ශ්රී ලංකා ධර්මදූත දහම් පාසල

  • Home
  • Sri Lanka
  • Matara
  • ශ්රී ලංකා ධර්මදූත දහම් පාසල

ශ්රී ලංකා ධර්මදූත දහම් පාසල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ශ්රී ලංකා ධර්මදූත දහම් පාසල, Buddhist Temple, මුල්ලෙවත්තේ චන්දසිරි අනුනාහිමි මාවත, කළුවැල්ල, ගාල්ල, Matara.

07/06/2026
☸️2026 වර්ෂයේ වෙසක් පොහොය දින නිමිති කරගෙන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති පින්කම් මාලාව. ☸️වෙසක් පුර පසළොස්වක පොහොය...
31/05/2026

☸️2026 වර්ෂයේ වෙසක් පොහොය දින නිමිති කරගෙන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති පින්කම් මාලාව. ☸️

වෙසක් පුර පසළොස්වක පොහොය දින උපාසක උපාසිකාවන් 350කට අධික පිරිසක් අටසිල් සමාදන් වූ අතර ඔවුන් සඳහා දානය පිළිගැන්වීම දායක පිරිස් විසින් සිදු කරන ලදී. උපස්ථාන කටයුතු සඳහා දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද විශාල පිරිසක් සහභාගී වූහ. සවස් කාලයේ අෂ්ට පානයන්ගෙන් සමන්විත අටවිසි බුද්ධ පූජාව දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන්ගේ දායකත්වයෙන් පවත්වන ලදී. සවස් කාලයේ දහම් පාසලේ 10-11 ශ්‍රේණි වල සිසු සිසුවියන් විසින් සරුවත් දන්සැලක්ද 8 ශ්‍රේණියේ සිසු සිසුවියන් විසින් බිස්කට් දන්සැලක්ද සංවිධානය කර තිබුණි. එමෙන්ම දහම් පාසල් දරු දැරියන්ගේ සහ ශ්‍රී ලංකා ධර්මදූත පිරිවෙණේ ස්වාමීන් වහන්සේලාගේ නිර්මාණ දායකත්වයෙන් නිමවූ වෙසක් පහන් කූඩු වලින් විහාරස්ථානය ආලෝකමත් විය.

"භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යාති භාවනා"කුසල් දහම් (සිත තුළ) උපදවයිද, නැවත නැවත සේවනය කරයිද (පුරුදු පුහුණු කරය...
25/05/2026

"භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යාති භාවනා"

කුසල් දහම් (සිත තුළ) උපදවයිද, නැවත නැවත සේවනය කරයිද (පුරුදු පුහුණු කරයිද), වර්ධනය කරයිද, එය 'භාවනාව' නම් වේ.

සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ - චිත්තං පඤ්ඤංච භාවයං~දම්දූත සීල පාරමිතා 2026 ~2026 උතුම් වෙසක් මංගල්‍ය නිමිති කරගෙන ප්‍රතිපත්ත...
24/05/2026

සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ - චිත්තං පඤ්ඤංච භාවයං

~දම්දූත සීල පාරමිතා 2026 ~

2026 උතුම් වෙසක් මංගල්‍ය නිමිති කරගෙන ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ශ්‍රී ලංකා ධර්මදූත දහම් පාසලේ සිසු දරු දැරියන් සඳහා සීල සමාදාන වැඩසටහනක් අද දින (2026-05-24) විහාරස්ථානයේදී පවත්වන ලදී. විහාරාධිපති මහනාහිමියන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට ආචාර්ය මණ්ඩලයේ සහ දෙමව්පියන්ගේ නොමඳ සහයෝගයක් හිමි විය. අති පුජ්‍ය කණුමුල්දෙනියේ චන්දවිමල මහනාහිමියන්, වීරකැටියේ සුබෝධ හිමි සහ ගල්ලෑල්ලේගම ධම්මභානු හිමි ඇතුලු විහාරවාසී ස්වාමීන් වහන්සේලා විසින් පවත්වන ලද විචිත්‍ර ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් වලින් මෙම වැඩසටහන සමන්විත විය.

සරුසාර සසුන්කෙත - කුලදරුවන් පැවිදි කිරීමේ මහෝත්සවය
15/05/2026

සරුසාර සසුන්කෙත - කුලදරුවන් පැවිදි කිරීමේ මහෝත්සවය

🔴LIVE : සරුසාර සසුන්කෙත - කුලදරුවන් පැවිදි කිරීමේ මහෝත්සවය | Sarusara Sasunketha | 15.05.2026👉 Facebook Channel: http...

ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකා ධර්මදූත දහම්පාසලේ නිර්මාතෘ මුල්ලේවත්තේ චන්ද්‍රසිරි නාහිමිපාණන්ගෙ ගුණාන...
10/05/2026

ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකා ධර්මදූත දහම්පාසලේ නිර්මාතෘ මුල්ලේවත්තේ චන්ද්‍රසිරි නාහිමිපාණන්ගෙ ගුණානුස්මරණ පිංකම වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන දහවල් දානමය පිංකම පසුගිය සෙනසුරාදා (2026-05-09) දින පවත්වන ලදී.

🌞 ධර්මදූත අවුරුදු උදානය 2026🌞සිංහල අවුරුද්ද වටා බැඳුනු චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිකාංග ළමුන්ට සමීප කිරීම මූලික අරමුණ ක...
07/04/2026

🌞 ධර්මදූත අවුරුදු උදානය 2026🌞
සිංහල අවුරුද්ද වටා බැඳුනු චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිකාංග ළමුන්ට සමීප කිරීම මූලික අරමුණ කරගෙන "ධර්මදූත අවුරුදු උදානය" අවුරුදු උළෙල මෙවරත් විචිත්‍ර අන්දමින් පසුගිය ඉරුදින (2026-04-05) පවත්වන ලදී.
සිසු දරු දැරියන් සහ දෙමව්පියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ ප්‍රධානාචාර්ය ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය විසිනි.
මේ දිනවල පවතින දැඩි අව් රශ්මිය හේතුවෙන් ළමුන් එළිමහනේ ජන ක්‍රීඩා වලට සම්බන්ධ කිරීම වෙනුවට අවුරුද්ද හා බැඳි සංගීත සහ නර්තන අංගයන්ගෙන් යුක්තව ප්‍රාසාංගික උළෙලක් මෙවර පවත්වන ලදී.

අද දින (2025-09-14) පැවති ශාසනාරක්ෂක බල මණ්ඩල ප්‍රාදේශීය දහම් පාසල් තරඟ වලින් අප දහම් පාසල ලැබූ ජයග්‍රහණ මෙසේය. ගාලු කඩව...
14/09/2025

අද දින (2025-09-14) පැවති ශාසනාරක්ෂක බල මණ්ඩල ප්‍රාදේශීය දහම් පාසල් තරඟ වලින් අප දහම් පාසල ලැබූ ජයග්‍රහණ මෙසේය. ගාලු කඩවත්සතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් 42ක් අතුරින් 7 වන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා ධර්මදූත දහම් පාසල සමත්ව ඇත.
තරඟ වලින් ජයග්‍රහණ ලැබූ දරු දැරියන්ටත් සහභාගී වූ සියලුම දරු දැරියන්ටත් අපගේ සුබ පැතුම් එක් කරන්නෙමු.
💐💐💐💐💐💐💐💐💐

Address

මුල්ලෙවත්තේ චන්දසිරි අනුනාහිමි මාවත, කළුවැල්ල, ගාල්ල
Matara
80000

Opening Hours

07:30 - 12:00

Telephone

0715772990

Website

Alerts

Be the first to know and let us send you an email when ශ්රී ලංකා ධර්මදූත දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share