Sri Bodhi Rukhakarama Purana wiharaya - Gampola

Sri Bodhi Rukhakarama Purana wiharaya - Gampola Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Bodhi Rukhakarama Purana wiharaya - Gampola, Buddhist Temple, වීගුලවත්ත පාර , මාලිගාපුරණ, Gampola.

බොහෝ දෙනා මේ කාලයේ නිවන් අවබෝධ කරන්නට නොහැකි යැයි සිතයි. තවත් අය සිතන්නේ මාර්ග ඵල නිවන් අවබෝධ කරන්නට නම් මහණ විය යුතුමයි...
14/06/2024

බොහෝ දෙනා මේ කාලයේ නිවන් අවබෝධ කරන්නට නොහැකි යැයි සිතයි. තවත් අය සිතන්නේ මාර්ග ඵල නිවන් අවබෝධ කරන්නට නම් මහණ විය යුතුමයි කියාය. මේ මත දෙකම වැරදිය. අදද ශාසනය දීප්තිමත්ය. ප්‍රතිඵල ලබා ගත හැකිය. ගිහිව සිටිමින් වුව නිවැරදිව මාර්ගයේ ගමන් කොට නිවන් අවබෝධ කර ගත හැකිය. එවැනි අය බොහෝ ඇත.

සමහරු විමසන්නේ "නිවන් අවබෝධ කරගත්තා නම් ඒ අය කෝ" කියාය. ඔවුන් විමසන්නේ එසේ නිවන් අවබෝධ කරගත්ත අය සමාජය ඉදිරියට පැමිණ "මම සෝවාන්" ආදී ලෙසින් ප්‍රසිද්ධියේ පවසාවි කියාය. එය එසේ සිදු නොවේ. ධර්මය අවබෝධ වන්නට වන්නට නිහඬ ප්‍රතිපත්තියකට යෑම සිදුවේ. විශේෂයෙන්ම අද වැනි සමාජ වටපිටාවක, මිනිසුන්ගේ කෙලෙස් බහුල වී ඇති වටපිටාවක, අසත්පුරුෂ ධර්ම රජයන විටෙක නිහඬවම ප්‍රතිපත්ති පූරණය කරන්නට ඔවුන් පෙළබ වේ. සෘධි අභිඥ්ඥා ඇති අය සිටී නම් ඒ අය ප්‍රසිද්ධියේ ඒවා පැමිණ මිනිසුන්ට ප්‍රකාශ කරයි යැයි සිතීම මුලාවකි. අහසින් යෑම, නොයෙක් දෑ මැවීම ආදී දෑ වුව සිත දියුණු කර ගත් කල් හි කල හැකි වූවද අද එවැනි අය බහුලව නොමැති විය හැක. නමුත් සිටිය හැක. අන් අයගේ සිත් බැලීම, දෙවියන්, බ්‍රහ්මයන් හා පණිවිඩ හුවමාරු කර ගැනීම ආදී හැකියාවන් ඇති අය නම් මේ සමාජයේ සිටී. මේවා ඉන්ද්‍රජාල නොවේ. සිත පිරිසිදු වත්ම, සීලය පිරිසිදු වත්ම මේවා හේතු ඵල ලෙස ලැබෙන දේවල් ය.

අද බොහෝ දෙනා ශීලය ගැන දන්නේවත් නැති තරම් ය. නමුත් ශීලයේ බලය අති මහත්ය. දෙවියන්ගේ අපමණ අශිර්වාදය උපකාර ලබා ගත හැකි පහසුම ක්‍රමය සිල්වත් වීමය. පළතුරු වට්ටි ඔසවාගෙන දේවාල පසුපස යන්නට උවමනා නැත. දෙවියන් ඔබ අසලම රැදී සිටිමින් ඔබව සුරකිනු ඇත. අමනුෂ්‍යන් පලා යනු ඇත. සීලය එතරම්ම බලවත්ය. සීලය යනු තමන් තමන්ට අවංක වීමය. කයෙන් හෝ වචනයෙන් හෝ පවක් නොකොට සංවර වීමය. අවම වශයෙන් පන්සිල් පද පහ රැකීම ප්‍රමාණවත්ය. නිවන් මාර්ගය ආරම්භ වන්නේදේ සීලයෙනි.

නිවන් අවබෝධ කරගන්නට නම් කළ යුත්තේ එකම දෙයකි. ඒ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමයි. පළමුවෙන්ම අවබෝධ කරගත යුත්තේ මේ උඩුගම් බලා යෑමක් බවයි. තණ්හාව ක්ෂය කිරීමේ මාර්ගය බවයි. ලෝකයේ අන් අය කරන දේවල්ම කරමින් සිට ඒ ආකාරයෙන්ම සිත් පවත්වා ගනිමින් ලබා ගත හැකි නිවනක් නැත. පළමුව එය අවබෝධ කරගත යුතුය.
නිවනට යොමුවුණ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම පළමු කාරණයයි. එයින් ප්‍රඥාව වැඩේ. නමුත් එය ප්‍රමාණවත් නොවේ. අවුරුදු ගණන් දේශනාම අසමින් නමුත් කිසිඳු ප්‍රතිපලයක් නොගත් පිරිස් බහුලය . අවශ්‍ය වන්නේ ඒ අසන ධර්මය ප්‍රායෝගිකව අත්දැකීමයි. ශෘතමය ඥාණය , චින්තාමය ඥාණය, ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකීම ලෙසින්ම දියුණු විය යුතුය. ඇසීම, අන් අයට ඒ අසන ලද දේ කියා දීම පහසුය. නමුත් ඒවා ජීවිතයට එකතු කර ගැනීම, සමාධිය තුළින් ඒවා අත්දැකීම අනිවාර්යෙන්ම කළ යුතුය.

ගිහිව රැකියා කටයුතු කරමින් නිවන් මාර්ගය පූරණය කිරීම අපහසු නැත. ඒ සඳහා ඔබ ප්‍රතිපත්තියක් තබා ගත යුතුය. කාය විවේකය සලසා ගැනීම පළමු පියවරයි. භාවනා කිරීමට කාලය අනිවාර්යෙන්ම සකසා ගත යුතුය. යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් විය යුතුය. මේවා අපහසු නැත. අවශ්ය වන්නේ වීර්යයයි. පළමු කාරණාව නම් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයයි. ලෞකික දේවල් වලම නිමග්නව සිටින අය ආශ්‍රය අවම කළ යුතුය. එය අපේ ගමනට බාධාවකි. නෙක්ඛම්ම සිතිවිලි වැඩෙන කතා වල පමණක් යෙදිය හැකි නම් ඔබේ ගමන වේගවත්ය. අන් කතා හැකි තරම් මග හැර අවශ්‍යම විටෙක පමණක් කුඩා ප්‍රතිචාරයක් දක්වන්න. නමුත් සිත රැක ගන්න. භාවනාවට කාලය වෙන් කරගත යුතුමය. මේ සියල්ලෙහි පවතින මුලාව ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැකිය හැක්කේ සමාධිමත් සිතකින් පමණි.

ඔබේ දුවන සිත නතර කරගන්න. අති වේගයෙන් සියල්ල නැති වී යන අයුරු දකින්න. අනිත්‍ය කෙතරම් ප්‍රකටද යන්න ඔබටම තේරෙනු ඇත. ඇස් ඇර ලෝකය දෙස බැලූ විට අවට ලෝකයේ නැතිවීම පෙනෙනු ඇත. ඇස් වසා බැලූ විට තම කයේ සිතේ නැතිවීම පෙනෙනු ඇත. අප මේ අල්ලාගෙන මගේ කර ගන්නට හදන්නේ අති වේගයෙන් ගෙවෙමින් විනාශ වී වැය වී යන හිස්ම හිස් සංස්කාර ගොඩක් පමණි. මොහොතක් පාසාම වැය වේ. අතීතයේ දේවල් වලින් කුමක්ද අද ඉතිරි වී ඇත්තේ. මැරුණු අය මොනවද රැගෙන ගියේ. මේ සියල්ල විපාක ශක්තියක් පමණි. තම තමන් රැස් කරගත් දේ තම තමන්ම ගෙවා දැමීමකි. ඒ ගෙවීම අතරදී තවත් ගෙවන්නට කර්ම රැස් කරගනී. එකම පුද්ගලයෙකුගේ තව ඉදිරියට ගෙවන්නට ඔහු දැනටමත් රැස් කරගෙන ඇති කර්ම ප්‍රමාණය තබන්නට මේ විශ්වයේත් ඉඩ මදිය. ඔබට තව ඉදිරියට ගෙවන්නට තිබෙන භව ගමන සංඛ්‍යාවකින් ලියා දැකිවිය නොහැක. එය අනන්තය. ඒ භව ගණන හැදෙන්නේ මේ මොහොතේ ඔබේ සිතේය. ඔබේ සිතේ පහළවන සංස්කාරයන් නිසාය. සරලව කියනවානම් සිතිවිලි නිසාය. සංස්කාර පච්චයා විඥාණං යනු එයයි. සෑම සංස්කාරයක්ම උපාදනයෙන් අල්ලා ගැනීම නිසා ඉදිරියට තවත් විඥාණ පහළ වෙයි. මෙය සෑම මොහොතකම සිදුවේ. උපාදාන පච්චයා භවෝ... මෙය කියවන මොහොතේත් ඔබ සකසන්නේ ඔබේ භවයයි.

සසර ගමන යනු අති භයානක නිෂ්ඵල දෙයකි. බුදු පියාණන් නැවත නැවත කියා දුන්නේ එයයි. ඒ බුදු වදන පසෙකලා ඔබ මේ දුවන්නේ කුමන මිරිගුවක් පසුපසද... බොහෝ දෙනා කියන්නේ " හාමුදුරුවරු මෙහෙම වැරදි ඉතින් අපි කොහොමද අපේ හිත් හදාගන්නේ, අරයා මෙහෙමයි... ඉතින් අපි කළාම මොකද " වැනි මෝඩ කතාය. කවුරුවත් ඔබේ සසරට වග කියන්නෙ නැත. තම තමන් කර ගන්නා දේ තම තමන් පසු පස ඒමක් පමණි. සසර යනු නඩු අසන තැනක් නොවේ. කා නිසා කරගත්තද යන්න අදාල නොවේ. තම සිතේ හටගත් ක්ලේස වලට අනුව තමන්ට විපාක ලැබෙනු ඇත.සමාජ සාධාරණත්වය හොයන්නේ මේ මූලික කර්මය හා කර්මඵලය පිළිබඳ සම්මා දිට්ඨියවත් නොමැති අයයි. ඔවුන්ගේ ඒ දැක්ම වැරදිය. කිසිවක්ම අසාධාරණ නැත. අතීත කර්ම ගෙවා දැමීමක් පමණි. ඔබ රැස් කළ දෑ වෙන කෙනෙක්ට විපාක නොදෙයි. ඔබේ ඉදිරි භවය සකසාගන්නේ ඔබේ සිතමය. අන් කෙනෙක්ගේ ක්‍රියා කලාප එයට හේතු විය හැක. නමුත් ඔබේ සිතේ හටගන්නා දෙයෙහි වගකීම ඔබේය. සිත රැකගන්න කියා කියන්නේ එබැවිනි.

ඔබ සිත පිරිසිදු කරගෙන සමථ විදර්ශනා භාවනා වැඩූ විට ඇසින් නොදකින බොහෝ දෑ ඔබට අවබෝධ වනු ඇත. කියා නිමකළ නොහැකි අති වේගයකින් සියල්ල අනිත්‍ය වී යන අයුරු දැකිය හැක. සියල්ල වැය වී නැති වී භංග වී යන අයුරු දැකිය හැක. ඇතිවන්නට පෙරම වැයවී යෑම ප්‍රකට වනු ඇත. මේ සියල්ලම විදර්ශනා ඥාණය. ඒවා අත්දකින්නට නම් හුදෙකලාව භාවනා වැඩිය යුතුය. මේ සිතේ පවත්නා සංඥා මුලාවෙන් අපව රවටන අයුරු දැකිය හැක. මහා නිබ්බිදාවක් ඇති වේ. එයත් සංස්කාරයකි. සියළු දෙනා ගැන කරුණාවක් ඇති වේ. සෑම දෙනාම කරන්නෙ ඒ ඒ මොහොතේ සංස්කාර උපාදාන කිරීමක් පමණි. සරල කොට කියන්නේ නම් ඒ ඒ මොහොතේ ඉන්ද්‍රියන්ට හසුවන දෑ අල්ලාගෙන ඒවායේ පැටළීම පමණි. තවත් සරලව කියනවානම් ඒ ඒ වෙලාවේ අල්ලා ගෙන ලොකු කර ගැනීමක් පමණි. මීට වසර දහයකට පෙර ඔබ අල්ලාගෙන සිටි දේ දැන් වෙනස්ය. දැන් අල්ලාගෙන සිටින දේ තව අවුරුදු ගණනකින් වෙනස් ය. මැරී වෙනත් භවයක ඉපදුණු විට ලොකු කරගන්නේ ඊට අදාල දෙයකි. මේවා මහා මුලාවක් බව ඔබට අත්දකින්නට හැකිය.

අද ඔබ වෛද්‍යවරයෙක් නම් ඔබේ ලෝකය සැත්කම්, ලෙඩුන්, බෙහෙත්, ඉගෙන ගැනීම් ආදියය. මේ මොහොතේ මැරී ප්‍රේත ලෝකයට ගියා නම්, එක් ක්ෂණයක් තුළ ඔබේ ලෝකය වෙනස් වේ. ඔබේ ලෝකය සෙම් සොටු ටිකකි. කුසට ආහාරයක් සොයා ගැනීම එකම අරමුණයි. මේ භයංකාර සසර දෙස නුවණින් දකින්න.. සිත දියුණු කරගෙන මේ සත්‍ය දකින්නට උත්සාහ කරන්න. හොදයි ප්‍රසිද්ධයි කියා සිතා සමාජයේ වැදගත් තැන්වල සිටී බොහෝ දෙනා ප්‍රේත ලෝක වල සිටිනා අයුරු ඔබම අත්දකින්න. බොහෝ ප්‍රේතයන් දරුණු අපරාධ කළ අය නොවේ. පින්කම් පවා කරමින් සිටි අයයි. නමුත් මැරෙන වෙලාවේ කුමක් සිහි වුණා දැයි අප නොදනිමු. ඒ අනුව ඔවුන්ගේ භවය සැලසෙයි.. මියගිය ගායකයන්, නළුවන්, දේශපාලඥයන් වැනි ප්‍රසිද්ධ චරිත අද ඉතා අසරණව ලක්ෂ ගණන් ප්‍රේතයන් අතරම දුක් විඳින බව දන්නවාද... ඔබ සුර ලොව සිටිනවායැයි සිතා සතුටුවන බොහෝ දෙනා සිටින්නේ සතර අපායේය. මේවා පුදුම වන්නට කරුණු නොවේ. බුදු රජාණන් වහන්සේ ගැන ජීවිතය පූජා කරත් මදි යැයි හැඟෙන අපමණ ශ්‍රද්ධාවකින් සිත පිරී ඉතිරී යන්නේ මේ සත්‍ය දකින්නට දකින්නටය.

හොදින් හැද පැළඳ කතා බස් කරන ක්‍රියා කරන අයගේ සිත් වල ස්වභාවය ඔබට දකින්නට හැකිනම් එයින්ම මේ සසර එපා වී යනු නො අනුමානය.. හොද සිතක් සොයා ගන්නට නොහැකි තරම් අඳුරු කළුම කළු සිත් මේ ලෝකයේ බහුලව ඇත්තේ. ඒ අතරින් සිල් ගුණ දම් පුරන අය මැණික් කැට මෙන් බබලයි. ඔබම සිතා බලන්න ඔබේ සිතේ ස්වභාවය.
අවසානයේ ඔබට අදාල වන්නේ එයම පමණි.. ඔබේ උගත්කම්, සමාජ තරාතිරම්, වත් පොහොසත්කම් තව අවුරුදු කීපයකටය වැඩිම වුණොත්.. ඊළඟ මොහොතේ මිය යා හැකියි. ඔබට අදාල වන්නේ ඔබ වඩන ලද සිත පමණි. මරණාසන්න අත්දැකීමක් ලබා ඇත්නම් අවබෝධ වනු ඇත සිතේ අනාත්මය. ඔබට සිත සිතා ගන්නට කිසිවක් නැත. සිතට පහළ වන සිතිවිලි කොහේ සිට ආවාදැයි ඔබටම සිතා ගත නොහැකි වනු ඇත. අතිශයින්ම පුහුණු කළ සිතක් පමණක් ඒ වඩන ලද සිත ඉදිරියට එනු ඇත. කුමන මාරාන්තික දරුණු වේදනාවක සිටියද ධ්‍යාන සිත, ඵල සිත ආදිය ඉදිරියට පැමිණ ඔබේ ඉදිරි භවය සකසා දෙනු ඇත. එයයි අකාලික ධර්මය.. බුදු රජාණන් වහන්සේ නැතිනම් අපට කාගේ සරණක්ද...

ශ්‍රද්ධාවම පිහිටුවා ගන්න. ධර්මය දකින්නට දකින්නට බුදු පියාණන් වහන්සේ ගැන මතුවන ශ්‍රද්ධාව නිමක් නැත. ධර්මය තුළින්ම බුදු රජාණන් වහන්සේ දකින්න.
සත්පුරුෂ භූමියේ වාසය කරන්න.

ඔබට තෙරුවන් සරණයි....!!!!

25/12/2023
19/05/2022

මාළිගාපුරණ පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් හා දැඩි කැපවීම මත 2022 වර්ෂයේ වෙසක් පුන් පොහෝ දිනයට සමගාමීව පැවැත්වුණු බැති ගී සරණිය වර්ණවත් කරගැනීමට සහය දැක්වූ අපගේ ගෞරවනීය ආරාධනාවෙන් වැඩම කල උඩ පළාත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛාධිකාරී රතනඝර විහාරාධිපති බෝවල විමලධම්ම නායක ස්වාමින් වහන්සේටත්, ගඟ ඉහළ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛාධිකාරී හතුගොඩ ශ්‍රී විජයාරාම විහාරාධිපති ස්වාමින් වහන්සේටත්, ගම්පොළවෙල ආරාමයේ මෙහෙණින් වහන්සෙලා දෙනමටත් නමස්කාර පූර්වකව ස්තූතිය පුද කරමි.

එමෙන්ම මාගේ ආරාධනාවෙන් බැති ගී සරණිය වර්ණවත් කරගැනීමට මා හට සහයෝගය ලබාදුන් උත්පලා මියුසික් ඇකඩමි ආයතනයේ විශාරද සයනි උත්පලා දියණිය ඇතුලු වාදන මණ්ඩලයටත් මාගේ කෘතඥ පූර්වකව ස්තූතිය පුද කරමි.

නර්ථන අශයට යූ. ජී. ලක්ශිත උක්වත්ත දරුවාව ලබා දී එයට සහයෝගය දැක්වූ දෙමව්පියන්ටත් , ඉන්ද්‍රජෝති දහම්පාසලේ දරුවන්ට සහ නැණස්කා පෙර පාසලේ දරුවන්ට වගේම එම දෙමව්පියන්ටත් ස්තූති වන්ත වෙමි.

තවද වැසි නොතකා වේදිකාව නිර්මාණය කර ගැනීමට කැපවූ හිතවත් දෙමව්පියන්ටත්, වේදිකාව ශබ්ද විකාශන යන්ත්‍ර , වාදන භාණ්ඩ හා දරුවන් සඳහා ත්‍යාග ලබා දීමෙන් සහයෝගය දැක්වූ සියළු දෙනාටත් මා පිටු පසින් මා දිරිමත් කරමින් මෙම කාර්‍ය සාර්ථකතක කරගැනීමට විශාල සහයෝගයක් ලබා දුන් ගණිත ගුරු රුමේණිකා ප්‍රියදර්ශනී ගුරුතුමියටත් දායක සභාවේ සියළුම දෙනාටත් උත්සවය සඳහා සහභාගී වෙමින් අපට සහයෝගය දක්වමින් දරුවන් දිරිමත් කල ප්‍රදේශ වාසී සියලුම දෙනාටත් හද පිරි ස්තූතිය පුද කරමි.

Address

වීගුලවත්ත පාර , මාලිගාපුරණ
Gampola
20500

Telephone

+94772450125

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bodhi Rukhakarama Purana wiharaya - Gampola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share