St. Sebastian's Church, Moragoda.

St. Sebastian's Church, Moragoda. Official page of Moragoda, St. Sebastian's Church Community.

🕊️ සෙනෙහසේ ආරාධනයයි! 🕊️ලබන 24 වන ඉරුදිනට යෙදෙන ශුද්ධාත්ම මංගල්‍යය සහ එළඹෙන 200 වසරක ජුබිලිය නිමිත්තෙන්, මීසම්වාසී ඔබ වෙන...
22/05/2026

🕊️ සෙනෙහසේ ආරාධනයයි! 🕊️
ලබන 24 වන ඉරුදිනට යෙදෙන ශුද්ධාත්ම මංගල්‍යය සහ එළඹෙන 200 වසරක ජුබිලිය නිමිත්තෙන්, මීසම්වාසී ඔබ වෙනුවෙන්ම සංවිධානය කළ විශේෂ අධ්‍යාත්මික වැඩසටහන් මාලාවක් එදින උදෑසන 7:30 දිව්‍ය පූජාවෙන් පසුව පැවැත්වේ. ✨

මෙදින සෑම දෙනාටම වඩාත් අර්ථවත් වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක වේ:
✨ දහම් පාසල් දරු දැරියන්ට
✨ තරුණ තරුණියන්ට
✨ වැඩිහිටියන් ඇතුළු සියලුම පවුල්වලට

මේ සියල්ල ඔබගේ ආත්මික පෝෂණය උදෙසාම සූදානම් කර ඇති බැවින්, මේ සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරමු. 🕊️

ස්තුතියි! ජේසු පිහිටයි! 🙏✝️

මොරගොඩ ශාන්ත සෙබස්තියන් දේවස්ථාන පරිශ්‍රයේදී පසුගිය අප්‍රේල් 26 වැනිදා රථවාහන සේදීමේ (Car Wash) වැඩසටහනක් පැවැත්විණි. ⛪​...
10/05/2026

මොරගොඩ ශාන්ත සෙබස්තියන් දේවස්ථාන පරිශ්‍රයේදී පසුගිය අප්‍රේල් 26 වැනිදා රථවාහන සේදීමේ (Car Wash) වැඩසටහනක් පැවැත්විණි. ⛪

​ඔවුන්ගේ සහ දේවස්තානයේ ඉදිරි වැඩකටයුතු සහ ව්‍යාපෘති සවිබල ගැන්වීමේ අරමුණින් 2025 සාමාන්‍ය පෙළ කණ්ඩායම සහ ශිෂ්‍ය නායක මණ්ඩලය එක්ව මෙය සංවිධානය කර තිබුණි. 🎓🤝

​වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් සැමට සංවිධායක මණ්ඩලය සිය කෘතඥතාව පළ කර සිටී. 🙌💙

ජුබිලිය අරභයා සූදානම් කෙරෙන ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය වැඩසටහන් සඳහා අපට ඔබගේ සහාය අවශ්‍යයි! ඔබ සතුව ඇති අප දේව...
06/05/2026

ජුබිලිය අරභයා සූදානම් කෙරෙන ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය වැඩසටහන් සඳහා අපට ඔබගේ සහාය අවශ්‍යයි! ඔබ සතුව ඇති අප දේවස්ථානයට සම්බන්ධ ඓතිහාසික තොරතුරු අපත් සමඟ බෙදාගන්න.

📸 පැරණි ඡායාරූප
🏅 සිහිවටන
📜 ලියකියවිලි
🎥 වීඩියෝපට

කරුණාකර පහත Link එකට පිවිස ඒවා අප වෙත Upload කරන්න: 👇
🔗 http://photos.sscmor.lk/

"කුඩා කිතුණු සංඝ තුලින් සංගමනීය සභාවක් කරා"මීසම් නවෝදයේ වසර අරඹයා පසුගිය අප්‍රියෙල් 26 වන දින අප මීසමේ කිතුණු ඒකක නායක න...
05/05/2026

"කුඩා කිතුණු සංඝ තුලින් සංගමනීය සභාවක් කරා"

මීසම් නවෝදයේ වසර අරඹයා පසුගිය අප්‍රියෙල් 26 වන දින අප මීසමේ කිතුණු ඒකක නායක නායිකාවන් හා නුවාන නායකයන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහනක් ගරු.බැසිල් වික්‍රමසිංහ පියතුමන් විසින් පැවැත්විණි.

📍සා.සෙබස්තියන් දේවස්ථානය | මොරගොඩ

පසුගිය මැයි 01 වන දිනට යෙදී තිබුණු කම්කරු ජුසේ මුණිඳුන්ගේ මංගල්‍යය වෙනුවෙන් පැවති දිව්‍ය පූජා යාගය සහ ඉන් අනතුරුව ශුද්ධව...
03/05/2026

පසුගිය මැයි 01 වන දිනට යෙදී තිබුණු කම්කරු ජුසේ මුණිඳුන්ගේ මංගල්‍යය වෙනුවෙන් පැවති දිව්‍ය පූජා යාගය සහ ඉන් අනතුරුව ශුද්ධවූ ජුසේ මුනි ප්‍රතිමාව රැගත් රථවාහන පෙරහැර ඉතා බැතිබර අයුරින් පැවැත්විණි.
​📍 ශු. සෙබස්තියන් මුණිඳුන්ගේ දේවස්ථානය - මොරගොඩ

🚗✨ CAR WASH – MAKE YOUR RIDE SHINE! ✨🚗Join us on April 26 (Sunday) from 10 AM onwards at St. Sebastian Church, Moragoda ...
24/04/2026

🚗✨ CAR WASH – MAKE YOUR RIDE SHINE! ✨🚗
Join us on April 26 (Sunday) from 10 AM onwards at St. Sebastian Church, Moragoda for a refreshing car wash experience!
🧼 We wash:
• Motor Bikes
• Three Wheelers
• Cars & Vans
• SUVs
💦 Drive in, relax, and drive out with a sparkling clean vehicle.
🙌 Organized by the 2025 O/L Batch & Prefect Board
Your support helps power our initiatives!

දින සති මාස අවුරුදු ගෙවී ගියදා....යුක්තිය පතා හඬයි හදවත් සැමදා... 🕯️🕊️
21/04/2026

දින සති මාස අවුරුදු ගෙවී ගියදා....
යුක්තිය පතා හඬයි හදවත් සැමදා... 🕯️🕊️

✨ මරණයේ අන්ධකාරය පරදවා, ජීවනයේ හිරු උදාවූ ඒ මහිමාන්විත අරුණෝදය! ☀️​මරණයේ යකඩ බැමි සුණු විසුණු වී ගියේය! අඳුරු සොහොන් ගැබ...
05/04/2026

✨ මරණයේ අන්ධකාරය පරදවා, ජීවනයේ හිරු උදාවූ ඒ මහිමාන්විත අරුණෝදය! ☀️

​මරණයේ යකඩ බැමි සුණු විසුණු වී ගියේය! අඳුරු සොහොන් ගැබ දෙදරවාගෙන, තේජාන්විත ආලෝකය දසත විහිදුවමින්, ගැලවුම්කරුවාණෝ මහිමාන්විතව උත්ථාන වූ සේක! 🕊️✝️

​කුරුසියේ වේදනාවෙන් ගලාගිය කඳුළු, අද අසීමිත වූ ආනන්දයකට හැරී ඇත. මේ මහා ජයග්‍රහණය, ලෝකයේ සියලු වේදනාවන් නිමා කරමින්, ඔබගේත් මගේත් ජීවිතවලට සදාකාලික වූ නව බලාපොරොත්තුවක් ගෙන එයි.

​උත්ථාන වූ සමිඳාණන්ගේ ජීවමාන ආදරයත්, සාමයත්, සතුටත් ඔබ හදවතෙත් සදාකල් රජයන...

✨ ආශිර්වාදබර සුබම සුබ පාස්කු මංගල්‍යයක් වේවා! ✨

​📍 මොරගොඩ ශු. සෙබස්තියන් මුණිඳුන්ගේ දේවස්ථානය
​ #පාස්කුඉරිදා

කුරුසිය මත දිවි පිදූ ඒ මහා ප්‍රේමය සිහිපත් කරමින්, ​මහ සිකුරාදා (Good Friday) මෙහෙයේ සුවිශේෂී අවස්ථා කීපයක්... 📸​උන්වහන්...
04/04/2026

කුරුසිය මත දිවි පිදූ ඒ මහා ප්‍රේමය සිහිපත් කරමින්, ​මහ සිකුරාදා (Good Friday) මෙහෙයේ සුවිශේෂී අවස්ථා කීපයක්... 📸
​උන්වහන්සේගේ කුරුසියේ ගමන, අප්‍රමාණ වූ වේදනාව සහ මුළු ලොවම වෙනුවෙන් කළ ඒ උතුම් දිවි පිදීම අප භක්තියෙන් යුතුව මෙනෙහි කළෙමු. මුළු ලොවම මහා නිහඬතාවයක ගිලී ඇත. ගලින් වැසූ සොහොන් ගැබ තුළ ක්‍රිස්තුන් වහන්සේ නිසලව සැතපෙන සේක.

#මහසිකුරාදා

Address

Oruthota Road, Moragoda
Gampaha
11000

Opening Hours

Monday 05:30 - 20:30
Tuesday 05:30 - 20:30
Wednesday 05:30 - 20:30
Thursday 05:30 - 20:30
Friday 05:30 - 20:30
Saturday 05:30 - 20:30
Sunday 05:30 - 20:30

Telephone

+94332222933

Alerts

Be the first to know and let us send you an email when St. Sebastian's Church, Moragoda. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St. Sebastian's Church, Moragoda.:

Share