Monaragala Kalyanagawesi Thero

Monaragala Kalyanagawesi Thero වාසෙට්ඨයෙනි..,
මෙලොවෙහි ත්, පරලොවෙහි ත්,
ජනයා අතර ධර්මයම ශ්‍රේෂ්ඨ වෙයි..!

✨ තුන් ලෝකයකින් පුද පූජා ලබන, 🙏🏻🙏🏻🙏🏻 ස්වර්ණමාලී මහා සෑ රඳුන් අබියස පැවැත්වෙන උතුම් රාජකීය මහා දානමය පුණ්‍යකර්මය. සුපින්ව...
07/05/2026

✨ තුන් ලෝකයකින් පුද පූජා ලබන, 🙏🏻🙏🏻🙏🏻 ස්වර්ණමාලී මහා සෑ රඳුන් අබියස පැවැත්වෙන උතුම් රාජකීය මහා දානමය පුණ්‍යකර්මය. සුපින්වන්ත වූ ඔබටත් ජීවිතයට මහා පින්කමක් කරගන්නට දුර්ලභ අවස්ථාවක්... ✨

අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ රඳුන් යනු ජීවමාන බුදු රජාණන් වහන්සේ හා සමාන වූ, දෙවි මිනිස් සැමගේ උත්තම වන්දනාවට පාත්‍ර වන්නා වූ ලොව උතුම්ම සෑ රජාණන් වහන්සේය. එවන් වූ මහා සෑ රඳුන් අබියස, සම්බුද්ධ ශාසනයේ පැවැත්ම මෙන්ම බොහෝ ජනයාට හිතසුව පිණිස ජීවමානව පවත්වනු ලබන "රාජකීය මහා දානමය පුණ්‍යකර්මය" සඳහා ශ්‍රද්ධාබර දායකත්වය ලබාදීමට ඔබටත් දැන් අවස්ථාව උදා වී ඇත.

මෙම මහා පුණ්‍යකර්මයට පෞද්ගලිකව සහභාගී වීමට ඔබට අපහසු වුවද, සෑ රඳුන් පුදන මහා සංඝරත්නයට සහ සැදැහැවතුන්ට අවශ්‍ය පූජා භාන්ඩ පූජා කරමින් එයට පහසුව සැලසීම තුළින් අතිමහත් වූ ආනිසංස රැස්කරගැනීමට ඔබට උතුම් අවස්ථාව හිමිවෙ..👇🏻

පූජ්‍යපාද කල්‍යාණගවේසී ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා මාස හයකට වරක් සංවිධානය කරනු ලබන "රාජකීය මහා දානය" සඳහා දායකත්වය දැක්වීමට ශ්‍රද්ධාබර ඔබ සැමට මෙයින් ආරාධනා කර සිටිමු.

දායකත්වයන් ලබාදිය හැකි අයුරු:

🙏🏻 රන් ආලේපිත පාත්‍ර (07): රු. 60,000 බැගින්

🙏🏻 චාමර (සෙමර) (01): රු. 25,000

🙏🏻 පිත්තල පාත්‍ර (32): රු. 9,000 බැගින්

🙏🏻 රිදී ආලේපිත පාත්‍ර (05): රු. 45,000 බැගින්

🙏🏻 පිළිගැන්වීමේ රාජකීය තැටිය: රු. 17,000

බැංකු තොරතුරු:
📍 ලංකා බැංකුව (BOC) - ගොඩකවෙල ශාඛාව
📍 ගිණුම් නාමය: VEN M KALYANAGAWESI THERO
📍 ගිණුම් අංකය: 75926196

ඔබගේ දායකත්වය ලබාදුන් පසු, බැංකු රිසිට් පතේ ඡායාරූපයක් හෝ online transfer රිසිට් පතක පැහැදිලි ඡායාරූපයක් අපගේ WhatsApp අංකයට (076 4449467) යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදුන් දායකත්වය නිවැරදිව තහවුරු කරගැනීමට එය අපට මහත් පහසුවක් වනු ඇත.

වැඩි විස්තර සඳහා විමසන්න:
📞 WhatsApp: 076 4449467
🏠 ලිපිනය: එළමල්පෙ, රංවල, ගොඩකවෙල

මෙම උතුම් පුණ්‍යකර්මයට දායක වී ශාසනික මෙහෙවරට ශක්තියක් වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි! 🙏

මම මොණරාගල කල්‍යාණගවේසි ස්වාමින් වහන්සේ..මේ ෆේස්බුක් එකවුන්ට් එක මගේ නමින් හදපු වෙනත් ෆේක් එකවුන්ට් එකක්.මා හිතනවා කවුරු...
24/03/2024

මම මොණරාගල කල්‍යාණගවේසි ස්වාමින් වහන්සේ..
මේ ෆේස්බුක් එකවුන්ට් එක මගේ නමින් හදපු වෙනත් ෆේක් එකවුන්ට් එකක්.
මා හිතනවා කවුරු හෝ පවිටු අරමුණක් උදෙසා මේ ක්‍රියාව කරනවා විය හැකියි.

එනිසා, මෙම එකවුන්ට් එක රිපෝට් කරන්න..

ගොඩකවෙල කුලරත්න විද්‍යාලයේදී...
22/03/2024

ගොඩකවෙල කුලරත්න විද්‍යාලයේදී...

15/03/2024
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,                                                    අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ...
24/02/2024

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,
අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරවා හරින්නට සමර්ථ වන සේක්ද..?

පින්වත් ආනන්ද, ඔබ සහස්‍රී චූලනිකා ලෝක ධාතුව ගැන අහල තියෙනවද..?

" භාග්‍යවතුන් වහන්ස, මේ ඒ ගැන දේශනා කිරීමට සුදුසු කාලයයි. සුගතයන් වහන්ස, මේ ඒ ගැන දේශනා කිරීමට සුදුසු කාලයයි. භාග්‍යවතුන් වහන්සේ යමක් වදාරන සේක් නම්, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූන් එය මතක තබා ගන්නවාමයි "

එසේ වී නම් පින්වත් ආනන්ද, සවන් යොමා අසන්න...

පින්වත් ආනන්ද, යම්තාක් සඳ හිරුගේ ගමන් මග තිබෙනවා නම්, දිශාවන් බබලනවා නම්, ඒ තාක් තැන් සහස්‍රී ලෝක ධාතුවයි. ඒ සහස්‍රී ලෝක ධාතුවෙහි දහසක් චන්ද්‍රයන් තියෙනවා. දහසක් සූර්යයන් තියෙනවා. දහසක් සිනේරු පර්වත තියෙනවා. දහසක් දඹදිව් තියෙනවා. දහසක් අපරගෝයාන තියෙනවා. දහසක් උතුරුකුරු දිවයින් තියෙනවා. දහසක් පුර්ව විදේහයන් තියෙනවා. හාරදහසක් මහා සමුද්‍රයන් තියෙනවා. හාරදහසක් මහා රාජයන් ඉන්නවා. දහසක් චාතුම්මහාරාජික තියෙනවා.
දහසක් තව්තිසාවන්..
දහසක් යාමයන්..
දහසක් තුසිතයන්..
දහසක් නිම්මාණරතීන්..
දහසක් පරනිම්මිත වසවත්තීන්..
දහසක් බ්‍රහ්මලෝක තියෙනවා.
පින්වත් ආනන්ද, මේකට තමයි කියන්නෙ
" සහස්‍රී චූලනිකා ලෝක ධාතුව " කියල.

පින්වත් ආනන්ද, යම්තාක් සහස්‍රී චූලනිකා ලෝක ධාතුවක් වෙයිද, එබඳු වූ ලෝක ධාතූන් දහසක් ඇද්ද, පින්වත් ආනන්ද, මේකට තමයි'
" ද්විසහස්‍රී මජ්ඣිමා ලෝක ධාතුව " කියලා කියන්නේ.

පින්වත් ආනන්ද, යම්තාක් ද්විසහස්‍රී මජ්ඣිමා ලෝක ධාතුවක් වෙයිද, එබඳු වූ ලෝක ධාතුන් දහසක් ඇද්ද, පින්වත් ආනන්ද, මේකට තමයි'
" තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුව " කියල කියන්නේ.

පින්වත් ආනන්දය, තථාගතයන් වහන්සේ කැමති වන සේක් නම්, තිසහස්‍රී මහසහස්‍රී ලෝක ධාතුවටම කටහඬ අසන්නට සලස්වන්න පුළුවනි. තවත් කැමති වෙනවා නම් එයටත් එහා කටහඬ අසන්නට සලස්වන්න පුළුවනි."

" ස්වාමීනී,
භාග්‍යවතුන් වහන්සේ තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ස්වරය අසන්නට සලස්වන්නේ කොයි ආකාරයෙන්ද.? තවත් එහාට වුනත් කැමති සේක් නම් ස්වරය අසන්නට සලස්වන්නේ කොයි ආකාරයෙන්ද.?"

" පින්වත් ආනන්ද, මෙහිලා තථාගතයන් වහන්සේ තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුව ආලෝකයෙන් පතුරුවනවා. යම් කලෙක එහි සිටින සත්වයන් ඒ ආලෝකය හඳුනාගන්නවා නම්, එකල්හී තථාගතයන් වහන්සේ බ්‍රහ්මඝෝෂය කරනවා. ශබ්දය අසන්නට සලස්වනවා. පින්වත් ආනන්දය, ඔය ආකාරයටයි තථාගතයන් වහන්සේ තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ස්වරය අසන්නට සළස්වන්නේ."

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ හට මෙකරුණ පැවසුවා. "මගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මහා ඉර්ධි ඇති සේක්ද, මෙවැනි මහා ආනුභාව ඇති සේක්ද, එය වනාහී ඒකාන්තයෙන්ම මට ලාභයක්මයි. ඒකාන්තයෙන්ම මට ඉතා යහපත් ලැබීමක්මයි" කියල.

එසේ පැවසූ විට ආයුෂ්මත් උදායී තෙරුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් හට මෙය කිව්වා.

" කිම ආයුෂ්මත් ආනන්ද, ඔබගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මහා ඉර්ධි ඇති සේක් නම්,
මෙවැනි මහා ආනුභාව ඇති සේක් නම්,
මෙහිලා ඔබ කවුද ?"

මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි තෙරුන් හට මෙය වදාළා,
"පින්වත් උදායි, එහෙම කියන්න එපා !
ඉදින් උදායි, ආනන්දයන් රාගය ප්‍රහාණය නොකොට කලුරිය කරනවා නම්, ඔය ඇති වූ
චිත්තප්‍රසාදය හේතු කොට ගෙන සත්වරක් දිව්‍ය ලෝකයෙහි දිව්‍ය රාජ්‍යය කරන්නට පුළුවනි. මේ දඹදිව් තලයේම සත් වරක් මහා රාජ්‍ය කරන්ටත් පුළුවනි. නමුත් උදායි,
ආනන්දයන් මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා."

අංගුත්තර නිකාය - 1 ( තික නිපාතය )
ආනන්ද වර්ගයේ - දසවන සූත්‍රය.

🙏🙏🙏,,,... මෙවැනි මහා ඉර්ධියෙන් යුතු ආනුභාව සම්පන්න ශාස්තෘන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

🔴 දැන් චෛත්ති හදන්න කියලා කව්ද කිව්වේ? බුදුහාමුදුරුවෝ කිව්වද එහෙම? නෑ නේ?? අපිත් බෞද්ධ තමා ඒත් අපි නං අහලා නෑ එහෙම එකක්....
09/02/2024

🔴 දැන් චෛත්ති හදන්න කියලා කව්ද කිව්වේ? බුදුහාමුදුරුවෝ කිව්වද එහෙම?
නෑ නේ?? අපිත් බෞද්ධ තමා ඒත් අපි නං අහලා නෑ එහෙම එකක්..

🟢 උපතින් බෞද්ධ වෙලත්, ඔයාලා නොදන්නවා වුනාට, චෛත්ති හදන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා.. පරිනිබ්බාණ සූත්‍රයේත්, ථූපාරහ කියන සූත්‍රයේත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා චෛත්ති, එහෙම නැත්ත ස්ථූප හදන්න කියලා..

🔴 මොනාද දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ එකේ???
-------------------------------------------------------------------------
🟢 ආනන්දයෙනි, ස්ථූප තනවා පිදීමට සුදුසු මේ සිව් දෙනෙකි. ඒ කවර සිව් දෙනෙක් ද යත්;
(1). තථාගත අරහත් සම්මා සම්බුදුහු ස්ථූප තනවා පිදීමට සුදුසුයහ.
(2). පසේ බුදු රජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙති.
(3). තථාගතයන්ගේ ශ්‍රාවක තෙමේ ස්ථූප තනවා පිදීමට සුදුසු ය.
(4). සක්විති රජු ස්ථූප තනවා පිදීමට සුදුසු ය.
------------------------------------------------------------------------

🔴 හදන්න සුදුසුයි කියලනේ තියෙන්නේ.. හදන්න කියලා නෑ නේ..

🟢 හදන්න කියලත් ඒ සූත්‍රයේම තියෙනවා..
මේ බලන්න..
---------------------------------------------------------------------
ආනන්දයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි යම් සේ පිළිපදිත් ද, තථාගතයන්ගේ සිරුර කෙරෙහි ද, එසේ ම පිළිපැද්ද යුත්තේ ය. ""සිව්මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේ ය. ""
යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද, සකසා වන්දනා කරන්නාහු ද, සිත හෝ පහදවා ගන්නාහු ද, එය ඔවුන් හට බොහෝ කල් හිතසුව පිණිස වන්නේ ය.
---------------------------------------------------------------------

🔴 එහෙමද?? .. ඒත් ඉතින් මොකක් නිසාද චයිත්ති හදන්නේ? ඕවා හැදුවා කියලා දිව්‍යලෝකේ යන්න පුලුවන් ද? නිවන් දකින්න පුලුවන් ද?? ඕක නිකන් ගඩොල් ගොඩක් නේ..? බුදුහාමුදුරුවෝ එහෙම කොහෙවත් කියලා නෑ නේ??

🟢 ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා..
ඔව්..දිව්‍යලෝකේ යන්නත් පුලුවන්,නිවන් දකින්නත් පුලුවන්.. පරිනිබ්බාණ සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ ඒ ගැන දේශනා කලා..

---------------------------------------------------------------------
ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්මා සම්බුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙත් ද?
මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති. ආනන්දයෙනි, මෙකරුණ නිසාවෙන් තථාගත අරහත් සම්මා සම්බුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙති...
---------------------------------------------------------------------

🔴 හරි ඉතින් චෛත්ති හදලා දිව්‍යලෝකේ යන්න පුලුවන් උනාට නිවන් දකින්න පුලුවන් ද?චෛත්ති හදලා නිවන් දැකපු අය ඉන්නවාද?

🟢 ස්ථූපයක් හදපු පිනෙන් නිවන් දකින්න පුලුවන්.. එහෙම රහතන් වහන්සේලා හුගාක් හිටියා..
ඛුද්දක නිකායේ, අපදාන පාළිය කියන කොටසේ ඒ විස්තර තියෙනවා..
"පුලින ථූපිය" කියන මහ රහතන් වහන්සේ නාරද කියලා තරුණයෙක්ව ඉන්න කාලේ වැලි වලින් ස්ථූපයක් හදලා ඒ පිනෙන් තමයි නිවන් දකින්නේ...

ඊලගට පිළින්දවච්ච මහරහතන් වහන්සේත් පෙර ජිවිතයක චෛත්තියක් හදලා ඒ පිනෙන් තමයි නිවන් දකින්නේ..
එතකොට නාගසමාල,පභංකර, සුධා පිණ්ඩිය,සපරිවාරිය, උපවාන,කච්චායන කියන රහතන් වහන්සේලා අරහත්වයට පත්වෙන්න කර ගත්ත පින තමයි ස්ථූප හදන එක, ඒ ස්ථූප වලට පුද සත්කාර කරන එක..

🔴 එහෙමද? දැන් ඔය සූත්‍රේම කියනවා නේ රහතන් වහන්සේලාගේ ස්ථූප හදන්න කියලා..
ඉතින් බුදුහාමුදුරුවෝන්ගේ කාලේ රහතන් වහන්සේගේ චෛයිත්ති හදන්න එපැයි..එහෙම හදලා නැ නේ??

🟢 ඇයි නැත්තේ..බුදුරජාණන් වහන්සේගේ කාලෙම රහතන් වහන්සේලාගේ ස්ථූප හදලා තියෙනවා..
"භාහිය දාරුචීරිය" කියන රහතන් වහන්සේගේ දේහය ආදාහනය කරලා ස්ථූපයක් හදන්න කියලා බුදුරජාණන් වහන්සේම වදාලා..
ඛුද්දක නිකායේ "බාහිය සූත්‍රයේ" මේ විස්තරේ තියෙනවා..

🔴 එහෙමද..අපි ඕවා දැනන් හිටියේ නෑ නේ..
හරි..බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා චයිත්ති හදන්න කියලා.. චෛත්ති හැදුවම දිව්‍යලෝකේ යන්නත් පුලුවන් ,නිවන් දකින්නත් පුලුවන්.. ඒ ඔක්කොම හරි..
ඒත් ඇයි මේ හැම තැනම චයිත්ති හදන්නේ.???
එකක් හැදුවනං ඉවරයි නේ..බුදුහාමුදුරුවෝ කියලා නෑ නේ චයිත්ති ගොඩක් හදන්න කියලා??

🟢 ඇත්තටම එක ස්ථූපයක් විතරක් හදපු බුද්ධ සාසනයත් තිබ්බා..
ඒත් අපේ බුදුරජාණන් වහන්සේ අනුසාසනා කලා, දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස බොහෝ ස්ථූප හදන්න කියලා..
ඒකට හේතුවක් තියෙනවා..

අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ ඉතා කෙටියි..අවුරුදු 80යි..
හැබැයි මීට පෙර බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ඉතා දිගයි..
කාෂ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000ක් වෙනවා..
වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ කලේ ආයුෂ 60,000 ක්..
ඉතින් ඒ කාල වල බුද්ධ සාසනය බොහෝ ප්‍රදේශවල පැතිරෙනවා..බොහෝ පිරිස් ධර්මය අවබෝධ කරනවා..
ඒ අවුරුදු දීර්ඝ කාලය ඇතුලේ ධර්මයෙන් ප්‍රයෝජනය ලබා ගන්න අය ප්‍රයෝජනය ගෙන අවසන් වෙනවා...
ඒ නිසාම හැමතැනම බුදුරජාණන් වහන්සේගේ ස්ථූප තනවන්නේ නෑ.. තනවන්නේ එකම එක ස්ථූපයක් විතරයි.
කාෂ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඒකඝන බවට පත්වෙලා ඒ ශ්‍රී දේහය තැන්පත් කරලා, එකම එක රත්තරං සෑයක් හදනවා..
ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ "ඝටිකාර" සුත්‍රයේ වදාලා..

හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ ඉතා කෙටියි..ඒ කාලේ පරම ආයුෂ 120යි.
ඒක නිසා බොහෝ ප්‍රදේශවල ධර්මය ව්‍යාප්ත වුනේ නෑ.. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් තව බොහෝ පිරිසක් හිටියා ධර්මය අවබෝධ කරන්න පුලුවන් අය..
අන්න ඒ හේතුව නිසාම අපේ බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑවම ශ්‍රී දේහය කාෂ්‍යප බුදුරජාණන් වහන්සේගේ වගේ තනි දේහයක් බවට පත් වෙන්නේ නෑ..
දාතූන් වහන්සේලා තැන්පත් කරලා එක ස්ථූපයක් විතරක් හදන්නේ නෑ..

අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම ඉර්ධියක් කරනවා තමන්ගේ දේහයේ සියලු අස්ථි, කුඩා ධාතුන් වහන්සේලා බවට විසිරෙන්න කියලා..
එහෙම කරන්නේ..ගමක් ගමක් ගානේ ඒ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා ස්ථූප හදලා අහිංසක මිනිස්සුන්ට පින් රැස් කරගැනීමේ අදහසින්..
පිං කරගෙන සසර දුකින් නිදහස් වීමේ අදහසින්..

අන්න ඒකයි අදටත් ලංකාව පුරා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්ථූප ඉදිකරන්නේ..
අශෝක රජතුමා ස්ථූප 840000 ක් හදනවා ඉන්දියාවේ..
ලංකාවේ රජවරු පවා ගමක් ගමක් ගානේ ස්ථූප ඉදිකලා..අපේ අවාසනාවට අද ඒවගේ සලකුණක් වත් නෑ..

දැන් බලන්න රුවන්වැලි සෑය, ජේතවනාරාමය,මිරිසසැටිය, ථූපාරාමය හදලා තියෙන්නේ එකකට එකක් පේන දුරින්..ඒ කාලේ රජවරුවත්,මිනිස්සුවත් බැන බැන හිටියේ නැ හැම තැනම චෛත්ති හදනවා කියලා..ශ්‍රද්ධාවෙන් ඒවා හැදුවා..වන්දනා කලා.. ඒක නිසාම ඒ කාලේ අපේ රට හුගාක් දියුණු රටක් වුනා..

🔴 ඉතින් ඔය හැම චයිත්තියකටම ඔච්චර ධාතුන් වහන්සේලා කොහෙන්ද???

🟢 බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කලානේ ධාතුන් වහ්න්සේලා විසිරෙන්න කියලා..
එතකොට ලලාඨ ධාතුන් වහන්සේ,අකු ධාතුන් වහන්සේ ලා දෙනම , ග්‍රීවා ධාතුන් වහන්සේ, සතර දන්ත ධාතුන් වහන්සේලා හැරෙන්න්ට අනෙක් සියලු අස්ථි කොටස් කුඩා ධාතූන් වහන්සේලා විදියට වෙන් වුනා..

මුං පියලි ප්‍රමාණයේ නැලි 5ක්,
කඩ සහල් ප්‍රමාණයේ නැලි 5ක්
සහ අබ ඇට ප්‍රමාණයේ න් නැළි 6ක්
විදියටයි මේ ධාතුන් වහන්සේලා වෙන් වුනේ..

ඔය නැළි 16න් නැළි 2 ක ප්‍රමාණයක් රුවන්වැලි සෑයේ වැඩ ඉන්නවා..එතකොට ඉතුරු නැලි 14 ධාතුන් වහන්සේලා කොච්චර ඇත්ද?

අපි නිකමට හිතමු නැළියක් කියන්නේ හාල් මනින හුණ්ඩු හතරක් කියලා..ඒ හතරකට අබ ඇට දැම්මොත් අබ ඇට කොච්චර තියෙයි ද කියලා හිතන්නවත් පුලුවන් ද???
හුණ්ඩු 4ක අබ ඇට 1000ක් තිබ්බත් 6 ක තියෙනවා 6000ක්.. එතකොට කඩසහල් ප්‍රමාණයේ සහ මුං පියලි ප්‍රමාණයේ ඒවත් කොයි තරම් ඇත්ද? ඔබට ඒ ගාන හිතා ගන්නවත් බෑ..

ඇත්තටම දැන් ස්ථූපවල තියෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණය බැලුවොත් ඊට වඩා සිය ගුණයක විතර ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් කොහේ හරි සැගවිලා ඇති..

🔴 බලන් ගියාම, උපතින් බෞද්ධ උනත් අපි බුද්ධ සාසනේ ගැන මෙලෝ දෙයක් දැනන් ඉදලා නෑ නේ..
ඇත්තටම ඔය විස්තර අපි කලින් අහලා තිබ්බේ නෑ..පුදුම හිතෙනවා අහනකොට.. මිනිස්සු කාගේ හරි බොරුවක් අහලා කොයිතරම් නං පව් පුරව ගන්නවද??

🟢 ඔව්..මිනිස්සු නොදන්නා කම නිසාම පව් පුරව ගන්නවා..හැබැයි එහෙම කියලා විපාක වල අඩුවක් නෑ...නොදැන කරන පවේ විපාක වැඩියි.. කවුරුත් කියන ඒවා අහන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මොකක් ද කියලා හොයලා බලන්න..

🔴 ඔව්..ඔබ හරි..නමට විතරක් බෞද්ධ කියලා කියන අය කියන ඒවා අහලා මං ආයේත් පව් කර ගන්නේ නෑ..උපතින් බෞද්ධයෙක් හැටියට මං බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකක් ද කියලා හොයලා බලනවා.. රටේ කොහේ හරි හැදෙන ස්ථූපයකට මං උපස්ථාන කරනවා..ඒ පිනෙන් මං දවසක සසර දුකින් නිදහස් වෙනවා.. 🙏🙏🙏

--------------------------------------------------------------------
මෙම පිළිසඳර, නුවණින් විමසා යමක් කමක් තේරුම් ගතහැකි, බුද්ධිමත්, ප්‍රඥාවන්තයෙකු සමඟ කල පිළිසඳරක් බව කරුණාවෙන් සලකන්න..
------------------------------------------------------------------------
මහා පරිනිබ්බාන සූත්‍රය
https://tripitaka.online/sutta/182

බාහිය සූත්‍රය
https://tripitaka.online/sutta/11906

වැලි වලින් චෛයිත්තියක් හදලා නිවන් දැකපු "නාරද"..
https://www.facebook.com/share/p/6SpYe84sG6RLRsSc/?mibextid=oFDknk

🙏🙏🙏,මේ මිහිමතට කලාතුරකින් පහළ වෙනසකල ලොවම අවබෝධ කොට වදාළ ශාක්‍ය මුනින්ද්‍ර ගෞතම අරහත් සම්බුදුරජුන්ට අපගේ නමස්කාරය වේවා 🙏...
08/02/2024

🙏🙏🙏,
මේ මිහිමතට කලාතුරකින් පහළ වෙන
සකල ලොවම අවබෝධ කොට වදාළ
ශාක්‍ය මුනින්ද්‍ර ගෞතම අරහත්
සම්බුදුරජුන්ට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏...!

07/02/2024

පුලුවන් විදියට තවත් කෙනෙකුට යමක් දං දෙන්න පුලුවන් හිතක් හදාගන්න ඕන"

දීමෙන් හොද දීම සංඝනට දං දීම..//
කියා නිවැරදි විය යුතුය🙏...!

Address

Elamalpe
Godakawela

Telephone

+94764449467

Website

Alerts

Be the first to know and let us send you an email when Monaragala Kalyanagawesi Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Monaragala Kalyanagawesi Thero:

Share