Ven.Derangala paduma Thero

Call Directions Contact the place of worship

Ven.Derangala paduma Thero විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය දෑරංගල පදුම හාමුදුරුවෝ Understanding religious life and Happiness. https://www.youtube.com/-hamuduruwo

උතුම් බිනර පොහොය දින වැදගත්කම _____________________________වස්සාන සමයෙහි ‍එළඹෙන පෝය දිනයන් අතුරෙන් බිනර පෝය ද ශාසනික අංශ...
26/09/2026

උතුම් බිනර පොහොය දින වැදගත්කම
_____________________________

වස්සාන සමයෙහි ‍එළඹෙන පෝය දිනයන් අතුරෙන් බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍යය අතින් ද වැදගත් පෝය දිනයෙකි. අවුරුද්දේ එළඹෙන වැසි සාරමාසය අමුතු හාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රක‍ට ය. භික්ෂූන් වහන්සේලා බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිපඳ ව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍යය දෙස විමසන විට මැනැවින් පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහ්සේ වෙතින් අවවාද අනුශාසනා ලබාගෙන තම තමන් ගේ චරිතයනට සරිලන කර්මස්ථානයන් ඉල්වාගෙන විවේකී ප්‍රදේශයන් සොයා වැඩම කොට සුදුසු ස්ථානයන් හි වස් වසා භාවනා කර්මයන් හි යෙදී මාර්ග ඵලාවබෝධය ලබාගෙන පෙරවස් පවාරණය කොට බුදුරදුන් වෙත පෙරළා වැඩම කොට ස්වකීය ශාසන පරමාර්ථයන් ඉටුකරගත් අයුරු ප්‍රකාශ කොට උදන් ඇනූ භික්ෂූන් වහන්සේලා පිළිබඳ විස්තර සිය දහස් ගණනින් සොයා ගන්නට පිළිවණ. විශේෂයෙන් වෙන කාලවලටත් වඩා විශේෂ වගකීමකින් යුතු ව උත්සාහයෙන් මහණ දම් පුරන, තමන්ට සිවු පසයෙන් උපස්ථාන කරන සැදැහැබර දායකයනට ද ශ්‍රද්ධාදී ගුණ ධර්ම වර්ධනය‍ට හා මාර්ගඵලාවබෝධයට හේතුවන දැහැමි අනුශාසනා කරන කාලයෙකි වස් සමය. හැම වෙහෙර විහාරස්ථානයක ම දිනපතා ම වාගේ නොයෙක් බණ පින්කම්වලින් හා වෙනත් සසුන් වැඩ වලින් පිරී ගිය සොම්නස් සුවය දනවන කාලයෙකි.

එසේ ම සරත් කාලයේ ආරම්භය ද බිනර ප‍සළොස්වක් පෝයෙහි සිට එළඹෙයි. සරත් කාලය හැම කවියෙකු විසින් ම වර්ණනා කරන ලද කවි සිත පුබුදු කරවන ලද ස්වභාවික සෞන්දර්‍ය්‍ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වී ගිය සමයෙකි. සරත් ඍතුවේ දක්නට ලැබෙන ස්වාභාවික දර්ශනයන් කවියන් කවි ඇසින් බලා නොයෙක් විසිතුරු ලෙස වර්ණනා කර ඇති අයුරු ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘති වලින් පැහැදිලි වෙයි. මේ නයින් සලකා බලන කල්හි බිනර මාසය ශාසනික වශයෙන් ද සාහිත්‍ය අගය වශයෙන් ද සංස්කෘතික වශයෙන් ද වැදගත් කමකින් යුත් මාසයක් බව කිව හැකි ය.

මෙහෙණ සස්නේ ආරම්භය

බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහි වූ නිග්‍රොධාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ උන්වහන්සේ වෙත අවුත් වැඳ එකත් පසෙක සිට අනගාරික ශාසනයෙහි පැවිද්ද මාගමුන් හට ඉල්ලා සිටියා ය. බුදුරජාණන් වහන්සේ ගෝතමියගේ ඉල්ලීම පළමු දෙවැනි තුන්වැනි වරටත් ප්‍රතික්ෂේප කළහ. ඉක්බිති බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩි සේක. මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ රෝහිණී නදී තිරයෙහි දී පැවිදි වූ කුමරුවන් ගේ භාර්‍ය්‍යාවන් පන්සිය දෙනා සමග කෙස් කපා කසාවත් හැඳ කිඹුල්වත් නුවරින් පිටත් ව යොදුන් පනස් එකක් පමණ වූ දීර්ඝ මාර්‍ගය පා ගමනින් ම ගෙවා කූටාගාර ශාලාව වෙත පැමිණියා ය. ආනන්ද හිමියන් හට කරුණු කියා උන්වහන්සේ ගේ මාර්‍ගයෙන් කාන්තාවන් හට සසුන් පැවිද්ද ලබා‍දෙන ලෙස ඉල්ලා සිටියා ය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද‍ෙ නො දත්’යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැ”යි අයැද සිටියහ. බුදුහු ආනන්ද හිමියන්ගේ ඉල්ලීම තෙවරක් ම ප්‍රතික්‍ෂෙප කළ හ. පසුව ආනන්ද හිමියන් ගේ බලවත් උත්සාහය නිසා කරුණු කියා මහා ප්‍රජාපතී ගෞතමී‍ය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. “ආනන්දය, ඉදින් මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ පැවිදි වනු කැමැත්තී නම් පෙර බුදුවරයන් ගේ ශ්‍රාවිකාවන් විසින් පිරූ අෂ්ට ගරු ධර්‍මයන් ඇය විසින් ද පිළිගත යුතු ය. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ ය.

ගරු ධර්‍ම අට

උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උප සපන් වූ භික්ෂූහු දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.

භික්ෂූන් නො මැති ප්‍රදේශයක් හි මෙහෙණක විසින් වස් නො වැසිය යුතු ය.

අඩ මසක් පාසා මෙහෙණක විසින් භික්ෂූ සංඝයා ගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලා පොරොත්තු විය යුතු ය.

වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.

ගරු ඇවැතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක් මානත පිරිය යුතු යි.

අවුරුද්දෙන් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයා ගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.

කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනෙකු හට අක්‍රොෂ පරිභව නො කටයුතු යි.

මෙහෙණියන් විසින් භික්‍ෂුන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.

ආනන්ද හිමියෝ මේ ගරු ධර්‍ම අට බුදුරදුන් ගෙන් උගෙන මහා ප්‍රජාපතී ගෞතමිය වෙත එළඹ ගරු ධර්‍මයන් විස්තර කොට කියා “ඉදින් ඔබ මේ ගරු ධර්‍මයන් පිළිගන්නෙහි නම් එය ම ඔබට පිමිදි උපසම්පදාව වන්නේ යැ”යි ද කීහ. එබසට ගෝතමිය සකල ශරීරය ලොමු දහ ගන්වමින් පස්වනක් ප්‍රීතියෙන් පිනා බුදුරදුන් දිශාවට දොහොත් මුදුන් දී සිට “ආනන්ද ස්වාමීනි, යම් සේ අලංකාරයට කැමැති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ජලස්නානය කොට, සමන් මල් දමක් ලදින් දෙ අතින් පිළිගෙන සන්තෝෂයෙන් සිරසෙහි තබා ගනී ද, එසේ ම මම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්‍මයන් අට දෙන පිළිගනිමි” යි තුන්වරක් කීවා ය. ඒ වචනය සමග ම මහා ප්‍රජාපතී ගෞතමිය ගේ මහණ කම විය. උපසම්පදා ශීලය ද විය. බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරිකාවෝ ද භික්ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ. මෙසේ මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය.

© පොහොය වර්ණනාව
අතිපූජනීය මාපලගම සිරි සෝමිස්සර ස්වාමීන්වහන්සේ වහන්සේ.

පුණ්‍යවන්ත බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා .
26/09/2026

පුණ්‍යවන්ත බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා .

සුබ දවසක් වේවා
10/09/2026

සුබ දවසක් වේවා

පින්සරු පසළොස්වක පොහොය දිනයක් වේවා
27/08/2026

පින්සරු පසළොස්වක පොහොය දිනයක් වේවා

18/08/2026

ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ සංස්කෘතියට අමිල මෙහෙවරක් ඉටු කළ, සම්මානනීය ගී පද රචකයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත්වෙති
අපවත්වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසු වූහ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙලෙස අපවත් වී ඇත.
1950 වසරේ මැයි 22 වැනිදා දෙණියාය රඹුකන ප්‍රදේශයේදී ලියනගේ සයිමන් සහ සෝබනහාමි ලියනගේ යුවළට දාව උපත ලද උන්වහන්සේගේ ගිහි නම ආනන්ද ලියනගේ නම් විය.
උන්වහන්සේ සහෝදර සහෝදරියන් සය දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් සහෝදරයා වේ.
1963 වසරේ ජූලි 22 වැනිදා වැලිව ගංගාතිලක විහාරස්ථානයේදී "රඹුකන සිද්ධාර්ථ" නමින් පැවිදි බිමට අවතීර්ණ වූ උන්වහන්සේ, 1972 වසරේදී මහනුවර මල්වතු මහාවිහාර උපෝසථාගාරයේදී උපසම්පදා ලැබ ඇති බව සඳහන් වේ.
මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ, ගාල්ල හෙට්ඨාචල පිරිවෙනෙන් සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙන් ද්විතීක අධ්‍යාපනය ලබා, අනතුරුව කැළණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක් ද හදාරා ඇත.
බෞද්ධ සංස්කෘතිය ආශ්‍රිත ගීත මෙන්ම විවිධ මාතෘකා යටතේ මෙරට සංගීත ලෝලීන්ගේ දැඩි ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගීත රැසක් උන්වහන්සේ විසින් රචනා කර ඇත.

'ලා දළු බෝපත්', 'මේ ඉර හඳ යට', 'සඳ තරු මල්', 'බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති', 'සෙනෙහස පුදා', 'බුදු බණ ඇසුවා', 'මේ ප්‍රේම කතා', 'අව්වට වැස්සට හුරු මිනිසුන්නේ', 'වෙහෙරක් වගේ', 'පන්සලේ පල්ලියේ' සහ 'සියක් ආයු ලැබ' වැනි ගීත ඒ අතර වේ.
'සඳකඩපහණ' චිත්‍රපටය වෙනුවෙන් ලියූ 'පෙර සංසාරේ' ගීතය සඳහා සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ, 'ආලෝකෝ උදපාදී' චිත්‍රපටය වෙනුවෙන් රචිත 'සැඩ පහරක් සේ එකමුතු වූ දා' ගීතය වෙනුවෙන් දෙරණ සිනමා සම්මානය ද දිනා ගත්හ.
1987 වසරේ 'සංසාරේ අපි' කැසට් පටයෙන් ඇරඹි උන්වහන්සේගේ ගී නිර්මාණ අතරට 'ගම්මානේ අපි', 'සමනල කන්ද', 'සංසාරේ ගී යාතිකා', 'බුදු අමා වැස්ස', 'සංසාර චාරිකා' වැනි කැසට් පට සහ සංයුක්ත තැටි මෙන්ම 'සසර දනව්ව' වැනි සම්මානනීය ගේය පද සංග්‍රහයක් ද ඇතුළත් වේ.

30/07/2026

වැඩිමහලුන්ට බාල අයට ගහන්න පුළුවන් ද?

පුණ්‍යවන්ත ඇසළ පුන් දිනයක් වේවා.
29/07/2026

පුණ්‍යවන්ත ඇසළ පුන් දිනයක් වේවා.

1. විපස්සිස්ස භගවතෝ බෝධියා පාදමුත්තමේ,පුරාණ පුලිනං හිත්වා සුද්ධ පුලිනමාකිරිං.2. ඒකනවුතියෝ කප්පේ යං පුලිනමදාසහං,දුග්ගතිං ...
13/07/2026

1. විපස්සිස්ස භගවතෝ බෝධියා පාදමුත්තමේ,
පුරාණ පුලිනං හිත්වා සුද්ධ පුලිනමාකිරිං.
2. ඒකනවුතියෝ කප්පේ යං පුලිනමදාසහං,
දුග්ගතිං නාභිජානාමි පුලින දානස්සිදං ඵලං.
3. තිංසතිමේ ඉතෝ කප්පේ රාජා ආසිං ජනාධිභුං,
මහා පුලින නාමෙන චක්කවත්ති මහබ්බලො.
4. පටිසම්භිදා චතස්සෝ විමොක්ඛා චාපි අට්ඨිමෙ,
ඡලභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා පුලින පූජකෝ ථෙරෝ ඉමා ගාථායෝ අභාසිත්ථාති.

තේරුම :-

උත්තම වෘක්‍ෂයක් වන විපස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධිවෘක්‍ෂ මූලයෙහි පරණ වැලි ඉවත් කොට පිරිසිදු වැලි අතුළෙමි.

මෙයින් එක් අනූවන කපෙහි යම් වැලි ඇතිරීමක් කෙළෙම් ද එතැන් පටන් දුර්ගතියකට නොගියෙමි. මේ වැලි දීමේ ඵලය ය.

මෙයින් තිස් වන කපෙහි මහාපුලින යන නමින් ජනයන්ට අධිපති මහ බලැති සක්විති රජෙක් වීමි.

පිළිසිඹියා සතර ද විමෝක්‍ෂ අට ද අභිඥා සය ද ලැබුයෙමි. බුදුන් වහන්සේගේ අනුශාසනය කෙළෙමි.

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේ
බෝධි පූජාව

උපුටා ගැනීමකි...🙂🙏

https://youtu.be/CXjo2aMqWmg Ven.Derangala paduma Thero  නිල් රත් මල් පූජාව Derangala Paduma
12/07/2026

https://youtu.be/CXjo2aMqWmg Ven.Derangala paduma Thero නිල් රත් මල් පූජාව Derangala Paduma

බුදුරජාණන් වහන්සේ භේසජ්ජක්ඛන්ධකය තුළ දේශනා කළ බෙහෙතක් සේම අනුදැන වැ...

Address

Gampaha

Telephone

+94777188088

Website

Alerts

Be the first to know and let us send you an email when Ven.Derangala paduma Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ven.Derangala paduma Thero:

Shortcuts

Share