Mahamevnawa Gampaha

Mahamevnawa Gampaha ගම්පහ නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුව නිල ෆේස් බුක් පිටුව

🙏🪷 ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේ 🪷🙏නිසල රාත්‍රියක, දසත අඳුර පරදවමින් ආලෝකයෙන් බැබළෙන මේ පින්බර සෑ රදුන්ගේ දසුන සිත...
23/08/2026

🙏🪷 ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේ 🪷🙏
නිසල රාත්‍රියක, දසත අඳුර පරදවමින් ආලෝකයෙන් බැබළෙන මේ පින්බර සෑ රදුන්ගේ දසුන සිතට ගෙන එන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ගැඹුරු සැනසීමකි. ☸️✨

බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොව පුරා පැතිර යාමට මඟ පෑදූ, අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අතර අග්‍ර වූ සැරියුත් මහරහතන් වහන්සේ සිහිපත් කරමින් ඉදිකර ඇති මෙම පින්බිම, බුදු සසුනේ උතුම් ගුණ සුවඳ දසත පතුරුවන පුණ්‍ය භූමියකි. 🙏🌸

සෑ රදුන් අභියස දැල්වෙන සෑම පහනක්ම, පිදෙන සෑම මලක්ම, නැගෙන සෑම සාධු නාදයක්ම අපගේ සිත් තුළ ශ්‍රද්ධාව, භක්තිය හා පින් සිතුවිලි තව තවත් වර්ධනය කරත්වා. 🪷🙏

මේ පින්බිමට පැමිණෙන සියලු දෙනාගේ සිත් තුළ ඇති දුක් වේදනා පහව ගොස්, සැනසීමත්, සතුටත්, නිරෝගී සුවයත් උදාවේවා. තමන්ටත්, තම පවුලේ සියලු දෙනාටත්, ලෝකවාසී සියලු සත්ත්වයන්ටත් යහපතක්ම වේවා. 🙏✨

මෙම උතුම් සෑ රදුන් වහන්සේ වන්දනාමාන කිරීමෙන්, සිතින් පින් අනුමෝදන් වීමෙන් හා බුදු ගුණ සිහි කිරීමෙන් රැස්කරගන්නා සියලු පුණ්‍ය ධර්මයන් නිවන් මඟටම හේතු වාසනා වේවා! 🪷

සියලු ලෝ සතුන්ට සුවපත් වේවා…
සියලු සිත් නිවී සැනසේවා…
උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගැනීමට මේ පින් හේතු වාසනා වේවා! 🙏☸️🪷

🌸 තෙරුවන් සරණයි! 🌸

සතරවරම් දෙව්‍ රජ දරුවන් විසින් වන්දනාමාන කල භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේල සතර නමක් හතරැස් කොටුව තුළ විරාජමාන...
16/08/2026

සතරවරම් දෙව්‍ රජ දරුවන් විසින් වන්දනාමාන කල භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේල සතර නමක් හතරැස් කොටුව තුළ විරාජමානව වැඩ සිටින ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේ ට අපගේ භක්තිආදර නමස්කාරය වේවා🙏

බඹ ලොව සිටිනා දෙවියෝ සෑ වදින්ට එන්ටයී..
පින්වත්, සක් දෙවිදානෝ සෑ වදින්ට එන්ටයී....
විස්කම් දෙව් පුතු සමගින් සෑ වදින්ට එන්ටයී....
සතර වරම් දෙව් රජවරු සෑ වදින්ට එන්ටයී......
නිවන් පතා අප සැම දෙන සෑ වදින්ට එන්ටයී..

ඔබ සැමට ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේගේ ආශිර්වාදය සැලසේවා....🙏

පුන්‍යානුමෝදනා සාරිපුත්ත මහ සෑ වන්දනා පින්කම...🌸 ශ්‍රද්ධා සම්පන්න කල්‍යාණමිත්‍රයන්ගේ දායකත්වයන් තුලින් ගොඩනැගුනු ශ්‍රී ස...
14/08/2026

පුන්‍යානුමෝදනා සාරිපුත්ත මහ සෑ වන්දනා පින්කම...

🌸 ශ්‍රද්ධා සම්පන්න කල්‍යාණමිත්‍රයන්ගේ දායකත්වයන් තුලින් ගොඩනැගුනු ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේගේ හතරැස් කොටුවේ උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කල අසිරිමත් පින්කම බොහෝ ජනයාගේ සාදු නාද මැද සිදු විය....

මෙම පින්කම සඳහා වෙහෙස මහන්සි වූ සැමට පින් අනුමෝදන් කිරීම පිනිස අසිරිමත් සෑ වන්දනාවක් සිදු කරන ලදී...

🌸එහිදී සෑ පින්කම සාර්ථක කර ගැනීම උදෙසා වෙහෙස මහන්සි වී කටයුතු කලාවූ,

📌සංඝෝපස්ථාන කමිටුව
📌සම්බුද්ධ පූජා කමිටුව
📌පිළිගැනීමේ කමිටුව
📌මල් සැරසිලි කමිටුව
📌දන්සැල් කමිටුව
📌රථවාහන හැසිරවීමේ කමිටුව
📌සංග්‍රහ කමිටුව
📌ආරක්ෂණ කමිටුව
📌ජල හා සනීපාරක්ෂක කමිටුව
📌විදුලි හා ආලෝකකරන කමිටුව
📌ඡායාරූප කමිටුව
📌කාර්යාල කමිටුව
📌ශබ්ධ විකාශන කමිටුව
📌ප්‍රථමාධාර කමිටුව

🌸ආදී භාර දූර්‍යය වගකීම් දරමින් පින්කම සාර්ථකම නිම කිරීම සඳහා කැපවූ කමිටු ප්‍රධානීන් ප්‍රමුඛ කමිටු සාමාජිකයන්ටත්,

🌸 පින්කම සඳහා පහසුව සලසා දෙන්න මැදිහත් වූ රාජ්‍ය නිලධාරීන් සැමටත්,
🌸උපස්ථාන කමිටුවේ සැමටත්,
🌸🌸යොවුන් සභාවේ දූ පුතුන් සැමටත්,
🌸🌸ළමා වැඩසටහනේ දූ පුතුන් හා දෙමාපියන් සැමටත්,
‍ර🌸තුපස්වල,නැදුන්ගමුව ප්‍රදේශ වාසී සැමටත්
🌸පින්කම සඳහා උපකාර කල සෑම සියලු දෙනාටත්,
🌸දැකබලා සතුටුවන සැමටත්,

🌼මේ පින් සංසාර ගමනට පුන්‍ය ගංගාවක්ම වේවා

බුදුරජාණන් වහන්සේ උදෙසා කල මේ අසිරිමත් බුද්ධ උපස්ථාන පින සැමගේ සසර ගමනට මහානීය වූ ආශිර්වාදයක් වේවා.....

~ තෙරුවන් සරනයි ~

බඹ ලොව සිටිනා දෙවියෝ සෑ වදින්ට එන්ටයී..
පින්වත්, සක් දෙවිදානෝ සෑ වදින්ට එන්ටයී....
විස්කම් දෙව් පුතු සමගින් සෑ වදින්ට එන්ටයී....
සතර වරම් දෙව් රජවරු සෑ වදින්ට එන්ටයී......
නිවන් පතා අප සැම දෙන සෑ වදින්ට එන්ටයී..

ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේට අපගේ භක්තිආදර නමස්කාරය වේවා🙏

"2026 ආ.පො.ස. උසස්පෙළ විභාගය”හා "5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ගම්පහ මහමෙව්නාව භාවනා ...
08/08/2026

"2026 ආ.පො.ස. උසස්පෙළ විභාගය”හා "5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ගම්පහ මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පරිදි පැවැත්වූ විශේෂ බෝධි වන්දනාව සාර්ථකව නිමාවට පත් විය. 🙏🌿

පළමුකොට දරුවන් ශ්‍රී සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ උදෙසා මල් පහන් ගිලන්පස ආදිය රැගෙනමින් අනේකවිද පූජාවන් දක්වමින් වන්දනාමාන කළෝය.

ඉන්පසු සිරි ගෞතම බෝධීන් වහන්සේ උදෙසා ගිලන්පස මල් සුවඳ දුම් පහන් ආදිය පූජා කරමින් බෝධි වන්දනාව සිදු කරන ලදී.

සැදැහැවත් පින්වතුන්ගේ සහභාගීත්වයෙන් හා පින්බර සිතින් සිදු කළ මෙම උතුම් පින්කමෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්…

✨ විභාගයට පෙනී සිටින සියලු දූ දරුවන්ගේ නුවණැස පෑදීමටත්,
✨ සිත් සන්සුන් වී ධෛර්යයෙන් හා විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුණ දීමටත්,
✨ තමන් බලාපොරොත්තු වන සාර්ථකත්වය කරා යාමටත්,
✨ උතුම් වූ ධර්ම මාර්ගයේ යහපත් ජීවිතයකට ආශීර්වාදයක් වීමටත් හේතු වේවා! 🙏

මේ උතුම් පින්කමට සහභාගී වූ, දායක වූ, අනුමෝදන් වූ සියලු පින්වතුන්ට මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවයත්, සැනසීමත්, යහපතත් උදා වේවා! 🌸🙏

" සක්දෙවිඳුනි, වැටකොළු නමින් මල් ජාතියක් තියෙනවා .මම ඉන් මල් හතරක් කඩා ගත්තා.මට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නෑ.මම ඒ මල්ගෙ...
04/08/2026

" සක්දෙවිඳුනි, වැටකොළු නමින් මල් ජාතියක් තියෙනවා .මම ඉන් මල් හතරක් කඩා ගත්තා.මට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නෑ.මම ඒ මල්ගෙන බුදුරදුන්ගේ ස්තූපය වෙත ගියා. ශස්තෲන් වහන්සේගේ උතුම් බුදු සිරුර ගැන හිතද්දි මට පුදුමාකාර සතුටක් දැනුනා.මම ඒ ස්තූපය ගැනමයි සිත සිතා සිටියේ.
පින්වත් දේවේන්ද්‍ර ය,මඝවා නම් උතුම් දෙවිඳ ..ඒ පුණ්‍යකර්මයෙන් තමයි මම මිනිස් ශරීරය අතහැරලා ඔබ අතරට පැමිණියේ ..."

~ පීත විමානය ~

ගම්පහ නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවූ ශ්‍රී සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේගේ සතරැස්කොටුවේ ධාතු නිධාන පින්කම...

01/08/2026

🌸ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස,
සතර වරම් දෙව් රජ දරුවන් ආදරයෙන් ගෞරවයෙන් වන්දනා මාන පුද සත්කාර කලාවූ ඔබ වහන්සේගේ ශ්‍රී බුද්ධ ශරීරයේ ධාතූන් වහන්සේලා සතර නම අපගේ නෙත් වලින් දැක බලා වන්දනා මාන පුද සත්කාර කලා සේම,

🌸මේ තුන් ලෝකයේම වටිනා මාණික්‍යයක් අත දරා සිටියද,ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ තරම් මා හට ඒ කිසිදු දෙයක වටිනාකමක් නැත්තේමය....

🌸ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස පෙර කුසල් බල ශක්‍ති පූර්ණය කොට මේ සා මහ සෑයක ඔබ වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කරන අසිරිමත් පින්කමක් දැක ගන්න අපගේ දෑස් වාසනාවන්ත වූයේමය....

🌸පින්කමේ කායික වෙහෙස මානසික වෙහෙස නොසලකා අප සැම බුදු වරයෙක් හට බුද්ධෝපස්ථානයක් කලේ සසර දුකින් මිදීමම අරමුණු කරගනිමින්මය....

🌸ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස…
යම් සේ හිරු අන්තයට ගිය කල්හි සත්වයෝ ද අඳුරට ම යන්නෝ ය.
එසේම ඔබ වහන්සේ ලොව නූපන් කල්හි ලෝකෙම අන්ධකාරයට යන්නේ ම ය. උදාවන්නා වූ සූර්යයා සියලු ලෝකවල අඳුර දුරු කරන්නේ යම් සේ ද ඔබ වහන්සේ ලොව පහළ වී එවන් අඳුර නැසූ සේක් ම ය.

🌸එනිසාම මේ ලෝකයට පහළ වන එකම ආශ්චර්යවත් වූ මනුෂ්‍ය රත්නය වන්නේ බුදුරජාණන් වහන්සේ ම.

🌸බුදුවරුන්ගේ උපත ලොවට සැපයක් බව ඒකාන්ත සත්‍යයයි. මෙවන් ආනුභාව සම්පන්න වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මේ අසිරිමත් පින්කමේදී නගන සාධු නාදය,කායික වෙහෙස,වැටුනු දාඩිය,කුසගින්න,නිදි වැරූ මහ රාත්‍රීන් කිසිකලෙකත් හිස් නොවන්නේ ම ය. අපව නිවනට පමුණුවන්නේ ම ය.. ඔබ වහන්සේ කෙරෙහි හිත පහදවා ගත් පමණින් අපට සුගති සැප විවර වන්නේ ය. සතර අපා දොරටු වැසෙන්නේ ම ය.

🌸ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ සා අසිරිමත් පින්කමක් අපගේ දෑස් ඉදිරියේ දකින්න අප සසරේ පින්කර ඇති බවනම් සැබෑමය....ඔබ වහන්සේගේ නව අරහාදී බුදු ගුණයට ධාතු නිධාන අවස්ථාවේ අහස් තලය මැවූ අසිරිමත් රටාවන් මහා ජනකායකගේ සිත් තුල පින්කුසල් මෝර මෝරා පිරී ඉතිරී ගියේමය.......

🌸අප කෙරේ අනුකම්පාවෙන් ඔබ වහන්සේ දැක්වූ ඒ දයාව මහා කරුණාව නිසා, පින්කම වෙනුවෙන් වෙහෙස දැරූ අයගේ කායික වෙහෙස ඔබ වහන්සේගේ ධාතු නිධාන අවස්ථාවේදීම පහව ගියේ දෑත නළලට ගනිමින් සාදූ නාද මුවින් පිටවෙමින්මය....

🌸ඒ සිරිමත් පින්කම නිසා පින් රැස් කරගත්තෝ බොහෝමය.....දුකින් සිටි අය සතුටෙන් පිනා ගියෝය...ශ්‍රද්ධාව දරා සිටියෝ අසීමිත බුද්ධ අසිරිය තව තවත් විද ගත්තේමය....

🌸ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දෙපා ඇතියනට අග්‍ර වූ, මහා ආනුභාව සම්පන්න වූ, මෙවන් අනන්ත වූ ගුණයන්ගෙන් බබළන්නා වූ ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා🙏

🌸ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස,
🌼කායිකව දුබල වී ඇදක් මත වැටෙන දවසෙත් අප හට ඔබ වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා සිහිපත් වේවා🙏*

🌼මේ අසිරිමත් පින්කමේ දී කල වත්,උපස්ථානයන් දාස්පෙතියා මල් මාලෙක දාස් මල් අමුනනනවා සේ එකින් එක සිහිපත් වේවා🙏

🌼ඒ කුසල් පින් බල වී උතුම් අමා නිවන පිණිසම අප හට මේ අසිරිමත් බුද්ධ උපස්ථානය හේතු වාසනාම වේවා🙏

🌸ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස,

මට ඔබ වහන්සේගේ සරණ හැර වෙන සරණක් නැත්තේමය....🙏
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං 🙏





මේ සා දන් දෙන අසිරිමත් යුගයක ශ්‍රී සාරිපුත්ත මහ සෑ ධාතු නිධාන පින්කම..........ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේගේ හතරැ...
31/07/2026

මේ සා දන් දෙන අසිරිමත් යුගයක ශ්‍රී සාරිපුත්ත මහ සෑ ධාතු නිධාන පින්කම..........

ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේගේ හතරැස් කොටුවේ ධාතු නිධාන පුණ්‍ය මංගල්‍යයට සමගාමීව, පින්වත් දායක මහත්ම මහත්මීන්ගේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් සංවිධානය කළ විශාල දන්සැල් රැසක් වන්දනාවට පැමිනි පිරිසගේ පහසුව උදෙසා පැවැත්විණි.

ධාතුන් වහන්සේලා වන්දනා කර හදවත පින් සුවඳින් පුරවාගත් පින්වත් සැමට, එතැනින්ම ගොස් ආදරයෙන් පිරිනැමූ දන්සැල්වලින් සැමගේ සිත් සතන් සතුටෙන් පුරවාලීමේ ගැනීමේ භාග්‍යය උදා විය.

🍚 බත් දන්සැල
🥟 කැවිලි දන්සැල
🍦 අයිස්ක්‍රීම් දන්සැල
🥤 සරුවත් දන්සැල
🥣 සුප් දන්සැල
🍰 කේක් හා කිරි තේ දන්සැල
🌼 මල් දන්සැල

විශේෂයෙන් මල් දන්සැල මඟින්, ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට පැමිණි සෑම පින්වතෙකුටම භක්තියෙන් පුද කිරීමට සුවඳ මල් පිරිනැමීම සිදු කෙරිණි.

මෙවන් මහා පරිමාණයෙන් දන් දෙන, බෙදා හදා ගන්නා, අන් අයගේ සතුට තුළ තම සතුට දකින අසිරිමත් දානමය යුගයක ජීවත් වීමට ලැබීම සැබැවින්ම අපගේ භාග්‍යයකි.

මෙම උතුම් දන්සැල් සංවිධානය කරමින්, මුදලින්, ද්‍රව්‍යයෙන්, ශ්‍රමයෙන් හා කාලයෙන් දායක වූ සියලු පින්වත් දායක මහත්ම මහත්මීන්ටත්, නොපසුබටව සේවය කළ පින්වත් පිරිසටත්, මේ සියලු පින් උතුම් ශ්‍රී සද්ධර්මයේ ආලෝකය තුළ නිවන් මඟ පිණිසම හේතු වාසනා වේවායි හදවතින්ම පින් අනුමෝදන් කරමු.

සාධු! සාධු!! සාධු!!! 🙏🤍🌼

මහා සංඝරත්නයේ පින්සාර දෑතින් ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේගේ කොත් වහන්සේ මත චූඩා මාණික්‍ය පලදවා අභිසෙස් ගැන්වූ ඒ අ...
30/07/2026

මහා සංඝරත්නයේ පින්සාර දෑතින් ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේගේ කොත් වහන්සේ මත චූඩා මාණික්‍ය පලදවා අභිසෙස් ගැන්වූ ඒ අසිරිමත් මොහොත.....

ඔබ සැමට ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේගේ පිහිට සැලසේවා....🙏

ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේ උදෙසා සිදු කල අසිරිමත් පහන් ආලෝක පූජාවදීපදෝ චක්ඛුදෝ හෝති,වණ්ණදෝ හෝති දීපදෝ।සුඛදෝ බළද...
29/07/2026

ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේ උදෙසා සිදු කල අසිරිමත් පහන් ආලෝක පූජාව

දීපදෝ චක්ඛුදෝ හෝති,
වණ්ණදෝ හෝති දීපදෝ।
සුඛදෝ බළදෝ චේව,
දීපදෝ හෝති සබ්බදා॥

"පහන් පූජා කරන්නා ඇස්වල පැහැදීම ලබයි. සුන්දර බව ලබයි. සුවය ලබයි. ශක්තිය ලබයි. පහන් පූජාව කරන්නා සෑම කලකම යහපත් විපාක ලබයි."

🪔✨ ආලෝකයෙන් ලෝකයම පහන් කළ පින්බර රාත්‍රිය... ✨🪔
"අන්ධකාරය කිසිදා අන්ධකාරයෙන් දුරු කළ නොහැක. ආලෝකයෙන් පමණක් එය දුරු කළ හැක."

ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේ අභියස,උතුම් ධාතූන් වහන්සේලා උදෙසා බුදු ගුණ සිත්හි දරාගෙන, පින්කම සිදු වූ දින කිහිපය පුරාම පහන් 3,000ක මහා පහන් පූජාව, සැබවින්ම හදවත් ආලෝකමත් කළ අසිරිමත් පුණ්‍යෝත්සවයක් විය.

එක් පහන් සිළුවකින් අඳුර දුරුවන්නා සේ...
එක් පින් සිතුවිල්ලකින් සසර අඳුරත් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින්, ශ්‍රද්ධාවෙන් දල්වා තැබූ ඒ පහන් දහස් ගණනින් සෑ රජාණන් වහන්සේ වටා බැබළුණු දසුන, බොහෝ දෙනෙකුගේ සිත් නිවී සැනසුණු මොහොතක් විය.

භාග්‍යවතුන් වහන්ස කෙරෙහි වූ භක්තිය...
නිවන් මඟ කෙරෙහි වූ බලාපොරොත්තුව...
සියලු සත්වයන්ට යහපත ප්‍රාර්ථනා කළ මෛත්‍රී සිත්...ඒ හැම දෙයක්ම ඒ පහන් සිළුවලින් ලෝකයට විහිදී ගියේය.

මේ උතුම් පහන් පූජාව සිදුකළ මාතලේ මඩඋල්පත මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් සංඝෝපස්ථායක ස්වාමින් වහන්සේ ප්‍රධාන සියලු පින්වතුන්ටත්, ඒ සඳහා අයුරින් හෝ දායක වූ සැමටත් මේ උතුම් පුණ්‍යකර්මය අනුමෝදන් වේවා!

සාධු! සාධු!! සාධු!!! 🙏🤍☸️

ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේගේ හතරැස් කොටුවේ වඩා හිඳුවන උතුම් ධාතුන් වහන්සේලා වන්දනාව
29/07/2026

ශ්‍රී සාරිපුත්ත මහ සෑ රජාණන් වහන්සේගේ හතරැස් කොටුවේ වඩා හිඳුවන උතුම් ධාතුන් වහන්සේලා වන්දනාව

Address

Mhamevnawa Bhawana Asapuwa, Nadungamuwa, Rathupaswala
Gampaha

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

+94332254237

Website

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mahamevnawa Gampaha:

Shortcuts

Share