Dharmasingharamaya Hambantota

Dharmasingharamaya  Hambantota This a religious Temple located in Southern Province in Hambantota which has contributed valuable Hi

02/02/2015
02/02/2015

තෙරුවන් සරණයි !!!
හ / ධර්මසිංහාරාමය දායක සභා සංවර්ධන සමිතිය

හ / ධරමසිංහහාරාමය පිහිටා ඇත්තේ හම්බන්තොට නගරයෙන් කිලෝමීටර 5ක් පමණ තිස්සමහාරාම පාරේ ගබඩා හන්දිය සමීපයේය.එතැන් පටන් ඇතුලට මීටර 500ක් පමණ දුර ගිය විට මේ ඓතිහාසික පුජනීය බෝධිය ඔබේ නෙත ගටෙනු ඇත.

දැනට බෝධිය ඉදිවී ඇති අතර ඒ බෝධිය පිටත හා ඇතුලේ නොයෙකුත් බෞද්ධ රූප අඹා ඇති අතර ඉදිරියට නෙරා තිබීම විශේෂ ලක්ෂණයකි. ඒ සමහර රූප බෞද්ධ උපත, පිරිනිවන , බුදුවීම යනාදිය , මෙන්ම සත් බුදුවරුන්ගේ විවිධ බුද්ධාලම්භන ප්‍රීතිය ඔප නංවන ආකාරයෙන් නිම කර තිබීම විශේෂ ලක්ෂණයකි.
මේ සදහා හ/තොට ප්‍රදේශ වාසීන් ගෙන් එකතුකරගත් ධනය රැස්කර දැනට එම විහාරස්ථානයේ විහාරාධිපති කුරුණෑගල ජනරතන හිමි මෙම බෝධිය වැඩ නිම කරීම සඳහා විශාල වෙහෙසක් දරා ඇති අතර , තවමවෙහෙස දරමින් සිටි.

බෝධිය පිටත සිත් ඇදගන්න බෞද්ධ මෙන්ම ආගමික වටිනාකමක් ඇති මෙම චිත්‍ර සදහා ස්වාමින් වහන්සේ දිවා රෑ නොබලා දරන වෙහෙස බෞද්ධයෙකු නෙත ගැටුනේ නම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම යමක් ආධාර කිරීමට මැලි නොවනු ඇත. ඒ මන්ද යත් ස්වාමීන් වහන්සේ එම බෝධිය තමන්ගේ ජීවය මෙන් ආරක්ෂා කරමින් එය නිම කිරීමට යන්ත දරමින් සිටි. බොහෝ වැඩ කොටසක අවසානයෙන් පසු මේ ලිපිය ලියන මේ මොහොත වනවිට ස්වාමින් වහන්සේට බෝධිය වටේ , බෝධිය තුල, බුදු පිළිම වහන්සේ අසල ටයිල් කිරීමට අවශ්‍ය බව පැවසුවද ඒ සදහා සැදැහැවතෙකු සොයා ගැනීමට නොහැකිව සිටි.

එමෙන්ම ස්වාමීන් වහන්සේ යෝජිත චෛත්‍යයක් මෙන්ම බෝධිය වටකර තාප්පයක් බැඳීමට අවශ්‍ය බවද පැවසීය. මේ පුණ්‍ය කර්මය සඳහා ඔබටද දායක විය හැක. කොතරම් පිරිසිදු චේතනාවෙන්ද ඒ බුද්ධ පුත්‍රයා මේ ක්‍රියාව සම්පූර්ණ කරන්න හදන්නේ? පින් කැමති ඔබටත් මේ සඳහා දායක වෙන්න පුළුවන්.

තෙරුවන් සරණයි !!!

ලිපිනය - අංක 44, ධර්මසිංහාරාමය , සිරිබෝපුර , හම්බන්තොට.
දුරකථනය - 0713069306
ගිණුම් අංකය - 72402930 - ලංකා බැංකුව හම්බන්තොට.

Address

Hambantota

Website

Alerts

Be the first to know and let us send you an email when Dharmasingharamaya Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share