Sri Sumanatissa Dhamma School

Sri Sumanatissa Dhamma School Sumanatissa Dhamma school is situated in Jayasumanarama temple, Uluvitike, Galle.

08/02/2026
බුදුසරණ පුවත්පතෙහි ඔක්තෝබර් කලාපයේ පලවූ ලිපියකි. ————————————————————————මානසික අවපීඩනය නිසා ඔබත් දුක් විඳිනවා ද?😓😓😓😓😓😓😓...
05/12/2023

බුදුසරණ පුවත්පතෙහි ඔක්තෝබර් කලාපයේ පලවූ ලිපියකි.
————————————————————————

මානසික අවපීඩනය නිසා ඔබත් දුක් විඳිනවා ද?
😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓
(ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන්ටා ක්ලාරා නුවර, බුද්ධි විහාරයේ රාජකීය පණ්ඩිත කොටපොල චන්දිම හිමියන් විසිනි.)

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව අතිශයින් ම දුර්ලභ සම්පත්තීන් හතරක් ඒරකපත්ත නා රජුට දක්වා ලූ සේක.

“ ඒ පින්වත් ඒරකපත්තය,
මනුෂ්‍ය ජීවිතය දුර්ලභ ය. ලබා ගත් ජීවිතය යහපත් ව පවත්වා ගෙන යාම ද දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය ද දුර්ලභ ය. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම ද, දුර්ලභ ය.”
(ධම්මපද 182)

අපාය, ප්‍රේත, දිව්‍ය හා මිනිස් තල අතුරින් ධර්මය පුහුණු කොට නිවනින් නිවෙන්නට අඩිතාලම දැමිය හැක්කේ මනුෂ්‍ය ලොව ඉපදීමට පමණි. මනුෂ්‍ය ලොව ජනගහනය තිරිසන් ජීවීන්ගේ ගණනින් පමණක් සංසන්දනය කළ ද, මනුෂ්‍ය ජීවී බිලියන හය ගණන් ගන්නටවත් නොහැකි ඉතා කුඩා අංශු මාත්‍රයකි. ඇතැම් එක් කඩිගුලක පමණක් බිලියන ගණනාවක කඩියන් පමණක් ඇතැම්විට අපි දකිමු. ඉතුරු සියලු ලෝකවල ජීවින් හා ගතහොත් මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ බව හිතාගත නොහෙන තරම් ය. අපේ බුදුරජාණන් වහන්සේ එය කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීමට සමාන කර තිබේ.

“පින්වත් මහණෙනි, විය දණ්ඩක් මුහුදෙහි උතුරට, දකුණට, නැඟෙනහිරට, බස්නාහිරට සුළඟින් ගසාගෙන යමින් ඒ මේ අත පාවෙයි. මුහුදේ ජීවත්වන එකැස් කණ කැස්බෑවෙක් අවුරුදු සියයකට වරක් උඩට එයි. ඒ එන වරෙක ඌ විය සිදුරෙන් අහස දකියි.
මහණෙනි, මෙය සිදුවිය හැකි දෙයක් ද?”

භික්ෂූන් වහන්සේ ඉමහත් ගෞරවයෙන් මෙසේ පිළිතුරු දුන්හ.

“ස්වාමීනි, එය ඉතා දුර්ලභව විය හැකි දෙයකි. වියදණ්ඩ ඇළක, දොළක, ගඟක, තොටක නොරැඳී මුහුදට ආ යුතු ය. කණ කැස්බෑවා ද එය ඇති තැනින් මතුව, විය සිදුරට ම, කණ නොවූ ඇහැ තබා, ඇස් නොපියා අහස බැලිය යුතු ය. මෙය සිදුවෙතොත් ඉතා කලාතුරකිනි.”
(ම.නි.බාලපණ්ඩිත සූත්‍රය)

අප බුදුරජාණන් වහන්සේ මද සිනා පහළකොට කරුණාවෙන් මෙසේ වදාළහ.

“පින්වත් මහණෙනි, නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර නිරයවලට වැටුණු මිනිසා ද මෙබඳු ය. එබන්දකු යළිත් මිනිසකු වීම ද එතරම් ම දුර්ලභ ව විය හැක්කකි.”

අප ලැබූ මනුෂ්‍ය ජීවිතය කෙතරම් දුර්ලභ දැයි ඔබට වැටහුණි ද? නැතිනම් කීමට ඊට වඩා පැහැදිලි උපමාවක් දැනට නොදනිමි. සියදිවි නසා ගන්නා තැනැත්තා නැති කර ගන්නේ මෙබඳු භාග්‍යවත් අවස්ථාවකි.

බොහෝ දෙන දිවි නසා ගන්නේ මානසික ආතතිය නිසා ය. දූෂණය, ශාරිරික හිංසනය, යුද්ධයේ අමිහිරි අත්දැකීම්, ආදර සබඳතා බිඳවැටීම, විරැකියාව , මුදල් හිඟකම, සමාජ තත්ත්ව නැති වීම, දේපළ අහිමි වීම, අධ්‍යාපනික අසමත් වීම්, පවුලෙන් කොන් කිරීම්, සමාජ අසාධාරණ, සිරගතවීම්, ලිංගිකත්ව ගැටලු වැනි කරුණු ගණනක් නිසා මිනිසුන් සිය දිවි නසා ගනිති.

එහෙත් මේ සියලු අහිමිවීම් මැද එක ඉතා දුර්ලභ , කල්පයකට තියා ඇතැම්විට කල්ප සිය ගණනකටත් මෙහායින් නොලැබුණ, මිල කළ නොහැකි මනුෂ්‍ය ජීවිතය තවමත් තමන් සතු බව ඔව්හු නොසිතති. සැබෑ අවාසනාවන්ත තත්ත්වය එයයි.

බාහිර, තාවකාලික දේ අල්ලා ගන්නා අපි එයින් ඇතිවීමක් ගැන නොසිතමු.

කෝටි ගණනින් ධනය ඉපැයූවත් ඒවා අස්ථිර, තාවකාලික දෑ බව ද, ඉවසීමේ අගය ද, සියල්ල වෙනස් වී යා හැකි බව ද, ඒ සියල්ලට ම වඩා මිනිස් දිවියේ වටිනාකම ද දත යුතු ය. ඒවා බිඳ වැටෙන සලකුණු දන්නා පමණකින් සිය දිවි නසා ගන්නා උත්සාහය අමනොඥ ය.

කෙතරම් ධනය, බලය, යසස, කීර්තිය, ප්‍රශංසාව තිබුණ ද ඒවා තාවකාලික බව ද, තමාගේ සාමාන්‍ය මිනිසත් බව, බාහිර ලැබීම් නිසා වෙනස් නොවන බව ද අප දැන සිටිය යුතු ය.

කුමක් ඇතත් නැතත් අපේ සිතත්, ගතත් මොහොතක් පාසා ඉපදෙයි. මැරෙයි. බාහිර ලැබීම් තණ්හාවෙන් “මම, මගේ” යැයි අල්ලාගෙන දුක් විඳින්නට එය තේරුම් ගත් තැනැත්තා තුළ කෙනකු ඉතුරු නොවේ.

සියදිවි නසා ගැනීමට සිත් පහළවන තැනැත්තා මුලින්ම ඒ සිතිවිලි එනවිටම සිහියෙන් සිට වෙනත් දෙයක් කල්පනා කළ යුතු ය. එය ද අසමත් වේ නම් සියදිවි නසා ගැනීමේ ආදීනව පිළිබඳ සිතිය යුතු ය. මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම සිතිය යුතු ය. ධර්මය පිළිබඳ සිතිවිලි අපහසුවෙන් වුව ද ගොඩනඟා ගත යුතු ය.

එම සිතිවිලි බුරබුරා එන්නේ නම් දත්මිටිකමින් ඉවසා මම බුදුරජාණන් වහන්සේට ද, ධර්මයට ද, මහා සංඝයා වහන්සේට ද දෙමාපියන්ට ද දිවි කැප කරමියි ද , සංසාරයේ කොහිත් ඇත්තේ මීටත් වඩා අනන්ත දුක් බවත්, මේ නම් ඒ හා ගත්විට ඉතා කුඩා දුකක් බවත් සිතා ධර්මය පුහුණුූ කිරීමට ජීවිතය පුදමි’යි සිතමින් ද උතුම් අධිෂ්ඨානයක් කරන විට දුක් තුනීවී, එබඳු සිතිවිලි ටික ටික පහවී සිත ශාන්තව යනු ඇත.

එසේ ම එබඳු සිතිවිලි ඇති තැනැත්තා තම සන්තකයේ ඇති වස විෂ , ආයුධ හෝ තඹ ආදී දෑ නිවසින් බැහැරලා, වෛද්‍ය ප්‍රතිකාර නිසි සේ භාවිත කරමින් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළ යුතු ය. මත්ද්‍රව්‍ය භාවිත නොකොට සිටීම ද යහපති.

තම ගැටලු විහාරස්ථ මහ සඟරුවන හා කතාබහ කරන අතර ම, ජීවිතයේ සුබවාදී බව සිතිය යුතු ය. එබඳු සිතිවිලි එන කල තම සමීපම ඤාතියකු හෝ යහළුවකු සමඟ ඒ ගැන කතාබහ කළ යුතු ම වේ.
සියදිවි නසාගැනීමේ අවසන් මොහොත තුළ ඇති වන්නේ බොහෝදුරට ද්වේෂ සිතකි. ද්වේෂ සිතින් මිය යන්නෝ, උපදින්නේ ම. නිරයෙහි ය. මෙකී කර්මය හා විපාක ස්වභාවය නිතර සිතින් මෙනෙහි කළ යුතු ය. මෙසේ සිතිවිලි පැමිණීම ද තමන්ගේ පැරැණි කර්මයක දුර්විපාකයක් බව ද, දැඩි චිත්ත ශක්තියෙන් එය දුරු කළ හැකි බව ද දැන ගත යුතු ය.

මිනිසත් බව ලැබීම සේ ම පවත්වා ගෙන යාම ද දුෂ්කර ය.අතීත කුසලයක් නිසා ලැබු මේ මිනිස් දිවියට සරිලන ධාර්මික ජීවන පැවැත්මක් නිවැරැදි ධර්මානුකූල ජීවිත දැක්මක් ඔස්සේ ගොඩනඟා ගත යුතු ය. ඒ සඳහා උපකාරී වන කල්‍යාණ මිත්‍රයන් නිතර ආශ්‍රය කළ යුතු ය.

මේ අපේ සංසාරික මනුෂ්‍ය ජීවිතවල වටිනාම දිවියයි. ධර්මය යළිත් මුණගැහේ ද? නැත්ද? යන්න සැක සහිත ය. එහෙයින් අඥාන, ළඟ පමණක් දකින තීරණ නොගෙන, මේ ධර්මය පවතින යුගයක අප ලැබූ මිනිස් දිවියේ අග්‍රඵලය වූ නිවන්සුව සාක්ෂාත් කර ගන්නට ඔබ මොහොතින් මොහොත නොපමාව කටයුතු කළ යුතු සේ ම අන් සැම ද එහිලා උත්සුක කළ යුතු ය.

මෙම ලිපිය මානසික අවපීඩනය නිසා දුක්විඳින යම් කෙනකු සමඟ ඔබට බෙදා ගත හැකි නම් මම ඉතා කෘතඥ වෙමි.

ධර්ම සමීක්ෂා - අංක 08 ☸️☸️☸️☸️☸️☸️☸️ මාතෘකාව : මහා මංගල සූත්‍රය හැඳින්වීමLink:
02/11/2022

ධර්ම සමීක්ෂා - අංක 08
☸️☸️☸️☸️☸️☸️☸️

මාතෘකාව : මහා මංගල සූත්‍රය හැඳින්වීම

Link:

- මංගල සූත්‍රය හැඳින්වීම - දේශකයාණෝ - ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ (Silico...

ධර්ම සමීක්ෂා - Episode 02...☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏⁣අවසන් චේතනාවෙන් හොඳ කෙනෙක් නරක තැනකත් නරක කෙනෙක් හොඳ තැනකත් උපදින්න පු...
20/02/2022

ධර්ම සමීක්ෂා - Episode 02...
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

🙏⁣අවසන් චේතනාවෙන් හොඳ කෙනෙක් නරක තැනකත් නරක කෙනෙක් හොඳ තැනකත් උපදින්න පුලුවන් ද?

පූජ්‍ය කොටපොළ චන්දිම ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වය ඇතිව සිදුකරෙන Channel s ''ධ...

10/12/2019
30/11/2018

Address

Jayasumanaramaya
Galle

Opening Hours

07:00 - 00:00

Telephone

(091) 223-4277

Alerts

Be the first to know and let us send you an email when Sri Sumanatissa Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Sumanatissa Dhamma School:

Share