Araththana Raja Maha Viharaya

Araththana Raja Maha  Viharaya Araththana, The second capital of the Kandyan kingdom and important religious place where even the sacred tooth relic was hidden at times of disturbance.

08/01/2026
03/01/2026

රුවන්වැලි මහා සෑය 🙏

*සක් දෙවියන්..
එතුමාට තමයි, අපේ භාග්‍යවතුන් වහන්සේ ,ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් වෙන් කරගන්න කටයුත්ත පැවරුවේ.
සක් දෙවියන් ම තමයි, ධාතූ කරඬුව පරිත්‍යාග කලෙත් තවත් බොහෝ උපකාර කලා දෙව්පිරිසත් සමඟ.

* සතර වරම් දෙවි වරු සහ භූමාටු දෙවිවරු රාම ග්‍රාම ස්තූපය බිඳී ගිය පසූ එදා සිට ධාතූන් වහන්සේලා රැකබලාගත් මහාකාල නා රජු- සහ පිරිවර

* මිහිඳු මහ රහතන් වහන්සේ- සෑය සෑදිය යුතු ස්තානය සහ සෑය සෑදීමට
පින් ඇති දුටුගැමුණු මුණුබුරා ගැන දෙවන්පෑතිස් රජුට කියා දීම.

* ස්වර්ණමාලි දෙව්දුව-භූමාටු දේවතාවියක් ස්තානය ලබා දීම.

*සහම්පති බ්‍රහ්ම රජු, ගඨීකාර බ්‍රහ්මයන් සහ සාසන ලැදි බ්‍රහ්මයන් බොහෝ උපකාර කලා.
බුදු සසුනට හිතැති යක්ෂයින්, රහතන් වහන්සේලා-

*සෝනුත්තර රහතන් වහන්සේ - නා ලොවේ සිට ධාතූන් වැඩම කරවීම.

*සුමන සහ උත්තර රහතන් වහන්සේලා දෙනම-ධාතු ගර්භය තැනීමට අවශ්‍ය
විශාල ගල් ලෑලි හය උතුරු කුරු දිවයිනෙන් ගෙන ඒම.

*ලක්ෂ ගනන් විදේශීය රහතන් වහන්සේලා මුල් ගල තැබීමේ උත්සවයට පැමිණීම

*පියදස්සී රහතන් වහන්සේ - ධර්ම දේශනය පැවැත්විම

🌺 දුටුගැමුණු රජතුමා - (මෛත්‍රී බුදු සසුනේ අගසවු උතුමෙකි.) මිනිසුන් නියෝජනය කරමින් සෑය සෑදීමට මූලිකත්වය ගැනීම.

🌺 සද්ධාතිස්ස රජතුමා
(මෛත්‍රී බුදු සසුනේ අගසවු උතුමෙකි)

🌺 සිංහලඅපේ මුතුන් මිත්තන්
බොහෝ සේ ජීවිතය දෙවනිකොට කැප වුනා.

මහා සෑය,
වන්දනා කිරීමට
පිරිසිදු කිරීමට
පිලිසකර කිරීමට
දැක බලා අනුමෝදන් වීමට

1.කෝටි හත්සියයක අධික ලෝ වැසි මිනිසුන්ගෙන් ඉතා සුළු පිරිසකට

2. සක් දෙවිදු, විස්කම් දෙවිදු, සතර වරම් දෙවිවරු, දුටුගැමුණු දෙවියන් සහ පිරිස
ස්වර්ණමාලි දෙවියන් සහ අල්පෙසාක්‍ය මහේශාක්‍ය පින් වත් දෙවිවරු.

3. මහා බ්‍රහ්මයා
ගඨීකාර බ්‍රහ්මයා සහ පින්වත් බ්‍රහ්මයින්
4.මහා කාළ නා රජු සහ පිරිස
5.ශ්‍ර්ද්ධාවන්ත යක්ෂයින්

🌻බුදු ගුණ අසා, ඒ බුදුන් වහන්සේ වෙනුවෙන් පුංචි වැලි සෑයක් හදලා, ඒ සෑයට වන්දනා කරලාත් බොහෝ පින් කරගත් සුගතියෙ කල්පගනන් සුවසේ හිටපු අය ගැන අහලා තියනවා.

🌻වැටකොටු මල් හතරක් අරන් සෑය වඳින්න , බුදුගුණ සිතමින් ගියා පමණි. පූජා කරන්න බැරි වුනා. කුලප්පු වූ ගවයෙකු ඇනලා මැරුණා.
ඒත් ඇය දැන්.. දෙවගනක්

🌻රහතන් වහන්සේ නමක් රහත් වෙලා බැලුවා,
කුමක්ද මා කල පින කියලා, අරහත් බව පිනවුනෙ කල්ප 30 ක් ආපසු බැලුවා. පිනක් හමු වුනේ නෑ. දෙව් මිනිස් සැප විඳිනවා.

සාධු සාධු සාධු .....
කල්ප තිහකට පෙර බුද්ධානුස්සතිය වඩනවා.!🌼


උපුටාගත් ලිපියකි.

03/01/2026

දුරුතු පොහොය වර්ණනාව...

දුරුතු පුන් පොහොය දිනෙක පොහොය පිළිබඳ ඉගෙනීම, උගැන්වීම, පොහොය වර්ණනාව අධ්‍යයනය සැදැහැවත් උවසුවෙකුට සිය ධර්මප්‍රීතිය වඩවාගන්නට මහඟු උපකාරයකි. ව්‍යවහාර වර්ෂ ක්‍රමයට වසරේ ප්‍රථම මාසය ජනවාරිය යි. පුදුමය නම් දුරුතු පුන් පොහෝ දිනය ම, අප ශාස්තෘන් වහන්සේ මේ දිවයිනට වැඩි ප්‍රථම දිනය වීමයි. සම්බුද්ධත්වය සාක්ෂාත් කළ පළමු වසරේම නව මසක් ගිය තැන අප ලක්දිවට වැඩ මේ පොළෝතලය මේ යුගයේ ප්‍රථම වතාවට බුදු පා පහසින් පවිත්‍ර කිරීම සිහි කරමින් වසරේ මුල්ම පුරපසළොස්වක පොහොය දින සිට ම යමෙක් උපෝසථ සිල් පිරීම අරඹන්නේ නම් එය මොනතරම් ආශීර්වාදයක් ද?

ඉතා ඈත අතීතයේ සිට ම යහපත් මිනිස්සු සෑම දිනකම මෙලොව ඇති සාමාන්‍ය කටයුතු ම නොකොට පොහෝ දිනවල වැඩ අත්හැර උපෝසථය ආරක්ෂා කළහ.

බිම්බිසාර රජුගේ ද ඇරයුමෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට උපෝසථ දිනයන්හි රැස්ව ගිහි පින්වතුන් වෙත දහම් දෙසන්නට අනුමත කළ සේක. දිනෙක විශාඛා මහෝපාසිකාවට අටසිල් සමාදන් ව මහත්ඵල අයුරින් රකින ආර්ය උපෝසථය පිළිබඳව දේශනා කළ සේක. එවක් පටන් සැදැහැවත් උවසු උවැසියන් පොහෝ දිනවල ආරාමයන්ට රැස්ව සංඝයා වෙතින් දහම් පද අසමින්, අෂ්ටාංග සිල් පුරමින් ප්‍රතිපත්තිගරුක නිෂ්කාමී දිවියක් ගත කළහ.

‘අනුජානාමි භික්ඛවේ, චතුද්දසේ පණ්ණරසේ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්වා ධම්මං භාසිතුන්ති’

“මහණෙනි, තුදුස්වක, පසළොස්වක, අඩමසක් පාසා එන අටවක දිනයන්හි රැස් වී (ආරාමයට පැමිණෙන ගිහියන්ට) දහම් දෙසන්නට අනුදනිමි.”

(උපෝසථක්ඛන්ධකය – මහාවග්ගපාළි)

දුරුතු පුන් පොහෝ දා...

සම්බුද්ධත්වය දිනා සත් සති ගෙවා බරණැස මිගදායේ දහම්සක පෙරළා දහම් දුටු සඟ පිරිස දහම් චාරිකාවේ පිටත්කොට භාග්‍යවතුන් වහන්සේ තුන් බෑ ජටිල දමනය පිණිස උරුවේලාවෙහි වැඩ සිටින කල පෑ තුන්දහස් පන්සියයක් වූ ඍද්ධිප්‍රාතිහාර්ය අතර පස්වැනි ප්‍රාතිහාර්යය ප්‍රථම ලංකාගමනයට පසුබිම සැකසීය. එකල්හි උරුවේල කාශ්‍යප ජටිලයාගේ ආශ්‍රමයෙහි මහා යාගයක් එළැඹුනි. ‘මේ මහා යාගය මැදට මේ ශ්‍රමණයන් වහන්සේ වැඩියහොත්, ඍද්ධීන් පෑවොත් මා වෙත ගලන මේ සියලු සත්කාර ගංගාව ඔහු වෙත ඇදෙන්නේ ය. අනේ හෙට දින මහා ශ්‍රමණයා නොඑන්නේ නම් ඉතා හොඳ ය.’ කියා සිතක් ඔහුට උපනි.

ලක්දිව අහස් කුස පෑයූ හිරු මඬල...

අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් නව මසක් ගෙවී ආ ඒ පුන්පොහෝ දින උරුවෙල් කසුප්ගේ සිත දැන ජටිලාශ්‍රමයට නොවැඩ – උතුරුකුරු දිවයිනට වැඩ, එයින් පිණ්ඩපාතය ගෙනවුත් අනවතප්ත විල සමීපයෙහි දී වළඳා එහිම දිවා විහරණයට වැඩහුන් කල්හී අප ලක්දිවවාසීන්ගේ පිනට මේ කුඩා දිවයින ඒ උතුම් බුදු ඇසට පෙනුණේ ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ දුරුතු පුන් පොහෝ දා බින්තැන්නේ මහවැලි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ඉහළ ගුවන් ගැබෙහි පහළ වී හිරු මඬලක් සෙයින් සවණක් ගණ බුදුරැස් විහිදුවමින් දිලිහි දිලිහී වැඩහුන් සේක. මහාවංශයේ මෙසේ සඳහන් වේ.

“පඨමං සෝ ඉධාගන්ත්වා – යක්ඛනිද්ධමනං අකා…” “ඒ අපගේ භාග්‍යවතුන්වහන්සේ පළමුවෙන් මේ දිවයිනට වැඩම කොට යක්ෂයින් දමනය කොට වදාළා…”

වංසත්ථප්පකාසිනී නම් මහාවංශ ටීකාවෙහි එය ඉතා දීර්ඝව විස්තර කොට පවතී. දැන් මහියංගණ සෑ රජුන්ගේ කොත් කැරැල්ල පිහිටි තැනට ඉහළ අහසේ පත්කඩය අතින් ගත් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සේක. ස්වභාවයෙන් ම අති බිහිසුණු, ඝෝර, කර්කෂ, රෞද්‍ර යක් පෙළ දමනයට ඝන අන්ධකාරාදිය මවා සංවේග උපදවා ඔවුන්ගේ අවසරයෙන් මියුගුණ සෑ පිහිටි බිම පත්කඩය අතුරා මේ මහා භද්‍රකල්පයේ සිව්වන වරට ලොව පහළ වී වදාළ අපගේ ධර්මස්වාමී වූ තුන්ලෝකාග්‍ර අසමසම ශාස්තෘන් වහන්සේ පළමුවරට මේ ලක් මහීතලය සුවපත් කරවමින්, පාරිශුද්ධ කරවමින් එහි වැඩ සිටි සේක. ඍද්ධි බලයෙන් පත්කඩයේ වට සීමාවෙන් ගිනි දැල් පිට වී ගියේ ය. යක්ෂ සමූහයා දකුණු දිග මුහුදු තෙරට එක් රොක් වූහ. මහ සයුර රළ දියඹ දෙසට යම් දුරක් ගොස් මහා පවුරක්ව උස්ව නැගුණි. බුදු කරුණා බෙලෙන් මේ ලක්දිව අනාගත මිනිස් වාසයට සුදුසු කරවමින්, එකිනෙකා මරා ගන්නා ඒ රෞද්‍ර ගති ඇති යකුන්ට සමඟියෙන් ප්‍රීතිමත්ව සිටීමට ඉඩ සලසමින් යොදුන් ගණනක් විශාල සශ්‍රීක ‘ගිරි’ නම් දිවයින එහි පමුණුවා – ඔවුන්ගේ කැමැත්තෙන් ම එයට ඇතුළුව ‘අනේ මෙය සොඳුරු බිමකි. ක්ෂේමස්ථානයකි. අපට මෙය ඉතා හොඳ ය.’ යන සිතුවිලි අතර සිටි යක්ෂ සමූහයා සහිත ගිරිදිවයින පෙර තිබූ තැන ම පිහිටුවා වදාළ සේක.

ලක්දිවට සෙත් පතා බුදු මුවින් දෙසූ මහ පිරිත...

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ලංකාදීපය ආරක්ෂා වීමට මෙසේ සෙත් පිහිටවූහ.

“භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැලවූ (පිටත්කර) ඉක්බිති තුන් යලක් පැදකුණු කොට මහා පරිත්ත නම් පිරිතක් කිරීමට ඇරැඹි සේක. එවිට දිවයින්වැසි සුර අසුර කිනුරු නා ආදීහු… දසනඛසමවධානයෙන් (දස ඇඟිලි එක් කොට) බබළන ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ ව ම නමදිමින් සිටියාහු ය. භාග්‍යවතුන් වහන්සේ පිරිත් කොට අණ පිහිටුවා, පෙර හුන් තැනට ම අවුත් එහි වැඩ හිඳ සමවතට සමවන් සේක. උන්වහන්සේ විසින් පිහිටුවන අණ සියලු කල්හි ඔවුන් හට, වැඩ හුන් පත්කඩ මෙන් විය. (ගිනිගෙන ගිනි දැල් විහිදුණු පත්කඩය වෙතින් ඈත් වන්නට ම සිත පිහිටි අතර ඒ දෙස බලන්නටවත්, ඒ දෙසට එන්නටවත් කිසිවිට නොසිතයි. එසේ ලංකාව වෙත ඔවුන්ගේ පැමිණීම වැළකුණි.) භාග්‍යවතුන් වහන්සේ සමවතින් නැඟී එම අස්නෙහිම වැඩහිඳ එහි රැස්ව සිටි සුර අසුර ගඳඹ කිනුරු ආදීනට දහම් දෙසූ සේක. දේශනා කෙළවර නොයෙක් කෙළ දහස් ගණන් සත්වයනට ධර්මාභිසමය විය. සීලයෙහි පිහිටියාහු වනාහී ගණන් ඉම් ඉක්මවූහ.”

(වංසත්ථප්පකාසිනී)

මෙසේ අප භාග්‍යවතුන් වහන්සේ දුරුතු පුන් පොහෝදා යක්ෂ දමනය කොට ලක්දිවට සෙත් පැතූහ.

ඇයි බුදුරජාණෝ ම ශාසනය නො පිහිටවූයේ?...

කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන සම්බුදුරජාණන් වහන්සේලා විසින්ම මේ දිවයිනෙහි සම්බුදු සසුන් පිහිටවා සිව්වනක් පිරිස තනවා මහා බෝධිය වැඩමවීමට මැදිහත් වූ නමුත් අප බුදුරජුන් කල එසේ නොවූයේ එවිට මෙහි මිනිස් වාසය නොතිබුණු හෙයිනි. පළමුවර පමණක් නොව බුදුරජුන් ලක්දිව වැඩි අවස්ථා තුනේ දී ම මිනිස් වාසයක් නොතිබුණි.

ලංකාදීපේ ලෝකදීපෝ – මනුස්සාභාවතෝ තදා

ලෝකයට එකම පිළිසරණ වූ අපගේ මහා මුනින්ද්‍රයාණන් වහන්සේ එකල ලංකාදීපයෙහි මිනිසුන්ගේ වාසයක් නොතිබුණු නිසා,

දීපට්ඨං දේවසංඝඤ්ච – නාගෝ සමනුසාසිය
සසංභෝ නභමුග්ගන්ත්වා – ජම්බුදීපං ජිනෝ අගා

ලංකාවාසී දෙව් පිරිසටත්, නා පිරිසටත් ඔවුන්ගේ යහපත උදෙසා අනුශාසනා කොට සංඝයා වහන්සේලා සහිත වූ අප භාග්‍යවතුන් වහන්සේ අහසට පැන නැගී දඹදිවට වැඩමවා වදාළා.

(මහාවංශය)

ඉහත ගාථා රත්නයෙන් සඳහන් වන්නේ තෙවැනිවර අප බුදුරජුන්ගේ වැඩමවීමට අනතුරු සිදුවීමයි. එසේම පළමුවර ද මිනිස් වාසය නොතිබුණෙන් ලක්දිව මග ඵල ලැබුවෝ, සරණසිල්හි පිහිටියෝ දෙවියෝ සහ නාගයෝ ය.

අසිරිමත් කේශ ධාතූන් වහන්සේලා...

මහියංගණ පින්බිමෙන් ඇසුණු දහම් ස්වරයෙන් සුවපත්ව සෝවාන් ඵලයට පත් වූ අප ලක්දිව සමන්ගිර පව් විමාන අධිගෘහිත මහා සුමන සමන් දෙව්රජාණෝ ඉතා සැදැහැයෙන්, බුදුරජුන් නැති අඩුව පුරවා බුද්ධානුස්සතිය වඩනු වස් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය…

එවිට භාග්‍යවතුන් වහන්සේ දක්ෂිණ ජාල හස්තයෙන් උත්තමාංගය පිරිමැද මිටක් පමණ වූ මෙනේරි මල්වන් නිල්මිණි සුණු අඳුන් පැහැගත් කේශ ධාතූන් ප්‍රදානය කොට පෙරලා උරුවේලාවට ම වැඩි සේක.

මියුගුණ සෑ විකාශය...

සුමන සමන් දෙව්රදාණෝ ඒ නිල්මිණිවන් කේශ ධාතූන් වහන්සේලා රන් කරඬුවෙන් පිළිගෙන (සුවණ්ණචංගෝටවරේන ආදාය) බුදුරජාණන් වහන්සේ වැඩ සිට දහම් අමා වැසි වැස්සවූ බිම රුවන් රැසක් අතුරා ඒ මත දා කරඬුව පිහිටුවා ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් වසා රියන් හතක් උසැති මාණික්‍යමය සෑයකින් බුදුරදුන් පිදූහ.

බුදුරදුන් පහළ වූ පළමු වසරේම ලක්දිව ධාතු සෑයක් බැඳීම මොන තරම් අසිරිමත් ද?...

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩි කල සඳුන් දර සෑයේ උණුහුම නිමෙන්නට පෙර අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය, මහාඍද්ධි බලැති සරභූ නම් මහරහතන් වහන්සේ දහසක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ සම්බුදු චිතකය පැදකුණු කරන කල්හි ඍද්ධියෙන් ග්‍රීවාස්ථි ධාතුව ගෙන ඒ දහසක් සඟ පිරිස සමඟ අහසින් වැඩ මහියංගණ ඉඳුනිල්මිණි සුවඳවත් ධාතු ගර්භයෙහි තැන්පත් කළ සේක. ඉනික්බිති සීවලී-සුමන යන මහඍද්ධිමත් ළදරු සාමණේර දෙනම ලවා නාග භවනයෙන් ගෙන්වන ලද මේද වර්ණ පාෂාණයන්වලින් දොළොස් රියන් කොට සෑය බැඳවීය.අප අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩි පසුකලෙක දෙවන පෑතිස් නිරිඳුගේ මලණුවන්, උද්ධචූලාභය කුමරු තිස් රියන් කොට ගඩොලින් සෑය කරවීය. එයින් සියක් වසක් ඇතුළත දුටුගැමුණු මහ රජතුමා අසූරියන් කොට (අඩි 120) මියුගුණ සෑ බැඳවීය.

මියුගුණ සෑ රජුන් ලක්දිව ඉදිවූ පළමු සෑයයි. සිංහල ජාතියේ ඉතිහාසයට ද වඩා පෞරාණික සෑ රජුයි.දෙව්රජෙකුගේම මැදිහත් වීමෙන් තැනවුණු සෑයයි. රහතන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් ලක්දිව තැනුණු මුල් ම සෑයයි. ලංකා සම්බුද්ධ ශාසනයට වඩා පැරණි අඛණ්ඩ ඉතිහාසයක් ඇති ශාරීරික, පාරිභෝගික ලෙස සදා පවිත්‍ර වූ මහා සෑ රජාණෝයි.

මහා ගණ අඳුරෙන් මිදෙනු වස් පුණ්‍ය ක්ෂේත්‍රය සකසා වදාළ අපගේ ප්‍රාණසම ශාස්තෘවර තුන්ලෝකාග්‍ර ශාන්ති නායකයාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය වූ දුරුතු පුන් පොහෝදා ප්‍රතිපත්ති පූජාව පෙරට ගෙන, ආමිස ප්‍රතිපත්ති යන දෙයාකාරයෙන් ම පින් පුරන්නට — කුසල් වඩන්නට ඔබ සැමට තෙරුවන් සරණ, මියුගුණ මහසෑ ආශීර්වාදය සැලසේවා!!!...

සාදු සාදු සාදු!!!...

( උපුටාගත් සදහම් ලිපියකි )

03/01/2026

සුබ උදෑසනක්

03/01/2026

සම්බුදු පා පහසින් මෙසිරිලක සුපූජනීය වූ,
පිංබර දුරුතු පුන් පොහොය දිනයක් වේවා..!

Address

Madapitithanna
Hanguranketa
20710

Telephone

+94716661817

Website

Alerts

Be the first to know and let us send you an email when Araththana Raja Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Araththana Raja Maha Viharaya:

Share