සියොන් ගිර - To The Siyon

සියොන් ගිර - To The Siyon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සියොන් ගිර - To The Siyon, Religious organisation, Minuwangoda, Gampaha.

12/07/2024

ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සහ
*තෝරාගත්*
"යදන්ඩකින් ආණ්ඩු කරනා " තැනැත්තා ❓‼️

***ජේසුගේ නැවත පැමිණීමේදී අප සිතනා පරිදි උන්වහන්සේ එක් වරම පැමිණ ;
ඉරිඟු සහ තිරිඟු එසේ නොමැතිනම් බැටළුවන් සහ එළුවන් එක්වරම වෙන්කොට විනිශ්චය කිරීම සිදුකරයිද ?***

📖️📖️ එළිදරව් 02: 26- 28 පද
අන්තිම දක්වාම මාගේ ක්‍රියා නොපිරිහෙලා ඉටුකරන ජයග්‍රාහක යා ට ,
පියාණන් වහන්සේ ගෙන් මා ලැබූ ලෙස ,ජාතීන් කෙරෙහි බලය පවරා දෙමි.
මැටි බඳුන් සුනුවිසුනු කරන්නාක් මෙන් ඔහු ඔවුන් යදණ්ඩකින් ආණ්ඩු කරන්නේය....

➡️ ජේසුගේ පෙරමග සලසන්නා ස්නාවක යොහන් ය..
ඔහු උන්වහන්සේ වඩින්නට පෙර ,උන්වහන්සේගේ පෙරමග සලසන්නා වූයේය..
කදුහෙල් සමතලා කරන්න ටත් , උස් තැන් මිටි කරන්නටත් දෙවියන් වහන්සේ ඔහු එවූ සේක..

කදුහෙල් සමතලා කිරීම යනු උදලු හෝ වෙනත් උපකරණ ගෙන පස් කපා මාර්ගයක් තැනීම නොවන බව අපි දනිමුව..

🔽 එදා සමාජයේද අද මෙන්ම දරදඩු සිත් ඇති අප වැනිම වූ හිතුවක්කාර ,
දැක දැකම නොදකින ,අස අසාත් තේරුම් නොගන්නා මනුෂ්‍යයන්ගෙන් පිරි එකක් බව එම වචන ගැඹුරින් අධ්‍යනය කිරීමෙන් වැටහේ..

🔽 නෝවාගේ කාලයේද එසේමය..
නෝවා නැව සාදන විට අවසානය තෙක් ඔහුට උසුලු විසුලු කරමින් ,අවාහ විවාහ වෙමින් ,කමින් බොමින් ප්‍රීති වෙමින් දේව වචනය මායිම් නොකරමින් ,
ඔවුන්ගේම විනාශය අත්දුටුහ..

➡️ ජේසුස් වහන්සේ මේ පවසන්නේ උන්වහන්සේ ගේ දෙවන පැමිණීම ට පෙර තවත් ආණ්ඩුකාරයෙක් ,
නමුත් ස්නාවක යොහාන්ටත් වඩා බලසම්පන්න
"තෝරාගත් කෙනෙකු "
එවන බවයි...

**පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි බලය දෙන්නෙමි..**

ජේසු තව දුරටත් කියනව ,

📖️📖️ එළිදරව් 22:16
ජේසිස් වන මම මේ දේවල් උදෙසා සාක්ෂි දෙන පිණිස මාගේ දූතයා එවමි..
මම දීප්තිමත් පහන් තාරකාවය.

ජේසු ගේ පළමු පැමිණීමේදී උන්වහන්සේ කියනව
පියාණන්ගේ කැමැත්ත ඉටුකරණ පිණිස ආවෙමි කියල ..

මෙවර උන්වහන්සේ කියනව ***පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස ***

එසේනම් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ..

තවත් යොහාන් කෙනෙක් ,තවත් පෙරමග සලසන්නෙක්,ඊටත් වඩා විනිශ්චයේ බලය දුන් බලවත් කෙනෙක් උන්වහන්සේ ට පෙරටුව සිටින බව දේව වචනය අපට සාක්ෂි දෙනව..

➡️ නෝවා කොපමණ කීවත් තම සිත් දැඩිව තබාගෙන විනාශය උරුම කරගත් ඉතිහාසයක් අපට ඇත...
නෝවා සමග මුලු ලෝකයෙන්ම ඉතිරි වූයේ ඔහුගේ පවුලේ අය පමණකි..

➡️ ස්නාවක යොහාන් උස් මිටිතැන් සමතලා කරන්නට පෙරමග සලසන්නා වූවද ;
ජේසුස් වහන්සේ ගැලවුම් කරු බව දැන දැනත් අවසානයේ ඔහුද ඇදහිල්ලෙන් වැටුණු බව දේව වචනයේ සදහන්වේ..

📖️📖️ ශු.ලූක් 18: 20

යොහාන්ගේ සිය ගෝලයන් දෙදෙනෙකු කැඳවා
"වඩින්නට සිටින තැනැන් වහන්සේ ඔබද ,නැතිනම් අප වෙනත් කෙනෙකු අපේක්ෂා කරමුද ?
අසනු පිණිස සමිදාණන් වෙත ඔවුන් යැවීය..

අහෝ ‼️‼️‼️‼️

ජේසුගේ පෙරමග සලසන්නා වූ ජේසුට බෞතීස්මය දුන් තැනැත්තා,
ශුද්ධාත්මයාණන් ජේසුස් වහන්සේ පිට වඩිනු ඇස් දෙකෙන්ම දැකි යොහාන් ද ඇදහිල්ලෙන් වැටුණු හැටි. ‼️‼️

අදත් එදා මෙන්ම අපද අපේ අවසානය තෙක්ම එන්නට සිටින අලුත් යොහාන් /ජේසුස් වහන්සේගේ ආලේපලත් තැනත්තා / යදන්ඩකින් ආණ්ඩු කරන්නා
කවුරුන්දැයි නොපෙනෙන තරමට අන්ධවී සිටින්නෙමු..

හොරණෑ හඬ ( උපමාවකි )
එනම් මනුෂ්‍ය යා දැනුම් වත් කරනා හඬ ( උපමාවේ තේරුම )
ඇසි ඇසී බිහිරන් සේ සිටින්නෙමු...

ජේසුස් වහන්සේ තැනටමත් දෑකැත්ත ගොයමට තබා ඇත..

තිරිඟු වී අටුවට යනවාද ❓

කිරිදි වී දැවෙනවාද ❓

තීරණය ඔබ මා සතුය 👉

ඔබට ගැලවීම දැනුම්වත් කිරීමේ හොරණෑ හඬ අවබෝධ කරගත හැකි ලෙස ශුද්ධාත්ම මඟපෙන්වීම ලැබෙන ලෙස යදිමු..
❤❤🙏🙏

09/07/2024

ස්වාමිවූ ජේස්සුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම ට සූදානම් වන සැමට ;
දේව වචනයේ සත්‍ය අවබෝධ කරගැනීමට ශුදධාත්ම මඟපෙන්වීම ලැබෙන දවසක් වේවා..
🙏🙏🙏😇😇😇

📖️📖️ හොසියා 12: 10 පදය.

ඇරත් මම දිවැසිවරුන්ට කතාකොට,මමම බොහෝ දර්ශන පෙන්වා දිවැසිවරුන් මගින් උපමා භාවිතා කළෙමි...

ප්‍රේමවන්තයෙනි..‼️

ස්වර්ග රාජ්‍යය උරුම කරගැනීමට නම් දේව දරුකමේ ස්ථිරකොට පිහිටා , පියාණන් වහන්සේ හැදිනගන්නන්ට පමණක් හෙළිදරව් කරන **ස්වර්ගීය රහස්** දෙවියන් වහන්සේ ශුද්ධ බයිබලයේ සගවා ඇතිබවත් ;

ඊට ඇහුම්කන් නොදෙන අයට ඒවා හෙළිදරව්කර නොගෙන කිසිසේත් ජේසුගේ තෝරගත්
**නව ඊශ්‍රායෙල් වංශයේ** සෙනඟ බවට පත්විය නොහැකි බවත් පුන පුනා කීම යෝග්‍ය නොවේ..

➡️ ජේසුස් වහන්සේගේ පළමු පැමිණීමේදීත් එම රහස් හෙළිදරව් කරගැනීමේ භාග්‍යය හිමිවූයේ දහස් ගණනක් අතරින් දොළොස් දෙනෙකුට පමණි..
එනම් ජේසුස් වහන්සේගේ ගෝලයන් වූ අයට පමණි...

➡️ ධවල සලු හැද ,විශාල බදපටිබැද , එඩේරික සැරයටි දරා , මෝසෙස්ගේ ව්‍යවස්ථාව රකිමින් තමන් ස්වර්ග රාජ්‍යයේ උරුම කරුවන් යැයි සිතාසිටි ආබ්‍රගේ වංශයේ පූජක පරපුරේ කිසිදු අයෙක් ට ස්වර්ග රාජ්‍යයේ එකදු රහසක්වත් ජේසුස් වහන්සේ හෙළිදරව් කලේ නැත..උරුමයද හිමි නොවීය...

➡️ ජේසුගේ පළමු පැමිණීමේදී ස්වර්ග රාජ්‍යයයේ රහස් දැනගැනීමේ අයිතිය උරුම වූයේ ;
සමාජයේ පහත්‍ පව්කාරයන් යැයි සිතාසිටි,
ධීවරයන් පිරිසකට පමණි ..

📖️📖️ ශු.මතෙව් 11: 25-27
ඒ අවස්ථාවේදී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක.

ස්වර්ගයටත් ,පොළොවට ත් ස්වාමින් වන පියාණන් වහන්ස, ඔබවහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කල හෙයින් ඔබට තුති පුදමි...

මෙතැන ජේසු කියන බාලයන් කව්ද ❓
පොඩි ළමයි ටිකක් ද ❓
නැණවතුන් හා පැනවතුන් කව්ද ❓

සහෝදරයා සහෝදරිය ‼️

මෙතැන ජේසු කියන බාලයන් උන්වහන්සේ සහ ගෝලයන් නොවේද ?

🔽 සමාජයේ උසස් යැයි සැලකූ,,,
බයිබල් ඔස්තාර්ලා යැයි පෙනීසිටි නායක පූජකයන් ,ඵරිසිවරුන් ,විනය ධරයන් තමයි නැණවතුන් ,පැනවතුන් ලෙස නම් දරා සිටියේ..

🔽 ඔවුන් කිව්වා ජේසු දේව මාළිගාවේ ඉගන්වමින් සිටිද්දී ,,,,,

මොහු ජුසේ වඩුවාගේ පුත්‍රයා නොවේද ?
කිසිකලක අකුරු නූගත් මොහු බයිබල් විශාරදයෙකු සේ උගන්වන්නේ කෙසේද කියා❓

( 📖️📖️ ශු.යොහාන් 07:14-15 )

🔽 එහෙත් ඔවුන්ට උරුම නොවූ මහත්වූ දේ ස්වාමින් වහන්සේ ධීවරයන්ට දෙනව..
නූගතුන්‍ යැයි හැඳින්වූ ,සමාජයේ පහත් යැයි හැඳින්වූ ධීවරයො පිරිසකට ස්වර්ගීය උරුමය දෙනවා..

එසේනම් ධවල වර්ණ ,රක්ත නීල වර්ණයෙන් සැරසී ඔටුනු දරා සිටින බොහෝ දෙනාගේ ඉරණම කුමක්ද ?
ආචාර්‍ය ,ධර්මාචාර්‍ය ,කර්මාචාර්‍ය වරුන් ලෙස සිටින ,මහා නායක නායක කාරකාදින්ගේ ඉරණමත් ,
නිසැක ස්වර්ග රාජ්‍යයේ උරුමය අපට යැයි සිතා සිටින අපටත් කෙසේ වම්ද ‼️‼️❓❓

ජේසු මෙහෙමත් කියනවා.

📖️📖️ ශු.මතෙව් 11: 27 පදය

මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත.
පියාණන් වහන්සේහැර අන් කිසිවෙක් පුත්‍රයාණන් නොහදුනති.
පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේද ;
ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහදුනති..

ප්‍රේම වන්තයෙනි...

පියාණන් වහන්සේ බලය පවරා ඇත්තේ ජේසුට.ජේසු කැමති කවුරු පියාණන් වහන්සේ හඳුනා ගන්නවාටද ????

තෝරාගනු ලැබූවන්ට ‼️‼️‼️

තෝරාගන්නා සමූහය කොපමණද ??

එක්ලක්ෂ හතළිස් හතර දහසක්....
රහස් විවරණය කිරීමේ බලය කෝටි සංක්‍යාත පිරිසකගෙන් හිමි වන්නේ එපමණක් ය...

🥺🥺 ජේසුස් වහන්සේ තමන් වහන්සේ දෙන්නට ආ ගැලවීම ,මනුෂ්‍යයන් ප්‍රතිකේෂ්ප කරන කොට ,නොසලකා හරිනකොට බොහෝ සේ වේදනාවට පත්වූ බව දේව වචනයේ සදහන් වෙනවා..

➡️ වසර ගණනක් අනාගත වාක්‍ය කරුවන් ,දිවසිවරුන් පොත් පිටු ගණන් ලියල ,දේසනා කරපු ගැලවුම් කාරයා මේ ලෝකේ පය ගහල ඉන්නව පෙනි පෙනී අදහා නොගැනීම තරම් ඛේදවාචකයක් කොහින්ද ❓‼️

🔽 ඇඟිල්ලෙන් ඇන ඇන කියලත් ,ප්‍රාතිහාර්‍ය කර කර පෙන්නලත් ,ලෙඩුන් සුවකරල මළවුන් නැගිටුවල පෙන්නලත් එන්නට සිටි ගැලවුම් කාරයා ජේසු කියල එදා සමාජය අදුනගත්තේ නෑ...

🥺 වෙන එකක් තියා මුල් කාලයේ ගෝලයොවත් මේ තමන් ඉන්නෙ පොරොන්දු වූ මෙසියස් එක්ක බව තේරුම් නොගත් බව කුණාටුව නිෂ්චල කරපු අවස්ථාවෙ ජේසු කියනවා..

නුඹලාගේ ඇදහිල්ල කොහිද ??
මා මෙතැන බව නුඹලාට පෙනුණේ දැනුනේ නැද්ද ???

🔽 ජේසු ළඟ ඉදලත් ,පෙනි පෙනීත් උන්වහන්සේ තමයි ගැලවුම් කාරයා කියල ගෝලයන්ටත් තේරුනේ නෑ..දැනුනෙ නෑ මුල් කාලයේදී...
දැක දැකත් අදුරගත්තෙ නෑ..

ඉතින් අපි ගැන කවර කතාද ‼️

🥺 සෙනඟ උන්වහන්සේ ව අදුනා නොගැනීම ගැන ජේසු බොහෝ ශෝක වූ බව දේව වචනයේ සදහන් වෙනවා..

📖️📖️ ජෙරමියා 04:19

අහෝ මාගේ අතුනු මාගේ අතුනු ( ආත්මය ) !!!
මාගේ සිත තුළම වේදනා විදිමි.මාගේ සිත මා තුළ ම කැළඹෙන්නේය..මට නිශ්ශබ්දව සිටින්නට බැරිය ;
මක්නිසාද හොරණෑ හඩත් ,යුද්ධ ගෝෂාවත් ,අහෝ මාගේ ආත්මය නුඹට ඇසුණේය..

➡️ මේ කියන්නේ ජෙරමියා ගේ කතාවක් නොවේ..
ඔහු වේදනාවට පත්වූ අවස්ථාව ක් නොවේ..

ජේසුගේ පළමු පැමිණීමේදී මිනිසුන් උන්වහන්සේ ව අදහා නොගැනීම හඳුනා නොගැනීම ගැන උන්වහන්සේ තුළ ඇතිවූ වේදනාව ගැනයි..

🔽 අවුරුදු සිය ගාණන් ,පොත් දුසිම් ගණන්,පිටු දහස් ගණන් වල ලියවෙච්ච ;
ඇස් පනාපිට ඉන්න ජේසුව එදා සමාජය පිළිගත්තෙනෑ...🥺🥺

📖️📖️ ජෙරමියා 04:22
ඔවුහු මා නොහදුනති..ඔවුහු මෝඩ දරුවෝය..ඔවුන්ට කිසි තේරුමක් නැත..

එසේනම් ප්‍රිය සාහෝදරයා සහෝදරිය !!!!

➡️ ස්වර්ගීය උරුමය ගැන සත්‍ය හෙළිදරව් කොපමණ අසන්නට දකින්නට ලැබූවත් ,,
අප බොහෝදෙනා සිරවී සිටින ,කොටුවී සිටින සීමාවලින් ඉවතට එන්න ,නිදහස් වෙන්න ඔබට මට බොහෝහසු බව පෙනෙනවා නොවේද ❓❓

➡️ සීමාවන් තුළ සිටි කිසිවෙක් නව සොයාගැනීම් කර නැත..
අලුත් මාවත් සොයා නොගොස් ගැලවීම උරුමකර ගැනීමද අපහසුය..

➡️ සාම්ප්‍රදායික කිතුණුකම කිසිවිටකත් ස්වර්ග රාජ්‍යයේ උරුමය සදහා ඉවහල් නොවේ..

ඔබට ජේසු පිහිටයි ❤️❤️🙏🙏

06/07/2024

දේව අනුග්‍රහයේ මාර්ගය ඔබ සැමට විවරව , ඔබගේ ඇදහිල්ල තුළ ඊට ප්‍රතිඵල ලැබෙන දවසක් වේවා..
😇😇❤❤🙏🙏

ඇදහිල්ල ➡️ ශ්‍රාවකත්වය ➡️ ධර්මය තුළ පිහිටීම ➡️ සත්‍යය තුළ නිදහස 😇😇😇

👊 කිතුණුවන් වූ අප සියලුම දෙනාට දේව රාජ්‍යයේ උරුමය ඇති බව අප සිතා සිටින්නෙමු..
අප දෙවියන් වහන්සේ අදහන බැවින් , දේව වචනය පරිශීලනය කරන ජේසුගේ ශ්‍රාවකයන් වන බැවින් අපට ස්වර්ග රාජ්‍යයේ නිසැක උරුමයක් ඇතිබව අපේ බලාපොරොත්තුව වේ...

එහෙත් ජේසුස් වහන්සේ මෙසේ වදාරන සේක... 👉

📖️📖️ ශු.යොහාන් 08:31 - 38

එබැවින් තමන් වහන්සේ *අදහාගත්* ජුදෙව් වරුන්ට ජේසුස් වහන්සේ කතාකොට ........

මෙතැන ජේසු මේක කියන්නෙ කාටද ❓
👉 උන්වහන්සේ අදහාගත් යුදෙව්වන්ට...

එතකොට ඔවුන් අපමෙන්ම ඇදහිලිවතුන්..
අපි ජේසුව අදහනව..
මේ ජුදෙව්වරු ත් ජේසුව අදහාගත් අය බව වචනයේ සදහන් ...

👉 එතකොට අදහාගත් පමණටම ස්වර්ග රාජ්‍යය හිමිකම ,උරුමය තිබේද ❓

ඊටපස්සෙ ජේසු කියනවා 👉

ඔබ මාගේ **ධර්මයෙහි***
පවතින්නෙහුනම්..........
සැබැවින්ම ඔබ මාගේ ශ්‍රාවකයෝය..‼️

එතකොට මොකක්ද මේ කියන්නෙ ඇදහාගැනීම පමණක් ප්‍රමාණවත් කියලද ස්වර්ගීය උරුමය ලැබීමට ❓

🔽 ප්‍රේම වන්තයෙනි...

ඔබටත් මටත් මේ කිතුණු ජීවිතය තුළ වැරදුණු තැන එතැන නොවේද ??

➡️ අදාහාගන්න පළියටම ස්වර්ග රාජ්‍යයේ උරුමය ලැබෙනවනම් ;
ලෝකය තුළ විවිධ ජාතීන් බිලියන ,ට්‍රිලියන ගානක් ඉන්න කිතුණුවෝ සියලුමදෙනා ගැලවීමේ උරුමය ලබන්නෝ නොවෙත්ද ❓❓

බලන්න දැන්ම දෑකැත්ත ගොයමට තබා තිබෙන බව දේව වචනයේ සදහන් වෙනව...

👉 ඊළඟට ඒ අදහාගත් යුදෙව්වො ජේසුට මෙහෙම කියනවා..

📖️📖️ ශු.යොහාන් 08: 33
ඔවුහු පිළිතුරු දෙමින්,
අපි ආබ්‍රගේ වංශයෙන් වම්හ ;

අපි වගේම එයාලත් කියනව..
මොකක්ද ❓
අපි කියනව අපි පරම්පරාගත කිතුණුවන් වම්හ ස්වාමිනී..

ඔබ වහන්සේට මතකද ?

➡️ තිබහ තිබ්බ අයට බොන්න දුන්න..
➡️ අපි සාගිනි ඇතුව සිටි අයට කන්න දුන්න..
➡️ ඇදුම් නැතිඅයට වස්ත්‍ර දුන්න....
➡️ රෝගීන්ට සත්කාර කලා....
➡️ සිරගතව සිටි උන් බලන්න ගියා...
➡️ හැම ඉරිදම පල්ලි ගියා....
➡️ දසයෙන් කොටස් දුන්න ....
➡️ තිබ්බ දේව මන්දිරය කඩල එකපාර 500 කට නමස්කාර කරන්න පුලුවන් දේව මැදුරක් හදන්න කැපවුණා....
➡️ ඒකවටේ ලේනෙකුටවත් පනින්න බැරි ලොකූ තාප්පයක් හදන්න මුල් උනා......

ස්වාමිනී බැලුව මැනව..😇

ඊටවඩා තව මොනවත් ඕනද මට ස්වර්ගෙට යන්න ❓

👉 මේක නේද එදා ජුදෙව් පිරිස ත් ජේසුට කිව්වෙ..

👉 ජේසු මොකක්ද දුන්නු උත්තරේ..
උබල ආබ්‍රහම්ගේ වංශයෙ කිය දෙවියන් වහන්සේගෙ ස්වර්ග රාජ්‍යයේ උරුමයේ නිසැක හිමිකරුවො කියල වංසෙ කබල් ගග හිටපල්ලා..

හැබැයි මං උරුමය දෙන්නෙ මෙන්න මේ අයට....😇

📖️📖️ ශු.යොහාන් 08: 37
ඔබ ආබ්‍රහම්ගේ වංශයෙන් පැවැත එන බව දනිමි.
එසේ වුවද ,
ඔබ තුළ මාගේ දහමට ඉඩක් නොවන බැවින් ,,,,,,,,,,‼️

දැං මොකක්ද කියන්නේ...

පරම්පරාගත කිතුණුවො තමයි..ඒත් උබලට ගැලවීම නෑ................‼️‼️❓❓
ආබ්‍රහම්ගේ වංශයෙ තමයි...
ඒත් උබලට උරුමයක් නෑ...........
‼️‼️❓❓

උඹල තුළ මගෙ දහම නෙවෙයි තියෙන්නේ..උඹලට ඕන විදියට වෙනස් කරගත්තු එකක් තියෙන්නෙ..‼️‼️❓❓

📖️📖️ ශු.යොහාන් 08:47

දෙවියන් වහන්සේගෙන් පැවැත එන තැනැත්තේ දෙවියන් වහන්සේගේ වචනය අසයි..
ඔබ සවන් නොදෙන්නේ ඔබ දෙවියන් වහන්සේ ගෙන් නොවන බැවිනැයි වදාළ සේක..

සහෝදරයා සහෝදරිය !!
අපි දේව වචනය අහනව නිරන්තරයෙන්..
එහෙත් ;

📖️📖️ යොහාන් 17:03
සදාතන ජීවනය නම් මේය..
එකම දෙවියන් වන ඔබද ,
ඔබවිසින් එවන ලද තැනැන්වහන්සේ වන ;
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද දැනගැනීමය...

ජේසුව විතරක් දැනගෙන වැඩේ ගොඩ දාගන්න පුලුවන් ද ?????
බෑ නේද ????
දෙවියන් වහන්සේවත් දැනගන්න ඕන..
එකම සැබෑ දෙවියන් වන දෙවියන් වහන්සේ වත් දැන හැඳින ගන්න ඕනා....
උන්වහන්සේ තුළ පවතින්නට ඕනා....

🔽 කොහොමද පියාණන්වු දෙවියන් වහන්සේව දැනගන්නේ..?

උන්වහන්සේගේ ව්‍යවස්ථාව රැකීමෙන්.....!
දේව දරුකම තුළ උරුමක් කරුවන් වීමෙන් ..!
( රෝම 08:17 )
ධර්මය රැකීමෙන්....!
(ශු.යොහාන් 14:23 )
දේව රහස් දැනගැනීමෙන්....!
( ශු.මතෙව් 13: 10-16 දක්වා )

🥺 එහෙත් ;
📖️📖️ ශු.ලූක් 18: 08

මම ඔබට කියමි..
එසේ වුවද මනුෂ්‍ය පුත්‍රයාණන් වඩින කල ,මිහිපිට ඇදහිල ඇති අය උන්වහන්සේ ට සම්බවනු ඇද්දැයි ඇසූ සේක...

කිතුණු ජනතාව බ්ලියන ,ට්‍රිලියන ගානක් ලෝකයේ සිටින විට ,
ඉහත පැවසූ ලෙස අදහාගත්තවුන් මෙතරම් සිටින ලෝකයේ......

මනුෂ්‍ය පුත්‍රයාණන් නැවත වඩින කල මිහිපිට ඇදහිල්ල ඇති අය උන්වහන්සේට සම්බවනු ඇද්ද ❓❓‼️‼️

ඔබෙත් මගේත් කිතුණු ජීවතය තුළ අපි මුලවූ බැටලුවන් බව තේරුම් ගනිමු..
තවමත් තේරුම් නොගන්නා ලෙස අපගේ ඇස් වැසී ,කන් අගුලුවැටී ඇතිබව වටහා ගනිමු..

එසේ කිරීමට ඔබටත් මටත් දේවාත්මානුභාවය ලැබෙන සත්‍ය තුළ නිදහස ලැබෙන දවසක් වේවා.. 🙏🙏🙏😇😇😇

03/07/2024

ඔබ සත්‍යතාවයේ බීජයෙන් නැවත උපදින පිණිස ආත්මීක පෝෂණය උදෙසා ජීවනදායක ආහාරය නොවඩුව ලැබෙන දවසක් වේවා..
🙏🙏😇😇❤❤

➡️➡️උපවාසය ⬅️⬅️

➡️ උපවාසය හෙවත් නිරාහාරය( ආහාර වර්ජනය )..
මෙය කිතුණු ජීවිතය තුළ බොහෝ අවස්ථාවන් වල වාද විවාද ඇතිවන තරමේ ඉතා වැදගත් මාතෘකාව ක් බව ඔබත් මමත් දනිමුව...

කෙටියෙන් නිරාහාරය යනු ආහාර නොගෙන සිටීම් වේ..හෙවත් වර්ජනය කිරීම ය.

🔽 අද සමාජය තුළ බොහෝ **වර්ජන** ඇත.

🚫 වර්ජනය අයිතිවාසිකම් දිනා ගැනීමට ,
තම තමන්ගේ පෞද්ගලික හෝ කණ්ඩායම් සාමුහිකත්වය තුළ ඇතැම් දේ ලබාගැනීමට කෙරෙන කටයුත්ත කි..

🚫 වැටුප් ,අතිකාල දීමනා වැඩි කර ගැනීමට කෙරෙන වර්ජන,
🚫 පිරිසකට තිබෙන තවත් පිරිසකට නැතැයි කියන දේ ලබාගැනීමට කෙරෙන වර්ජන
🚫 තවත් කණ්ඩායම් කරනුලබන වර්ජන වලට සහාය දැක්වීමට කරන වර්ජන ආදිය ලෙස ;

වර්ජනය විවිධ පැතිකඩයන් ඔස්සේ වර්ග කල හැකිය...

🔽 කිතුණු ජීවිතය තුළ තිබෙන උපවාසය හෙවත් ආහාර වර්ජනය මගින් අප ලබාගැනීමට බලාපොරොත්තු වන අයිතිවාසිකම් හෝ ඉල්ලීම් හෝ අරමුණු වෙනස්‍ ය.

🔽 ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ දුක්විදීම සිහිපත් කරම්න් ඊට පංගුකාරයන් වීමට අප උපවාස හෙවත් ආහාර වර්ජනය කරන්නෙමු.
🔽 අපට අවශ්‍ය ඇතැම් දේවල් ලබාගැනීමට දෙවි පියාණන් වහන්සේට අපේ යැදුම් බලවන්ත වන පිණිස කෙරෙන කෙරෙන උපවාස හෙවත් ආහාර වර්ජනය කරමින් සිටිමු..
🔽 අපකල පාපයන් උදෙසා පසුතැවිලි වීමට උපවාස හෙවත් ආහාර වර්ජනය කරන්නෙමු.

🔽 සාතන් හෙවත් බොරුවේ පියාට ආත්මික ලෙස මුහුණ දීම සදහා ආහාර වර්ජනය හෙවත් උපවාස කරන්නෙමු.

➡️ කිතූණු ආත්මික ජීවිතය පෝෂණය කරගැනීම
මේ සියල්ල තුළ අපේ අරමුණ වේ..
දෙවියන් වහන්සේ ට ප්‍රියජනක ලෙස ජීවත්වීමට අවශ්‍ය ආත්මීක පරිසරයක් ගොඩනගා ගැනීම සහ ආත්මීකත්වය බලවත් කරගැනීම අභිප්‍රාය වේ..

😇 උපවාසය ගැන අපට මෙන්ම ජේසුස් වහන්සේටද ගැටලු ඇතිවූ අවස්ථාවක් දේව වචනයේ කියවී ඇත.

📖️📖️ ශු.ලූක් 5: 33-35
ජොහාන්ගේ ගෝලයෝත් පරිසිවරුන්ගේ ගෝලයෝත් උපවාස කරන බව ත් ,ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් එසේ උපවාස නොකරන්නේ මන්දැයි ඔවුන් උන්වහන්සේගෙන් ඇසූහ..

ජේසූගේ උත්තර ට කුමක්ද ?

😃 අනේ Sory bros ..
මටත් ඒක අමතක උනා..පොඩි අතපසු වීමක්..
අපි හෙට ඉදල උපවාස කරන්නම් කියා කීවාද ?
ස්තූතියි මතක් කලාට.
එසේ නොමැතිනම් අපි උපවාස කරන හේතු තියෙනව..අද ඒකට හේතුවක් නෑ..
ඒත් අවශ්‍ය වෙලාවට අපි ඒක කරනව කීවාද ??

ජේසු කියනවා මනාලයා මගුල් ගෙදර සිටියදී මනාලයාගේ පිරිස උපවාසයෙහි යෙදිය හැකිද යන්න ❓

කව්ද මේ මනාලයා..❓
මනාලයා නම් ජේසුස් වහන්ස්සේයි..
ජේසුස් වහන්සේ නම් දෙවියන් ල්වහන්සේ ගේ පුත්‍රයායි..

😆 මාර පිස්සුවක්නෙ හලෝ..
යොහාන්ගෙ ගෝලයො ,පරිසියන්ගෙ ගෝලයො උපවාස කරනව..
දෙවියන් වහන්සේගේ පුත්‍රයා කමින් බොමින් ප්‍රීතිවෙමින් ඉන්නවා..

ලියන්නො ,පරිසිවරු අපහාස උපහාස කලා ජේසුට..😆

නමුත් ජේසුස් වහන්සේ සහ දේව වචනයේ තිබෙන
*** උපවාසය ***
කුමක්ද ‼️❓

📖️📖️ යෙසායා 58:06 පදය
දුෂ්ඨකමේ විලංගු මුදාහැර,අයුක්තියේ බැදුම් ලිහා හැර,
පීඩිතයන් නිදහස් කර, සියලු වියගස් බැද දැමීමය..

🔽 එතැන් සිට තිබෙන සෙසු පද මගින් තේරුම් ගත හැකිලෙස දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන උපවාසය සහ ඉන් ලැබෙන විපාක සදහන්වේ..

➡️ එමෙන්ම යෙසායා 58 වෙනි පරිච්ඡේදය 01 පදයේ සිට සැබෑ උපවාසය පිළිබඳව ඉතා වැදගත් කියමන් රැසක් උගත හැකිය...

🔽 එසේම නිරාහාරය සහ ආහාර ගැනීම පිළිබඳව අපගෙ ගැඹුරු අවධානය යොමු කිරීම කල යුතුය ..

මනුෂ්‍ය අපගේ සැබෑ ආහාරය නම් කුමක්ද ?

📖️📖️ උත්පත්ති 02:16-17
තවද උන්වහන්සේ මිනිසාට අණ කරමින් ;
උයනේ සියලු ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත..
එහෙත් හොද නරක අවබෝධ කිරීමේ ගසෙන් පමණක් නොකෑ යුතුය..

කුමක්ද මේ හොද නරක අවබෝධ වන ගස ❓‼️
එහෙම ගස් මේ ලෝකෙ තියෙනව ද ?

කොස්,දෙල්,පොල්,,,,අඹ,කජු,ඇපල් ,දොඩම් ,,,,,
මේවගේ ගස් මිස ,ඔය කියන හොද නරක ගෙඩි තියෙන ගස් කොහෙද තියෙන්නේ ..

ප්‍රිය සහෝදරයා සහෝදරිය !!

මේනම් සත්‍යතාවයේ වචනය වන දෙවියන් වහන්සේ වෙතින් එන ""ජීවනයේ වචනය ""
නැමැති ආහාර සහ ;

මරණයේ වචනය හෙවත් සාතන්ගේ ""මාංසික ආහාරය"" නැමැති අහාරය වේ ....

ආදම් ඒව මරණය උරුමකර ගත්තේ විස සහිත අහාරයක් කෑමෙන්ද ‼️❓
නැහැ..
සාතන්ගේ අසත්‍ය නැමැති මාංසික ආහාරය කෑමෙන් නොවේද ?

📖️📖️ ශු.ලූක් 05:33-35
සත්‍යතාවයේ ජීවනදායක ආහාර ගෙන ආත්මික ජීවිතය පෝෂණය කර ගැනීමක් මිස ;
ආහාර නොගෙන යාක්චා කිරීමක් නොවේ..
දෙවියන් වහන්සේට ප්‍රිය ජනක දේ නම් උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමයි..

📖️📖️ නව මිදියුෂ පැරණි බදුන්වල දැමීමෙන් බඳුන පැලී මිදියුෂ අපතේ යයි..
එනම් සත්‍යතාවයේ ආහාරය නැමැති මිදි යුෂ ලැබෙනවිට සාතන්ගේ මාංසික ක්‍රියා නැමැති බඳුන් පැලී විනාෂයට පත්වෙන බව..

📖️📖️ මතෙව් 06:16-18
ප්‍රසිද්ධියේ ආහාර නොගෙන රටට ලෝකයට පෙනෙන්නට ,මුහුණ විරූපි කර උපවාස නොකර ,
රහසින් ඇතුල් ගෙට වැද සත්‍යතාවයේ ආත්මයෙන් දෙවියන් වහන්සේට අපගේ යැදුම් ඔප්පු කිරීම තමයි නියම උපවාසය වන්නේ..
මේ වචන මගේ හිතලු නොව ශුද්ධ බයිබලයේ සදහන් දේ වේ....

😇 සත්‍යතාවයේ ආහාරය ගැනීමෙන් ආත්මික මරණය වලක්වගත හැකිවාක් මෙන් ,
😨 මාංසික නිරාහාරය නැමැති සාතන්ගේ ආහාරයයෙන් ආත්මික මරණය අත්වන බව මෙම සරල කරුණු මගින් වටහාගත හැකිවේ..

එසේ කිරීමට ඔබටත් මටත් ශුද්ධාත්ම මඟපෙන්වීම ලැබෙන ලෙස යදිමු..
😇😇❤❤🙏🙏

03/07/2024

ස්වාමිවූ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම අපේක්ෂාවෙන් සිටින ඇදහිලිවන්ත සමූහය තුළ ,දේව දරුකමේ උරුමයට ලංවන දවසක් වේවා...❤❤😇😇🙏🙏

ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය ..

😇 දේව ස්වරූපයෙන් ,දේව සමානත්වයෙන් මවනලද මනුෂ්‍යවූ අප ,,,පාපය තුළ ශාපලද්දන් බවට පත්වූ පසු උවද,
අප විනාශ නොවීම දේව අභිප්‍රාය බව අප දනිමු...
ආදම් සහ ඒව දෙවියන් වහන්සේ තුළ ඇතිකරගත් ගිවිසුමෙන් ඉවත්වී පාපයේ වහල්කමට ගොදුරු වූවද ,
ඉන්පසු ඔවුන් තුළ නැවත දේව සමානත්වය ඇති කිරීමට දෙවියන් වහන්සේ තීරණය කලා...

➡️ ඒ නිසයි මනුෂ්‍ය ශරීරයක් දරමින් මාංශවත්වීමට ඒ මොහොතේම දෙවියන් වහන්සේ තීරණය කරන්නේත් සැලසුම් කරන්නේත්..

➡️ ඒසදහා උන්වහන්සේ නැවත නැවතත් මනුෂ්‍යයා සමග ගිවිස ගන්නවා..නැවත නැවත උත්සාහ ගන්නවා...
එසේ කරන්නේ උන්වහන්සේගේ සෙනග වන අප විනාශානොවී සදාකාල ජීවනය උරුම කර දෙන පිණිසය..

ඒසදහා දෙවියන් වහන්සේගේ සැලසුම විවිධ තෝරාගත් පුද්ගලයන් හරහා
"" තම පොරොන්දුව ඉටුවනතෙක්ම "" නොකඩවා ගිවිසුම් මගින් කටයුතු කල සේක..

📕 ගිවිසුමක කොන්දේසි හෝ කොටස්

➡️ ගිවිසුම් ගතවීමටනම් අවම ලෙස පාර්ෂව දෙකක් හෝ සිටිය යුතුය.
➡️ ගිවිසුමක අන්තර්ගතය
➡️ කොපමණ කාලයක් සදහාද
➡️ එහි අවසන් ප්‍රතිඵල කුමක්ද

➡️ දෙවියන් වහන්සේ සහ ආදම් අතර ගිවිසුම ⬅️

📖️📖️ උත්පත්ති 2:16-17

ගිවිසුමේ ස්වභාවය :
වාචික ගිවිසුමකි.

අන්තර්ගතය :
හොද නරක අවබෝධ වන ගසෙන් නොකෑ යුතු බව ( උපමාව )

ප්‍රතිඵලය :
✅ රැකීම තුළ සදාකාල ජීවනය හිමිවීම 😇
🚫ගිවිසුම කැඩීමෙන් මරණය හෙවත් සදාකාලික ජීවනය අහිමිවීම. 😨

📖️📖️ උත්පත්ති 03:6-7

➡️ දෙවියන් වහන්සේ සහ නෝවා අතර ගිවිසුම ⬅️

📖️📖️ උත්පත්ති 09-8-11

ගිවිසුමෙහි ස්වභාවය :
වාචික ගිවිසුමකි

අන්‍තර්ගතය :
මින්පසු ජලගැල්මකින් ලෝකය විනාශය නොකරන බව

✅ ගිවිසුම රැකීම තුළ සදාකාල ජීවනය හිමිවීම 😇
📖️📖️ උත්පත්ති 08- 21

🚫 කැඩීම තුළ මරණය 😨

➡️ දෙවියන් වහන්සේ සහ ආබ්‍රහම් අතර ගිවිසුම ⬅️

📖️📖️ උත්පත්ති 12: 01- 03

ගිවිසුමේ ස්වභාවය :
වාචික ගිවිසුමකි

අන්තර්ගතය :
ආබ්‍ර්හම් මගින් මහත්වූ ජාතියක් ඇති කිරීම.

📖️📖️ උත්පත්‍ති 15: 01-06

✅ ගිවිසුම රැකීම තුළ ;
දෙවියන් වහන්සේ සමග නිරන්තර සම්බන්ධ තාවය ස්ථිර වීම
😇
🚫 ගිවිසුම කැඩීමෙන් ;
📖️📖️ උත්පත්‍ති 15 : 13- 14
විදේශීය රටක වහල්භාවයට පත්වීම

➡️ දෙවියන් වහන්සේ සහ මෝසෙස් අතර ගිවිසුම ""හෙවත් පැරණි ගිවිසුම "" ⬅️

📖️📖️ උත්පත්ති 20 -32 පරිච්ඡේද

ගිවිසුමෙහි ස්වභාවය :
ලිඛිත ගිවිසුමකි .

අතර්ගතය :
ඊශ්‍රායෙල් ජනතාවගේ පැවැත්ම උදෙසා ජේසුස් වහන්සේ ගේ පළමු පැමිණීම තෙක් නීති පද්ධතියක්

✅ ගිවිසුම රැකීම තුළ ;
දෙවියන් වහන්සේ ට පූජක රාජ්‍යයක්ද කැපවූ ජාතියක් වීම 😇

🚫 කඩ කිරීම මගින් ;
දේව උදහස ඊශ්‍රායෙල් ජනතාව කෙරෙහි ඇවිලීම.

➡️ ඊශ්‍රායෙල් සහ ජුදා සෙනඟ සමග ඇතිකරගත් ගිවිසුම කඩකිරීමෙන් පසු දෙවියන් වහන්සේ
"" අලුත් ගිවිසුමක් ""
පිහිටුවීම සදහා කටයුතු කලේය .
එනම් ගැලවුම් කාරයෙක් එවීම සදහා වන ගිවිසුම

📖️📖️ ජෙරමියා 31:31-32

➡️ පැරණි ගිවිසුම ආරක්ෂා කිරීමට ජනතාවට නොහැකි වූ කරුණ වන්නේ ඔවුන් එම ගිවිසුම පිළිබඳව ඇති නොදැනුවත් කම වේ..

📖️📖️ හොසියා 04:06 පදය
මාගැන් දැනුමක් නැත් බැවින් මාගේ සෙනග විනාශවී යති..
මාගැන දැනුමද ....
( කියවන්න )

ප්‍රේම වන්තයෙනි..
ස්වාමින් වන දෙවියන් වහන්සේ පොරොන්දු ඉටුකරන දෙවියන් වහන්සේ බව අප දනිමුව..
අපට සදාකාලික ජීවනය උරුම කර දෙන පිණිස කිසිවක් ඉතිරි කර නොගෙන ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරමට අපට ප්‍රේම කල සේක...

➡️ එහෙත් අපේ සහෝදරයා වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක්විදීම කරනකොටගෙන අපට ලැබූ ගැලවීමේ උරුමය රක්ෂා කිරීමත් ,
දේව අණපනත් අනුව ජීවත් වීමටත්, ගිවිසුම් රැකීමටත් අප කටයුතු කර තිබේද ?
දේව අණ පණත් සහ රහස් ( උපමා ) පිළිබඳව අපගේ නොදැනුවත්කම අපට සදාකාලික ජීවනය අහිමිවීමට හේතුවන බව දැනගනිමු..

ඔබට දේව කරුණාව බහුල ලෙස අත්දකින ආශිර්වාදමත් දවසක් වේවා...
😇😇🙏🙏❤❤

01/07/2024

➡️ ඇදහිහිලිවන්ත සමූහය තුළ සහ සභාව තුළ සාතන්ගේ ක්‍රියා ⬅️

සත්‍යතාවයේ බීජයෙන් ආත්මීක පෝෂණය ලැබ දෙවියන් වහන්සේ වෙතට වඩාත් ළංවන දවසක් වේවා..‼️‼

➡️ සාතන් කියූ පමණින්ම කිතුණුවන් වූ අපගේ සිත් වලට නැගෙන්නේ අප්‍රසන්න හෝ ප්‍රියජනක නොවූ සිතුවිලිය..😨
සැබෑ කිතුණු ජීවිතයේ කතාකිරීමට අකමැති ම අයෙක් වේනම්,මාතෘකාව ක් වේනම් ඒ නම සාතන් හෙවත් යක්ෂයා ය..😨

➡️ එහෙත් ඔබත් මමත් අකමැති ම නම සාතන් වුවත් ;
අප නොදැනම අප තුළ ත් සභාව තුළ ත් , ඇදහිලිවතුන් සහ ආත්මික සමාජය තුළ ත් බොහෝ සේ ක්‍රියාත්මක වන බව නොදැනෙන ,නොහැගෙන තරමට
*ආලෝකයේ දූතයෙකු* ගේ වෙස්ගෙන කටයුතු කරන බව මීට පෙර පණිවිඩය ක සුළුවෙන් හෝ කතා කලා ඔබට මතක ඇති...

➡️ ආත්මික ලෝකයේ ඇතිවූ යුද්ධයත් එහි දෙකඩ වීමත් හේතුවෙන් ස්වර්ගීය වාසස්ථානයෙන් නෙරපූ නායක දූතයෙකු වූ සාතන් සහ ලක්ෂ සංක්‍යාත දූතයන් මෙලොව තුළ නොයෙක් වෙසින් සිටී..

➡️ ඇතැම් විට ඇතැම් පුද්ගලයන් තවත් කෙනෙකුගේ නොහොඹිනාකම් ,නොපනත් කම් ,අයුතුකම් දකිනවිට ,,
මූට මොන යකෙක් වැහිලාද මංදන්නෑ කියනවා ඔබ අසා ඇත..

➡️ එහෙත් එසේ ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් නුසුදුසු බවට දැඩිලෙස විවේචනය කරන අපම ,
අශුද්ධාත්ම මගින් විවිධ කටයුතු සිදුකරන ඇතැමුන් ට වැදුම් පිදුම් කිරීම හාසයජනක නොවේද ❓

දේවාත්මානුභාවයෙන් මෙන්ම අශුද්ධාත්ම වල බලයෙන් කටයුතු කරන කපුවන් ,පූජකයන් කොතෙකුත් මෙම ජන සමජයේ දක්නට ඇත..

➡️ ඇතැම් ඇදහිලි තුළ ආගම් ලෙසින් හඳුන්වන කණ්ඩායම් බහු අත්පා ඇති, හිස් කිහිපයක් සහිත විකෘති දේව රූප නිර්මාණය කර ,ඒවට වැඳුම් පිදුම් සිදුකරමින් ,එ සදහාම ආවේනික වත් පිළිවෙත්ද සාදා ඒ අනුව කටයුතු කරති..

➡️ දෙවියන් වහන්සේ මනුෂ්‍ය වූ අප මවා ඇත්තේ අත් පා දෙක බැගින් සතරක් ලෙසය..
එසේ නොවී වැඩි අත්පා ප්‍රමාණය ක් ඇතිව උපදින දරුවෙකු වේනම් , හිස් කීපයක් සහිතව උපදීනම් ,ඒ දරුවා විකෘති දරුවෙක් ලෙස වෛද්‍යවරුන් නිගමන කරනු ලබයි..

එමෙන්ම එසේ උපදින දරුවා සහ එම දෙමාපියන් ඉමහත් මානසික පීඩාවකට ඉන් පත්වන අතර ඇතැමුන්ගේ අපහාස උපහාස වලටද ,පිළිකුල් කිරීමට ඔවුන් ලක්වේ..

🔽 එහෙත් හාසයට ලක්වන කරුණ වන්නේ ශාරීරික විකෘතිතාවයන් විවේචනය කරන මනුෂ්‍ය යන්ම විකෘති දේවරූප නමස්කාරය කිරීමයි..

""" එය භාහිර සමාජයේ ක්‍රමය යැයි සිතමු ""

➡️ ක්‍රිස්තියානි ජන සමාජය තුළ දේව දරුකමේ ආත්මය තිබෙන , උරුමය තිබෙන අපම නොදැන කෙසේද සාතන් ක්‍රියාත්මක වෙන්නේ ❓❓

🔽 දේව වචනයට යමක් එකතු කිරීමත් , ඉන් යමක් අඩු කරමින් කටයුතු කිරීමත් සාතන්ගේ ක්‍රියාවක් බව සදහන්වේ..
එම ක්‍රියාව සමිදුන්ගේ කෝපයටත් උදහසටත් හේතුවේ.

📖️📖️ හිතෝපදේශ 30:06 පදය

ඇතැම් පූජකවරුන් ,දේශකය නිසි ගැඹුරු හැදෑරීම කින් තොරව හෝ අවබෝධය ක් නොමැතිව දේව වචනය අවභාවිතා කරන බව බොහෝදෙනෙක් චෝදනාකරනු අප අසා ඇත...

විශේෂයෙන් සභාවන් වෙත අලුතෙන් එකතුවන ඇදහිලිවතුන් ගේ මූලාරම්භයේදී ඔවුන්ට නිවැරදි ඉගැන්වීම් නොකෙරුනහොත් ඔවුන් හිටි තත්වය ටත් වඩා භයානක තත්වයකට පත්වෙන බව අප දනිමු..

දේව මාළිගය තුළ සිටිමින් සාතන් තමා දෙවි බව පෙන්වමින් කටයුතු කරන බව මීට පෙරද අප සාකච්ඡා කර ඇත..

📖️📖️ 2 තෙසලෝනික 02:04 පදය

පූජකයන් දේශකය විසින්ම දේව වචනය විකෘති කරමින් අසත්‍යයේ බීජය හෙවත් සාතන්ගේ බීජය සභා සාමජිකයන් තුළ රෝපණය කරයි..
එහෙයින් ඔවුන්ගේ ඉගැන්වීම් සහ සුවකිරීම් ආශ්චර්‍යයන් දෙවියන් වහන්සේගෙන් නොව සාතන්ගෙන් වනබවද පැහැදිලි වේ..
**එය දේව වචනයේ සදහන් වන්නේ සාතන්ගේ බලයෙන් පැමිණ දුෂ්ඨ ලෙස රවටනු ලැබන්නේය යනුයි..**

එතරම්ම භයානක අණතුරකට ඇදහිලිවතුන් පත්ව ඇති බව ඔවුන්ටම නොතේරේ..

📖️📖️ 2 තෙසලෝනික 02:09-10 පද

➡️ ආලෝකයේ දූතයන් ලෙස ත් බොරු අනාගත වක්තෘන් ලෙසත් සාතන් සහ සෙසු ආත්ම ක්‍රියා කරන බව ⬅️

📖️📖️ 2 කොරින්ති 11:13-15
📖️📖️ ශු.මතෙව් 07:15-16

මෙහි ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතයන් ලෙස ක්‍රියා කරන ඇතැම් අය වංචනිකයන් බවත් දමිටුකමේ සේවකයන් ලෙස වෙස්වලාගත් අය බවත් දේව වචනය අවධාරණය කරයි..

සහෝදරයා ,සහෝදරිය ..!!!

➡️ අද අපේ රට තුළ,මනුෂ්‍යයන් තුළ පුදුමාකාර ලෙස ගැලවීමේ සහ දේව වචනයේ පිපාසාව අන් කවරදාටත් වඩා වර්ධනය වී ඇත..

සත්‍යතාවයේ බීජය තුළින් එම පිපාසාව ඇති අය පෝෂණය කිරීමේ වගකීම දේව දරුවන් සතුය..
සත්‍යතාවේ බීජය ඔවුන් තුළ රෝපණය කර ,ඇදහිලිවන්ත සමූහය ට ඔවුන් නිසි මාර්ගෝපදේශකත්වක් තුළ කැදවීම දේව අභිප්‍රාය වේ..

ඔවුන්ට ලබාදෙන ගැලවීමේ පණිවිඩය නිසිලෙස පුහුණු ව ලත් , ගැලවීමේ ආලේපය ලත් අයවරුන්ගේ මැදහිත්වීමෙන් ලබාදීමේ වගකීම වේ..

එසේම ක්‍රිස්තුස් වහන්සේ ගේ සේනාව වන අප දේව වචනය නැමැති සත්‍යතාවයේ බීජය තුළ පමණක් ආත්මීක ලෙස පෝෂණය වීම සියල්ලටම පෙර වැදගත්වේ..

🔽 බොරු දිවැසිවරුන් ,ප්‍රේරිතයන් හදුනාගැනීමට ඔවුන්ගේ ක්‍රියාවේ ප්‍රතිඵල මගින් හැකිබව දේව වචනයේ පෙන්වා ඇත..

ජේසුස් වහන්සේගේ පළමු පැමිණීමේදී දේව දාසයන් සේ ,පූජකයන් සේ සිටි අයගේ ක්‍රියා කලාපය කෙබඳු ලෙස වීද ??

ජේසුස් වහන්සේ පැමිණියේ දෙවියන් වහන්සේගෙන් බව ලියන්නන් ,ඵරිසිවරුන් ,නායක පූජකයන් පවා පිළිගත්තේ නැත..
දේව වචනයේ කෙළ පැමිණියවුන් සත්‍යතාවයේ බීජයෙන් නොඉපිද සාතන්ගේ බීජයෙන් උපන්නවුන් ලෙසයි කටයුතු කලේ..

රජ්‍ය පාලනයේ උපදේශකයන් , දේව අණපනත් රකින්නට ජන සමාජයට බලපෑම් කරන්නන් , ධර්මයේ මුරදේවතාවුන් ලෙස සිටි ඔවුන් ගැලවුම් කරුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි මනුෂ්‍ය යන්ට ,
තමන් දෙවියන් වහන්සේගෙන් බව පෙන්වමින් ආලෝකයේ දූතයන් ලෙස සිටිමින් ,වෙස්වලාගනිමින් කටයුතු කලේ සාතන්ගේ ක්‍රියාවන් නොවේද ❓❓
ආබ්‍රහම්ගේ වංශයෙන් උපන් ව්‍යවස්ථාවේ මුර දේවතාවුන් වූ ඔවුන් මාංසිකමය වූ වචනයේ ආරක්ෂක යන් පමණක් බව ජේසු පැවසුවා..

ඔවුන් ආබ්‍රහම්ගේ දරුවෝනම් ආබ්‍රහම් කල ලෙස විස්වාසයේ සත්‍යතාවේ බීජයෙන් දෙවියන් වහන්සේට සේවය කලයුතුවේ..
එසේනම් ජේසුස් වහන්සේ පැමිණියේ දෙවියන් වහන්සේගෙන් බව ඔවුන් පිළිගත යුතුය ..
එහෙත් සිදුවූයේ සාතන්ගෙන් වූ අසත්‍යයේ බීජය වූ මාංසික ක්‍රියාවන් ඔවුන් සිදුකිරීමයි..

📖️📖️ ශු.යොහාන් 08:44 -47 පද
ඔබේ පියා යක්ෂයාය.එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටුකිරීමය..
මුල සිටම ඔහු මිනී මරුවෙකි.සත්‍ය ඔහුතුළ පිහිටානැති බැවින් ....
( කියවන්න )

මෙසේ සාතන් ඇදහිලිවතුන් සහ සභාව තුළ ක්‍රියා කරන ආකාරය වටහා ගැනීමට අපට හැකිය.

30/06/2024

ඔබට දේව අණ ලෙස වෙන්කල සබත නිසිලෙස පැවැත්වීම ට ශුද්ධාත්ම මඟපෙන්වීම ලැබෙන
"ශුද්ධ සබත් දවසක් " වේවා ‼️

➡️උපමා මගින් කතා කිරීම..⬅️

➡️උපමාව මාංසික වේ - එහි තේරුම් ආත්මික වේ.

➡️ උපමා යනු චායාවකි - අර්ථය සැබෑව වේ.

➡️ උපමාව මනුෂ්‍ය ඉගැන්වීම් වේ - සැබෑ තේරුම දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් වේ.

➡️ උපමා යනු සගවා ඇති දේ වේ- සැබෑ අර්ථය විවුර්ථ වීම වේ....

උපමා වලට උදාහරණ : -

වස්තූන් / සතුන් / ස්ථාන / පුද්ගලයන් /ඉතිහාසය

වස්තූන් -
පොත, භාජන,පාත්‍ර ,සැලිය, සත්පහන් රුක,ඇදුම් ,තරාදිය,යදණ්ඩ ,බීජ,ගස,අතු,කොල ,ඵල,
( එළිදරව් පොත/ පැරණි ගිවිසුම )

සතුන් -
ජීවමාන සත්වයන් සතරදෙනා, මෘගයා, සර්පයා, බල්ලා,ඌරා,පක්ෂීන් ( බයිබලය පුරා ඇත )

ස්ථාන -
සමිදුන්ගේ නගරය ( යෙසායා 60:14 )
ෂොදොම් නොහොත් මිසරය ( එළි 11:08 )
බබිලෝනිය ( එළි 18 පරිච්ඡේදය )

පුද්ගලයන් -

වෛෂ්‍යාව ( එළි 17 පරි )
මනාලයා සහ මනාලිය / වැන්දඹුව සහ අනාථයන් හෙවත් පියා නැති දරුවන් ( යෙසා 01-17 ),

යන්ත්‍ර මන්ත්‍ර කරුවන් / පිලිස්තිවරුන්/ විදේශීයයන් ( යෙසායා 02:06 )

ඉතිහාසය :

ආබ්‍රහම්ට පුත්‍රයන් දෙදෙනෙකු සිටි බව ( ගලාති 04:22-23 )

අහසේ තාරකාද ග්‍රහ මණ්ඩලයද නොබැබලෙන්නේය ( යෙසායා 13-10 )
ඉර හද තාරකා මැලවී යන්නේය.අහස අකුලන පොතක් මෙන් ඇකිලී
( යෙසායා 34:04 )

➡️ මෙසේ බොහෝ විෂයන් හා බද්ධව උපමා කොතෙකුත් ශුද්ධ බයිබලයේ සටහන්කොට ඇත..

අපි දේව රාජ්‍යයේ උරුම කරුවන් නම් ,දෙවියන් වහන්සේගේ දරුවන් වන්නෙමු නම් ,
නිසැක ලෙසම ඒ උරුමය ලබාගැනීමටත් ,දරුකමේ ස්ථිරව පිහිටා සිටීමටත් පියාණන් වහන්සේ ගේ රහස් දැන සිටිය යුතු නොවේද?

ශ්‍රීලංකා වේ රාජ සමය දෙස බලන්න ..‼️

ඔවුන් එකල නිධාන සඟවා ඇතිබව අප දනිමු..අසා ඇත්තෙමු..

🔽 වැව් වල ගැඹුරේ ,වැව් තාවුල්ලේ ,ගල් තලා මත , කුඹුරු යායවල් වල ,පන්සල් වල චෛත්‍ය වල ආදී ලෙස ඒවා සඟවා ඇතිබව සදහන්‍ ය..

🔽 වැව් වල සඟවා ඇති නිධාන තැබීමට ප්‍රස්තූත වූ කාරණාව වන්නේ ;
වැව් සිඳී යන තරමට නියගයන් දුර්භික්ෂ පැමිණිකල ඒවා මතුවට ගෙන ,එම නිධාන අලෙවිකොට විදේශීයෙන් හෝ ආහාර පාන ගෙන රට වැසියන් පෝෂණය කිරීමට බව ඉතිහාසයේ ලැයැවී ඇත..

🔽 ගල්තලා මත සඟවා කලු කල් කුඩු ලෙස අඹරා ,මැලියම් වර්ගයක මුසුකොට ,ඒවා කලුගලේ පැහැයටම ගෙන නිධානය ගල හාරා තැන්පත්කොට ඉහත බදාමය යොදා තැන්පත් කොට ඇතිබව සදහන් ය..

විශේෂත්වය වන්නේ ;
එම නිධන් වදුලු පිළිබඳව සදහන්කොට ඇති පුස්කොල පොත් ඇත..
ඒවා තිබෙන්නේ පන්සල්වල හෝ පරම්පරාවෙන් එන ප්‍රභූ පවුල් සන්තකයේ ය..උරුමය එක්කෝ පන්සල් හෝ එම පවුල් වල අයට වේ..

🔽 එසේ කිරීමට හේතුව එකල පන්සල් සහ මහා සංඝයා යනු මිනිසුන්ගේ දුකට ,බඩගින්නට ,වේදනාවට සංවේදී ස්ථානයක් වීමයි..
ප්‍රභූවරුන් යනුද පාලකයන් ලෙස මිනිසුන්ට සංවේදී පිරිසක් ලෙස හැඳින්වේ..

🔽 පුස්කොල පොත් කියැවීමටද , නිධන් රහස් කියැවීමටද විශේෂිත පුද්ගලයන් කොටසක් තෝරාගෙන තිබී ඇත..

🔽 ඔවුන් එම පුස්කොලපොත් කියවා නිධන් වදුල ඇති තැන් සලකුණු මගින් හඳුනාගෙන ඒවා ගැනීමට උපකාරවන මැදිහත් කරුවන් වේ..

🔽 ඇතැම් නිධාන වල උරුමය ලැබෙන්නේ එම පරපුරට පමණක් වේ..
එහි සියලු අයිතිවාසිකම් එන පරපුරේ ඇත්තන්ට පමණක් ම වේ..

පිරස්තරයන්ට හෝ පරපුරෙන් පිට අයට එහි උරුමය නැත..🚫
උරුමය තිබූ පමණින් නිධානය ගැනීමට කිසිසේත් නොහැක..

උරුමය ගැනීමටනම් පුස්කොලපොතුත් ,ඒවා කියවීමට දැනුම ඇත්තන් ද අවශ්‍ය වේ.. ✅

ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය දේව රාජ්‍යය පිළිබඳ රහස් ද ,උපමාද එසේමය..

දේව රාජ්‍යය ට උරුමකරුවන් වන්නේ දෙවියන් වහන්සේගේ දරුවන්‍ ය..
එම නිධානය ගැනීමට නම් දොරවල් විවුර්ත කරගැනීමටනම් ,
රහස් කියවිය හැකි සුදුසුකම් ලත් අය සිටිය යුතුය..
උරුමයනම් අපට තිබේ..
එහෙත් රහස් කියවිය යුතුවේ..
දැනගත යුතුම වේ..
උරුමය පෙට්ටගමේ තබා සිටියාට පලක් නැත..
කියවා තේරුම් කිරීමට අයවලුන් සිටිය යුතුය..
එසේ නොවන්නේනම් උරුමය තබාගෙන මැරෙන තෙක් සිටි පසු ,උරුමය භාහිර අයවෙත හිමිවීමට ඉඩ තිබේ..

උරුමය බූදල් වෙන උපහැරණයක් හෙළ බස්වහරේ ඇත.

එනම් පරම්පරාවකින් උරුම විශාල දේපලක් දරුවන් කීපදෙනෙකු අතර බෙදාගැනීමට තිබියදී,ඔවුනොවුන් වැඩි කොටස් ගැනීමට කා කොටා ගැනීමෙන් හෝ උරුමය බෙදා ගැනීමට උණන්දුවක් නැතිකම හේතුවෙන් ;
ඔවුන්ට දරුවන් ඉපිද ,අවාහ විවාහ වී ,බිරින්දෑවරුන් කැදවාවිත් ,දරුවන් ද ,මුණුපුරන් ද මී මුනුබුරන්ද ඉපැදුනුවිට , උරුමය බෙදා ගැනීමට ගත්මුතු පරපුරම එකට එක්විය යුතුය..

🚫 එසේ නොමැති වූ විට එම උරුමය හවුල් උරුමයක් වේ..බූදල් වේ..

කිසිවෙකුට නිරවුල් බුක්තියක් හිමි නොවේ..
පසුව එය මුල් දරුවන්ට නොවී අවාහ විවාහ වූ බිරින්දෑවරුන්ගේ පවුල් වල පිටස්තර අයට ද ලැබේ.
වත්තේ මුරකරුවන් ට , සේවක පවුල් වලට ලැබූ අවස්ථාව න්ද එමට ඇත..

🚫 දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් වංශයේ උරුමය ඔවුන්ගෙන් ඉවත්කොට ,විජාතීන්ට ලබාදුන් බව අප දනිමු..

🚫 ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදීද එසේමය..
දේව රාජ්‍යයේ උරුමය අලුත් ජාතියකට දෙනබව දේව වවනයේ සදහන්වේ..

🎁 ඔබේ ත් මගේත් දේව දරුකමේ උරුමය ,බුක්තිය ,මුක්තිය හිමිකර ගැනීමටනම් , දේව රස්ජ්‍යයේ රහස් දැනගත යුතු වේ..

🧚👼 සුදුසුකම් ලත් දේව ආත්මානුභාවය ඊට ලැබූ මෙහෙකරුවන් සිටී..

ඇතැම් විට පාරම්පරික කිතුණුවන් වූ ඔබ මා උරුමයේ රහස් පෙට්ටගමේ තබාගෙන ගැලවීමේ උරුමය නොමැතිව මිය යනතෙක් ම සිට පසුව දෙවියන් වහන්සේ අදහාගත් අය සැබැ උරුම කරුවන් වීම වැලැක්විය නොහැක..

එසේ නොවීමට ඔබටත් මටත් දේව කරුණාව තුළ සැබෑ ලෙස උරුමය ලැබීමේ මාර්ගය විවර වනලෙස යදිමු..
❤❤🙏🙏😇

29/06/2024

ඔබට ජේසුස් වහන්සේගේ රාජ්‍යයේ උරුමය ට ළංවන පිණිස ශුද්ධාත්ම මඟපෙන්වීම බහුල ලෙස ලැබෙන දිනයක් වේවා..
😇😇😇🙏🙏🙏❤❤❤

අද මඟපෙන්වීම :
***සැබෑලෙස දෙවියන් වහන්සේගේ දරුවෙක් වන්නේ කෙසේද ?***

📖️📖️📖️ රෝම 08:17
තවද දරුවෝ නම් උරුමක්කාරයෝය..
දෙවියන් වහන්සේගේ උරුමක්කාරයෝය..
ක්‍රිස්තුස් වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ සමග දුක් විදිමුනම් මෙසේ වන්නේය..
😇😇

දෙවියන් වහන්සේගේ පළමු උරුම කරුවන් කව්ද ❓
දෙවියන් වහන්සේගේ පළමූ උරුම කරුවන් වූයේ **ආදම් සහ ඒව ** වේ..
📖️📖️📖️ උත්පත්ති 01: 26 සිට අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සදම්හ..

මනුෂ්‍ය යන් ලෙස අපේ මාංසික පියා සහ මව දෙස බලමු..

දරුවෙක් මව් කුසට ආ පසු ඔවුන්ගේ හැසිරීම් රටාව බොහෝ සේ වෙනස්වෙනව නේද ?
➡️ ඔවුන් දරුවාට අවශ්‍ය සියලුදේ සූදානම් කරනවා..
➡️ වෙනම කාමරයක් තීන්ත ආලේපකර ,
දරුවා තැබීමට ආරක්ෂිත ස්ථානයක් පිළියෙල කරනවා..
➡️ මාස කිහිපයකට පසු දරුවාගේ පිරිමි ගැහැනු බව අනුව ඇදුම් මසනවා..
➡️ කන කෑම බීම රටාව වෙනස් කරනවා..

ඒ තම පරපුරේ අලුත් ජන්මය ලබන දරුවාට ඇති ආදරය ,කරුණාව නිසා..

👑️ දෙවියන් වහන්සේත් එසේමැයි
❤❤
ආදම් සහ ඒව මැවීමට ප්‍රථම උන්වහන්සේ ඔවුන්ට ඇවැසි සියලු දේ ඔවුන් මැරීම පෙර මවා සම්පූර්ණ කරනවා..
ඒ විතරක් නෙවෙයි ...
**තමන් වහන්සේලාගේ ස්වරූපයෙන් සහ සමානත්වයෙන්** ආදම් මවනු ලබනවා.
ස්වර්ගීය උරුමක් කරුවන ආදම්ට දෙන්නේ ජීවනයේ ආත්මයක්..
ස්වර්ගීය ස්වරූපයක් ...
කුමක්ද දෙවියන් වහන්සේ නොදී ඉතිරි කරගත්තේ ආදම් ට ‼️❓
පියෙක් ලෙස කිසිවක් නෑ ඉතිරිකරගත්තේ..

ඒ උන්වහන්සේගේ දරුකමේ උරුමක්කරුට ඇති අති මහත්වූ ප්‍රේමය නිසා නොවේද ??
❤❤❤❤❤

ඉන්පසු දේව වචනයේ මෙසේද සදහන් වෙනවා..

📖️📖️📖️ උත්පත්ති 01:26-27
ඔව්හු මුහුදේ මත්සයන් කෙරෙහිද , ආකාශයේ පක්ෂීන් කෙරෙහිද ,තිරිසනුන් කෙරෙහිද ,මුලු පොලොව කෙරෙහිද ආණ්ඩු කෙරේවායි කී සේක..
දරුවෙකුට
මීටවඩා උරුමයක් කොයින්ද ??
අපේ පියවරුන් දරුවන් උස්මහත්වූ පසු තම අදරය ,දරුවන් කෙරෙහි වන පීතෘත්වය පෙන්වනු පිණිස සිය ව්‍යාපාර ,දේපල දරුවන්ට පවරන ලෙස අපගේ ආත්මීක පියාණන් වහන්සේ මුළුමහත් ලෝකයේ උරුමය ,බලය ,ආධිපත්‍යය ආදම්ට පැවරුවා...

➡️ එහෙත් ආදම් ඒ උරුමය ඒ ලෙසින්ම තබා ගත්තාද ??? ⬅️

📖️📖️📖️හොෂියා 06- 07
එහෙත් ඔවුහු ආදම් මෙන් ගිවිසුම කඩ කලෙහිය..

දෙවියන් වහන්සේ අදම් සහ ඒව මවා සියලු බලය ආධිපත්‍යය පැවරූ සේම ,තම දරුවා වූ ඔවුන් සමග ගිවිසුමක් කරනවා..

📖️📖️📖️ උත්පත්ති 02: 09 පදය
සහ
📖️📖️📖️ උත්පත්ති 03: 01- 03

උයන මැද ජීවන වෘක්ෂය ද යහපත හා නපුර දැනගැනීමේ ගසද ( උපමාවකි )
ස්වාමින් වහන්සේ භූමියෙන් හටගන්නට සැකැස්වූ සේක..

දෙවියන් වහන්සේ සියලු ස්වර්ගීය උරුමයන් ,ආධිපත්‍යය ඔවුන්ට දී එක් ගිවිසුමක් ඔවුන් සමග ඇතිකරගත් සේක..

ආදම් සහ ඒව ඒ උරුමය ආරක්ෂා කරගත්තතාද ❓‼️
නැත ‼️

ස්වාමින් වහන්සේගේ ගිවිසුම් ඔවුන් කඩකලා..

➡️ ස්වර්ගීය උරුමයන් ලැබීමටනම් අපි දෙවියන් වහන්සේ ගේ ගිවිසුම් රක්ෂා කල යුතුයි..
දේව කැමැත්ත පමණක් කල යුතුයි..

උරුමය සහ ආධිපත්‍යය අපට ජන්මයෙන් ලැබූ උරුමය වේ..
එපමණක්ද ❓
දේව සමානකම, ස්වරූපය
අපට උපතේ සිටම ලැබූ සුවිශේෂී වූ වරප්‍රසාදය ක්..
උරුමයක්...

අපි ජීවමාන වචනය තුළින් වූ නැවත ඉපදීම අනිවාර්ය වේ..

📖️📖️📖️ 1 පේත්‍රැස් 01:23
මක්නිසාද නුඹලා කුණුවන්නාවූ බීජවලින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන වූ පවතින්නාවූ වචනය කරණකොටගෙන කුණු නොවන්නාවූ බීජයයෙන් නැවත උත්පාද කරනු ලැබුවහුය..

➡️ එසේනම් සදාකාල ජීවනය වන උරුමය අපට ලබාගැනීමට මාර්ගයක් ඇත..
ආදම් සහ ඒවගේ දේව ගිවිසුම කඩකිරීමේ පාපයෙන් නිදහස් වී කුණු නොවන්නාවූ බීජයෙන් නැවත උත්පාදනය වී අපගේ උරුමය රැකගැනීම අපගේ උරුමය වේ..

සත්‍යතාවයේ බීජය අපතුළ රෝපණය කරගැනීම උදෙසා නිරන්තර යෙන් කැපවෙමු ( ශු.මතෙව් 13: 24-30 )
එසේ නොමැති උවහොත් ජේසුගේ නැවත පැමිණීමේදී අප කිරිදි බීජවී ( සාතන්ගේ බීජය )
විනාශයට පත්වීම වලක්වා ගත නොහැක..

සත්‍යතාවේ බීජයෙන් ස්වර්ගීය උරුමය ආරක්ෂා කරගැනීමට ඔබටත් මටත් දෙවියන් වහන්සේගේ කරුණාව නිරන්තරයෙන්ම ලැබෙන දවසක් වේවා..
❤❤❤😇😇😇🙏🙏🙏🙏

Address

Minuwangoda
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when සියොන් ගිර - To The Siyon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share