siri sunanda ashramaya

siri sunanda ashramaya හම්බන්තොට නාගරවැව සිරි සුනන්ද ආශ්‍රමය

https://youtube.com/shorts/dceZI-5ynCo
15/07/2022

https://youtube.com/shorts/dceZI-5ynCo

හම්බන්තොට නාගරවැව සිරි සුනන්ද ආශ්‍රමය භූමියේ දැනට ඉදිවෙමින් පවතින චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ඉදිරි වැඩ කටයුතු න...

15/07/2022
11/07/2022
10/07/2022

🙏චුන්ද සූකරික ඌරු වැද්දාගේ කථා වස්තුව🙏

අපි පව් ගැන අහලා තිබෙනවා. පින් ගැනත් අහලා තියෙනවා. පව් කියන්නේ දුක ලබා දෙන දෙයටයි. පින කියන්නේ සැප ලබා දෙන දෙයටයි. පව් කරන කෙනාගේ ඉරණම කොතරම්ම දුක්ඛිත ද කියලා අපට නම් සිතලාවත් ඉවර කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යම් කෙනෙක් දුකට බය නම්, දුකට අකැමැති යම්, එළිපිටවත්, රහසේවත් පව් කරන්න එපා කියලයි. ඉතින් සමහර අය පව් කරන්න හරි කැමැතියි. එහෙම වෙන්නේ ඇයි කියලා අපට හිතාගන්න අමාරුයි. පින තිබෙද්දී පව තෝරාගන්නවා. එතකොට එයා පින අත්හරිනවා, පව් රස් කරනවා. එවැනි අවාසනාවන්ත පුද්ගලයෙක් ගැන කථාවක් කියා දෙන්නයි අපි මේ සූදානම් වන්නේ.

පින්වතුනේ, පින්වත් දරුවනේ, සැවැත් නුවර ජේතවනාරාමය ගැන අපි කියූ විස්තර ඔබට මතක ඇති. ඒ ලස්සන ජේතනවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියා. බොහෝ දෙනක් සැන්ඳෑ යාමයේ මල් අරගෙන බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යනවා. උන්වහන්සේට මල් පූජා කරනවා. උන්වහන්සේ ලස්සන බණ කථා කියලා දෙනවා. ජීවිතය යහපත් කරගන්න වුවමනා හැම දෙයක්ම කියා දෙනවා. ඉතින් හැමෝටම හරිම සතුටුයි. සතුන් මර මරා හිටපු අය එයින් වැළකුනා. සොරකම් කරමින් සිටි අය එයින් වැළකුණා. සල්ලාල ජීවිත ගෙවපු අය ඒ වැරදි ජීවිතය අත්හැර දැම්මා. බොරු කිය කියා හිටපු අය සත්‍යවාදී වුනා. මත්පැන් බොන අය, පෙරන අය ඒ සියලු දෙය අත්හැරියා. කොයිතරම් හොඳද! අපි අහල තියෙනවා යමක් නිතර දකින්න ලැබෙන කොට ඒකෙ වටිනාකම පෙනෙන්නේ නෑ කියලා. ඒ වගේ ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා, උදේ වරුවේ පිණ්ඩපාතේ වඩිනවා. හැමතැනම රහතන් වහන්සේලා වැඩසිටිනවා, චතුරාර්ය ධර්මය ඇහෙනවා, ඒ වුනාට ඇතැම් අයට ඒ ගැන කිසි වටිනාකමක් පෙනෙන්නේ නෑ.

ජේතවනාරාමය පිටුපස එවැනි පුද්ගලයෙක් හිටියා. ඔහුට ජීවිතය ගැන කිසි අවබෝධයක් නැහැ. අවබෝධ කරගන්න ඕනකමකුත් නැහැ. එකටම ගැලපෙන නෝනා කෙනෙකුයි, ළමයි ටිකකුයි සිටියා. මේ තැනැත්තා ඌරන් මරන පුද්ගලයෙක්. ඒක මෙයාගේ රස්සාව. යම් හෙයකින් ජේතවනාරාමයට ගොඩවෙලා බණ පදයක් ඇසුවා නම්, ඒ හැම පවක්ම අත්හැරලා වෙන රස්සාවක් සොයාගෙන සැනසිල්ලේ ජීවත් වෙන්න තිබුනා. නමුත් සිතන්න බැරි කෙනා එවැනි දෙයක් කල්පනා කරන්නේ නැහැ. මෙයා කල්පනා කළේ ඌරන් මරන හැටි විතරයි. මරන්න කලින් ඌරව කණුවක තද කොට ගැටගහනවා. ඊට පස්සේ ලොකු මුගුරක් අරගෙන උගේ මස් තැලෙන්න කියලා ඌට දරුණු විදිහට පහර දෙනවා. හොඳට තැලුණු ඌරු මස හරි මෙලෙක්ලු. එහෙම හිතලයි මේ පව්කාරයා අහිංසක ඌරාට පහර දෙන්නෙ. ඊට පස්සේ වේදනාවෙන් කෑ ගසන ඌරාගේ කට යකඩ කොක්කකින් පළල් කරනවා. ලෝදිය වගේ උණුවතුර උගේ කටට වක්කරනවා. ඌ කෑගහද්දී බඩඑළිය යනවා. ඊට පස්සේ උගේ බෙල්ල කපනවා. ලේ ටික වෙනම භාජනයකට ගන්නවා. ඒ ගෙදර අයට කෑම පිණිසයි. අන්තිමේදී මස් කරලා විකුණනවා.

වයස පනස් පහ වනතුරුම මේ පුද්ගලයා කළේ ඌරන් මරපු එකමයි. මේ අවාසනාවන්ත පුද්ගලයාට සිල් රැකීමේ වාසනාව අහිමි වුනා. රහතන් වහන්සේලා පිඬුසිඟා වඩිද්දී දානෙ ටිකක් පූජා කරගැනීමේ වාසනාව අහිමි වුනා. බුදු බණ අසා සිත පහදවා ගැනීමේ වාසනාව අහිමි වුනා. ටිකෙන් ටික මෙයා අසනීප වුනා.

දින කිහිපයක් එක දිගට ඌරන් මරන හඬ චුන්ද සූකරගේ ඌරුමඬුවෙන් ඇහෙන්න පටන් ගත්තා. සමහර ස්වාමීන් වහන්සේලා හිතුවේ මොකක් හරි උත්සවයක් වෙනුවෙන් මේ ඌරන් මරන බවයි. අන්තිමේදී ඇත්ත හෙළි වුනා. එතැන වෙලා තිබෙන්නේ ඌරන් මැරීමක් නොවෙයි. චුන්දසූකර මරණාසන්න වෙලා දවස් ගණනාවක් තිස්සේ පණ අදිනවා. මෙයා ඉදිරියෙහි යමපල්ලෝ ඇවිදින් ඌරන්ව මැරූ ආකාරයට මෙයාව මරන්න සූදානම් වෙනවා. එතකොට මෙයා හොඳටම බය වෙනවා. හයියෙන් කෑ ගහනවා. යටිගිරියෙන් කෑගහනවා. එතකොට ඇහෙන්නේ ඌරෙකුගේ විලාපයමයි. මෙයා සතියක්ම දුක් වින්ඳා. ඌරෙක් වගේ හඬ හඬා අවසන් හුස්ම පොඳ හෙලුවා. මෙයා ඉපදුනේ කොහේද කියලා දැනගන්න බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි අය මෙයාගෙ මරණය ගැන දැනුම් දුන්නා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ චුන්දසූකරික අවීචි මහනරකයෙහි ඉපදුණු බවයි. දැන් යමපල්ලන්ගෙන් නොයෙක් වද වේදනා විදින බවයි. ඒ කරුණ අරභයා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

ඉධ සෝචති පෙච්ච සෝචති – පාපකාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති – දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ

පව් රැස් කරනා මිනිසා – මෙලොව ශෝක වෙයි එනිසා
පරලොවදිත් ශෝක වෙමින් – දෙලොවම දුක් වෙයි එනිසා
තමා විසින් රැස් කරගත් – පව් ගැන සිහිපත් වෙන විට
ශෝක වෙවී දුක් විඳිමින් – තැවෙයි නිතර දුකින් යුතුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, පව් කරන කෙනා එයට වසඟ වෙනවා. අන්තිමේදී එයාට පවෙන් නිදහස් වෙන්න බැරිව යනවා. පින් කරන්න පුළුවන් හැකියාව ටික ටික නැති වෙලා යනවා. පිනක් මතක් වුනත් පව් බලවත් නම්, සිත පිනට යොමු කරගන්න අමාරුයි. ආයෙ ආයෙමත් පුරුදු කරපු පවටම සිත නැඹුරු වෙනවා. මේ නිසා පවේ ඇති භයානකකම නිතර නිතර සිහි කරන්නට ඕන. පව්වල භයානක විපාක ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වාදී වදාළ දහම් කරුණු නිතර නිතර සිහි කරන්න ඕන. දුකට අකමැති වෙන්න ඕන. දුක ලැබෙන්නේ පව හේතු කරගෙන නිසා ඒ පව දුරින්ම දුරු කරන්න ඕන.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය සදහා https://mahamevnawa.lk/category/dhammapada-stories/

07/07/2022

අදදින හමාගිය දැඩි සුළගින් බෝධින් වහන්සේ ලග ඇති බුදු මැදුරෙහි වහලය ගැලවී ගියහ.

හම්බන්තොට නාගරවැව සිරි සුනන්ද ආශ්‍රමය භූමියේ දැනට ඉදිවෙමින් පවතින  චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ඉදිරි වැඩ කටයුතු නිමකර ගැනී...
05/07/2022

හම්බන්තොට නාගරවැව සිරි සුනන්ද ආශ්‍රමය භූමියේ දැනට ඉදිවෙමින් පවතින චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ඉදිරි වැඩ කටයුතු නිමකර ගැනීමට ඔබත් බැතිසිතින් දායක වී අටමහා කුසල් රැස්කර ගන්න .
වැඩි විස්තර සදහා 0760098705, 0713979644(whatsapp ) අමතන්න
ඔබටත් හැකි අයුරින් දායක විය හැක.
ආධාර මුදල් පහත ගිණුමට බැර කරන්න .

ගිණුම් අංක :-80426192 (H.K.A.Dhanushka )
ලංකා බැංකුව , අම්බලන්තොට ශාඛාව

Address

Siri Sunanda Ashramaya , Ekaka 11, Nagarawewa , Hambantota
Hambantota
82000

Telephone

+94760098795

Website

Alerts

Be the first to know and let us send you an email when siri sunanda ashramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to siri sunanda ashramaya:

Share