Ven.Derangala paduma Thero

Ven.Derangala paduma Thero විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය දෑරංගල පදුම හාමුදුරුවෝ Understanding religious life and Happiness. https://www.youtube.com/-hamuduruwo

30/07/2026

වැඩිමහලුන්ට බාල අයට ගහන්න පුළුවන් ද?

පුණ්‍යවන්ත ඇසළ පුන් දිනයක් වේවා.
29/07/2026

පුණ්‍යවන්ත ඇසළ පුන් දිනයක් වේවා.

1. විපස්සිස්ස භගවතෝ බෝධියා පාදමුත්තමේ,පුරාණ පුලිනං හිත්වා සුද්ධ පුලිනමාකිරිං.2. ඒකනවුතියෝ කප්පේ යං පුලිනමදාසහං,දුග්ගතිං ...
13/07/2026

1. විපස්සිස්ස භගවතෝ බෝධියා පාදමුත්තමේ,
පුරාණ පුලිනං හිත්වා සුද්ධ පුලිනමාකිරිං.
2. ඒකනවුතියෝ කප්පේ යං පුලිනමදාසහං,
දුග්ගතිං නාභිජානාමි පුලින දානස්සිදං ඵලං.
3. තිංසතිමේ ඉතෝ කප්පේ රාජා ආසිං ජනාධිභුං,
මහා පුලින නාමෙන චක්කවත්ති මහබ්බලො.
4. පටිසම්භිදා චතස්සෝ විමොක්ඛා චාපි අට්ඨිමෙ,
ඡලභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා පුලින පූජකෝ ථෙරෝ ඉමා ගාථායෝ අභාසිත්ථාති.

තේරුම :-

උත්තම වෘක්‍ෂයක් වන විපස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධිවෘක්‍ෂ මූලයෙහි පරණ වැලි ඉවත් කොට පිරිසිදු වැලි අතුළෙමි.

මෙයින් එක් අනූවන කපෙහි යම් වැලි ඇතිරීමක් කෙළෙම් ද එතැන් පටන් දුර්ගතියකට නොගියෙමි. මේ වැලි දීමේ ඵලය ය.

මෙයින් තිස් වන කපෙහි මහාපුලින යන නමින් ජනයන්ට අධිපති මහ බලැති සක්විති රජෙක් වීමි.

පිළිසිඹියා සතර ද විමෝක්‍ෂ අට ද අභිඥා සය ද ලැබුයෙමි. බුදුන් වහන්සේගේ අනුශාසනය කෙළෙමි.

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේ
බෝධි පූජාව

උපුටා ගැනීමකි...🙂🙏

https://youtu.be/CXjo2aMqWmg Ven.Derangala paduma Thero  නිල් රත් මල් පූජාව Derangala Paduma
12/07/2026

https://youtu.be/CXjo2aMqWmg Ven.Derangala paduma Thero නිල් රත් මල් පූජාව Derangala Paduma

බුදුරජාණන් වහන්සේ භේසජ්ජක්ඛන්ධකය තුළ දේශනා කළ බෙහෙතක් සේම අනුදැන වැ...

11/07/2026

👉 අනුරාධපුර යුගය කියන්නේ ලංකා ඉතිහාසයේ දීර්ඝතම සහ සශ්‍රීකම කාල පරිච්ඡේදයක්.

👉 වර්ෂ 1500කට ආසන්න අනුරාධපුර යුගය යනු කෘෂි කර්මාන්තය, වාරි තාක්ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, මූර්ති කලාව, සිතුවම් කලාව වැනි දේවල් බොහෝ දියුණුව පැවති කාල වකවානුවක්.

👉 එවැනි තත්ත්වයක් තුළ අනුරාධපුර යුගය තුළ උසස් පද්‍ය සාහිත්‍යයක් පැවතිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙත් අවාසනාවකට අද වන විට අනුරාධපුර යුගයේ පද්‍ය සාහිත්‍ය පිළිබඳ ඉතිරිව ඇත්තේ ඉතාම අල්ප තොරතුරු ප්‍රමාණයක් පමණයි.

👉 අනුරාධපුර යුගයේ දියුණු පද්‍ය සාහිත්‍යයක් පැවති බවට සාධක බොහොමයක් හමුවුවත්, සීගිරි කුරුටු ගී හැර ඒ යුගයේ ලියවුණු කිසිදු කවි පොතක් අද වන විට දක්නට නැහැ.

👉 මෙය අනුරාධපුර යුගයේ පද්‍ය සාහිත්‍ය පිළිබඳ දැනට ඉතිරිව ඇති සියලු සාධක පිළිබඳ කරුණු හෙළි කෙරෙන ලිපියක්.

👉 සිංහල කවිය, චිරන්තන සාහිත්‍ය ගැන උනන්දුවක් දක්වන අයට මෙන්ම උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා සඳහා සිංහල විෂය හදාරන අයටත් මේ ලිපිය වැදගත්.

👉 පහත සබැඳියෙන් නෙක්ස්ට් පේජ් වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට අදාළ සම්පූර්ණ ලිපිය කියවීමට පුළුවන්.

https://nextpagesl.com/articale-33/

සිංහල ජාතියත්,සම්බුද්ධ සාසනයත් සුරකින්නට සසරේ පිං කරලා දෙව්ලොව ඉදන් ආපු මහා වීරයෝ 10 දෙනෙක් අපට හිටියා.. ඒ මහා වීරයන් දස...
10/07/2026

සිංහල ජාතියත්,සම්බුද්ධ සාසනයත් සුරකින්නට සසරේ පිං කරලා දෙව්ලොව ඉදන් ආපු මහා වීරයෝ 10 දෙනෙක් අපට හිටියා.. ඒ මහා වීරයන් දස දෙනා දුටුගැමුණු රජතුමා සමඟ එක්වී රටත්, ජාතියත්, සම්බුද්ධ සාසනයත් අප වෙනුවෙන් රැකලා දුන්නා..

ඒ දහ දෙනාගෙන් මහා සෙන්පතියා වුනේ "නන්දිමිත්‍ර" යෝධයායි..මේ ඒ වීරයාගේ කතාවයි..
👉https://www.facebook.com/share/p/1DFqxcY4a9/

ඒ වීරයන් අතර හිටියා මහා වේගයෙන් දුවන්න පුලුවන් යෝධයෙක්..ඒ තමයි "සුරනිමල"..
👉 https://www.facebook.com/share/p/1JJgYjNbfu/

ඔය යෝධයන් අතරේ තව අපුරු කෙනෙක් හිටියා..ඒ තමයි "කණ්ඩුල" හස්ථියා..කණ්ඩුල නොවන්නට දුටුගැමුණු රජතුමාට රජකමත් අහිමි වෙන්න තිබුනා..
👉https://www.facebook.com/share/p/1D9VY5ZHp7/

ඔය මහා වීරයෝ අතරේ පලමු අරහත් යෝධයා වුනේ අපේ "ථේරපුත්තාභය" යෝධයායි..

"ථේරපුත්තාභය" කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවත්නා කාලයෙහි එක්තරා පුරුෂයෙක්ව ඉපිද බණ අහලා තෙරුවන් කෙරෙහි පැහැදුනා..

දවසක් විහාරයට ගොස් බණ අසා සංඝයා වහන්සේට ආරාධනා කොට මහා දානයක් දුන්නා..
එතැන් පටන් අවුරුදු විසිදහසක් මුළුල්ලෙහි ක්ෂීර පායාස දානය දී අනිකුත් බොහෝ පින්කම් කොට දෙව්ලොව ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දිව්‍ය සැප සම්පත් අනුභව කළා..

ගෞතම බුදුරජුන් පිරිනිවීමෙන් පසු කල්යල් බලා, මේ ලංකාදීපයේහි රුහුණු රට කොටගල නම් පර්වත සමීපයේහි කැතිගම රෝහණ නම් ඉසුරුමත් පවුල්කාරයෙකුට දාව පුත්‍රයෙක් ව ඔහු උපන්නා.

ඔහුට ගෝඨාභය රජ්ජුරුවන්ගේ නමින් ‘අභය’ කියලා නම තැබුවා.. වයස අවුරුදු දහය දොලහ වෙද්දී මේ පුංචි දරුවා මහා බලසම්පන්න වුණා..

හතරපස් දෙනෙකුට ඔසවන්ට බැරි ගල් අරගෙන පන්දු ක්‍රීඩාවේ යෙදෙනවා වගේ සෙල්ලම් කරමින් ඒ ගල් වීසි කළා..
අවුරුදු දහසය වෙද්දී ඔහුගේ පියා ඔහුට ලොකු මුගුරක් සාදවලා දුන්නා..
ඒ විශාල මුගුරෙන් තල් ගස්, පොල් ගස්වල කඳට ගහලා බිම හෙළනවා..

ඒ නිසා ම,ඔහු ‘අභය යෝධයා’ කියා ප්‍රසිද්ධ වුණා. අභය යෝධයාගේ පියා "මහාසුම්ම" මහරහතන් වහන්සේගෙන් බණ අසා ගිහි ගෙයි කලකිරී බුදු සසුනේ පැවිදි වුණා..උන් වහන්සේ ටික කලෙකින් අරහත්වයට පත් වුනා..
ඒ වගේම උන්වහන්සේ අභය යෝධයාද පන්සලට රැගෙන ගොස් මහණ කලා..

ඒ රහතන් වහන්සේගේ පුතා වූ නිසා උන් වහන්සේ ‘ථේරපුත්තාභය’ නමින් ප්‍රසිද්ධ වුණා.

මේ කාලය වන විට දෙ #මළුන් ලංකාද්වීපයේ බෝධීන් වහන්සේලා කපා දමනවා.. දාගැබ් පිළිම ආදිය සිඳ බිඳ නසනවා.. සංඝයා වහන්සේලා ව පීඩාවට පත් කරනවා.. සිංහල ගම් සියල්ල නැසී නොගම්ව ගියා.. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට මූත්‍රා පවා කලා..
මේ විනාශය දුටු ථේරපුත්තාභය සාමණේරයන් වහන්සේ මෙසේ සිතූවා..

"‘අප බුදුහු දීපංකර බුදුන් සමයෙහි තමන් වහන්සේට හස්තප්‍රාප්තව තිබූ නිර්වාණ සම්පත්තිය හැර සසර දුක් ගන්නා සියලු සත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් සසරට වැද පාරමී දම් පුරා ලොව්තුරා බුදු ව සූවිසි අසංඛ්‍යෙයක් සත්වයන් සසර දුකෙන් නිදහස් කළ සේක..
එසේ ම මම ද දුටුගැමුණු රජ්ජුරුවන්ට සහාය දී දෙමළ කසල හැර බුද්ධ ශාසනය ආරක්ෂා කොට දැන් සේ ම මහණ වී අත්‍යයන්ත නිර්මල ශීලයෙහි පිහිටා නිර්වාණ සම්පත්තිය සිද්ධ කොට ගනිමි."’

බලන්න එකල ඒ මහා වීරයන්ට තිබ්බ අදහස..සම්බුද්ධ සාසනය රැක ගන්න එක පමණයි හිතේ තිබ්බේ..වෙන කිසිම පෞද්ගලික ආසාවක් තිබ්බේ නෑ..

මෙසේ සිතා උන්වහන්සේ සිවුරු හැරගියා.. ගෝඨයිම්බර යෝධයාගේ සහය ඇතිව කාවන්තිස්ස රජ්ජුරුවන් ළඟට ගොස් පෙනී සිටියා..
රජතුමා බොහෝ සතුටුව ඉන්ට සිටින්නට තැන් සලස්වා තමන් සමීපයෙහි තබා ගත්තා..

පසුව ඔහු දුටුගැමුණු කුමාරයා සමඟ එක් වුනා..
ටික කාලයකින් රටත්,සම්බුද්ධ සාසනයත් සුරකින මාස හතරක් පැවිති විජිතපුර මහා සටන ඇරඹුනා..

ගෝඨයිම්බරයා සහ මහාසෝණ යෝධයා විජිතපුර මහා දොරටුව බිඳගෙන ඇතුලට ගියා..
ඒ සමගම කණ්ඩුල ඇතා රිය සකක් ද,
නන්දිමිත්‍ර ගැල් රොදක් ද,
ගෝඨයිම්බර පොල් ගසක් ද,
සුරනිමල කඩුවක් ද,
මහාසෝණ තල් ගසක් ද,
ථේරපුත්තාභය මහා යකඩ මුගුරක් ද ගෙන
වෙන් වෙන්වම වීථි ඔස්සේ ගොස් එහි සිටි දෙමළ සේනාව සුනු විසුනු කළා..

දුටුගැමුණු මහා නිරිඳුන් දසමහා යෝධයන් සමඟ ලංකාද්වීපය ඒකචත්‍ර කලා..සම්බුද්ධ සාසනයද චිරාත් කාලයක් සුරැකීම පිණිස කටයුතු කලා..🙏

යුද්ධය අවසන් වෙලා රජ්ජුරුවන් විසින් දස මහා යෝධයන්ට තනතුරු සහ වස්තුව දෙන දවසේ ථේරපුත්තාභය යෝධයා තනතුරු භාර ගත්තේ නැහැ..

“මොකද ථේරපුත්තාභය නුඹ කිසිවක් එපා කියන්නේ??

“දේවයන් වහන්ස, තව යුද්ධයක් තියෙනවා නොවැ.”

“ඈ බොල, රාජ්‍යය එක්සේසත් කරන්ට යුද්ධයක් කළාට පස්සේ තවත් තියෙන යුද්ධය කුමක් ද?”

“දේවයන් වහන්ස, ජය ගන්ට ඉතා අසීරු වූ මේ කෙලෙස් සතුරන් එක්ක තියෙන යුද්ධෙත් කරන්නට ඕනෑ. කෙලෙස් සතුරන් හා සමාන සතුරු කෙනෙක් නැත. ඒ සතුරන් පරදවන්ට පැවිදි වීමට අවසර දුන මැනවැ”යි

කියා රජ්ජුරුවන්ගෙන් අවසර ඉල්ලාගෙන පැවිදි බව ලබා අප්‍රමාදීව සමථ විදර්ශනා වඩා සිව් පිළිසිඹියාපත් රහත් බවට පැමිණ පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරාගත් සේක...🙏🙏🙏

ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගිහි කාලයේ මුගුරක් ගෙන සතුරන් නසා දැම්මාටත් වඩා වැඩි වේගයෙන් පිරූ පින් ඇති උන්වහන්සේ ප්‍රඥාව නමැති මහ මුගුර ගෙන කෙලෙස් සතුරන් නසා දැමූ සේක..

කාලයක් ගෙවිලා ගිහින් අපගේ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ මාරාන්තික රෝගයකින් ගිලන් බවට පත් වුණා.. රජ්ජුරුවන්ව දෝලාවක සතපවාගෙන මහසෑය ළඟට වඩමවාගෙන විත් දෝලාවෙන් ම මහසෑය පැදකුණු කළා.. පසුව දකුණු දොරටුව අසල බිම අතුරන ලද සයනයක සැතපෙව්වා. අපගේ රජ්ජුරුවන්ගේ අසනීප තත්ත්වය ගැන අසන්ට ඒ ඒ රටෙන් වැඩිය භික්ෂූන් වහන්සේලාගේ ගණන අනූහය කෝටියක් වුණා..

අනූහය කෝටියක් රහතන් වහන්සේලා වැඩ සිටියත් රජතුමාට අඩුවක් දැනුනා..
රජතුමා එතැන වැඩ නොසිටින ථේරපුත්තාභය මහරහතන් වහන්සේව සිහි වුනා..
" ‘මං එදා නොපැරදෙන මහා යුද්ධ විසි අටක් කරද්දී යම් මහා යෝධයෙක් වෙන් නොවී මාත් සමග ජීවිත පරිත්‍යාගයෙන් එකට සිටියා..
එහෙත් අද මම මරණය සමග යුද්ධ කරන වෙලාවේ මං පරදින බව දැකලා වෙන්ට ඇති දැන් අපගේ ථේරපුත්තාභය තෙරුන් වහන්සේ මං ළඟට එන්නේ නැත්තේ.""

කිරිඳි ඔය ඉස්මත්තේ පංජලී පර්වතයේ වැඩ සිටි ථේරපුත්තාභය රහතන් වහන්සේ රජ්ජුරුවෝ සිතපු අදහස ඉර්ධියෙන් දැක්කා..

දැකලා පන්සියයක් රහතන් වහන්සේලා සමග ඒ මොහෝතේම ඉර්ධි බලයෙන් අහසින් ඇවිත් අපගේ දුටුගැමුණු රජතුමාව වටකරගෙන සිට ගත්තා..
උන්වහන්සේව දැකලා මහත් සතුටට පත් රජතුමා තමන් ඉදිරියේම වඩා හිඳුවාගෙන..

“ස්වාමීනී, ඒ කාලයේ යුද්ධෙට ගිහින් අපි හැමෝම එකට යුද්ධ කළා. දැන් මං තනියම මාරයා සමග යුද්ධයක යෙදිලා ඉන්නවා. මාරයා නැමැති සතුරාව පරාජය කරන්ට බැරි බව පේනවා.”
යැයි කියා සිටියා. එතකොට ථේරපුත්තාභය මහරහතන් වහන්සේ මෙහෙම වදාළා.

“මහ රජ්ජුරුවෙනි, භය වෙන්ට එපා! කෙලෙස් සතුරන් පරදවන්නේ නැතුව මාරයා නැමැති සතුරාව පරදවන්ට බැහැ..හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයන්ට අයිති හැම දෙයක්මත් තමාගේ වසඟයේ පවත්වන්ට බැහැ බිඳිලා යනවා..අපගේ ශාස්තෘන් වහන්සේ සියලු සංස්කාරයන් අනිත්‍යයයි කියා වදාළේ මේ නිසයි..ලැජ්ජා භය කිසිවක් නැති මේ අනිත්‍ය ස්වභාවය බුදුරජාණන් වහන්සේ වෙතත් පැමිණුනා නොවැ..

ඒ නිසා මේ සංස්කාරයන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියා සිතනු මැනව..ඔබතුමා මේ මනුලොව සිටිය දී බොහෝ පින් කර ගත්තා. ඔබතුමා විසින් ලංකා රාජ්‍යය එක් ඡත්‍රයක් යටතට ගත්තේ බුද්ධ ශාසනය බැබළවීම පිණිස ම යි. මහා පුණ්‍යවන්තයාණෙනි, රජ වූ දවසේ ඔබ විසින් කරන ලද පින් සිහි කළ මැනව. එහි සැප විපාක ඔබතුමාට වහා ම ලැබේවි.”

මහරහතන් වහන්සේගේ වචනය අහලා රජතුමා ඉතාමත් සතුටු සිතකින් යුක්ත වුණා.

“ස්වාමීනී, ඔබ වහන්සේ මට මේ මාරයා සමග වන යුද්ධයේදීත් බොහෝ උපකාර වුණා” කියලා උන්වහන්සේට පැවසුවා..

සතුටින් සිටින දුටුගැමුණු රජතුමා පින්පොත ගෙන්වාගෙන එය කියවන්න කිව්වා. එය අසාගෙන සිටි රජතුමා මෙහෙම කිව්වා.

“ඉසුරු සම්පත් මත පිහිටාගෙන කළ පින්කම්වලට වඩා මා ඉතා දුකට පත් වී සිටි අවස්ථාවේ දිවි පරදුවට තබා පූජා කර ගත් දාන දෙක නම් මතක් වෙද්දි හිත පිනා යනවා නොවෑ.."

එය ඇසූ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ
‘රජතුමනි ඒ දාන දෙක ගැන ම හිත පහදවන්ට ඕනෑ ය’ යන අදහසින් දුෂ්කර අවස්ථාවේ දුන් දානය ගැන ම වර්ණනා කළා..
මෙසේ වදාළ ථේරපුත්තාභය රහතන් වහන්සේ රජ්ජුරුවන්ගේ සිත සතුටට පත් කළා.

ඉන් පසුව සංඝයා වහන්සේලා සූත්‍ර සජ්ඣායනා කරන්ට පටන් ගත්තා. දේවතාවෝ දෙව්ලෝක හයෙන් ම දිව්‍ය රථ එවා තිබුණා. සෑම දිව්‍ය ලෝකයකින් ම කතා කරන්නට පටන් ගත්තා. ඉන් පසු රජතුමා ථේරපුත්තාභය මහරහතන් වහන්සේගෙන් මෙය ඇසුවා.

“ස්වාමීනී, කොයි දිව්‍ය ලෝකය ද වඩාත් මනරම්?”

“රජ්ජුරුවෙනි, සත්පුරුෂයන්ගේ සම්මතය අනුව තුසිත දෙව්ලොව තමයි මනරම්. අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේත් වැඩ ඉන්නේ තුසිත පුරයේ නොවැ.”

අපගේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේගේ වචනය ඇසූ දුටුගැමුණු රජතුමා මහාථූපය දෙස බලාගෙන වැතිරී සිටිය දී ම දෑස් පියාගත්තා. මිනිස් ලොවෙන් චුත වූ කෙණෙහි ම තුසිත දෙව්ලොවින් පැමිණි දිව්‍ය රථයෙහි ඕපපාතිකව දෙව් රජෙක්ව උපන්නා.

මෙසේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ අවසාන මොහොතේදීත් දුටුගැමුණු මහරජතුමාට බොහෝ උපකාරී වුණා..

උන්වහන්සේ ගිහි කාලයේදීත්, පැවිදි වූ පසුත් සසුන බබුළුවන්ට බොහෝ ඇප කැප වුණා.
“යම් කෙනෙක් යුද්ධ දාහක් කරලා, දහස් ගණන් මිනිසුන් පරදවා ජයගත්තත් ඒක නියම ජයක් නොවෙයි. නමුත් යම් කෙනෙක් කෙලෙස් යුද්ධයෙන් ජයග්‍රහණය කළොත් ඒකාන්තයෙන්ම අර සියලු යුද්ධ දිනපු කෙනාට වඩා උත්තම කෙනෙක් වෙනවා” යන උතුම් බුද්ධ වචනය සත්‍ය කරමින් උන්වහන්සේ කෙලෙස් යුද්ධය ජයගත් සේක.

අපගේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ද තමන්ගේ ආයු ඇති පරිදි වැඩහිඳ පිරිනිවන් පා වදාළ සේක..

ලක්දිව සුවඳවත් කළ මහා පුෂ්පයක් බඳු වූ, ක්ලේශ යුද්ධ භූමියෙහි ප්‍රඥාව නමැති ආයුධය ගත් මහා යෝධයෙක් සේ සියලු ක්ලේශයන් නැසූ, ලංකා ජනයාට කුසල් නමැති බිජුවට වපුරා මහත්ඵල මහානිශංස කරන සරු කෙතක් බඳු වූ අප ශාස්තෘන් වහන්සේගේ හදමඩලින් උපන් පුත්‍රයෙක් වන ලක්දිව පහළ වුණු සිංහල මහරහතන් වහන්සේනමක් වන අපගේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේට නමස්කාර වේවා…!

මහාවංශය, ථූපවංශය ඇසුරෙනි..

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පොහොන් සීල සමාදානය 2026 අවස්ථාවේ දී දරුවෙක් සම්බුද්ධ පූජාව ජීවමාන සංඥාවෙන් පූජා කරන්න සියලු ...
08/07/2026

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පොහොන් සීල සමාදානය 2026 අවස්ථාවේ දී දරුවෙක් සම්බුද්ධ පූජාව ජීවමාන සංඥාවෙන් පූජා කරන්න සියලු දෙනාට අතගස්සනවා කියන්නේ පොඩි කාලේ ඉඳලා ම ධර්මඥානය හා හදවත තුළ ඇති බුද්ධාලම්බන ප්‍රීතිය ප්‍රකට කරන අවස්ථාවක්.

සුබ උදෑසනක් වේවා
07/07/2026

සුබ උදෑසනක් වේවා

30/06/2026
Big shout out to my newest top fans! 💎 Dkc GalabadaDrop a comment to welcome them to our community,  fans
30/06/2026

Big shout out to my newest top fans! 💎 Dkc Galabada

Drop a comment to welcome them to our community, fans

Address

Gampaha

Telephone

+94777188088

Website

Alerts

Be the first to know and let us send you an email when Ven.Derangala paduma Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ven.Derangala paduma Thero:

Shortcuts

Share