07/06/2026
රුහුණු මාගම්පුරවරයම බුද්ධාලම්බන ප්‍රීතියෙන් නැහැවූ හම්බන්තොට වෙසක් මහා පෙරහර අති සාර්ථක වූ වගයි!
බුද්ධ වර්ශ 2570වන සම්බුදු තෙමගුල වෙනුවෙන් වෙසක් පොහොය නිමිති කරගෙන 2026 ජුනි මස 04 දින හම්බන්තොට මහා වෙසක් පෙරහර පවත්වන ලදී. අලි ඇතුන් සමග අංගයන් 66කින් සමන්විත වූ මෙම පෙරහර රුහුණු මාගම්පුර උත්කර්ශවත්ම පෙරහර බවට පත්විය. 🌼
මේ මහා කර්තව්‍යය වෙනුවෙන් හම්බන්තොට තරුණ බෞද්ධ සංගමය හට සහයෝගය අනුග්‍රහය දැක්වූ විශාල පිරිසක් විය. 🪔
- හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමයේ අනුශාසක, ජය බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය බරවකුඹුකේ නාරද ස්වාමින්වහන්සේ හට සහ එම විහාරයේ දායක සභාවට, නිම්බාරාම විහාරාධිපති පූජ්‍ය රන්සෑගොඩ විභාවි ස්වාමින්වහන්සේ ඇතුලුව එම විහාරස්ථාන දායක සභාවට
- හම්බන්තොට දිස්ත්‍රීක් ලේකම් තුමන් ප්‍රමුඛ දිස්තික් ලේකම් කාර්‍යාලයීය නිල දරුවන්
- ප්‍රාදේශිය ලේකම් තුමිය ප්‍රමුඛ සියලූම නිලදරුවන්.
- බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව.
- නාගරික කොමසාරිස් තුමන් ප්‍රමුඛ මහනගරසභාවේ නිලදරුවන්.
- හම්බන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිසියේ හා විශේෂ කාර්‍ය බලකා නිලදරුවන්.
- ලංකා ලුණු සමාගම, මාර්ග සංවර්ධන අදිකාරිය,ලංකා විදුලි බල මණ්ඩලය,HIPG, ලංවා සිමෙන්ති ශැංග්‍රිලා හෝටලය යන ආයතනයන්.
- ඉන්දීය කොන්සල් කාර්‍යාලය
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ පක්ශ විපක්ශ සියලුම දේශපාලන අදිකාරීන්.
- රතු කුරුස සමාජය හම්බන්තොට.
- හෙද විදුහලේ විදුහල්පතිනිය කාර්‍යමණ්ඩලය ඇතුලු සිසුවියන්.
- හම්බන්තොට වෙළෙඳ සංගමය ඇතුලු වෙළෙඳ ප්‍රජාව සහ ප්‍රදේශවාසී සියලූම දෙනා.
- හම්බන්තොට සියලූම රාජ්‍ය හා පුද්ගලික ආයතනයන්.
- හම්බන්තොට මුස්ලිම් ප්‍රජාව
- ශාන්තමේරී විද්‍යලයේ ගරු විදුහල්පති තුමන් ගුරුමණ්ඩලය සහ දූදරුවන්ට
මෙම පෙරහර වෙනුවෙන් නන් අයුරින් සහයෝගය දැක්වූ සියලූම දෙනාට.
හම්බන්තොට දිස්ත්‍රීක් තරුණ බෞද්ධ සංගමයේ ගෞරවණීය සහ පුන්‍යාණුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටින්නෙමු.
එමෙන්ම ලබන වසරෙත් මෙම මහා පෙරහර වෙනුවෙන් ඔබගේ ගෞරවණීය ශක්තිය සහ සහයෝගය මේ අයුරින්ම අප බලාපොරොත්තු වන්නෙමු. 🙏
තෙරුවන් සරණයි!!! 🪔✨
🌼 හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය 🌼
#හම්බන්තොට #වෙසක්පෙරහර #වෙසක්2026 #බෞද්ධසංස්කෘතිය #පුණ්‍යකර්ම #ස්තූතියි