Ganekande Purana Rajamaha Viharaya

Ganekande Purana Rajamaha Viharaya වළගම්බා රජතුමා සැගවී සිටි පුරාණ රජ මහ? Buddhist Temple

14/04/2026
*දිව්‍යමය උපකාර ඇතිව පහසුවෙන් දළදා වැඳගන්නට ඔබට හැකි වේවා🙏*🌸 සසරේ කිසිදාක බොරුවක් නොකී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ පද...
18/04/2025

*දිව්‍යමය උපකාර ඇතිව පහසුවෙන් දළදා වැඳගන්නට ඔබට හැකි වේවා🙏*

🌸 සසරේ කිසිදාක බොරුවක් නොකී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මයෙ පිහිටි වාම දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගන්න මනුෂ්‍ය අපි විතරක් නොවෙයි දිව්‍ය බ්‍රහ්ම තල වල වෙසෙන්නන් වගේම නාග, සුපර්ණ ආදීන්ද එනවා..

🌸 සතරදෙසින් හිඳ උන්වහන්සේව ආරක්ෂා කරන සතරවරම් දෙවියන් ඇතුළු බලවත් සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේ දිව්‍යමය උපකාර ඇතිව හරිම පහසුවෙන් ,සැහැල්ලුවෙන් වාම දන්ත ධාතුන් වහන්සේ අද සිට සුවසේ වන්දනා කරගන්න ඔබට ලැබේවා🙏

✨️ බාහිරින් සුදුවත් දරා පේවී එනවා වගේම සීලයෙන් පේවී දළදා වහන්සේ වන්දනා කරගන්න..

✨️ අනිවාර්යයෙන් මුසාවාදයෙන් ,වැලකෙන්න.
මොකද භාග්‍යවතුන් වහන්සේ කියන්නේ සත්‍ය පමණක් කතා කල ශ්‍රේෂ්ඨ ශාස්තෲන් වහන්සේ නමක්..🙏🌷 බොරුම කියන මිනිස්සුන්ට උන්වහන්ව දෑසින් දුටුවත් සුගතියක් ලැබෙන්නෙ නෑ..

✨️වන්දනාවට පෝලිම් වල ඉන්නකොට හිස් වචන, කේලම්, ඕපාදූප , පරුෂ වචනයෙන් වැලකිලා ඉන්න..මොකද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මයෙ පිහිටි දළදා වහන්සේ ගෙ කවදාවත් එවැනි පහත් ලාමක වචන ස්පර්ශ වෙලා නෑ..🙏🌷
ඒකයි බුදු මුවින් මහනෙල් මල් සුගන්ධය විහිදුනේ...

✨️ බුදු ගුණ සිතමින් පෝලිම් වල ඉන්න...
✨️ කරණීය මෙත්ත සුතුර සජ්ජාය කරමින් පෝලිම් වල ඉන්න..දෙවියන් ලඟට ඇවිත් උදව් කරාවි..
✨️ ඒ ශුද්ධ භූමිය කෙල පොදකින්වත්, කොල කෑල්ලකින්වත් අපවිත්‍ර කරන්න එපා...

✨️මෙත් සිතම පතුරවන්න...
🌸ඔබ ඔබේ සිත පරෙස්සම් කර ගෙන
ආකාරවතී ශ්‍රද්ධාවෙන් ම දළදා වහන්සේ වඳින්න..

🌸කෝටියක් මිනිස්සු හිටියත් ඔබව දෙවියන්ට දර්ශනය වේවි.ඔබ හරිම පහසුවෙන් දළදා හාමුදුරුවෝ වැඳ ගනීවි..

සාදු සාදු ශ්‍රී වාම දාතුන් වහන්සේගේ රැකවරනය ඔබට සැලසේවා🙏

වෙසක් උදානය ට සුදානම් වෙමු
16/04/2025

වෙසක් උදානය ට සුදානම් වෙමු

Address

Ihalayagoda
Gampaha
11865

Website

Alerts

Be the first to know and let us send you an email when Ganekande Purana Rajamaha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share