Sri Nagarama Temple

Sri Nagarama Temple Sri Nagarama Temple,Hikkaduwa,Galle

07/08/2025
09/11/2023
28/10/2023

හික්කඩුව නලාගස්දෙණිය ශ්‍රී නාගාරාම පුරාණ මහා විහාරස්ථානයේ වප් මස පුරපසලොස්වක පොහොය දින වැඩසටහන.. 2023.10.28

උදෑසන 06.30 ට සිල් සමාදන් කරවීම.

පෙරවරු 07.30 ට උදෑසන දානය පුංචි පතන ඩොනල් මහතා ඇතුළු පවුලේ සැම.

පෙරවරු 08.30 ට ධර්ම දේශනාව බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී දමිත හිමිපාණන් වහන්සේ.

පෙරවරු 09.45ට ගිලන්පස කලංසූරිය මැතිතුමා විසින්.

පෙරවරු 09.45 ට සිල් ආවර්ජනාව

පෙරවරු 11.15 සම්බුද්ධ පූජාව

පෙරවරු 11.30 ට දහවල් දානය පතන අතුල වැලිහේන්ගොඩ මහතා ඇතුළු පවුලේ සැම.

පස්වරු 01.30ට ධර්ම දේශනාව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ ගරුතර හිමිපාණන් වහන්සේ විසින්.

පස්වරු 02.45 ට සවස ගිලන්පස වවුලගොඩ ජයන්ත මහතා විසින්.

පස්වරු 03.30ට ධර්ම දේශනාව නාරිගම ශෛලතලාරාම පුරාණ විහාරාධිපති මැලෑගොඩ රතනසාර හිමිපාණන් වහන්සේ විසින්.

සවස 05.00ට සිල් පවාරණය හා බෝධි පූජාව.

හික්කඩුව නලාගස්දෙණිය ශ්‍රී නාගාරාම පුරාණ මහා විහාරස්ථානය ඇතුළු විහාරයන්හි අධිපතිත්වය ඉසිලූ පූජ්‍යපාද වැලිවිටියේ පඤ්ඤාජෝත...
15/09/2023

හික්කඩුව නලාගස්දෙණිය ශ්‍රී නාගාරාම පුරාණ මහා විහාරස්ථානය ඇතුළු විහාරයන්හි අධිපතිත්වය ඉසිලූ පූජ්‍යපාද වැලිවිටියේ පඤ්ඤාජෝති ලොකු හාමුදුරුවන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ මහා පිංකම.. සැප්තැම්බර් මස 16 වැනි සෙනසුරාදා දින රාත්‍රි සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය.
සැප්තැම්බර් මස 17 වැනි ඉරිදා දින දහවල් සඝසතු මහා දානය.
මේ සඳහා පිං කැමති ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.

හික්කඩුව නලාගස්දෙණිය ශ්‍රී නාගාරාම පුරාණ මහා විහාරස්ථ ඉපැරණි  ඓතිහාසික වැදගත් කමකින් යුත් පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් න...
29/08/2023

හික්කඩුව නලාගස්දෙණිය ශ්‍රී නාගාරාම පුරාණ මහා විහාරස්ථ ඉපැරණි ඓතිහාසික වැදගත් කමකින් යුත් පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් නම් කර ඇති විහාර මන්දිරය දැඩි ලෙස අබලන් වී ඇති බැවින් එහි සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය හා සංරක්ෂණ උපදෙස් මත සතර පේරුවේ සදැහැති පින්වතුන්ගේ ආධාරයෙන් 2023 අගොස්තු මස 30 වැනි බුධ දින පූර්ව භාග 10.13ට යෙදෙන සුබ මොහොතින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර මෙම උතුම් කටයුත්තට සහභාගි වන මෙන් ඉතා කාරුණිකව සිහිපත් කරමු.මෙම කර්තව්‍යය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය අධීක්ෂණය,සංරක්ෂණ උපදෙස් හා ශ්‍රම දායකත්වය පමණක් ලබා දෙන අතර මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය විහාරස්ථානය මගින් ලබා දිය යුතුය.එම ද්‍රව්‍යයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඇස්තමේන්තුවක් සකස් කර අප වෙත එවා ඇති බැවින් පහත දැක්වෙන එම ද්‍රව්‍යයන් ලබා ගැනීමට දායකත්වය සැපයීමට කැමති සැදැහැති පින්වතුන් මා දැනුවත් කරන මෙන් කාරුණිකව සිහිපත් කරමි.තෙරුවන් සරණයි . 01.සිමෙන්ති කොට්ට 212 02.කොන්ක්‍රීට් ගල් කියුබ් 08 03.වැලි කියුබ් 09 04.8*8 ටෙරාකොටා ටයිල් 7000 05.රතු සිමෙන්ති 10kg 06.වැක්ස් 4kg 07.ග්‍රවුඩ් පැකට් 30

සමිති ශාලාව අවට පරිසරය සකස් කිරීම 2022.01.04
09/08/2023

සමිති ශාලාව අවට පරිසරය සකස් කිරීම 2022.01.04

උඳුවප් පොහොය දින වැඩසටහන...
09/08/2023

උඳුවප් පොහොය දින වැඩසටහන...

නලාගස්දෙණිය ශෂික ගුණවර්ධන මහතාගේ දියණියගේ සිය ජන්ම දිනය නිමිත්තෙන් විචිත්‍ර ධර්ම කථික කඩිහිංගල විනීත හිමිපාණන් වහන්සේගේ ...
09/08/2023

නලාගස්දෙණිය ශෂික ගුණවර්ධන මහතාගේ දියණියගේ සිය ජන්ම දිනය නිමිත්තෙන් විචිත්‍ර ධර්ම කථික කඩිහිංගල විනීත හිමිපාණන් වහන්සේගේ ධර්මානුශාසනා හා විශාල වියදමක් දරා බුදු පිළිම වහන්සේ නමක් විහාරස්ථානයට පූජා කිරීම..2022.11.16

Address

Sri Nagarama Temple, Nalagasdeniya, Hikkaduwa
Galle

Alerts

Be the first to know and let us send you an email when Sri Nagarama Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Nagarama Temple:

Share