11/09/2021
කඩවර’ යනු විටෙක දෙවිකෙනකු ලෙසත්, තවත් විටෙක යක්‍ෂයකු ලෙසත් සලකන්නට ඇතීත ගැමියාගේ සිට මේ දක්වාම මෙරට ජනතාව පුරුදුව සිටිති. හොඳට සේම නරකටද කඩවර දෙවියන්ගේ පිහිටක් ඇතැයි ජනයා තුළ මහත් වූ විශ්වාසයක් ඇත. කඩවර දෙවියන් එහෙමත් නැත්නම් කඩවර ආරච්චි යන ප්‍රසිද්ධ ආමන්ත්‍රණයන්ගෙන් හඳුන්වන මේ දෙවියන්ගෙන් පිහිටක් ලබන්නට අකුරට, නූලට, වෙලාවට, කලාවට, පිළිවෙළට, පිරිසුදුවට අවශ්‍ය ගනුදෙනු, පුද පූජා කළයුතු බවත් ජන විශ්වාසයයි. එසේම කඩවර දෙවියන් ගැන කියද්දී මුලින්ම කියැවෙන්නේ කඩවර හත් කට්ටුවයි. එනම්, 1. තෙල් කඩවර, 2. මල් කඩවර, 3. ගොළු කඩවර, 4. ගොපලු කඩවර, 5. රීරි කඩවර, 6. දළ කඩවර, 7. සොහොන් කඩවර ලෙස කඩවර හත් කට්ටුව හඳුන්වද්දී කඩවර දොළොස් කට්ටුවක් ගැනද භාවිතයේ එයි. ඒ මේ අයුරිනි. 1. තෙල් කඩවර, 2. මල් කඩවර, 3. අඳුන් කඩවර, 4. සඳුන් කඩවර, 5. ආසමේ කඩවර, 6. තොටයක් කඩවර, 7. මැදියන් කඩවර, 8. තනි කඩවර, 9. මල් කඩවර, 10. ගිනි කඩවර, 11. ගොපලු කඩවර, 12. රත්න කඩවර
මෙලෙස වෙන් වෙන් වශයනේ කඩවර දෙවියන් හැඳින්වෙද්දී කඩවර දෙවියන් වැඳීමට, පිදීමට මෙන්ම පිහිට, ආරක්‍ෂාව පැතීමටත්, ඒ ඒ කාරණා සඳහාම සුදුසු ක්‍රම ශිල්ප සහ වත්පිළිවෙත්ද වෙන් වෙන්ව භාවිත කෙරෙයි.
කඩවර දෙවියන් සම්බන්ධ පුදපූජා කටයුතු කිරීමේදී සහ පිහිට පැතීමේදී ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය යන විශ්වාසය නිසාමදෝ අතීතයේ සිටම ජනයා කඩවර දෙවියන් සමඟ කරන කටයුතුවලදී මහා ඊශ්වර දෙවියන්ගෙ පුත් කතරගම දෙවියන් මුල්කර ගන්නට අමතක නොකරයි. කඩවර දෙවියන්ට පහන් තැබීමේදීත්, නැමදීමේදීත්, කතරගම දෙවියන් මූලික කරගෙන පහන් තැබීම සිරිතකි.