Pin Kethe Api - පින් කෙතේ අපි.

Pin Kethe Api -  පින් කෙතේ අපි. පිනෙන් පිරුණු සොදුරු ඡිවිතයකට ! ! !

කකුසද බුදුරඡුන් හට ඕඡ දීපය ලෙසින්,
කෝණාගම බුදුරඡුන් හට වර දීපය ලෙසින්,
කස්සප බුදුරඡුන් හට මණ්ඩ දීපය ලෙසින්,
ගෞතම බුදුරඡුන් හට සිහල දීපය ලෙසින්
පිදුම් ලද මේ පින් කෙතෙහි...

'අපි' වනාහී...ඒකාකාරි ඡිවිතයෙන්, රුකියාවෙන් සහ කාර්යබහුල ඡිවිතයෙනේ මදකට හෝ මිදි..,

පිනෙන් පිරුණු සොදුරු ඡිවිතයකට සුන්දර පුණ්ය්‍ය ධර්මයන් රැස්කර ගැනීම සදහා එකතු වු සුන්දර මිතුරුන්ගේ එකමුතුවයි...

පිනෙන් පිරුණු සොදුරු ඡිවිතයකට !

! !

►Pin Kethe Api - පින් කෙතේ අපි....
►►https://www.facebook.com/PinKetheApi
►►https://www.youtube.com/user/SamanaChaya

28/05/2026

කෙලෙස් දුරැ වූ බව දකින්නේ
ආසවක්ඛය ඤාණයයි ඒ
හේතු සහිතව එය ලබන්නේ
තණ්හාව නැති වීමමයි ඒ

තණ්හාව නැති වන්න හේතුව
නොඇලීම නම් ධර්මයයි ඒ
නොඇලීමටත් හේතු ඇත්තේ
කලකිරීමයි අවබෝධයෙන්

හේතු සහිතයි කලකිරීමට
සැබෑ තත්වය දැකීමයි ඒ
සැබෑ තත්වය දැකීමටනම්
සමාධියමයි ඕනෑ වන්නේ

සමාධියටත් හේතුවක් ඇත
කයේ මනසේ සැපය වන්නේ
කයේ මනසේ සැපය ගන්නට
සැහැල්ලුවනම් ඕනෑ වන්නේ

සැහැල්ලුව නම් කයේ මනසේ
ප්‍රීතියක් සිත පැතිර ඕනේ
ප්‍රීතියෙන් අප හට සිටින්නට
ප්‍රමුදිත බවයි නිති වටින්නේ

ප්‍රමුදිත බවත් කරැණු සහිතයි
ශ්රද්ධාව ඒ උතුම් ධනයයි
ශ්‍රද්ධාවටත් හේතුවක් ඇත
ලෝ දුකම ඒ හේතු වන්නේ

දුක සදන්නට හේතු කිමදැයි
ඉපදීම බව වටහා ගන්නේ
ඉපදෙන්නටත් හේතුවක් ඇත
භවය හේතුයි සැම සතුන්ගේ

භවය සෑදෙන උපාධානය
හේතු වේ මතු දුක සදන්නට
උපාධානය හේතු සහිතයි
තණ්හාව ඒ හේතු වන්නේ

තණ්හාවටත් හේතුවක් වේ
විඳීමයි මේ සය දොරින්නේ
ස්ඵර්ශයයි එයට හේතුව
සය දොරින් ස්ඵර්ශ වන්නේ

ආයතන හයටත් හේතු ඇත
නාම රෑපය නම් දරන්නේ
නාම රෑපය විඥාණයට
බට මිටිය සේ බැඳී ඇත්තේ

විඥාණයට සංසඛාරය
හේතු වීලයි එකට ඉන්නේ
අවිද්‍යාවම හේතු කරගෙන
සංස්ඛාරය පැවැත එන්නේ

නමින් උපනිස සූත්‍රය මෙය
බුදු වදන ගුරැ දෙවිඳු කීවේ
මටත් මේ දම් කවි බඳින්නට
ගුරැ දෙවිඳු දම් පදය කීවේ

ආවෙමි මම බෝවත්තේ අද
කලණ මිතුරන් තමයි කීවේ
උනන්දූ කර අගය වැඩි කර
කීව වදනට පිනයි දෙන්නේ

දුටුවෙමී මම මුනිඳු ධාතුන්
ඇස් ලැබූ පින ඵල දෙමින්
මමත් වැනදා මුනිඳු ධාතුන්
මල් පුදා අද සිත තුටින්

පුරා පැය හතරක් හමාරක්
මුනිඳු වැඳුමට මඟ ගෙවූයේ
රිදුණා කකුල් සසර සිහි කර
ඉවසුවා බුදු සමිඳු නමිනේ

ගෙවේවා දුක් සසර ගමනේ
මතු දුකක් නම් නොවේවා
දහමේ හැසිරෙන සිත රැකේවා
කුසල් සිත් ඉස්මතු වෙමින්

අනුමෝදන්ව මෙපින් දෙවියන්
බඹුන් සසුනම රකිමිනේ
දහමේ ඉන්නට උනන්දුව දෙන
කලණමිතුරන් රකිමිනේ

නිදුක් නිරෝගි සුව ලැබේවා
ඔබට මට ඒ හැම පිනෙන්
සසර දුක් සැම නිමා වේවා
අම නිවන් සුව ලැබ දෙමින්..

-චතුර විජය ශ්‍රී දොළහඅමුණ-

උතුම් ධාතු වන්දනාවක අසිරිය...

🟡 ශ්‍රී ශාක්‍යමුනි සර්වඥ ධාතු වන්දනාව
📅 දිනය : මැයි මස 24 දින සිට 29 දක්වා
⌚ වේලාව: උදෑසන 6.30 සිට රාත්‍රී 8.30 දක්වා
📌 ස්ථානය: බිංගිරිය, බෝවත්ත, ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ දී

අද වගේම බුද්ධ කාලේත් සාසනික ප්‍රශ්න තිබුනා..බුද්ධ සාසනයේ යහපත පිනිස බුදුරජාණන් වහන්සේ ඒවට මැදිහත් වෙලා ඒ සියලු ප්‍රශ්න ව...
27/05/2026

අද වගේම බුද්ධ කාලේත් සාසනික ප්‍රශ්න තිබුනා..
බුද්ධ සාසනයේ යහපත පිනිස බුදුරජාණන් වහන්සේ ඒවට මැදිහත් වෙලා ඒ සියලු ප්‍රශ්න විසඳා දුන්නා..

එකල රජගහ නුවර සිටු තරුණියක් හිටියා..
ඇය ඉතා ශ්‍රද්ධාවන්තයි. මව්පියන්ගෙන් නිතර නිතර ඉල්ලා හිටියේ පැවිදි වෙන්න අවසර දෙන්න කියලයි.. එයට මව්පියන් කිසිසේත් කැමති වුණේ නෑ..මේ දියණිය අකමැත්තෙන්ම විවාහ කරලා දුන්නා.

ඇයට ලැබුනු සැමියා හරි කරුණාවන්තයි. ඇය ඔහුට කිව්වා තමන් පැවිදි වෙන්න ආසාවෙන් ඉන්න බව.. තම බිරිඳ ගැන මේ සැමියාට දුක හිතුණා.
ඒ නිසා ඔහු තම බිරිඳට පැවිදි වෙන්න අවසර දුන්නා.

ඉතින් මේ සැමියා මහත් ගෞරවාදරයෙන් යුක්තව තම බිරිඳව භික්ෂුණී ආරාමයකට කැඳවාගෙන ගොස් භාරදුන්නා.

මේ භික්ෂුණීන් පිරිස අයිති දේවදත්තටයි..
දේවදත්තගේ අවවාද අනුවයි ඒ භික්ෂුණීන් කටයුතු කළේ..මේ අහිංසක මාතාව මේ කිසිවක් නොදැන එතන පැවිදි වුණා..

ටික දවසක් යද්දි මේ තෙරණියගේ බඩ ඉදිරියට නෙරා එන්න පටන් ගත්තා..බලනකොට බඩේ දරුවෙක්..
ඇයගේ ඉදිරියට නෙරා ආ කුස පිට අයට දැකගන්න ලැබුනා.. ආරාමේ හිටපු අනෙක් භික්ෂුණීන් කලබල වුනා..

ඇයගෙන ඇහුවා "නුඹ කාත් එක්කද අනාචාරයේ හැසිරුනේ??" කියලා...කිසිවක් නොදත් ඇය හඩා වැලපෙමින් තමන් කිසිවක් නොදන්නා බව කිව්වා..

අනිත් භික්ෂුණීන් ඇය කැඳවාගෙන දේවදත්ත ළඟට ගියා.

“මැය ඉතා ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ. අපි දැනුයි දන්නේ දරු ගැබක් පිහිටා ඇති බව. කාලයක් හොයා ගන්න බැහැ. දැන් මොකද කරන්නේ…?”

එතකොට "දේවදත්ත" මෙහෙම කිව්වා.

“මගේ අවවාදයන්ට අනුව වැඩකරන භික්ෂුණීන්ට මේක මහා නින්දාවක් වෙනවා..මටත් නින්දාවක්.. ඒ නිසා වහාම සිවුරු අරවන්න.”

අර අහිංසක භික්ෂුණිය හඬා වැළපෙන්න පටන් ගත්තා.

“අනේ… මාව සිවුරු හරවන්න එපා.. මං දේවදත්ත වෙනුවෙන් පැවිදි වුණු කෙනෙක් නෙවෙයි.. අනේ මාව ශාස්තෘන් වහන්සේ ගාවට එක්කගෙන යන්න.”

ඉතින් ඒ භික්ෂුණියව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා..භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ තෙරණියට දරුවා පිළිසිඳ ගත්තේ පැවිදි උනාට පස්සේ නෙවෙයි ගිහිගෙදර සිටියදී බව.. බුදුරජාණන් වහන්සේට තිබුනා ඇය නිවැරදියි කියලා තියාගන්න..

හැබැයි භාග්‍යවතුන් වහන්සේ එහෙම කලේ නෑ..
ඇය නිවැරදි කියලා හැමෝටම පෙන්වන්න ඔනී වුනා.. මොකද එහෙම නොවුනා නං බුදුරජාණන් වහන්සේ පක්ෂපාතිව කටයුතු කලා කියලා මිනිස්සු කතා හදන්න තිබුනා..ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඒකට පිලියමක් යෙදුවා..

ඔන්න බලන්න ඒ කාලේ සාසනික ප්‍රශ්න විසදපු හැටි..

භාග්‍යවතුන් වහන්සේ කොසොල් රජු, අනාථපිණ්ඩික සිටුතුමා, විශාඛා මහෝපාසිකාව ආදී වගකිව යුතු ශ්‍රාවක ශ්‍රාවිකාවන් කැඳවා විනයධර භික්ෂූන් අතර අග්‍ර වූ උපාලි තෙරුන්ට මෙය විසඳන්ට පැවරුවා..

උපාලි තෙරුන් රජු ඉදිරියේ විශාඛාවට ඇගේ දරුගැබ විමසන්නට භාර කළා..
විශාඛා මහෝපාසිකාව මහත් කරුණාවෙන් යුතුව ඇයව ආවරණ ස්ථානයකට රැගෙන ගොස් හොඳින් පිරික්සා බැලුවා..

“ස්වාමීනී, මේ පින්වත් භික්ෂුණිය ගිහි ජීවිතය තුළ තමයි දරු සම්පත පිහිටුවාගෙන තිබෙන්නේ.”

උපාලි තෙරුන් වහන්සේ සියලු දෙනා ඉදිරියේ මේ භික්ෂුණිය සිල්වත් තැනැත්තියක් බව ප්‍රකාශ කළා. ඊට පස්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂුණී සංඝයාට මෙම භික්ෂුණිය භාර වුණා.

මේ තෙරණියගේ කුසේ ඉන්නේත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි.. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට පින් රැස්කරමින් පැමිණි මහා බලසම්පන්න කුමාරයෙක් තමයි පිළිසිඳගෙන තිබුණේ..ඒ නිසාම මේ දරුවා සුවසේ බිහිවුණා.

දිනක් රජතුමා භික්ෂුණී ආරාමය අසලින් යද්දී කුඩා දරුවෙකුගේ හැඬීමක් ඇසුණා.

“කවුද ඒ හඬන පොඩි දරුවා…?”

“දේවයන් වහන්ස, ළඟදී විශාඛා මහෝපාසිකාව පිරික්සා පිරිසිදු බව පැවසූ එක්තරා භික්ෂුණියක් තමයි දරුවා බිහි කළේ. ඒ සිඟිත්තා තමයි ඔය හඬන්නේ….”

රජතුමා මේ සිඟිත්තාව මාළිගයට කැඳවාගත්තා. මේ දරුවාට ‘කස්සප’ යන නම ලැබුණා. සිඟිති කුමාරයෙකුව සිට මාළිගාවේ වැඩුණ හෙයින් "කුමාර කස්සප " යන නම ලැබුණා.

කුමාර කස්සප සිඟිත්තා දරුවන් සමඟ සෙල්ලම් කරද්දී ‘මව්පියන් නැති ළමයා’ කියමින් අනිත් ළමයි වෙනස්කම් කරනවා. එතකොට මේ සිඟිත්තා රජ්ජුරුවන් ළඟට හඬාගෙන යනවා..ඒ නිසා ඔහු රජතුමාගෙන් ඇහුවා මගේ අම්මා කවුද කියලා..?

“පුතේ, එහෙනම් මං ඇත්ත කියන්නද? ඔයාගේ අම්මා භික්ෂුණියක්… භික්ෂුණී ආරාමයෙන් තමයි මං ඔයාව එක්කගෙන ආවේ…”

එය ඇසූ කුමාර කස්සපයන්ට හැමදෙයක්ම එපා වුණා. මහා කළකිරීමක් හටගත්තා.

“දේවයන් වහන්ස, අනේ මාවත් එහෙනම් මහණ කරන්න.”

රජතුමා උත්සවාකාරයෙන් පොඩි දරුවා රැගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේට භාර දුන්නා. සිඟිත්තා පැවිදි වුණා.ධර්මය අවබෝධ කරගන්ට හරීයට වීරිය ගත්තා..ටික කලෙකින් කුමාර කස්සපයන් වහන්සේ අරහත්වයට පත්වුණා.
ඒ වෙද්දි උන්වහන්සේගේ වයස අවුරුදු දොළහයි.🙏🙏🙏

උන්වහන්සේගේ මව් වූ භික්ෂුණිය තමන්ගේ පුතණුවන් රජතුමා ගෙනිච්ච දවසේ ඉඳලා හැඬූ කඳුලින්මයි හිටියේ..
දවසක් වීදියේ පිඬුසිඟා වඩිද්දී කුමාරකස්සප මාතාව තම පුතණුවන්ව දැක්කා. හරි පුදුමයි. මව්ගුණ හරිම පුදුමයි. දෙළොස් වසරක් තිස්සේ දරු සෙනෙහසින් හඬමින් සිට එදා පුතු දුටු වේලෙහි මව්කිරි ගලා ආවා.

“මයෙ රත්තරන් පුතේ…” කියමින් දුවගෙන ගිහින් සිඟිති ස්වාමීන් වහන්සේ අතින් අල්ලගත්තා. කුමාර කස්සපයන් වහන්සේට අම්මා ගැන සංවේගයක් හටගත්තා. මේ බැඳීම නම් සිඳබිඳ දැමිය යුතුයි කියලා හිතුවා. අත ගසලා දැම්මා.

“මොකක්ද මේ හැසිරෙන විදිහ…? තාමත් බැරිවුණාද ඔය දරුසෙනෙහෙ නැතිකරගන්න….?”

කුමාර කස්සප මාතාවගේ අත නිකම්ම ගිලිහුණා. හිටිවනම දෑස් ලොකු කරන් පුතා දිහා බලාගෙන හිටියා..ඒ වචනෙන් ඈ සංවේගයට පත් වුනා..
සසර ගැන කල කිරුනා..

ආරාමෙට ගිහින් ඈ අනිත්‍ය මෙනෙහි කලා..
අහෝ! එදාම අරහත්වයට පත්වුණා..

භාග්‍යවතුන් වහන්සේ එදා ඇයට පිහිට වූ නිසා ගෞතම බුද්ධ සාසනයේ අරහත් ධජ දරන්නට ඇයට වාසනාව උදා වුනා..
ඒ කරුණාව නිසාම කුමාර කාශ්‍යප මහරතන වහන්සේ නම්වූ විසිතුරු දහම් කතා ඇති භික්ෂූන් අතරේ අග්‍ර වූ මහරහතන් වහන්සේද බිහි වුනා..

කුමාර කස්සප මහරහතන් වහන්සේට ද, කුමාර කස්සප මාතාවටද අපගේ නමස්කාරයවේවා!!!

Rangana Ruwanpura 🙏

07/05/2026

Sri Ananda Maha Seya - ශ්‍රී ආනන්ද මහා සෑය.
Mahamevnawa Buddhist Monastery
Galnewa

🐘🙏💐🐘ඒ් සුවඳ පුෂ්පය මිලින විය....                 මන්දාකිණි විලෙන් පැන් පහසු වී සිය වාසස්ථානය තුළට වැඩම කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ...
26/04/2026

🐘🙏💐🐘
ඒ් සුවඳ පුෂ්පය මිලින විය....

මන්දාකිණි විලෙන් පැන් පහසු වී සිය වාසස්ථානය තුළට වැඩම කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මනා සිහියෙන් යුතුව සමාපත්තීන්ට සම වැදෙමින් හිරු නැගීමට පළමුව කල්ප කාලයක් පෙරුම් පුරමින් තමන් වහන්සේ පැමිණි ගමනට සමුදෙමින් පිරිනිවනට වැඩියා. පසුදා උදාසනම සුපුරුදු පරිදි දැහැටි දඬු පිළියෙල කර ශ්‍රමණයන් වහන්සේ අවදි වනතුරු බලා සිටි ඡද්දන්ත ඇත් රජු උන්වහන්සේගේ ප්‍රමාදය පිළිබඳ සොයා බැලීමට ගල් ගුහාව තුළට වැදුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවනට වැඩම කොට ඇති බව දැනගන්නා ඇත් රජු මහත් සංවේගයට පත් වුණා.

අකනිටා බඹ ලොවට ද ඇසුණ කුංචනාදය

අට දහසක් හස්තීන් එක්ව වසර 12ක් උවටැන් කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගේ පරිනිර්වාණය දැනගත් ශෝකයෙන් කුංචනාද කිරීමට පටන් ගත්තා. මේ කුංචනාද ශබ්දය අකනිටා බඹ ලොව දක්වාම ඇසෙන්නට වුණා. එය ඇසී මන්දාකිණි විල්තෙරට පැමිණි බ්‍රහ්මයන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශ්‍රි දේහය වන්දනා කොට දෙවියන් විසින් තනවන ලද මණ්ඩපයක චිතකය සකස් කළා. ඡද්දන්ත හස්තීන් සියලු දෙනා චිතකය තුන්වරක් ප්‍රදක්ෂීණා කරමින් අවසන් ගෞරවය ද දක්වනු ලැබුවා. චිතකය දවා ඉතිරි වූ අරහන්තක ධාතුන් වහන්සේලා වඩා හිඳුවා චෛත්‍යයක් ඉදි කරනු ලැබුවා. අවසානයේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා උතුම් වූ නිවන් ඵලය ලබමින් ඒ් අති ශ්‍රේෂ්ඨ බුද්ධ ශ්‍රාවකයාණෝ මේ බියකරු සසර ජය ගත්තා.
----------------------
මොරගහකන්ද ශ්‍රී මහාසේන මහමෙව්නාව වන සෙනසුනෙහි ගොඩනැංවෙන චිරරාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලාභී වූ ඡද්ධන්ත නම් වූ මහා වනයේ ඡද්දන්ත හස්තීන්ගෙන් උපස්ථාන ලබමින්, මන්දාකිණී විල්තෙර හුදෙකලාවේ වැඩ සිටි අපගේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ
ශ්‍රී නාමය උදෙසා, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව සිදුවූ..,
ශ්‍රී අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහා සෑ රජුන්ගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන ගෞතම බුද්ධ ශාසනයට පූජා කරණ ලදි..!!

ශ්‍රී ආඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ සෑ රජුන්ට නමස්කාර වේවා!!
🙏🙏🐘🐘🐘🙏🙏

"මම මේ දුවන්නේ ඇත්තටම කොහේටද? මම ඇත්තටම සතුටින්ද?ඔබත් මමත් අද ඉන්නේ මහා රේස් එකක. සල්ලි, තනතුරු, ලස්සන ගෙවල්, යානවාහන......
23/04/2026

"මම මේ දුවන්නේ ඇත්තටම කොහේටද? මම ඇත්තටම සතුටින්ද?

ඔබත් මමත් අද ඉන්නේ මහා රේස් එකක. සල්ලි, තනතුරු, ලස්සන ගෙවල්, යානවාහන... නොනවත්වාම
මේ හැමදේම පස්සේ අපි
දුවනවා. හැබැයි දවසක රෑට තනියම ඇස් දෙක පියාගත්තම හිත ඇතුළෙන් පුංචි ප්‍රශ්නයක් ඇහෙනවා නේද?

"මම මේ දුවන්නේ ඇත්තටම කොහේටද? මේ ලබාගන්න දේවල් වලින් මම ඇත්තටම සතුටින්ද?"

අන්න ඒ ප්‍රශ්නයට ප්‍රායෝගිකවම උත්තර හොයපු අපූරු මිනිසෙක් ගැනයි මේ කතාව. ඒ අන් කවරෙකුවත් නොව, අමෙරිකාවේ ටෙක්සාස් හි වැඩවසන **පූජ්‍ය භික්ඛු පඤ්ඤාකාර (Venerable Bhikkhu Paññākāra / Thích Tuệ Nhân)** © වහන්සේයි.

**දිළිඳුකමෙන් ඇරඹී සුඛෝපභෝගී ජීවිතයකට...**

1981 වසරේ වියට්නාමයේ (Dak Lak) ඉතාම දුප්පත් පවුලක ඉපදුණු උන්වහන්සේගේ එකම හීනය වුණේ ඉගෙනගෙන ලොකු මිනිහෙක් වෙන එක. 1997 දී අතේ සතේ නැතුව ඇමරිකාවට යන්නේ ඒ හීනය පස්සේ. රෑ දවල් වෙහෙස වෙලා ඉගෙනගෙන අමෙරිකාවේ University of Texas හි උපාධියක්ද ලබාගන්නා උන්වහන්සේ, ලෝකප්‍රකට **Motorola සමාගමේ ඉහළම පෙළේ ඉංජිනේරුවෙක්** බවට පත්වෙනවා.

හොඳ පඩියක්, සමාජ ගරුත්වය, සුඛෝපභෝගී ජීවිතය... සාමාන්‍ය මනුස්සයෙක් හීන දකින හැමදේම උන්වහන්සේ ළඟ තිබුණා.

**සැබෑ සැනසුම සොයා ගිය ගමන**

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි *"තණ්හාය ජායතී සෝකෝ"* - තණ්හාව සහ ඇලීම නිසාම ශෝකයත් බියත් හටගන්නවා. කොපමණ භෞතික සම්පත් ලැබුණත් මේ ඉංජිනේරුවාගේ හිතට සැබෑ සැනසීමක්, නිවීමක් ලැබුණේ නැහැ.

ලෞකික ජීවිතයේ 'සාමිස සුඛය'(භෞතික දේ මත යැපෙන සතුට) තාවකාලික බව පසක් කරගත් උන්වහන්සේ, 2007 දී ලෝකයම පුදුම කරමින් තීරණයක් ගත්තා. තමන් සතු සියලු සැප සම්පත්, ඉහළ වැටුප් ලබන ඉංජිනේරු වෘත්තිය අතහැරලා ථේරවාදී සම්ප්‍රදායට අනුව උන්වහන්සේ මහණ වුණා.

ලෝකයට පෙන්නන්න හැදුවේ එකම එක දෙයයි:

*"සැබෑ සැනසීම තියෙන්නේ අපට පිටතින් තියෙන භෞතික සම්පත්වල නෙවෙයි, තමන්ගේම හිත ඇතුළේ (නිරාමිස සුඛය තුළයි)"*

**සාමය වෙනුවෙන් ඇවිද ගිය සැතපුම් 2300...**

උන්වහන්සේගේ මේ නිහඬ ආධ්‍යාත්මික ගමන ලෝකයේම අවධානය දිනාගත්තේ පසුගිය කාලයේදීයි.

ඒ **"Walk for Peace" (සාමය සඳහා වූ පාගමන)** නිසාවෙන්.
ආරම්භය:** 2025 ඔක්තෝබර් 26 (ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් වර්ත් නුවරින්)

* **අවසානය:** 2026 පෙබරවාරි මැද භාගයේදී (වොෂිංටන් ඩී.සී. නුවරින්)
***
**දුර ප්‍රමාණය:** සැතපුම් 2300කට අධික දුරක් (අදියර 108ක් ඔස්සේ)..

හිතන්න...
සැතපුම් 2300ක් කියන්නේ ලේසි දුරක් නෙවෙයි. විශේෂත්වය එය නොවේ, පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ මේ මුළු ගමනම ගියේ **පාවහන් පවා නොමැතිව, හිස් පයින්!
**
උන්වහන්සේ මේ ගමන ගියේ කාටවත් බණ කියන්නවත් දේශපාලන විරෝධතාවක්
කරන්නවත් නෙවෙයි.
මෛත්‍රිය සහ කරුණාව
පෙරදැරිව, කිසිම වචනයක් කතා නොකර
නිහඬවයි උන්වහන්සේ පියවරෙන් පියවර ඉදිරියට ගියේ. උන්වහන්සේගේ එක පියවරක් ප්‍රාර්ථනාවක් වුණා. එක හුස්මක් සතිපට්ඨාන භාවනාවක් (Mindfulness) වුණා.

සමහර දවස්වලට රෑ ගත කළේ මහමග ගහක් යට, එහෙමත් නැත්නම් අහස යට. අයිස් වගේ සීතල, හිම පතනය, වැස්ස, අව්ව, දෙපා තුවාල වීම්... මේ කිසිම දෙයක් ඒ වීර්යය නතර කළේ නැහැ.

*අපේ ජීවිතයට ගන්න තියෙන ආදර්ශය මොකක්ද?**

අපි හැමෝම කියන්නේ "මට දැන් මේකෙන් අයින් වෙන්න බැහැ, මට වගකීම් තියෙනවා" කියලා.

ඉහළම තනතුරක හිටපු ඉංජිනේරුවෙක්ට ඒ හැමදේම අතහරින්න පුළුවන් වුණා නම් අපිටත් අපේ ජීවිතයේ තියෙන අනවශ්‍ය බැඳීම් සහ බර (උපාදාන) ටිකක් හරි අඩු කරගන්න බැරි ඇයි?

අපි රුපියල් කෝටි ගණන් හෙව්වත් රෑට නින්ද යන්න පෙති බොන්න වෙනවා නම් ඒක සාර්ථකත්වයක්ද? නිහඬව සැතපුම් දහස් ගණන් ඇවිදින මේ ස්වාමීන් වහන්සේගේ මුහුණේ තියෙන ඒ ශාන්ත බව ලෝකයේ තියෙන කිසිම සල්ලියකට ගන්න බැහැ.

අද ලෝකයේ හැමෝම බලන්නේ කෑගහලා තමන්ගේ මතය පතුරවන්න. හැබැයි කිසිම වචනයක් කතා නොකර, හුදෙක් සතියෙන් යුතුව (Mindfully) ඇවිදීමෙන් පමණක් ලෝකයේම හදවත් කම්පනය කරන්න මේ හිමියන්ට පුළුවන් වුණා.

මේ ලිපිය කියවන ඔබත් සමහර විට අද ඉන්නේ ලොකු මානසික පීඩනයක වෙන්න පුළුවන්. හෙට ගැන බයෙන්, අනුන් මොනවා කියයිද කියන සැකයෙන් ඔබ මිරිකිලා ඇති. ඔබට සිවුරු දරන්න අවශ්‍ය නැහැ...

සැතපුම් දහස් ගණන් පයින් යන්නත් අවශ්‍ය නැහැ... හැබැයි අද රෑට නින්දට යන්න කලින් විනාඩි 5ක් ඇස් දෙක පියන් හිතන්න:

**"මම මේ දුවන ගමන ඇතුළේ මගේ හිතේ සාමය කොහේ හරි මග ඇරිලාද?"** කියලා

ඒ ප්‍රශ්නය ඔබේ හිතට ආපු මොහොතේ ඉඳන් ඔබත් ඔබේම සාමයේ ගමන පටන් අරන් ඉවරයි. විනාශ වී යන ලෝකයක සැබෑ මනුෂ්‍යත්වය සහ ආධ්‍යාත්මික සුවය සොයා ගිය පූජ්‍ය භික්ඛු පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!.

13/04/2026

තමන් අතින් වැරදුනාම සමාව ඉල්ලන්න,
අනුන් දොසට පළි ඉල්ලා කෝප නොවී ඉන්න..
👩‍👩‍👧🙏🎶❤️👨‍👨‍👧‍👧🙏

දියේ ඇදපු ඉර වාගේ තරහ මකා ගන්න, නිවෙන්න
සකි, වයිරෙන් බෑ, සැනසීමෙන් ඉන්න...

එකට වසන හැම මොහොතෙම මෙන් සිත පතුරන්න..
වැරදි දකින හැම මොහොතෙම ගුණ සිහි කරගන්න..

තමන් අතින්වැරදුනාම සමාව ඉල්ලන්න,
අනුන් දොසට පළි ඉල්ලා කෝප නොවී ඉන්න..

එකට වසන හැම මොහොතෙම මෙන් සිත පතුරන්න..

රවන බනින එක් එහෙමයි ඉවසාගෙන ඉන්න,
තනිව සසර යන හින්දා හිත රැකගෙන ඉන්න...

මිණි පබළු පන්හිද-Mini
Pabalu Panhinda❤️

🎶👨‍👨‍👧‍👧❤️👩‍👩‍👧🙏🧎‍♂️

09/04/2026

"ගරු භාණ්ඩ" පූජා කිරීම...🍃🙏

කලවාන කත්ලාන ප්‍රදේශයේ අලුතින් ආරම්භ වූ පුණ්‍යභූමියක් සදහා "ගරු භාණ්ඩ" පූජා කිරීම...🙏

💐ආහාර පාත්ර – භාජන පිදීමේ අනුසස්...

පත්තේ සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දසානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

බුදුරජාණන් වහන්සේට ද මහා සංඝයා වහන්සේට ද පාත්ර සහ ආහාර ගැනීමේදී උවමනා කරන අනෙකුත් භාජන උපකරණ පූජා කිරීම නිසා ඊට අනුකූල වූ ආනිශංස දහයක් සසර උපදින උපදින ආත්මභාවයක් පාසා ම ලැබුවෙමි.

1. රන් රිදී භාජන සහ අගනා පිඟන් කෝප්පාදී භාජන ලැබීම
2. ආහාර පාන ගැනීමේදී කැස්ස – හිරවීම, දිව තොල හැපීම් බඳු උපද්රව ඇති නොවීම.
3. ඉතා පහසුවෙන් ආහාර පානාදිය ලැබීම.
4. සැමදා කාගේත් ගෞරවයට පාත්රවීම.
5. දේපළ ගින්නෙන්, ජලයෙන්, කෘමීන් ආදී සතුන්ගෙන් විනාශ නොවීම.
6. චංචල බවින් තොර ස්ථිර අදහස් ඇත්තකු වීම.
7. සැමදා ධර්මයට කැමැත්තකු වීම.
8. කෙළෙස් අඩු ගතිය.
9. කාගේත් හිත් දිනාගත හැකි වීම.
10. දෙව් මිනිස් දෙගතියෙහි විවිධ සම්පත් ලැබීම.

💐බෙහෙත් පිදීමේ ආනිශංස...

භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

ආයුවා බලවා වීරෝ – වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච – හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ මම

බුදුරජාණන් ප්රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි.

1. දීර්ඝායු සම්පත් ලැබීම.
2. ශරීර ශක්තිය ලැබීම.
3. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
4. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
5. යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
6. ශරීර සැපය ලැබීම.
7. කවර උපද්රවයකටවත් හසු නොවන්නෙකු වීම.
8. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි පි්තරය විප්රයෝග දුකකට පත් නොවීම.

💐 පාවහන් පූජාවේ ආනිශංස..

1. උපනුපන් ආත්මභාවයන්හිදී අශ්වවාහන, ඇත්වාහන සහ දෝලා, සිවිකාදිය ද ගමන් බිමන් සඳහා ඒ ඒ කාලවලදී පැවති විවිධ යාන වාහන ලැබීම.
2. පයට පහසුව ගෙනදෙන අගනා පාවහන් ලැබීම.
3. කිසිදු ආත්මභාවයකදී දෙපයේ සහ පතුල්වල රෝගාබාධයක් ඇති නොවීම.
4. අහසින් යාම බඳු සෘද්ධි බල ලැබීම.
5. උපනුපන් ආත්මභාවයන්හිදී දර්ශනීය පාද යුග්මයක් ලැබීම.

💐ඡත්ර කුඩ පූජාවේ ආනිශංස...

ඡත්තේ සුගතෙ දත්වා
සංඝේ ගණවරුත්තමේ
අට්ඨානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
බුදුරජාණන් වහන්සේ ප්රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට සියක් දිනක් පුරා දහස දහස බැගින් දන්දීමේ අලංකාර ඡත්ර – කුඩ එක නමට එක බැගින් සවි කෙළෙමි. එයින් මම සසර පුරා ආනිශංස අටක් සෑම ආත්මභාවයකදී ම මේ ඡත්ර පූජාවෙන් ලැබූවෙමි.

සීතං උණහං න ජානාමි – රජෝජල්ලං න ලිම්පති
අනුපද්දවෝ අනීතී ච – හෝමි අපචිතෝ සදා

කිසිම ආත්මයක දී සීතෙන් හෝ උෂ්ණත්වයෙන් පීඩා නො ලැබූවෙමි. කවදාවත් අධික සීත ඇති රටක, කවදාවත් දැඩි ඌෂ්ණය ඇති රටක උපතක් සිදු නොවිනි.

මාගේ ශරීරයෙහි කුණු ඇලෙන ගතියක් නැත. ඒ නිසා දහදිය වැගිරීමක් ද නැත. උවදුරකට මුහුණ දීමට සිදු නොවිනි. සැමදා ගිය ගිය තැන සැමගේ ගෞරව ලබන කෙනෙක්වම සිටියෙමි.

සුඛුමච්ඡවිකෝ හෝමි – විසදං හෝති මානසං
සත්ත සතසහස්සානි – භවේ සංසරතෝ මම

ඉකුත් කල්ප ලක්ෂය පුරාම පින්කම නිසා උපනුපන් ආත්මභාවයන්හිදී සිනිදු එසේම පිරිසිදු වර්ණවත් ශරීරයක්ම ලැබීමි.
උපනුපන් තන්හිදී අලංකාර ඡත්ර, අලංකාර නිවාස ලැබීමට මේ පුණ්යකර්මය මට හේතු විය. ප්රධානත්වය – මූලිකත්වය සැමතැනදී ම ලදිමි.
----------------------------------------
නො දන්නා ඉමක ඉපදී,දුක් සුසුම් සන්තාප තුළ කැළබී,
මරණයේ තෙර සොයා යන,
(අ) සුන්දර ඡීවිත නදී අරුමයෙන් මිදීමට...
උඩුගම් බලා යන සෙනහසේ එකතුව..

පිනෙන් පිරුණු සොදුරු ඡිවිතයකට ! ! !
►Pin Kethe Api - පින් කෙතේ අපි....

බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා මොහොතකින් අපගේ "මහා කාෂ්‍යප" මහරහතන් වහන්සේ බුද්ධ සාසනයට අනාගතයේ සිද්ධවෙන අනතුර දැක්කා......
01/04/2026

බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා මොහොතකින් අපගේ "මහා කාෂ්‍යප" මහරහතන් වහන්සේ බුද්ධ සාසනයට අනාගතයේ සිද්ධවෙන අනතුර දැක්කා...
ඒ නිසා උන් වහන්සේ අනාගත පරපුර වෙනුවෙන් පලමු ධර්ම සංගායනාව සිද්ධ කලා..

🔻පලමු ධර්ම සංගායනාව...👇
https://www.facebook.com/share/p/1XVurzrPLC/

බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා වසර 100ක් ගිය තැන යලිත් බුද්ධ සාසනයට අනතුරක් ආවා..අලජ්ජි භික්ෂූන්ගේ දස ඇකප වස්තූන් නිසා ත් දුස්සීල සංඝයා නිසාත් එකල රහතන් වහන්සේලා තීරණය කලා දෙවන ධර්ම සංගායනාව තියන්න...

ඒ අනුව යස,රේවත,සාළ්හ කියන මහරහතන් වහන්සේලා එක් වී දෙවන ධර්ම සංගායනාව සිද්ධ කලා..

🔻දෙවන ධර්ම සංගායනාව..👇
https://www.facebook.com/share/p/1AhyG9aZto/

ඒ දෙවන ධර්ම සංගායනව සිද්ධ කල මහරහතන් වහන්සේලා අනාගතය බලද්දි, දැක්කා මීටත් වඩා දරුණු අනතුරක් අනාගතයේ සිද්ධ වෙන බව..

දෙවන ධර්ම සංගායනාවෙන් තවත් වසර 118ක් ගිය තැන බුද්ධ සාසනයට වෙන දරුණු පරිහාණියෙන් බේර ගන්න රහතන් වහන්සේලා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජයෙකුට මනු ලොවට වඩින්න ආරාධනා කලා..

ඒ බ්‍රහ්ම රාජයා තමයි අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ.. උන් වහන්සේගේ අසිරිමත් කතාව මෙතන තියෙනවා..👇
🔻https://www.facebook.com/share/1Do63F2D2H/

උන් වහන්සේ පහල වෙනකොට දඹදිව ඒකචත්‍ර කලේ ධර්මාශොක අධිරාජයායි.. එතුමාත් බුද්ධ සාසනය රැක ගැනීම පිණිසම සසරේ මහා පිනක් උරුම කරන් ආව කෙනෙක්...ඒ විශ්මිත කතාව මෙතන තියෙනවා බලන්න..👇
🔻https://www.facebook.com/share/1Dyc89kPPk/

🚩 නිකාය 18ක්..

දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ, 10,000ක් දුස්සීල භික්ෂූන් සාසනෙන් නෙරපුවා..
ඔවුන් "මහාසංඝික" නමින් වෙනම නිකායක් ඇතිකරගත්තා...

ඒ "මහාසංඝික" භික්ෂූන්ගෙන් කොටස් දෙකක් බිඳී ගියා.. "ගෝකුලිකවාදය" සහ "ඒකබ්බෝහාරික" කියා නිකායන් දෙකක් ඇතිවුනා.

ගෝකුලිකවාදී භික්ෂු නිකායේ තව කොටස් තුනක් කැඩී ගියා..
ප්‍රඥප්තිවාදී / බාහුලිකවාදී / චේතියවාදී/ යන ලෙසයි..

ආයෙමත් ස්ථවිරවාදී සංඝයාගෙන් බිඳිලා "මහිංසාසක" නමිනුත් "වජ්ජිපුත්තක" නමිනුත් මේ නිකාය දෙකක් ඇතිවුනා.

මේ වජ්ජිපුත්තක නිකායට අයත් භික්ෂූන් තවත් සතර කොටසකට බෙදී ගියා..
ඒ ධම්මුත්තරිය /භද්‍රයානික / ඡන්නාගරික / සම්මිතීය / වශයෙනි.

ඒ වගේ ම මහිංසාසක භික්ෂු පිරිසට අයත් නිකායෙනුත් තව කොටස් දෙකක් බිහිවුනා. "සර්වාස්ථිවාදී" නිකායත් "ධර්මගුප්තික" නිකායත් වශයෙනි...

ඔය සර්වාස්ථිවාදි නිකායෙන් තමයි මුහුද මැද රහතන් වහන්සේ නමක් තවමත් වැඩ ඉන්නවා කියන සංස්කෘත කතාව ලිව්වේ..

"සර්වාස්තවාදී" භික්ෂු නිකායෙන්...
"කස්සපීය / සංක්‍රාන්තික / සූත්‍රවාදී නමින් නිකායයන් තුනක් බිහිවුනා.

ඔය විදියට නිකාය 18කට බුද්ධ සාසනේ සංගයා බෙදිලා ගියා..

🚩 අනතුර දැකපු මොග්ගලිපුත්තයන් වහන්සේ..

මේ නිකාය බෙදිලා සංඝයා දුස්සීල වෙලා සාසනයට වෙන හානික බ්‍රහ්ම ලෝකේ ඉදලා බුද්ධ සාසනය රැක ගන්න ආපු මොග්ගලිපුත්ත තිස්ස මහා තෙරුන් දුටුවා..

හැබැයි උන් වහන්සේ අපි වගේ කලබල වුනේ නෑ..රහතන් වහන්සේලා වෙලාව එනකං ඉන්නවා..ඒ වගේම උපක්‍රමශීලිව බුද්ධ සාසනයේ දියුණුවට කටයුතු කරනවා..

ඒ නිසාම සසනය පිරිසිදු කරන්න කාලය එන තෙක්
ගංගා නම් වූ ගංගාවට උඩු පැත්තේ පිහිටි "අහෝගංග" පර්වතයට වැඩම කොට විවේකීව සත් වර්ෂයක් නිහඬව වැඩසිටියා...

🚩 සත් අවුරුද්දක් පොහෝය කර්මය නෑ..

තමන්ම සිවුරු පොරොවා ගෙන සිටි තීර්ථකයන් බොහෝ පිරිසක් ඒ වෙනකොට සාසනේ සිටියා.. ඔවුන් සංඝයාගේ අවවාද වලට අකීකරු වුනා...

ඒත් ජනයාට ඔවුන් දුස්සීල බව පෙන්නා දීලා ධර්මානුකූලව ඔවුන්ව සංඝයාගෙන් බැහැර කරන්ට සිල්වත් භික්ෂූන් වහන්සේලාට බැරිවුනා..

ඔවුන්ගේ දඩබ්බර ක්‍රියාකාරකම් හේතුවෙන් දඹදිව සියලු විහාරආරාමවල භික්ෂූන් වහන්සේලා "සත් අවුරුද්දක්" ම පොහොය කිරීම් ආදී විනය කර්මයන් කරන්ට නොහැකිව සිටියා..

🚩 සංඝයා ඝාතනය කරයි..

සාසන හිතෛෂී මහා යසපිරිවර ඇති "ධර්මාශෝක" මහරජ්ජුරුවන්ට භික්ෂූන්ගේ පොහොය නොකිරීම ගැන දැනගන්ට ලැබුනා... මේ ගැන සොයා බලන්න ඔහු එක් අමාත්‍යවරෙයෙක් ට කතා කලා..

"‘එම්බා අමාත්‍යය, මාගේ අශෝකාරාමයෙහි පොහෝ ය නොකිරීමට හේතු වූ අර්බුදය සොයා බලා, වහාම භික්ෂු සංඝයා ලවා පොහොය කිරීමාදිය කරන්ට සලස්සව"’..
කියලා පිටත් කෙරෙව්වා.

ඒ ඇමැති මඳ නුවණින් යුතු කෙනෙක්... ඔහු අශෝකාරාමයට ගිහින් භික්ෂු සංඝයාව රැස් කෙරෙව්වා..රැස් කරවලා..

"රජුගේ අණ පරිදි නුඹලා දැන් පොහොය කල යුතුයි..!’ කියලා නියෝග කලා..

‘"හොරට සිවුරු පොරොවා ගෙන සිටින අන්‍යතීර්ථකයන් එක්ක අපි පොහොය කරන්නේ නෑ’" කියලා, සිල්වත් භික්ෂු සංඝයා ඒ මෝඩ සිතින් යුතු අමාත්‍යයාට පිළිතුරු දුන්නා...

එතකොට ඒ අමාත්‍යයා...
‘"හොඳයි එහෙනම් හිටපල්ලා මං පොහොය කරවන්නම්"’..
කියලා කඩුවක් ගෙන පිළිවෙළින් වැඩසිටි ස්ථවිර භික්ෂූන් වහන්සේලා කීප නමකගේ ම හිස ගසා දැම්මා..

🚩 පෙරට ආ ධර්මාශෝක රජුගේ මල්ලි...

ධර්මාශෝක රජතුමා ඔහුගේ සියලු සහෝදරයන් මැරුවත් එකම සහෝදරයෙක් ඉතුරු වුනා...
ඔහු තමයි "තිස්ස" කුමාරයා...

තිස්ස කුමාරයා ජිවිතේ ගැන කලකිරිලා අශෝක රජුගෙන් අවසර අරගෙන පැවිදි වුනා..
එදා අර මෝඩ ඇමතියා සංඝයා ඝාතනය කරද්දි,
ඒ "තිස්ස" ස්වාමින්වහන්සේ ත් එතන වැඩ සිටියා..

උන් වහන්සේ අනතුර වලක්වන්න පෙරට වැඩම කරලා, ඊළඟට කඩු පහරට මුහුණ දීම පිණිස ඔහුට ළඟම වූ ආසනයෙහි වාඩිවුනා...

"තිස්ස" තෙරුන් දුටුව ඒ මෝඩ ඇමතියා පසු බැස්සා..ආපසු ගිහින් මහරජ්ජුරුවන්ට දැනුම් දුන්නා..

ඒ සියලු විස්තර ඇසූ ධර්මාශෝක රජුගේ සිරුරේ මහත් දාහයක් හටගත්තා...මේ මෝඩ ඇමතියා නිසා මං කරගත්ත අපරාදයක් කියලා ශෝක වුනා..

මහත් සේ සසල වී ගිය සිතින් යුතු රජ්ජුරුවෝ වහ වහා භික්ෂූන් වහන්සේලා බැහැදකින්ට ගියා..

"‘අනේ ස්වාමීනී, මා භික්ෂූන් ඝාතනය කරවන්ට කිසිවෙක් එව්වේ නෑ. මේ කරන ලද දේ නිසා පව් රැස් වුනේ කාටදැ’" යි කියා ඇසුවා..

ඒ භික්ෂූන් අතර සිටි දුස්සීල භික්ෂූන්...
‘මහරජ්ජුරුවෙනි, මෙයින් තොපට පව් රැස්වුනා’ කියලා කිව්වා.

ඒත් නුවණැති භික්ෂූන් වහන්සේලා රජුගෙන් මෙහෙම ඇහුවා...

‘මහරජ්ජුරුවෙනි, මේ අමාත්‍යයා එහි ගොස් භික්ෂූන් නසාවා! යන සිත ඔබට ඇති වුනාද???

"ස්වාමීණි, මා තුළ එබඳු චේතනාවක් ඇති වුනේ නෑ’ ‘භික්ෂු සංඝයා සමගිව පොහොය කරත්වා! යන චේතනාවෙන් ම ඔහුව පිටත් කලේ"’..

‘එසේනම් මහරජ, මෙහිලා කුසල් සිතක් මිසක් භික්ෂූන් ඝාතනය කරවීමේ චේතනාවක් ඔබට නැති නිසා පව් සිදුවුනේ නෑ’"

‘ස්වාමීනී, මා තුළ ඇති වූ මේ විමතියන් දුරුකොට යළි බුද්ධ ශාසනය නගා සිටුවන්නට සමත් භික්ෂූන් වහන්සේ නමක් වැඩ ඉන්නවා ද?’

"‘මහරජ්ජුරුවෙනි, ඔබගේ ඔය සියලු අදහස් සඵල කරදිය හැකි මොග්ගලීපුත්ත තිස්ස මහා තෙරපාණන් වහන්සේ වැඩසිටිනවා’"
කියලා සංඝයා පිළිතුරු දුන්නා...

🚩 මහා පිංවතුන් දෙදෙනෙකුගේ මුණ ගැසීම..

එය ඇසූ රජ්ජුරුවන්ගේ සිතෙහි උන්වහන්සේ කෙරෙහි මහත් ආදරයක් හටගත්තා..
උන් වහන්සේ වැඩ සිටින්නේ හුදකලාවේ බව රහතන් වහන්සේලාගෙන් අසා දැනගත් රජු,
එදා ම 8000ක් පිරිවර යැව්වා මොග්ගලීපුත්ත මහා තෙරුන් වඩම්මවන්න...

මොග්ගලිපුත්ත මහාරහතන් වහන්සේ දැන ගත්තා දැන් තමයි දුස්සීල භික්ෂූන් බැහර කරලා,ධර්ම සංගායනාව කිරීමට කාලය බව..

ඒ සඳහා රජුගේ අනුග්‍රහය ගන්න බලාගෙන, උන් වහන්සේ රජු බැහැ දකින්න කැමති වුනේ නෑ..

රජතුමා ආයෙත් 16,000ක පිරිසක් යැව්වා..උන් වහන්සේ ඒත් කැමති වුනේ නෑ..
රජු මේ ගැන රහතන් වහන්සේලාගෙන් විමසා සිටියා...නුවැණති රහතුන් රජුට මෙහෙම කිව්වා..

රජුනි, ඔබ මෙසේ පණිවිඩයක් යවන්න..
‘ස්වාමීනී, අප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිරිහීගෙන යයි. ඒ උතුම් බුදු සසුන යළි නගා සිටුවීම පිණිස අපට උපකාරී වුව මැනව’ කියා මහරජ්ජුරුවෙනි ඔය අයුරින් ඇරයුම් කළෝතින් අපගේ ස්ථවිරෝත්තමයන් වහන්සේ වැඩම කරාවි.

රජු ඒ අයුරින්ම ලියා පිරිස පිටත් කලා..
මහා තෙරුන් වහන්සේ වඩින්න කැමති වුනා..පිරිසත් සමග නැවක නැගී ගංගා නම් ගඟේ සිට පාටලීපුත්‍ර නගරයේ වරායට සේන්දු වුනා.. මහරජ්ජුරුවෝ උන්වහන්සේව පිළිගැනීමට පෙර ගමන් කළා.

රජ්ජුරුවෝ දණක් පමණ වතුරට බැස්සා..
නැවෙන් ගොඩට වඩින මහරහතන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවාදරයෙන් යුක්තව තමන්ගේ දකුණු අත තෙරුන් වහන්සේට දිගු කළා..

මහරජ්ජුරුවන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් සහ බුද්ධ සාසනයට අනුග්‍රහ පිනිස, අපගේ මහරහතන් වහන්සේ අනුකම්පාවෙන් ම රජ්ජුරුවන්ගේ දකුණු අතෙහි එල්ලී ගත් වාරුවෙන් යුතුව නැවෙන් ගොඩට වැඩියා..

🚩 මහා පොළව සොළවයි...

රජතුමාට මොග්ගලිපුත්ත තෙරුන් වහන්සේ ගැන සොයා බලන්නට හිතුනා..රජු මෙහෙම ඇහුවා..

‘ස්වාමීනී, මම ප්‍රාතිහාර්යයක් දකින්ට කැමතියි’

‘මහරජ්ජුරුවෙනි, මොන වගේ ප්‍රාතිහාර්යයක් ද දකින්ට ආසා?’

‘ස්වාමීනී, මහපොළොව සෙලවෙනවායි දකින්ට ආසයි’

‘මහරජ්ජුරුවෙනි, මුළු මහත් පොළෝ තලය ම සෙලවෙනවා දකින්ටද ආසා, එහෙම නැත්නම් එක් ප්‍රදේශයක් පමණක් සෙලවෙනවා දකින්ට ද?’

‘ස්වාමීනී, ඔය ප්‍රාතිහාර්ය දෙකින් වඩාත් අසීරු කුමක් ද?"

" මහරජ්ජුරුවෙනි, එක් ප්‍රදේශයක් පමණක් සෙලවෙන්ට සැලැස්සීම යි අසීරුයි "

" එහෙමනම් ස්වාමීනී, මං එක් ප්‍රදේශයක් පමණක් සොලවා දමන ප්‍රාතිහාර්යය දකින්ටයි ආසා."

එතකොට අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ යොදුනක ප්‍රදේශය සීමා කෙරෙව්වා... ඒ ඇතුළත සතර දිසාවේ රථයකුත්, අශ්වයෙකුත්, මිනිසෙකුත්, ජලය මුවවිට දක්වා පුරවන ලද පාත්‍රයකුත් තැබ්බෙව්වා...
එසේ තබ්බවපු රථ ආදියත්, යොදුනක ප්‍රමාණ වූ මහපොළොව ත් සෙලවෙන ආකාරය ඒ උයනෙහි වාඩි වී සිටි රජ්ජුරුවන්ට ඉර්ධි බලයෙන් දකින්ට සැලැස්සුවා.

අතිශය සතුටු වූ රජු.. තමන්ගේ ඇමැතියෙකු විසින් භික්ෂූන් වහන්සේලා ඝාතනය කරවපු පාපය තමන්ටත් අයිති වුනාද නැද්ද කියලා අපගේ තෙරුන් වහන්සේගෙන් ඇහැව්වා...

එතකොට අප තෙරුන් වහන්සේ
‘මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි’ යන බුද්ධ වචනය පෙන්වා වදාළා..
කිළිටි චේනාවක් නොමැතිව සිටි නිසා පාප කර්මයකට කාරණාවක් නැතැයි අවබෝධ කරවා දුන්නා... තිත්තිර ජාතකයෙනුත් තවදුරටත් කරුණු පහදලා දුන්නා...

මොග්ගලිපුත්ත මහා තෙරුන් බුද්ධ සාසානය පිරිසිදු කල යුතු බවට රජුට දැන්වූවා...රජු මහත් කැමැත්තෙන් ඒ අදහස පිලිගත්තා..

🚩 විභජ්ජවාදීන්...

සතියක් ඇතුළත ධර්මාශෝක රජ්ජුරුවෝ යකුන් දෙදෙනෙකු පිටත් කරවලා දඹදිව වසන ධර්මවාදී අධර්මවාදී සියලු භික්ෂූන් අශෝකාරාමයට රැස් කෙරෙව්වා.

ධර්ම ශාලාවේ තිරයක් ඇදලා, ඇතුළ තමාත් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේත් පමණක් සිටියා..එක් එක් මතවාද දරන්නා වූ භික්ෂූන් වහන්සේලා වෙන් වෙන්ව තමන්ගේ සමීපයට කැඳවා ගත්තා..

ඊටපස්සේ රජ්ජුරුවෝ..අර ස්වාමින් වහන්සේලාගෙන් මෙහෙම අහනවා..

‘ස්වාමීනී, සුගත වූ තථාගත බුදුරජාණන් වහන්සේ කවර මතයක් පවසන සේක් දැයි’

ධර්මවාදී භික්ෂූන් මෙහෙම කිව්වා. ‘මහරජ්ජුරුවෙනි, අපගේ සුගතයන් වහන්සේ ස්කන්ධ, ධාතු, ආයතනාදී වශයෙන් බෙද බෙදා ධර්මය වදාළ හෙයින් විභජ්ජවාදී වන සේකැ’යි කියලා.

එතකොට මහරජ්ජුරුවෝ ‘ස්වාමීනී, අපගේ සුගතයන් වහන්සේ විභජ්ජවාදී වන සේක් ද?’යි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් ඇසුවා...

‘එසේය, මහරජ්ජුරුවෙනි,’ කියා වදාළා. එතකොට රජතුමා එසේ පිළිතුරු දුන් භික්ෂූන් ධර්වාදීන් බව දැන සතුටට පත් වුනා...

එතකොට දුස්සීල භික්ෂූන් ගෙන් අහද්දි,ඒ භික්ෂූන් වහන්සේලා බාහිර සාසනවලට අයත් මතිමතාන්තරයන් කියමින්, සදාකාලික ආත්මයක් ගැන කියන හෙයින් සුගතයන් වහන්සේ ශාස්වතවාදී ය යනාදී වශයෙන් තම තමන්ගේ මත කියන්ට පටන් ගත්තා..

එතකොට රජ්ජුරුවෝ මිත්‍යාදෘෂ්ටික වූ ඒ සියලු භික්ෂූන් ව සිවුරු හැරෙව්වා. එසේ සිවුරු හරවාලූ පිරිස සැට දහසක් වුනා...

ඔය විදියට මොග්ගලිපුත්තයන් වහසේ සහ ධර්මාශෝක රජු එක්වී සම්බුද්ධ සාසනය පිරිසිදු කලා...

වසර 07 ට පසු සිල්වත් සංඝයා වහන්සේලා සමගිව පොහොය උපෝසථ කළා..🙏🙏🙏

🚩 තුන්වන ධර්ම සංගායනාව..

දුස්සීල සංගයා බැහැර කල පසු මොග්ගලිපුත්තයන් වහන්සේ තෙවන ධර්ම සංගායනාව සිද්ධ කරන්න තීරණය කලා...

ඒ අනුව ධර්මයේ විශාරදභාවයට පත්, සය වැදෑරුම් අභිඥා ඇති, ත්‍රිපිටකධාරී, සතර පටිසම්භිදාලාභී, රහත් භික්ෂූන් වහන්සේලා දහස් නමක් තෝරා ගත්තා.

අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාව කරන ලද්දේ යම් අයුරින් ද, යස මහ තෙරුන් වහන්සේ දෙවන ධර්ම සංගායනාව කරන ලද්දේ යම් අයුරින් ද, එසෙයින් ම අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද තුන්වෙනි ධර්ම සංගායනාව කොට වදාළා.

ඒ තුන්වන ධර්ම සංගායනා මණ්ඩපයේ දී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ අන්‍ය වූ අධර්මවාදී මතිමතාන්තරයන් මර්දනය කරන්නා වූ කථාවස්තු නමැති ප්‍රකරණය වදාළා.

මේ විදිහට ධර්මාශෝක රජ්ජුරුවන් විසින් සලසන ලද ආරක්ෂාව ඇතිව රහතන් වහන්සේ දහස් නමකගේ සහභාගීත්වයෙන් කරන ලද මේ තුන්වන ධර්ම සංගායනාව නව මාසයකින් නිමාවට පත්වුනා...

ගෞතම බුද්ධ සාසනය තවත් බොහෝ කාලයක් දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස පවතින බවට මහා පොළව කම්පා වෙමින් සාක්ෂි දැරුවා..

අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ගෞතම සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසා සියලු කටයුතු සම්පාදන කොට පිරිණිවන් පා වදාලා..

ඒ වගේම අපගේ ධර්මාශෝක නිරිඳුන් ද ලංකාද්වීපයේ ඉපදි, කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ නමින් පිරිණිවන් පා වදාලා..🙏🙏🙏

මේ විදියට අපගේ මහරහතන් වහන්සේ ගෞතම බුද්ධ සාසනය වසර 5000ක් කල් සුරැකීම පිණිස ධර්ම සංගායනාවන් සිද්ධ කොට වදාලා..
උන් වහන්සේලා මේ සියල්ලක්ම සිදු කලේ උන්වහන්සේලා උදෙසා නොව අනාගතයේ පහල වන අප උදෙසාමය..

අප සියලු දෙනාටම සම්බුදු සසුනේ පහස ලබන්නට, ධර්ම සංගායනාවන් සිදුකල සියලු මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා

Rangana Ruwanpura 🙏

එක මනුස්සයෙක් ගේ කර්මයක් නිසා ගමකටම කන්න නැති වෙනවානං, ඒ කර්මය කොයි තරං බලවත් එකක් වෙන්න ඇත්ද??කව්ද දන්නේ කිහිප දෙනෙක්ගේ...
19/03/2026

එක මනුස්සයෙක් ගේ කර්මයක් නිසා ගමකටම කන්න නැති වෙනවානං, ඒ කර්මය කොයි තරං බලවත් එකක් වෙන්න ඇත්ද??

කව්ද දන්නේ කිහිප දෙනෙක්ගේ කර්මයක් ගෙවන්න මේ මහා යුද්ධ පවා ඇති වෙනවද කියලා??

ඒ කාලේ අප භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ... ඒ කාලෙම කොසොල් රටේ මාළු මරණ මිනිසුන් ඉන්න ගම්මානයක් තිබුනා.., මේ ගමේ පවුල් 1000ක් හිටියා..

මේ ගමේ අම්මා කෙනෙක් ගේ කුසේ පිරිමි දරුවෙක් පිළිසිඳ ගත්තා.. ඒ දරුවා පිළිසඳ ගත්තු දවසේ මේ පවුල් දහසකින් යුතු මුළු ගම්මානෙට ම එකම එක මාළුවෙක්වත් අල්ලගන්ට බැරි වුණා... එදා ගමටම කන්න නෑ..

දරුවා මව්කුසේ වැඩෙද්දී ඒ ගමේ ගෙවල් සත් වතාවක් ගිනිගත්තා.. රජ්ජුරුවන්ගෙනුත් හත් වතාවක් දඩ කෑවා... ක්‍රමයෙන් මුළු ගම්මානය ම දුකට පත්වෙලා අසරණ වෙලා ගියා..
මාළු අල්ලන ගම් ප්‍රධානීන් මේ ගැන සාකච්ඡා කළා..

“මේක හරි පුදුම දෙයක් නොවැ… එන්න එන්නම අපි නැත්තටම නැති වුණා…. මෙතෙක් කාලෙකට මෙහෙම විපැත්තියක් වුණේ නෑ…! මොකෙක් හරි කාලකන්නියෙක් මේ ගම්මානේ ඉපදිලාවත් ද…?

අපි ගමේ ගෙවල් පන්සීය බැගින් දෙකට බෙදමු. එතකොට සොයාගන්ට ඇහැක් වේවි….!”

කියලා ක්‍රමක්‍රමයෙන් ගෙවල් බෙද බෙදා ගියා...
අන්තිමේ අර දරුවා පිළිසිඳගත් ගෙය ඉතිරි වුණා. අනිත් පවුල් ක්‍රමයෙන් දියුණු වුණා..
එතකොට ගම්මු එකතුවෙලා ඒ පවුල ම ගමෙන් පැන්නුවා..

අර අම්මා ඉතා ම දුක සේ බඩකුත් උස්සාගෙන ජීවත් වුණා.. පුතෙක් බිහි කළා...
ඒ අම්මා ඉතා ම දුක සේ මේ දරුවා පෝෂණය කළා.. මේ දරුවාට ඇවිද යන්ට පුළුවන් වුණාට පස්සේ ටින් කබලක් අතට දුන්නා..

“පුතේ… ආන්න අර පේන ගෙදරට ගොහින් මොකවත් ඉල්ලාගෙන කාපන්…” කියලා දරුවා පිටත් කළා... අම්මා ළමයා දාලා පැනලා ගියා..

එදා පටන් මේ දරුවා තනි වුණා.. හරි හමන් කෑමක් බීමක් නෑමක් නිදීමක් මොකවත් නෑ.. පාංශුපිශාචයෙක් වගේ ඉතාමත් දුක සේ ජීවත් වුණා... ගෙවල්වල වළං පිඟන් සෝදා වීසි කරන ඉඳුල් කන කපුටෙක් වගේ බත් ඇට ඇහිඳගෙන කකා අනුක්‍රමයෙන් දරුවා සත් හැවිරිදි වුණා..

දවසක් අපගේ ධර්ම සේනාධිපති "සාරිපුත්තයන්" වහන්සේ සැවැත්නුවර පිඬු සිඟා වඩිද්දී මහා දුක්ඛිත ජීවිතයක් ගෙවන මේ දරුවා දකින්ට ලැබුණා...

“දරුවෝ මෙහෙ එන්න….” කියලා මේ දරුවට කතා කළා.. එතකොට මොහු ගිහින් සාරිපුත්තයන් වහන්සේට වන්දනා කළා.

“දරුවෝ…. ඔයා කොයි ගමේ කෙනෙක් ද…? ඔයාගේ අම්මා තාත්තා කවුද….?”

“ස්වාමීනී…. මං නිසා අපේ අම්මටයි තාත්තටයි හරී කරදරයිලු…! ඉතින් එයාලා මාව දාලා ගියා….”

“දරුවෝ…. ඔයා මං වගේ පැවිදි වෙන්න කැමති ද…?”

“අනේ ස්වාමීනී…. මං වගේ කෙනෙක් මහණ කරන්නේ කවුද…?”

“ඇයි මම ඉන්නේ….? මම මහණ කරන්නම්…”

එතකොට ඒ දරුවා කැමති වුණා.. සාරිපුත්තයන් වහන්සේ දරුවව පැවිදි කළා.. විසි වයස වෙද්දි උපසම්පදාත් කළා..
"ලෝසකතිස්ස" තෙරණුවෝ’ නමින් උන්වහන්සේ ප්‍රසිද්ධ වුණා.

හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුනා..මේ ස්වාමින් වහන්සේට බඩ පිරෙන්න දානයක් ලැබෙන්නේ නෑ..බොහොම ටිකයි ලැබෙන්නේ..
කොසොල් රජ්ජුරුවන්ගේ අසදෘශ මහා දානෙදිවත් කුසගිනි නැතිවෙන්ට තරම් ආහාරයක් ලැබුණේ නෑ..

උන් වහන්සේගේ පෙර කරපු කර්මය කොයිතරං ප්‍රභලද කියනවා නං,
පිඬු සිඟා ගිහින් යාන්තම් දානේ ස්වල්පයක් ලැබෙනවා..
හැබැයි මිනිස්සුන්ට පේන්නේ පාත්‍රය ආහාරවලින් පිරී තියෙනවා වගෙයි...ඒ නිසා මිනිස්සු උන්වහන්සේට දානේ පූජා කරන්නේ නෑ..

හැබැයි දානේ ලැබුනේ නෑ කියලා පසුතැවුනේ නා...මේ ලෝසක තෙරුන් උත්සාහයෙන් ධර්මයේ හැසිරුනා...උතුම් රහත් ඵලය සාක්ෂාත් කළා..
🙏🙏🙏

හරිහමන් දානේ වේලක නැතිකම නිසාම, වැඩිකල් නොගිහින් උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙලා ක්‍රමයෙන් පිරිනිවන් පානා දවස පැමිණුනා..

එදා "ලෝසක" තෙරුන් පිරිනිවන් පානා බව අපගේ සාරිපුත්තයන් වහන්සේ දැනගත්තා...

“අහෝ! අද අපේ "ලෝසක" පිරිනිවන් පානවා…. අදවත් ඔහුට කුස පිරෙන්ට ආහාරයක් දෙන්ට වටිනවා…” කියලා එදා සාරිපුත්තයන් වහන්සේ "ලෝසක" තෙරුන් සමඟ පිඬු සිඟා වැඩියා...

"ලෝසක" මහරහතන් වහසේගේ කර්මයේ ප්‍රභලත්වය නිසාම, එදා සාරිපුත්තයන් වහන්සේට දානෙ තබා දෑත් දිගු කොට වන්දනා කරන්ටවත් සැවැත්නුවර කවුරුවත් ආවෙ නෑ...

හැමෝම නොදැක්කා වගේ ගියා.. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ලෝසක තෙරුන්ට විහාරයට ගොස් දාන ශාලාවේ වාඩිවෙලා ඉන්ට කිව්වා.. තමන් වහන්සේ තනිවම වැඩිය ගමන් පිණ්ඩපාතෙ ලැබුණා..

එතකොට "සාරිපුත්තයන්" වහන්සේ තමන්ගේ දානෙ වේල මනුස්සයෙක් අතේ "ලෝසක" තෙරුන්ට දෙන්ට කියලා පිටත් කෙරෙව්වා...

කරුමෙක මහත! ඒක ඔහු අතරමග දී ඔහු අනුභව කළා..දැන් ලෝසක මහරහතන් වහන්සේට දානේ නෑ...

අපගේ "සාරිපුත්තයන්" වහන්සේ දන් වළඳා විහාරයට වැඩියා..."ලෝසක" තෙරුන් තවමත් දන්හලේ වැඩඉන්නවා... එතකොට "ලෝසක"1 තෙරුන් ඉක්මනට ඇවිත් සාරිපුත්තයන් වහන්සේට වන්දනා කළා..සාරිපුත්තයන් වහන්සේ මෙහෙම ඇහුවා..

“ඇවැත්නි…. දානෙ වැළඳුවා නේ ද?”

“ස්වාමීනී…. අපට දානේ ලැබුණේ නෑ නොවෑ…”

එතකොට සාරිපුත්තයන් වහන්සේට මහා සංවේගයක් හටගත්තා...ඉක්මනින් කාලය බැලුවා...කාලය ඉක්ම ගිහින්… පිණ්ඩපාතේ වඩින්න වෙලාවක් නෑ..

“කමක් නෑ ඇවැත්නි… ඔහොම ම ශාලාවේ ඉන්ට” කියලා කෙළින් ම කොසොල් රජ්ජුරුවන්ගේ මාළිගාවට ඉර්ධියෙන් වැඩියා.. රජුට කාරණේ කිව්වා...රජ්ජුරුවෝ මහත් සතුටට පත්ව සාරිපුත්තයන් වහන්සේගේ පාත්‍රය පුරවා චතුමධුර පූජා කළා.

සාරිපුත්තයන් වහන්සේ පාත්‍රය ඇතිව නැවත ලෝසක තෙරු ළඟට වැඩියා.

හැබැයි පාත්‍රය ලෝකසක මහරහතන් වහන්සේ අතට දුන්නොත්,සසරේ කර්ම විපාක නිසා දානේ එක අතුරුදහන් වෙනවා..

“ලෝසක… හරි… දැන් මේ චතුමධුර වළඳන්ට”
කියා පාත්‍රය අතැතිව සිටගත්තා...

තම ආචාර්යපාදයන් කෙරෙහි මහත් ගෞරවයෙන් ලෝසක තෙරුන් ලැජ්ජාවෙන් යුක්ත වුණා. වැළඳුවේ නෑ.

“නෑ ලෝසක…. මං මේ පාත්‍රය අතේ තියාගෙන මෙහෙම ඉන්නම්...ඔබ මෙතන වාඩිවෙලා මේ පාත්‍රයෙන් ගෙන වළඳන්ට...මං බැරිවෙලාවත් පාත්‍රය වෙන තැනකින් තිබ්බොත් කිසිවක් ඉතිරිවෙන එකක් නැහැ.”

එතකොට ලෝසක තෙරුන් ගුරුබසට අවනත වුණා... සෙමෙන් සෙමෙන් චතුමධුර වළඳන්ට පටන් ගත්තා... සාරිපුත්තයන් වහන්සේගේ ඉර්ධිබලය නිසා චතුමධුර අතුරුදහන් වුණේ නෑ...
එදා ලෝසකතිස්ස තෙරණුවෝ කුස පිරෙන තාක් වැළඳුවා...

🚩කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් උන්වහන්සේට කුසගිණි නෙවෙන්න ආහරයක් ලැබෙන්නේ සසරේ මේ තුන්වෙනි වතාවටයි...ඒ තාක් සසරේ කිසිදවසක කුස පිරෙන්න ආහරයක් ලැබිලා නෑ..

අහෝ! ලෝසක මහරහතන් වහන්සේ එදා ම පිරිනිවන් පෑවා..

සියලු භික්ෂූන් වහන්සේලාට මෙය මහත් සංවේගදායක සිද්ධියක් වුණා...
දම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා මේ ලෝසකතිස්ස තෙරුන්ගේ අවාසනාවත්, අරහත් වෙන්ට ඇති වාසනාවත් ගැන කතාබස් කරමින් සිටියා... එතකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කොට වදාළා...

“මහණෙනි, ලෝසක පෙර ආත්මෙක රහත් භික්ෂුවකගේ ලාභයට අනතුරු කළා…. ඒ නිසා ලැබීම නැති වුණා... නමුත් ඒ ආත්මේ හොඳින් විදර්ශනාව පුරුදු කළා...ඒ නිසයි නිකෙලෙස් වන අයුරින් ප්‍රඥාව දියුණු ව තිබුණේ.”

එතකොට ඒ භික්ෂූන් වහන්සේලා ලෝසක තෙරුන්ගේ පෙර ආත්මයේ කථාව කියා දෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ ලෝසක මහරහතන් වහන්සේගේ කර්මය ගැන මෙසේ වදාලා..

පින්වත් මහණෙනි, අතීතයේ කාශ්‍යප තථාගතයන්ගේ කාලයේ ඒ සසුනේ පැවිදි වූ භික්ෂුවක් එක්තරා ගමක වාසය කළා..
ඒ ගමේ ගම් ප්‍රධානියා මේ භික්ෂුවට කුටියක් කරවා දුන්නා..මොහුත් සිල්වත්ව විදර්ශනා භාවනාව පුරුදු කරමින් වාසය කළා...

දවසක් එක රහත් තෙරනමක් අර ගම් ප්‍රධානියා ඉන්න ගමට පැමිණියා.. තෙරුන් වහන්සේගේ ශාන්ත ඉරියව් දුටු ගම් ප්‍රධානියා බලවත් සේ පැහැදුනා.. තම නිවසට වඩමවාගෙන දන්පැන් පූජා කළා.

“ස්වාමීනී… අපෙත් විහාරයක් තියෙනවා. එහෙ වඩින්ට.. මං හවස් යාමයේ ඔබවහන්සේව බලන්ට එන්නම්…”

එතකොට තෙරුන් වහන්සේ ඒ විහාරයට වැඩම කොට එහි නේවාසික ව සිටි වැඩිමහලු තෙරුන්ට වන්දනා කළා.

නේවාසික තෙරුන් මේ ආගන්තුක තෙරුන්ට කුටියක් පිළියෙල කොට දුන්නා.. ගම් ප්‍රධානියා හවස් වරුවේ සුවඳ මල්, තෙල් ආදිය ගෙන්වාගෙන තමන්ගේ විහාරයට ගියා. නේවාසික තෙරුන්ට වන්දනා කළා.

“ස්වාමීනී… එක් ආගන්තුක තෙරනමක් වැඩියා නේ ද?”

“එසේය උපාසක…”

“උන්නාන්සේ කොහේද ඉන්නේ…?”

“ආන්න අතන අර කුටියේ…”

එතකොට ඒ ප්‍රධාන දායකයා ඒ ආගන්තුක තෙරුන් බැහැදැක වන්දනා කොට එකත්පස්ව වාඩිවෙලා බණ ටිකකුත් ඇසුවා.. පහුවදා දානෙට තම නිවසට වඩින්ට කියලා දෙනමටම ආරාධනා කළා. නේවාසික තෙරුන් මෙහෙම හිතුවා..

‘අපේ දායක උන්නැහේ මං ගැන අපැහැදිලාවත් ද…? මේ ආගන්තුක භික්ෂුව දිගට ම නැවතුනොත් මාව ගණන් නොගෙනම ඉඳීවි...’ කියලා තෙරුන් කෙරෙහි අමනාප වුණා. තෙරුන් වහන්සේට එතැනින් යන්ට කටයුතු සදන්ට ඕනෑ කියලා සිතා ගත්තා.

එදා උන්වහන්සේ ආගන්තුක ස්වාමින් වහන්සේට වචනයක් කතා කළේ නෑ...
තෙරුන් වහන්සේට මේ භික්ෂුව තමන් ඉන්නවාට අකමැති බව තේරුනා.. පසුවදා නේවාසික භික්ෂුව සිය නියපිටින් ගෙඩියට තට්ටු කළා..
නියපිටින් දොරට තට්ටු කළා...තමන් සිවුර පොරවාගෙන දායකයාගේ නිවසට ගියා.

“අනේ ස්වාමීනී…. අපේ ආගන්තුක තෙරුන් වැඩියේ නැත්තේ ඇයි…?”

“ඔබේ කුළුපග තෙරුන් ගැන විස්තර කියන්ට මං දන්නෙ නෑ...මං ගෙඩියත් ගැහුවා.. දොරටත් තට්ටු කළා.. කෝ… අවදි වුණේ නෑනේ… මං හිතන්නේ ඊයේ ඔබගේ නිවසේ ප්‍රණීත දානය වළඳා දිරවා ගන්ට බැරිව නින්දට වැටෙන්ට ඇති!
බලන්ට… ඔබ පැහැදුනොත් පහදින්නේ ඔය වගේ අය ගැන නොවැ…”

“අනේ ස්වාමීනී…. අපගේ ආගන්තුක තෙරුන්ට ගමන් වෙහෙස ඇති..ඒකයි සැතපෙන්ට ඇත්තේ. උන්වහන්සේට මේක දෙන්ට”
කියලා ඉතා හොඳින් සුවඳවත් පසුම්බියක දාලා දානය සකසා නේවාසික තෙරුන්ගේ අතට දුන්නා.

මොකවත් නොකියා තෙරුන් එය ගත්තා. අරගෙන යන ගමන් කල්පනා කළා. ‘හප්පේ! මේකාට මේ වගේ දානයක් දුන්නොත් බෙල්ලෙන් අල්ලා එළියට දැම්මත් යන එකක් නෑ.. මේක මනුස්සයෙකුට දෙන්ටත් බෑ..එතකොට මිනිස්සු දැනගන්නවා. වතුරකට දාන්ටත් බෑ... එතකොට ගිතෙල් උඩට මතුවෙනවා... බිමක දාන්ටත් බෑ... කපුටො වටවෙනවා...එතකොට දැනගන්නවා...මං මේකට මොකදෑ කරන්නේ…?’ කියලා සිත සිතා යද්දී කුඹුරක ඇවිළෙන ගින්නක් දැක්කා....

එතනට ගිහින් ඒ ගින්නේ අඟුරු මෑත් කරලා එතනට අත්හැරියා.. ආයෙමත් අඟුරුවලින් වැහුවා. විහාරයට ගියා...

ආගන්තුක භික්ෂුව ඉන්නවා ද කියලා බැලුවා.
ඒ තෙරුන් වැඩලා.. එතකොටයි නේවාසික භික්ෂුවට සිහි උපන්නේ...

‘අයියෝ! ඒ රහතන් වහන්සේනමක් නොවැ. මගේ අදහස් දැනගෙන වැඩලා වගේ… ආහාරයක් නිසයි මගේ අතින් උන්වහන්සේට මේ වැරැද්ද වුණේ…’ කියලා සිත් තැවුලක් හටගත්තා...

එදා සිට ඒ භික්ෂුව අසනීප වුණා. ටික දවසකින් මිය ගිහින් නිරයේ උපන්නා..

නිරයේ අවුරුදු ලක්ෂ ගාණක් දුක්වින්දා...
එතනින් චුතවෙලා එක දිගට ම පන්සිය වාරයක් යක්ෂ ආත්මයේ උපන්නා...එතෙක් කාලයක් කුසපුරා ආහාරයක් ලැබුණේ නෑ...
එක ම දවසක් කුස පිරෙන්න ගැබ් මළක් ලැබුණා.

ඊට පස්සේ එක දිගට පන්සිය වාරයක් බලු ආත්මයේ උපන්නා.. ඒ පන්සිය ආත්මෙට ම එක දවසක් බඩ පිරෙන්ට වමනයක් ලැබුණා...

“මහණෙනි, ඔය ලෝසකතිස්ස ඒ කස්සප බුද්ධ කාලෙන් පස්සේ මේ තාක් ම තුන් වේලයි කුස පිරෙන්ට අනුභව කරලා තියෙන්නේ...

යක්ෂ ආත්මෙක සිටිය දී කුස පිරෙන්ට ගැබ් මළ කන්ට ලැබුණා...
බලු ආත්මෙක සිටිය දී කුස පිරෙන්ට වමනයක් කන්ට ලැබුණා..
පිරිනිවන් පානා දවසේ සාරිපුත්තයන්ගේ ආනුභාවය නිසා කුස පිරෙන්ට චතුමධුර ලැබුණා...
මේ නිසා කිසි දිනෙක අනුන්ගේ ලාභයට අනතුරු කරන්ට හොඳ නෑ...

ඔය විදියට භාග්‍යවතුන් වහන්සේ ලෝසක මහරහතන් වහන්සේගේ පෙර ජිවිත කතාව ගෙනහැර දැක්වූවා..

ලෝසක මහරහත්න් වහන්සේ, කාශ්‍යප බුද්ධ සාසනයේදී සංඝයාගේ දානය ලැබීම වලක්වපු එකේ විපාක, ගෞතම බුද්ධ සාසනය දක්වාම පිටිපස්සේන් ආවා....සසර පුරා කුස පිරෙන්න ආහරක් නැති වුනා...

ගෞතම බුද්ධ සාසනයේදි සසර කුසගින්න සදහටම නිමා කල ලෝසක මහරහතන් වහන්සේට නමස්කාර වේවා!!!

Rangana Ruwanpura 🙏❤️

Address

Kadwatha
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Pin Kethe Api - පින් කෙතේ අපි. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Pin Kethe Api - පින් කෙතේ අපි.:

Share