15/08/2024
රැස්වෙහෙර ආරණ්යයේ කුටිය සඟ සතුකර පූජා කලෙමු
••••• ————— ∞∞∞ ————— ••••
දෙවනපෑතිස් රජතුමා විසින් කරවූයේ යැයි හදුනාගෙන ඇති මනරම් පරිසයකින් හෙබි රැස්වෙහෙර ආරණ්යයේ කඳු මේඛලාවන්හි හමුවී ඇති ලෙන් 99න් බහුතරයක් ලෙන් කටාරම් කොටා ඇත.පෙර රහතන් වහන්සේලා පවා වැඩ සිටි එම ලෙනක් පිළිසකර කර කුටියක් ඉදිකිරීම පසුගිය වසරේ ජූනි මස ආරම්භ කලෙමු.කුටිය කදුගැටයක ඉහලම ස්ථානයේ පිහිටි බැවින් කුටිය ඉදිකිරීමට අවශ්ය වැලි,මැටල්,සිමෙන්ති ආදී කුටියට අවශ්ය නොයෙකුත් ද්රව්ය කුටිය ගෙඩනගන භූමිය වෙත ඇද ගැනීමට අප මිතුරන් බොහෝ ශ්රමදානයන් සිදුකල අතර කුටියෙහි සක්මන් මලුව සැකසීම අප සිතූ තරම් පහසු නොවූයේ සක්මන් මලුව ඉදිකරන කොටසෙහි පැවති කලු ගල් නිසාවෙනි. එනමුත් එම බාධක මැඩගෙන අප මිතුරු පිරිස අවසන් සතිය දිවා රෑ නොබලා කුසට නිසි අහරක් නොලැබ කුටියට අවට මිදුලක් ද සකස් කොට ස්වාමීන්වහන්සේ නමකට සුවසේ බවුන් වැඩිය හැකි ලෙස කුටිය අංග සම්පූර්ණව නිමකර, පසුගිය ඉරිදා දින අතීත අනාගත වර්තමාන පැමිණි නොපැමිණි සිව් දිගින් වඩිනා මහා සංඝරත්නය උදෙසා සඟ සතුකර පූජා කලෙමු .🙏🙏🙏
මෙම කුටිය ඉඳිකිරීමෙන් ජනිත වූ සියලුම පින් මේ සඳහා දායක වූ, එසේ කිරීමට නොහැකි වූ වචනයකින් හෝ උදව් උපකාර කල සියලු දෙනාම ඔබ කලා සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා .පින්කැමති දෙවියන් හට මෙම පින් අනුමෝදන් වෙත්වා.ඔබ නමින් මිය පරළොව ගිය සියලු දෙනාහට මෙම පින් අනුමෝදන් වෙත්වා.
මෙම කුසලය මෙම ජීවිතයේම වහ වහා චතුරාර්ය සත්ය ධර්මයන් සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා..!!! 🙏🙏🙏
*** දේශනව වඩාත් හොදින් ශ්රවන්දීමට headset එකක් භාවිතා කරන්න.
ආරණ්යයේ නායක ස්වාමින්වහන්සේගේ පුණ්යනුමෝදනාව
දෙවනපෑතිස් රජතුමා විසින් කරවූයේ යැයි හදුනාගෙන ඇති මනරම් පරිසයකින් හෙබි රැස්වෙහෙර ආරණ්යයේ කඳු මේඛලාවන්හි හමුව....