𝐁𝐮𝐝𝐮 𝐏𝐮𝐭𝐡

𝐁𝐮𝐝𝐮 𝐏𝐮𝐭𝐡 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐁𝐮𝐝𝐮 𝐏𝐮𝐭𝐡, Buddhist Temple, 𝐒𝐫𝐢 𝐖𝐚𝐫𝐝𝐡𝐚𝐧𝐚𝐫𝐚𝐦𝐚𝐲𝐚. 𝐒𝐢𝐭𝐢𝐧𝐚𝐦𝐚𝐥𝐮𝐰𝐚. 𝐁𝐞𝐥𝐢𝐚𝐭𝐭𝐚, Hambantota.

ගැහැණිය ඔසවාගත් භික්ෂුව ජපානයේ එක කලෙක එකම ආරාමයක භික්ෂුන් වහන්සේලා දෙපලක් වාසය කළහ. ඉන් එක නමක්  සාස්‌තර කියමින් කේන්දර...
16/08/2024

ගැහැණිය ඔසවාගත් භික්ෂුව

ජපානයේ එක කලෙක එකම ආරාමයක භික්ෂුන් වහන්සේලා දෙපලක් වාසය කළහ. ඉන් එක නමක් සාස්‌තර කියමින් කේන්දර බලමින් නිමිති කියමින් නැකැත් හදමින් මුදල් උපයමින් සිටි අතර

සිසු හිමියෝ නිර්වාන මාර්ගය වඩමින් , බණ භාවනා කරමින් කාලය ගත කළේය. මේ හේතුවෙන් ගම්වාසීහු සිසු හිමියන්ට මහත් ගෞරව සම්පන්න බවක්‌ දැක්‌වූහ. මෙය අනෙක්‌ ගුරු හාමුරුවන්ගේ සිත් අමනාපයට හේතුවිය.

ගුරු හාමුදුරුවෝ නිතර කීවේ "අපි මේ තරම් සේවයක්‌ ගමේ උන්ට කරනවා. ඒවායේ බහක්‌ ගමේ උන්ට නැහැ. ඒත් ⁣මේ පොඩි නම මොනවද කරන්නෙ , නිකං බණ කියනවා විතරයි. ගමේ උන්ට එයා තමයි ලොකු."

මේ සියලු අපවාද උපේක්‍ෂාවෙන් බැහැර කළ සිසු හිමියෝ තමාගේ කටයුතුවල නියෑළුණේය.

වර්ෂා කාලය එළඹුනේය . ඇළ දොළ පිටාර ගලා ගියේය. දිනක් මියගිය තැනැත්තෙක්‌ වෙනුවෙන් කරන දානමය පිංකමක්‌ සඳහා මේ හිමිවරුන් දෙනමට ආරාධනාවක්‌ ලැබිණ. මේ දානමය කටයුත්තට පිටත් වූ හිමිවරුන් දෙදෙනාට පිටාර ගලන ඇළකින් එගොඩට වීමට සිදුවිය.

මේ ඇළ අසල රුවැති නව යොවුන් තරුණියක්‌ හඬමින් සිටියාය. ඉදිරියෙන් ගමන් කළ ගුරු හිමි ඇය දෙස බලන්නේවත් නැතිව ඇළෙන් එගොඩට ගියේය. ඒ ඇලෙහි වතුර උරහිස්‌ මට්‌ටමට ඇළෙහි ජලය පිරී තිබිණ.

පසුපසින් පැමිණි සිසු හිමියෝ 'නැගණිය කුමක්‌ හෙයින් නුඹ මෙතැන හඬමින් සිටින්නේදැයි තරුණියගෙන් විමසීය.

ඇයට එගොඩට යා නොහැකිව මෙතැන සිටින්නේ යෑයිද හවසට තවත් වතුර වැඩි වන හෙයින් තමාට හැඬුම් ආ බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

නැගණියෙනි , මා නුඹට උදව් කරන්නේ යෑයි කාරුණිකව කී උන්වහන්සේ ඇයව ඔසවාගෙන ගොස්‌ ඇළෙන් එගොඩ තැබීය.

තරුණිය සිසු හිමිගේ බෙල්ලේ එල්ලී ආ අයුරු දුටු ගුරු හිමි කෝප වුයේය. සිසු හිමි කරන ලද ක්‍රියාව ඒ මොහොතේ හෙළා දැක්‌කහ. මේ සියල්ල සිසු හිමියෝ උපේක්‌ෂාවෙන් දරා සිටි අතර නිහඩව දානමය කටයුත්ත සදහා ගමන් කලහ.

දානය නිමා කොට ආපසු ආරාමය වෙත පැමිණෙන අතරතුරද ආරාමයට පැමිණි පසුවද ගුරු හිමි කතා නොකළහ.

සිසු හිමියෝ ගුරු හිමියන් වෙත ගොස් වැඳ මහත් ගෞරවයෙන් කතා කලමුත් ගුරු හිමියන් ඇතුලත කෝපයෙන් යුතු බව දුටුවේය.

"ස්වාමිනි, අප හා කතා නොකරන්නේ මන්ද?" උන්වහන්සේ ඇසුහ.
"තමුන් හාමුදුරු නමකට හරියන වැඩක්ද අර කලේ? "
ගුරු හිමි කෝපයෙන් ඇසුහ.

"ස්වාමිනි, මම ඒ ගැහැණිය මෙගොඩ ගං ඉවුරේ තබා මෙහි පැමිණියෙමි. මම ඇය තවත් ඔසවාගෙන සිටින්නේ නැත.

නමුත් ඔබ වහන්සේ ඇය තවමත් ඔසවාගෙන සිටින්නේ ඇයි." සිසු හිමියෝ කීහ.

මෙය ඇසු ගුරු හිමියන්ට සත්‍යය තේරුම් ගියේය.

සීලය කය මුල්කර නොපිහිටයි. සීලය සිත මුල්කොට පවතී. එනිසා යමෙකු සතු සීලය කිසිවිට මතුපිටින් දැකිය නොහැක.

උපුටා ගැනීමක්

පින් අනුමෝදන් වීම...අනුන් අනුමෝදන් කරවන, දෙන පින් සතුටින් පිළිගැනීම පින් අනුමෝදන් වීම ය. පත්තානුමෝදනා යනු ද එයට නමෙකි. ප...
16/08/2024

පින් අනුමෝදන් වීම...

අනුන් අනුමෝදන් කරවන, දෙන පින් සතුටින් පිළිගැනීම පින් අනුමෝදන් වීම ය. පත්තානුමෝදනා යනු ද එයට නමෙකි. පින් කැමති සත්පුරුෂයෝ ශ්‍ර‍මණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට දන් දී පින් සිදු කර ගනිති. එයින් ඔවුන්ගේ කීර්තිය ද පැතිර යයි. ප්‍ර‍තිග්‍රාහකයෝ ද ඒ පින්වතුන්ගේ ප්‍ර‍ත්‍යය ලබා සැපවත් වෙති. පර සම්පත්තිය නො ඉවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව සත්ත්වයන් තුළ දීර්ඝ කාලයක පටන් පැවත එන පාපයෙකි. ඒ නිසා සෑම දෙනාට ම දන් දෙන සත්පුරුෂයන්ට වන පුණ්‍යලාභය ගැන හා ප්‍ර‍තිග්‍රාහකයන්ට වන ප්‍ර‍ත්‍යය ලාභය ගැන ද සතුටු විය නො හැකි ය. එබැවින් ඊර්‍ෂ්‍යා ඇතියෝ දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්ෂයට ම නින්දා කරති. පින් අනුමෝදන් නො වෙති. ප්‍ර‍තිග්‍රාහකයන්ට වන ලාභය ගැන අසත්පුරුෂයෝ තුළ වඩාත් ඊර්‍ෂ්‍යාව ඇති වේ. එබැවින් ඔවුහු වඩාත් ප්‍ර‍තිග්‍රාහකයන්ට නින්දා කෙරෙති. ලාභය වැළැක්වීමට තැත් කෙරෙති. පින් අනුමෝදන් වීම වනාහි ඊර්‍ෂ්‍යාවට ප්‍ර‍තිපක්ෂ පුණ්‍ය කර්මයෙකි. එ බැවින් එය ලැබිය හැක්කේ දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්ෂයට ඊර්‍ෂ්‍යා නො කරන්නා වූ සත්පුරුෂයන්ට පමණකි. යම් කිසිවකු පිනක් කොට අනුමෝදන් කරවන කල්හි ඊර්‍ෂ්‍යා විරහිත පිරිසිදු සිතින් එය අනුමෝදන් විය හැකි සත්පුරුෂයාට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. අනුන් පිනක් කරනු දකින අසන කල්හි පින් නුදුන්නේ ද ඒ පින අනුමෝදන් විය හැකිය. කෙනකු භික්ෂූන්ට දන් දෙනු දුටු කල්හි “මේ සත්පුරුෂයා දන් දී පින් සිදු කර ගන්නේ ය. මොහු නිසා භික්ෂූන් වහන්සේ ද සුවපත් වන්නාහ. මොහු ද පින් සිදුකර ගනී වා, භික්ෂූන් වහන්සේ ද මොහු නිසා සුවපත් වෙත්වා”යි සිතන තැනැත්තා හට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. පින් අනුමෝදන් වීමෙන් වන්නා වූ කුශලය අනුමෝදන් වන කුශලයාගේ කුඩා මහත්කමේ සැටියට ද අනුමෝදන් වන තැනැත්තා කෙරෙහි ඒ අවස්ථාවේ දී ඇති වන ශ්‍ර‍ද්ධාදි ධර්මයන්ගේ සැටියට ද කුඩා මහත් වේ. එහි විපාකය පරදත්තුපජීවික ප්‍රේතයන්ට හා ඇතැම් භූතයන්ට එකෙණෙහි ම ලැබේ. සෙස්සන් සුදුසු අවස්ථාවල දී ලැබේ.

☸️ පින් දෙන ආකාරය...

නෑයන්ට :

ඉදං වො ඤාතීනං හොතු

සුඛිතා හොන්තු ඤාතයො

දෙවියන්ට :

එත්තාවතා ච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං

සබ්බේ දෙවානුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

සියලු සතුන්ට :

එත්තාවතා ච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං

සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

සිංහලයෙන් කියතොත් මෙසේ කියනු.

මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුශලය අපගේ කාලක්‍රියා කළ ඥාතීහු අනුමෝදන් වෙත්වා, කාලක්‍රියා කළ ඥාතීන්ට මේ පින අයිති වේවා, මේ පින අනුමෝදන් වීමෙන් ඥාතීහු සුවපත් වෙත්වා.

මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුශලය ලෝක ශාසනාරක්ෂක දෙවියෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී අප ඇතුළු ලෝකයා මනා කොට ආරක්ෂා කෙරෙත්වා.

ලෝකයෙහි වෙසෙන සැප ඇති නැති සකල සත්ත්වයෝ අපගේ මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැපතට පැමිණෙත්වා.

Address

𝐒𝐫𝐢 𝐖𝐚𝐫𝐝𝐡𝐚𝐧𝐚𝐫𝐚𝐦𝐚𝐲𝐚. 𝐒𝐢𝐭𝐢𝐧𝐚𝐦𝐚𝐥𝐮𝐰𝐚. 𝐁𝐞𝐥𝐢𝐚𝐭𝐭𝐚
Hambantota
BELIATTA

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐁𝐮𝐝𝐮 𝐏𝐮𝐭𝐡 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share