෙන් පසු යස තෙරුන් වහන්සේ කුමක්ද කලේ?

වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා එකතු වෙලා පටිසාරණීය කර්මය සිදු කිරිමෙන් පසු යස තෙරුන් වහන්සේ කලකිරුන දායක පිරිිසගෙන් සමාව අයැදීම පිනිස වැඩම කිරිමට සූදානමින් එයට සුදුසු තවත් අනුදූත භික්ෂූවක් කැටුව විසාලා මහනුවරට වැඩම කලා.එහි සිටි දායක පිරිසට මෙහි ඇති අධර්මය කරුනු සහිතව පැහැදිලි කරලා දුන්නා.යස තෙරුන් වහන්සේගේ පැහැදිලි කිරිම පිලිගත් විසල් පුර දායක පිරිස වජ්ජිපුත්තක භික්ෂූන්ගේ සාසන විරෝධි අධර්මය බැහැර කලා.මෙම සිදුවිම් දැනගත් වජ්ජිපුත්තක භික්ෂූන් යස තෙරුන් වහන්සේ සඝ නමින් නෙරපීමට සුදානම් වුනා .

දෙවන ධර්ම සංගායනය සිදු කිරිම

විවිධ මත ගැටුම් මැද වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලාගේ දස අකැප වස්තු ධර්මයට විනයට පටහැනි අධර්මවාදි මත බවට තීරණය වුනා.ඉන්පසු සම්බුද්ධ ශාසනය නිර්මලව පවත්වා ගැනිම පිණිස එවකට වැඩ සිටි යස සම්බූත ආදී මහ රහතන් වහන්සේලා සත්සිය නමක් එක් රැස්ව වාලුකාරාමයේ්දි කාලාශෝක රජුගේ රාජ්‍ය අනුග්‍රහය සහිතව දෙවන මහා ධර්ම සංගායනය අට මාසයක් ඇතුලත සිදු කොට වාදාලා.

තෙරුවන් සරනයි

23/07/2021
22/07/2021

තෙරුවන් සරණයි ..!

මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වස් සමාදන් වීමට නීතියක් පැනවූයේ ශාසන ආරම්භයෙන් අවුරුදු 20 කට පසුවය.බුදුරජාණන් වහන්සේ හැම දෙනාගේම හිත සුව පිණිස වැසි සාර මස භික්ෂූන් වහන්සේලා චාරිකාවෙන් තොරව එක තැනක වාසය කළ යුතු බවට ශික්ෂා පදයක් පැනවූහ.

කඨින චීවර මාසය වෙනුවෙන් මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේ සමඟ කළ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ ලිපියකි.

🌺 ස්වාමීන් වහන්ස, වස් සමාදම් වීමට සුදුසුම කාලය පිළිබඳව බෞද්ධ ඉගැන්වීම් මොනවාද?

වස් ශික්ෂා පදය පැනවීමෙන් පසු වස් එළඹෙන්නේ කවර දිනයකද? යන ප්රශ්නය භික්ෂූන්හට ඇති වුණා. ඒ අනුව වස් එළඹිය යුතු දිනයන් දෙකක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබුවා.

"මහණෙනි, වස්සාන කාලයෙහි වස් වසන්නට අනු දනිමි. මහණෙනි, වස් එළඹීම් දෙකකි. එනම්"පෙරවස් විසීම" සහ "පසු වස් විසීම" යනුවෙනි"ලෙස බුදුරජාණන් වහන්සේ දන්වා සිටි බව පත පොතේ සඳහන් වනවා. පෙර වස් විසීම කියන්නේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනට පසුදා ඇසළ අව පෑළවියදා වස් එළැඹීමය. ඇසළ පුර පොහොය දිනයෙන් මාසයක් ගිය පසු නිකිණි පුන් පොහෝ දිනට පසු දින නිකිණි අව පෑළවියදා පසු වස් සමාදම් වනවා. යම් හෙයකින් ඇසළ අව පෑළවියට වස් සමාදම් වීමට නොහැකි වුවහොත් ඊට මාසයකට පසු නිකිණි අව පෑළවියට පසුවස් සමාදම් විය හැකියි.

🌺 වස් ආරාධනාව සම්බන්ධ සිරිත් විරිත් මොනවාද?

බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහොය දින ධම්මචක්ක පවත්තන සූත්රය පස්වග තවුසන්ට දේශනා කර ඔවුන්ට උපසම්පදාව ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ ආරාධනාවකින් තොරව වස් සමාදන් වී මිගදායේ වැඩ වාසය කළ බවත් සඳහන් වනවා. වස් ආරාධනා කරන විට බුලත් කොළ කිහිපයක් ගෙන එය බුලත් හෙප්පුවක තබා ඊට උඩින් සුදු ලේන්සුවකින් වසා භික්ෂූන් වහන්සේට ආරධනා කරන සිරිත තමයි තිබෙන්නේ. වස් ආරාධනා කරන විට වස් ආරාධනා කරන සැදැහැවතුන් මෙහෙම කියන්න ඕන.”ස්වාමීන් වහන්ස, මෙතැන් පටන් ඉදිරි තුන් මාසය මුළුල්ලේ මේ විහාරස්ථානයේ රැඳී සිටිමින් එම කාලය තුළ දායකයන් වන අප ඔබ වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන බවත්, එම කාලය තුළ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලෙසත් ඉල්ලා සිටිනවා යනුවෙන් වස් ආරාධනා කරන්න ඕන. මේ ආරාධනාව සමග වැසිසළු පූජාවත් කරනවා.

🌺 වස් සමාදන් වෙනවා යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

"ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධ වස්සං උපේමි" යනුවෙන් තනි තනිව කියලා වස් සමාදන් වනවා. මේ ගාථාව කියලා වස් තුන් මාසයෙහි විහාරස්ථානයේ වාසය කරන්න ඕන. ආගමික කටයුතු වැඩියෙන්ම භික්ෂූන් වහන්සේලාට කරන්න පුළුවන් වන්නේ වස් තුන් මාසය තුළදිය. ඒ වගේම ගිහි පක්ෂයටත් පින් වැඩියෙන්ම කර ගැනීමට හැකි වන්නේ වස් තුන් මාසයේ දීයි.

🌺 වස් පවාරණය ලෙස හැඳීන්වෙන්නේ කුමක්ද?

වස් කාලය අවසානයේ භික්ෂූන් වහන්සේ පවාරණ පොහොය කොට නික්ම යාම විනය චාරිත්රය වනවා. උපෝසථ කර්මයෙන් පසු සියලුම භික්ෂූන් වහන්සේ වෙන් වෙන්ව සංඝ රත්නය ඉදිරියේ උක්කුටිකයෙන් හිඳගෙන “ස්වාමීනි, දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සිතීමෙන් මා වරදක් කර ඇතැයි හැඟේ නම් මා වෙත අනුකම්පා කර කියනු මැනවි” යනුවෙන් ඉල්ලා සිටිනවා. වරදක් ලෙස පෙනේ නම් එය සකසා ගන්නා බවද පවසනවා. වස් පවාරණ දින දෙකක් විනයෙහි සඳහන් වෙනවා.! පෙරවස් සමාදන් වු භික්ෂුව ඔක්තෝබර් පෝයට වස් පවාරණය කරනවා. පසුවස් විසු භික්ෂුව නොවැම්බර් මස පෝය දිනට වස් පවාරණය කරනවා.

🌺 කඨින චීවර පූජාව කියන්නේ කුමක්ද?

එකම චීවරය දෙපාරක් පූජා කිරීම නිසා කඨින පූජාව සුවිශේෂී පූජාවක් වනවා. ගිහි පැවිදි දෙපිරිසම එකට එකතු වී කඨින චීවරයක් සකස් කරන්නේ. එයත් විශේෂත්වයක්, කඨින චීවරය පළමුව පින්වතුන් විසින් මහා සංඝ රත්නයට පූජා කරනවා. ඉන් අනතුරුව එම කඨින චීවරයම සංඝ සම්මතයෙන් එක් භික්ෂුවකට පූජා කරනවා. දෙපට සිවුර , තනිපට සිවුර, අඳන සිවුර වශයෙන් දායක දායිකාවන් හට කැමති චීවරයක් පූජාකරන්න පුළුවන්. කඨින චීවරයක් හිමිදිරි පාන්දර ගරු ගාම්භීරව පෙරහරින් වැඩම කරවා මහා සංඝරත්නයට පූජා කරනවා. කඨින චීවරය සමඟ සිවුරු, පාත්ර, කුඩ,ආහාර පාත්ර, භාජන , දැළි පිහියා, පිහි, ඉදිකටු, නූල් බෝල, වටාපත්, තෙල් බෙහෙත් වර්ග, පෙරහන් කඩ, ඉන පටි, බෙහෙත් , සැරයටි, රෝද පුටු, පාවහන්, ඇඳ පුටු, පැදුරු, පහන්, ධාතු, කරඬු, සුවඳ දුම්, දැහැටි, ප්රණීත වූ ආහාර පුජා කරන්න පුළුවන්. එවිට පින් වැඩිවෙනවා. කඨින චීවරය සමඟ පූජා කරන එබඳු වූ පූජා භාණ්ඩ පරිවාර පරිස්කාර කියලා කියනවා.

🌺 හාමුදුරුවනේ කඨිනානිශංස ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

කඨින චීවරයක් පරිවාර පරිස්කාර සමග පූජා කිරීමේදී, දුගතිගාමී වන්නේ නැහැ, ඒ ඒ ප්රදේශයන්හි ජීවත්වන විට මිනිසුන්ට ප්රධානියෙක් වනවා, දිව්ය හා මනුෂ්ය ලෝකවල පමණක් ඉපදෙනවා, සක්විති රජ සම්පත් ලැබෙනවා. සෑම ආත්මයකදීම සියලුම සැප සම්පත් ලැබෙනවා. ඉතා ධනවත් වනවා. ලක්ෂයක් මහා සංඝරත්නයට, දිනපතා සිය දිනක් සෑම භික්ෂූන් වහන්සේලාටම සිවුරු පූජා කළත් ඊට වඩා එක කඨිනයක් පූජා කිරීම මහත්ඵල පින් ලැබෙන බව පතපොතේ සඳහන් වනවා. දේපල ජලයෙන් ගින්නෙන් විනාශ වන්නේ නැහැ. හැම දෙනාගේම සිත් දිනා ගන්න පුළුවන් වනවා. සැම දෙනාගේ ම ගෞරවයට පාත්ර වනවා. කෙලෙස් නැසීමේ ප්රඥාව ලැබෙනවා, ධෛර්යවන්ත අයෙකු වනවා, මෛත්රි සහගත සිතිවිලි ඇති අයකු වනවා. ඉවසිලිවන්ත, උත්සාහ වන්තයකු වනවා. කීකරු යහපත් සේවක සේවිකාවන් ලැබෙනවා. අධික රාගයෙන් තොර අයෙකු වනවා, රූප සම්පත්තිය ඇතිවනවා, නීරෝගි වනවා, නිසි ආරක්ෂාව ඇති අයෙකු වනවා. වස විස ආදියෙන් හිංසා නොවීම, සත්ය වචන ඇති අයකුවීම, සම පැහැපත් වීම, සෑම ආත්මයකම යහපත් දරුවන් ලැබීම තමන්ගෙන් අන් අයට කරදරයක් නොවීම කිසිඳු ආත්මයකදී දෙපාවල රෝගාබාධ ඇති නොවීම, වැදගත් මව්පියන් ලැබීම, වටිනා ඇඳුම් පැළඳුම් ලැබීම, කීර්තිය ලැබීම, ප්රඥාව ලැබීම, ක්ෂණිකව යමක් අවබෝධ කර ගැනීමට හැකි වීම, නිවන් අවබෝධ කර ගැනීමට හැකි වීම, නිසි ආයුෂ ලැබීම වැනි කියා නිම කළ නොහැකි ආනිසංස ලැබෙන බව සඳහන් වනවා. කඨින චීවරයක් පූජා කිරීමට හැකි වන්නේ යම් බුදුවරයෙකුගේ ශාසනයක් තුළ පමණයි. වසරකට එක වරක් පමණයි මෙය පූජා කළ හැක්කේ. එයද කළ හැකි වන්නේ මනුෂ්යයන්ට පමණයි. දිව්යලෝකවල සිටින අයට හෝ මෙම පින්කම කළ නොහැකියි. මිනිස් ලෝකයේද මෙම පින්කම සෑම තැනකදිම කළ නොහැකියි. බෞද්ධ භික්ෂූන් වහන්සේ නැතිනම් මේ කඨින චීවර පුජාව සිදු කරන්නටද බැරිය. කඨින පූජාව සමඟ අනෙකුත් පූජා භාණ්ඩ පූජා කිරීම මහා බලසම්පන්න කුසල් ලැබෙන පින් කමක්.

මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි.

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා
🙏🙏🙏🙏
Copy

පටිසාරණීය විනය  කර්මය යනු කුමක්ද....?     සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි නවලෝකොත්තර ශ්‍රී සද්ධර්මය කෙරෙහි ආර්්‍ය මහා සංඝ රත...
04/07/2021

පටිසාරණීය විනය කර්මය යනු කුමක්ද....?

සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි නවලෝකොත්තර ශ්‍රී සද්ධර්මය කෙරෙහි ආර්්‍ය මහා සංඝ රත්නය කෙරෙහි පැහැදිමට පත්ව සිටින ගිහි උපාසක උපාසිකාවන්ගේ එම ශාසනාලය නැතිවන ලෙස සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව නැතිවන ලෙස පැහැදිම හානි කරන භික්ෂූන්ට සිදු කල යුතු විනය කර්මය පටිසාරණීය කර්මය නම් වෙි.

පටිසාරණීය කර්මය,නිදාන කතාව......

සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදිමට පත්ව මහා සංඝරත්නයට ඇප උපස්ථාන කල චිත්ත නම් ගෘහපතියාට බැනවැදි ආවාසය අතහැර ගිය සුදම්ම නම් භික්ෂූන් වහන්සේට පටිසාරණීය කර්මය සිදු කිරිමට තථාගතයන් වහන්සේ අනුදැන වදාල සේක.මෙම පටිසාරණීය කර්මය සසුනේ පැහැදිමට පත් අය අපහදවන දායකයින්‍ගේ සිත් බි⁣ඳෙන ලෙස දොස් කියන භික්ෂූන්ට මහා සංඝයාගේ මැදට කැඳවා වරද සිහිපත් කොට ආපත්තිය පෙන්වා දී පටිසාරණීය කර්මය සිදු කල යුතුයි.

කර්මය වාක්‍ය....

සූණාතු මෙි භන්තේ සංඝො අයං සුධම්මො භික්ඛු චිත්තං ගහපතිං සද්ධං පසන්නං දායකං කාරකං සංඝුපට්ඨාකං හීනෙන වම්හෙසි යදි සංඝස්ස පත්තකල්ලං සං⁣ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීය කම්මං කරෙය්‍ය චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බොති.එසා ඤත්ති..

සූණාතු මෙි භන්තේ සංඝො අයං සුධම්මො භික්ඛු චිත්තං ගහපතිං සද්ධං පසන්නං දායකං කාරකං සංඝුපට්ඨාකං හීනෙන වම්හෙසි යදි සංඝස්ස පත්තකල්ලං සං⁣ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීය කම්මං කරෙය්‍ය චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බොති.යස්සායස්මතො ඛමති සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයස්ස කම්මස්සකරණං.සො තුන්හස්ස යස්ස නක්‍ඛමති.සො භාසෙය්‍ය.

දුතියම්පි එතමත්තං වදාමි.

සූණාතු මෙි භන්තේ සංඝො අයං සුධම්මො භික්ඛු චිත්තං ගහපතිං සද්ධං පසන්නං දායකං කාරකං සංඝුපට්ඨාකං හීනෙන වම්හෙසි යදි සංඝස්ස පත්තකල්ලං සං⁣ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීය කම්මං කරෙය්‍ය චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බොති.යස්සායස්මතො ඛමති සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයස්ස කම්මස්සකරණං.චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බොති.සො තුන්හස්ස යස්ස නක්‍ඛමති.සො භාසෙය්‍ය.

තතියම්පි එතමත්තං වදාමි

සූණාතු මෙි භන්තේ සංඝො අයං සුධම්මො භික්ඛු චිත්තං ගහපතිං සද්ධං පසන්නං දායකං කාරකං සංඝුපට්ඨාකං හීනෙන වම්හෙසි යදි සංඝස්ස පත්තකල්ලං සං⁣ඝො සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීය කම්මං කරෙය්‍ය චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බොති.යස්සායස්මතො ඛමති සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීයස්ස කම්මස්සකරණං.චිත්තෙ⁣ා තෙ ගහපති ඛමාපෙතබ්බොති.සො තුන්හස්ස යස්ස
නක්‍ඛමති.සො භාසෙය්‍ය.

කතං සංඝෙන සුධම්මස්ස භික්ඛුනො පටිසාරණීය කම්මං චිත්තො තෙ ගහපති ඛමාපෙතබ්බොති .ඛමති සංඝස්ස ,තස්මා තුණ්හී එවමෙතං ධාරයාමි.

මෙම කර්ම වාක්‍ය කියා පටිසාරණීය කර්මය සිදු කල භික්ෂූන් වහන්සේ මහ සංඝයා එය ඉවත්‍ කරනතුරු කරුනු 18ක් පිලිපැදිය යුතුයි.

දෙවන ධර්ම සංගායනය යන ලිපි මාලාවෙි වජ්ජිපුත්තක භික්ෂූන්ගේ සාසන විරෝධි ක්‍රියාවට එරෙහි වු යස නම් තෙරුන් වහන්සේට වජ්ජිපුත්තක භික්ෂූන් මෙම පටිසාරණීය කර්මය සිදු කලහ.මෙම පටිසාරණීය කර්මය සිදු කල භික්ෂූන් වහන්සේ අදාාල දායකයා ලඟට ගොස් ඔහු නැවතත් සසුනේ පැහැදිම කල යුතුයි එසේ කලකිරුන දායකයා පැහැදිම සිදු වු පසු මහ සංඝ රත්නය පටිසාරණීය කර්මය ඉවත් කරනු ලබයි
පටිසාරණිය කර්මය යනු චෝදනා කල භික්ෂුව විසින් ගිහියා ලගට ගොස් සමාව ලබා ගැනීමයි.වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා යස තෙරුන් වහන්සේට පටිසාරණිය කර්මය කීරීමෙන් පෙනී යන්නෙ වජ්ජිපුත්තක භික්ෂූන්ගෙ දසඇකැප වස්තු පිලිගත් භික්ෂූ බලය නොවේද අද මෙන් එදාද වැරදි කරන පිරිස් සමාජයේ බලවත්ව සිටි බව මෙයින් පෙනීයන්නෙය.

දෙවන ධර්ම සංගායනය........දෙවන ලිපිය.       බුදුන් දවස මගද දේශයේ රජ කල බ්ම්බිස්සාර         රජතුමාග්‍ෙ පුත් අජ⁣ාසත්ත පාප ...
01/07/2021

දෙවන ධර්ම සංගායනය........

දෙවන ලිපිය.

බුදුන් දවස මගද දේශයේ රජ කල බ්ම්බිස්සාර රජතුමාග්‍ෙ පුත් අජ⁣ාසත්ත පාප මිත්‍ර සේවනය නිසා සිය පියතුමා ඝාතනය කලා.ඒ මගම යමින් අජාසත්ත රජුගේ පුත් උදයබද්‍ර කුමරැද සිය පියා මරා රජ විය.උදයබද්‍ර රජතුමාගේ පුත් අනුරුද්ධ කුමරැද සිය පියා මරා රජය ගත්තේය.අනුරුද්ධ රජුගේ පුත් මුණ්ඩ තම පියා මැරුවෙිය.මුණ්ඩ රජුගේ පුත් නාගදාසක සිය පියා මරා මගධයේ රජකම ලබා ගත්තේය.මෙි අසත්පුරුෂ ක්‍රියාව ගැන කලකිරුන මිනිස්සු නාගදාසක රජතුමා රජයෙන් නෙරපිමට කටයුතු කලා.ඒ කාලේ ඇමති මණ්ඩලයේ හිටපු කීර්තිමත් ඇමැතිවරයකු වු සුසුනාග ඇමැති රජකමට පත් කරගත්තා......................................

සුසුනාග රජතුමාගේ පුත් කාලාශෝක රජු සිය පියතුමාගෙ ඇවැමෙන් රජකමට පත් වුනා.ඒ වන විට අප තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වසර සීයක් ගතවි තිබුනි.මෙම වසර සීය ඇතුලත විසාලා නුවර වජ්ජින් ස⁣ාසනය්‍ෙ පැවිදිව සිටියා.ඒ වජ්ජිපුත්තක භික්ෂූන් අතරයි මෙම දස අකැප නරුනු පනවාගෙන තිබුනේ.බුදු රජානන් වහන්සේ සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් පනවා වදාල විනය ශික්ෂාවන් හිතුමතේ ⁣උල්ලංඝනය කල මෙි භික්ෂූන්ට අලජ්ජි භික්ෂූන් යනුවෙන් අන්වර්ත නාමයක් ද විය.

*** විනය අර්බුදය සංසිඳුවිම***

එවකට සමිබුදු සසුනේ කිර්තිමත්ව වැඩ සිටි සට් අභිඤාාලාභි යස නම් ⁣මහ තෙරුන් වහන්සේ මෙම විනය අර්බුදය සමතයකට පත් කිරිමට මුල් විය.කුටාඝාර සා⁣ලාවෙි පොහෝ‍ය සීමාවට රැස් වුන වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා සීමාව මැද රන් තැලියක් තැබ්බවුහ.උපාසක වරුනි මහා සංඝයාගේ පරිහරණය පිණිස රන් කහවනු පූජා කරන්න.යැයි වජ්ජිපුත්තක භික්ෂූන් දායක පිරිසට මතක් කලා.එවිට එහි වැඩ සිටි යසනම් තෙරුන් වහන්සේ එය වලක්වා සිටියේය.මෙම කරුන ගැන කොපයට පත් වජ්ජිපුත්තක භික්ෂූන් යස තෙරුන් වහන්සේට පටිසාරනිය විනය කර්මය සිදු කලා....

පටිසාරනිය විනය කර්මය.සිට ��

ගෞතම සසුනේ සිදු කල දෙවන මහ සංගායනය බොහෝ අය නොදත් වටිනා කරුනු රැසක්                   * දෙ⁣වන සංගායනයට බලපෑ දස අකැප කරුන...
28/06/2021

ගෞතම සසුනේ සිදු කල දෙවන මහ සංගායනය බොහෝ අය නොදත් වටිනා කරුනු රැසක්

* දෙ⁣වන සංගායනයට බලපෑ දස අකැප කරුනු

1.ගමනක් වඩින විට අඟක ලුණු දමාගෙන යැම භික්ෂූන්ට කැපයි

2.ඉර අවරට ගිහින් අඟල් දෙකක් ඉක්මවා යනකල් දන් වැළඳිම කැපයි

3.වැළඳිමෙන් පස්සේ ඉතිරි කරගත් දෙයක් තමන් ලඟ තියාගෙන නැවත වැළඳිම කැපයි
-
4.එකම පෝය සීමාවක වෙන වෙනම පෝහොය කිරීම කැපයි

5.විනය කර්මයක් කරන විට සීමාවට වැඩම කල නොහැකි සංඝයාගෙන් විනය කර්මයට කැමත්ත ගත යුතුයි විනය කර්මයක කොට පසුව කැමත්ත ගැනිම සුදුුසුයි.

6.තම තමන් වහන්සේලාගේ ආචාර්ය පරපුරේ සඝ පිරිස් කල දැ එලෙසම සිදු කිරිම කැපයි

7.දන් වැළඳිමෙන් පසු වෙනත් ආසනයක ඉඳගෙන කිරි බවට පත් නොවු නොමෙිරැ කිරි වැළඳිම කැපයි

8.සුරා පානය සකසන තෙලිජ්ජ වැළඳිම කැපයි

9.වාඩිවීමට ගන්නා පත්කඩය වාටිය මැසීම කල යුතුයි එසේ වාටි මසා නැතිව පරිහරණය කිරිම කැපයි

10.රන් රීදි මුතු මැනික් මිල මුදල් ⁣පිලිගෙන පරිහරණය කිරිම කැපයි

ඉහත දැක්වෙන දස අකැප වස්තු දහය පිලිගත් භික්ෂූන්ට විරුද්ධව දෙවන සංගායනය සිදු කරන ලදි

*.භික්ෂූන් වහන්සේලා විසින් නිතර සිහි කල යුතු කරුණු දහය1.ගිහි ගෙයින් නික්ම ගිහි ඇවතුම් පැවතුම්ගෙන් වෙන්ව උතුම් සම්බුද්ධ ස...
17/06/2021

*.භික්ෂූන් වහන්සේලා විසින් නිතර සිහි කල යුතු කරුණු දහය

1.ගිහි ගෙයින් නික්ම ගිහි ඇවතුම් පැවතුම්ගෙන් වෙන්ව උතුම් සම්බුද්ධ සාසනයේ පැවිදි වුයෙක්මි,පැවිද්දා විසින් නිතර සිහි කල යුතුය.

2.අනුන් විසින් දෙනු ලබන සිව්පසයෙන් ජීවත් වන්නෙකු බව පැවිද්දා විසින් නිතර සිහි කල යුතුයි.

3.ගිහි ජීවිතයේ ඇවතුම් පැවතුම්ගෙන් වෙන් වු අයෙක් බව පැවිද්දා විසින් නිතර සිහි කල යුතුය.

4.තමාගේ සීලය පිළිබද ස්වකීය සිත උපවාද නොකරන්නෙක් දැයි පැවිද්දා විසින් නිතර සිහි කල යුතුය.

5.සබ්‍රහම්චාරි අනෙකුත් මහ සඝ රුවනේ අවවාද අනුශාසනා නිතර කැමති විය යුතු බවට පැවිද්දා විසින් නිතර සිහි කල යුතුය.

6.ප්‍රිය මනාප වු සෑම අයෙකුගෙන්ම,සෑම දෙයකින්ම වෙන් වීම මාගෙ මරණයෙන් සිදුවන බව පැවිද්දා විසින් නිතර සිහි කල යුතුය.

7.මම කර්මයට අයිති කෙනෙකු බව,කර්මයම දායාද කරගෙන ඇති අයෙකු බව,කර්මයම ම පිලි සරණ කොට අැත්තෙක්ම බව,පැවිද්දා විසින් නිතර සිහි කල යුතුය.

8.රෑ දවල් ඉක්මවීම මා විසින් කෙසේ කෙරෙම් දැයි. පැවිද්දා විසින් නිතර සිහි කල යුතුය.

9.ශුන්‍යාගාර නම් වු මහ ජනයාගෙන් වෙන් වු භූමියන්හි හුදකලාවේ සිටීමට කැමති වුයෙක් දැයි පැවිද්දා විසින් නිතර සිහි කල යුතුය.

10.මරණ මඤ්චකයේ සිටින විට ප්‍රිය සබ්‍රහාමචාරීන් වහන්සේලා පැමිණ ඔබ විසින් මේ සසුනේ උතුම් ඤාණදර්ශනයට පැමිණියේදැයි විමසන විට නොමකුව කීමට හැක්කෙදැයි තමා විමසිය යුතු බව පැවිද්දා විසින් නිතර සිහි කල යුතුය.

දසධම්ම සූත්‍රය ඇසුරෙන්

(ධර්ම දානය පිනිස)

Address

Hemmatagama

Telephone

+94716407653

Website

Alerts

Be the first to know and let us send you an email when සදහම් පියස විවේක සේනාසනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share