හිරිවඩුන්න බෝධිරාජ ආරණ්ය සේනාසනය

  • Home
  • Sri Lanka
  • Habarana
  • හිරිවඩුන්න බෝධිරාජ ආරණ්ය සේනාසනය

හිරිවඩුන්න බෝධිරාජ ආරණ්ය සේනාසනය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හිරිවඩුන්න බෝධිරාජ ආරණ්ය සේනාසනය, Religious Center, Hiriwadunna, Habarana.

දඹුල්ල සිට හබරණ ප්‍රධාන මාර්ගයේ 110 සහ 111 කිලෝ මීටර් කණු අතරින් ඇති හිරිවඩුන්න කන්ද මාර්ගයේ කි.මී. 1 ක් පමණ ගියවිට මෙම ඓතිහාසික ස්ථානයට ළඟාවිය හැකිය. ශ්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනය අති පෞරාණික වන අතර, අක්කර 8 කට වැඩි භූමි ප්‍රදේශයක් පුරා තැනින් තැන පුරාවස්තු දක්නට ලැබේ. ඒවා ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බව පුරාවිදුදරයන්ගේ මතයයි.

මෙය සැබැවින්ම පුරාවිද්‍යා භූමියක් වුවත් වර්තමානයේ මෙහි ආරණ්‍ය සේනාසනයක් පවත්වාගෙන යනු ලබයි. හබරණ වනයට මායිම්ව ඇති මෙම ස්ථානයට ඉඳහිට වන අලින්ගේ පැමිණීමද සිදුවේ. එහෙත් කිසිවෙකුටත් උන්ගෙන් හානියක් සිදුවී නැති බවද කිවයුතුය. මෙම පුරාවිද්‍යා ස්ථානය අවට වෙල් යායක්, ඇල මාර්ග හා හිරිවඩුන්න වැව පිහිටා තිබීමෙන් මෙම ස්ථානයේ ඇති දර්ශනීය බව තවත් වැඩිවී තිබේ. හිරිවඩුන්න වැවට ජලය සැපයෙන දැවැන්ත ඇල මාර්ග කිහිපයක්ම දක්නට ලැබේ. මෙම ස්ථානයේ දැකබලා ගත හැකි ස්ථාන කිහිපයක් මෙසේ දක්වා සිටිමු.

අති පෞරාණික බෝධීන් වහන්සේ
මෙම ආරණ්‍ය සේනාසනයේ ඇති වඩාත්ම වැදගත් ස්ථානය වන්නේ අති පෞරාණික බෝධීන් වහන්සේයි. එම බෝධීන් වහන්සේගේ වයස නිශ්චය කරගැනීම ඉතා අසීරු වුවත් බෝධීන් වහන්සේ දකින ඕනෑම අයෙකුට එහි පෞරාණිකත්වය සිතාගත හැකිය. උපකල්පනය කරන අන්දමට මුල්ම බෝධීන් වහන්සේගේ දිරාගිය කොටස් පවා තවමත්
වත්මන් බෝධීන් වහන්සේ තුළ වැඩසිටින අයුරක් පෙන්නුම් කෙරේ. කාලයාගේ ඇවෑමෙන් ඇතිවෙමින් නැතිවෙමින් අඛණ්ඩව වැඩෙන මෙම බෝධීන් වහන්සේගේ වටප්‍රමාණය මැනබැලීමට නම් වැඩුණු පුද්ගලයින් පස්
හය දෙනෙකු අත් අල්ලන් බෝධීන් වහන්සේ වට සිටිය යුතු බව දකින ඕනෑම අයෙකුට වැටහෙනවා ඇත. එසේම, මෙම බෝධීන් වහන්සේගේ සුවි‍ෙශ්ෂත්වයක්ද වෙයි. එනම්, බෝධීන් වහන්සේ තුළ ගිලීගිය ශෛලාසනයක් දක්නට ලැබීමයි. එම ශෛලාසනයෙන් කොටසක් පමණක් පිටතින් දක්නට ලැබේ. එය කුමන අන්දමක ශෛල ආසනයක් දැයි පැහැදිලි නැත. කෙසේ වෙතත් මෙවන් සංසිද්ධියක් දැකගත හැකි වෙනත් ස්ථානයක් ගැන වාර්තා නොවේ.

ගංගාවේ අවශේෂ
අතීතයේ මෙම ස්ථානය අසලින් ගංගාවක් ගලාගිය සලකුණු අදද දක්නට ලැබේ. එදා වසභ රාජ සමයේ එම ගංගාව හරස් කර බඳින ලද වේල්ල මෑය යුගයේ අලුත්වැඩියා කර ඇති නමුදු එම පුරාණ වේල්ල නටබුන් තවමත් ශේෂව දක්නට ලැබේ.

හිරිවඩුන්න වැව
ඉහත සඳහන් කළ ගංගාව හරස් කර බඳින ලද වේල්ල නිසා ඇතිවූ වැව හිරිවඩුන්න වැව වේ. අති විශාල වපසරියක පැතිර ඇති හිරිවඩුන්න වැව ප්‍රදේශයේ කෙත් වතු සාර කරමින් අනෙකුත් ජල අවශ්‍යතාද සපුරන නිධානයකි. ඇතැම් කාලවලදී මෙම වැව සම්පූර්ණයෙන්ම සිඳීයනු ද දක්නට ලැබේ.

Address

Hiriwadunna
Habarana

Alerts

Be the first to know and let us send you an email when හිරිවඩුන්න බෝධිරාජ ආරණ්ය සේනාසනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to හිරිවඩුන්න බෝධිරාජ ආරණ්ය සේනාසනය:

Shortcuts

Share