10/12/2023
🎆 බුදු කෙනෙකුට පමණක්ම සිදුකළ හැකි යමක මහා ප්‍රාතිහාර්ය...
.. මෙසේ ද පවසා තථාගතයන් වහන්සේ රුවන් සක්මනට බැසගත්හ. ඉදිරියෙන් දොළොස් යොදුනක් පිරිස විය. එසේ පසුපසින් ද උතුරු දෙසින් ද දකුණු දෙසින් ද පිරිස එතරම් සිටියහ. ඍජුලෙස - ඉදිරියෙන් යොදුන් විසිහතරක් ඒ පිරිස මැද භාග්‍යවතුන් වහන්සේ යමක පටිහාරිය කළහ.
✴️ " ඒ තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඥාණය කෙසේද?
ශ්‍රාවකයන්ට අසාධාරණවූ එම යමක මහා ප්‍රාතිහාර්ය කෙසේ ද යනු,
සිරුරේ උඩ කොටසින් ගිනි කඳක් පවත්වයි. සිරුරේ යට කොටසින් දියකඳක් නිකුත් කරයි. සිරුරේ උඩකොටසින් ගිනිකඳක් ද යට කොටසින් ජල කඳක් ද නිකුත් කරයි. ශරීරයේ ඉදිරි කොටසින් ද පසුපසින්ද දකුණු ඇසින් ද වම් ඇසින්ද - දකුණු කණින්ද - වම් කණින් ද - දකුණු නැහැයෙන් ද - වම් නැහැයෙන් ද දකුණු අංශ යෙන් ද - වම් අංශයෙන් ද දකුණු අතින් ද - වම් අතින් ද - දකුණු පසින් ද වම්පසින් ද දකුණු පාදයෙන් ද වම් පාදයෙන් ද ඇඟිලිවලින් ද - ඇඟිලි අතරින් ද - එක් එක් රෝමකූපයකින් - ගිනිකඳක් ද ජලකඳක්ද මුළු සිරුරෙහි - නීල පීත - ලෝහිත - ඔදාන මාජේෂ්ඨ ප්‍රභාස්වර රශ්මි ධාරා විහිදුවමින් සක්මන් කළහ. නිර්මිත බුද්ධ රූපය සිටී ද - වාඩිවී ද - සයනය කරයි ද බුදුන් කරන ලෙසින්ම එම බුදුරුව අනුගමනය කරයි. මෙය බුදුන්ගේ යමක ප්‍රාතිහාර්ය ඥාණයයි.
බුදුන් වහන්සේ මෙම ප්‍රාතිහාර්යය එදා ගණ්ඩබ්බ වනයේදී සිදුකළහ. උන්වහන්සේගේ තේජෝ කසින සමාපත්ති වශයෙන් උඩුකයින් ගිනි කඳක් ද - ආපෝකසින සමාපත්තියෙන් යටිකයින් දියකඳක් ද පවත්වති. දියදහරා පිටවන තැනින් ගිනිජාල නිමෙන්නේ නොවේ. සියළු ප්‍රදේශයන්හි ජල - ගිනි - ධාරා මිශ්‍රම නො පවතී. මෙම ජල - ගිනි ජාලා බ්‍රහ්ම ලෝකය දක්වාම ගමන්කර චක්‍රවාට මුවවිට පැවතුනි. ෂඩ් වර්ණය කළයකින් වත්කරන දියකළ රන් දියරයක් ඇතිවිය. යන්ත්‍ර නාලයකින් නික්මෙන රස ධාරාවක් මෙන් එක් සක්වල ගැබකින් නික්ම උඩට ගොස් බඹලොව හැපී නැවතුනි. නැවත චක්‍රවාට ගැබින් උඩට ගොස් මුවවැටියේම ගැසුනි. එක් සක්වල ගැබක් එක් වහළ මුදුනක් සේ බෝධි ඝරයක් වීය. එකම ආලෝකයක් විය.
එදවස බුදුහු සක්මන් කරමින් ප්‍රාතිහාර්ය පාන. අතරතුර මහජනයාට ධර්මකථා පැවසුහ. මෙලෙස දේශනා කරමින් ද ජනයාට ආශ්වාශයට ඉඩදී එකෙනෙහි මහජනයා සාධුකාර පැවැත්විය. ඒ සාධුකාර දෙන අවස්ථාවේ දි තථාගතයන් වහන්සේ මහා ජන පිරිසේ සිත් විමසා බලන්නේ එකිනෙකාගේ සිත සොළොස් ආකාරයෙන් සිත් හසර දැනගත්හ. මෙලෙස ඉතා ඉක්මනින් බුදුන්ගේ පෙරළෙන සිත යම් යම් කෙනෙක් යම් ධර්මයක් යම් ප්‍රාතිහාර්යක් ප්‍රියකරයි ද ඔවු නොවුන්ගේ අවශ්‍යතා වශයෙන් ධර්මය දේශනාරළ එ කිරීම ද දැක්විම ද කළහ. මෙලෙස ධර්ම දේශනා කිරීමෙන් ද ප්‍රාතිහාර්ය කිරීමෙන් ද මහත් ධර්මාවබෝධයක් සිදුවිය.
( සූත්‍ර අටුවාවේ "යමක පාටි හාරිය කථා පුවත" ඇසුරෙන් උපුටා ගන්නා ලදී.)
https://tipitaka.lk/atta-kn-dhp-14-3/sinh