මහා කරුණාවේ සඳ දිය දෝතක් - Maha Karunawe Sanda Diya Dothak

  • Home
  • Sri Lanka
  • Galle
  • මහා කරුණාවේ සඳ දිය දෝතක් - Maha Karunawe Sanda Diya Dothak

මහා කරුණාවේ සඳ දිය දෝතක් - Maha Karunawe Sanda Diya Dothak මහා කරුණාවේ සඳ දිය දෝතක් - පොසොන් බැති ගී ප්‍රසංගය

මහා කරුණාවේ සඳ දිය දෝතක් බැති පොසොන් ගී සරණිය ආරම්භයේ සිටම ඒ සඳහා එක සිතින්නිබඳවම අපට ශක්තියක් වූ , සෑම විටම අපිට නිවරදි...
21/07/2026

මහා කරුණාවේ සඳ දිය දෝතක් බැති පොසොන් ගී සරණිය ආරම්භයේ සිටම ඒ සඳහා එක සිතින්
නිබඳවම අපට ශක්තියක් වූ , සෑම විටම අපිට නිවරදි යථාර්ථය පෙන්වා දී අපේ ප්‍රසංගයට අවශ්‍ය කරන ගැලපෙන අති දක්ශ ශිල්පීන් , ශබ්ද පරිපාලකයන් , වේදිකා සම්බන්ධීකරණය , එකී මෙකී සෑම කටයුත්තක්ම සදහා ස්වකීය අව්‍යාජ දායකත්වය ලබා දුන්නා නම් එහි සෑම විටකම ප්‍රමුඛතා ගනු ලැබුවේ අපේ කතා නායක ඔහුය.
සැබැවින්ම අපට ලැදි ,කනම්පිටිය ග්‍රාමයට හිතැති , දකුණු ලක ප්‍රමුඛතම අති දක්ශතම
ෆර්ගශන් වාද්‍ය ශිල්පී ඉශාන් විරංග මහතාගේන් ලැබුණු දායකත්වය වචනයෙන් , මිල මුදලින් කියා නිම කල නොහැක

අපට ගැටළුවක් වේවා ඕනෑම අපැහැදිලි යමක් ඇතිවූූ විටෙක වෙලාවක් අවේලාවක් නොමැතිව ඔහු ලබා දුන් සහය ශක්තිය නිමක් නැත .

Ishan Virang ඔබට බොහෝම පිං

මහා කරුණාවේ සඳ දිය දෝතක් පොසොන් බැති ගී ප්‍රසංගය 2026 වසරේ හත් වන වරටත් අතිසාර්ථක අන්දමින් ගාල්ල කනම්පිටියේදී පැවැත්විණි...
20/07/2026

මහා කරුණාවේ සඳ දිය දෝතක් පොසොන් බැති ගී ප්‍රසංගය 2026 වසරේ හත් වන වරටත් අතිසාර්ථක අන්දමින් ගාල්ල කනම්පිටියේදී පැවැත්විණි. මේ සඳහා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාද, ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙක් මහතා ද සම්බන්ධ විය. ප්‍රණීත් සාරංගයන් ප්‍රමුඛ "ධාරා" සංගීතයෙන් වර්ණවත් වූ මෙම භක්ති ගීත ප්‍රසංගය සහෘද ප්‍රේක්ෂක ජනතාවට නොමිලයේ නැරඹීමට සංවිධායක මණ්ඩලය විසින් සැලැස්වූවෙමු. මෙම ප්‍රසංගය කිසිදු ලාභ අරමුණක් අපේක්ෂාවකින් තොරව සිදුකරනු ලබන අතර, පුරා හත් වසරක් මුළුල්ලේ මේ සඳහා සහයෝගය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පුදකර සිටි

මහා කරුණාවේ සඳ දිය දෝතක් පොසොන් බැති ගී ප්‍රසංගය 2026 වසරේ හත් වන ව...

https://youtube.com/?si=BuU1F9S1D4BSh_mxමහා කරුණාවේ සඳ දිය දෝතක් vii (2026)සම්පූර්ණ ප්‍රසංගය පහත Youtub චැනලය ඔස්සේ ළගදී...
19/07/2026

https://youtube.com/?si=BuU1F9S1D4BSh_mx

මහා කරුණාවේ සඳ දිය දෝතක් vii (2026)
සම්පූර්ණ ප්‍රසංගය පහත Youtub චැනලය ඔස්සේ ළගදීම.....

Share your videos with friends, family, and the world

ආරම්භක අවස්ථාවේ සිටම පැමිණෙන සුවහසක් ජනී ජනයාගේ වෙහෙස මහන්සිය නිවීමේ ඒකායන පරමාර්ථය සහිතව , මෙවරද ක්‍රියාත්මක කොට දෙනු ල...
15/07/2026

ආරම්භක අවස්ථාවේ සිටම පැමිණෙන සුවහසක් ජනී ජනයාගේ වෙහෙස මහන්සිය නිවීමේ ඒකායන පරමාර්ථය සහිතව , මෙවරද ක්‍රියාත්මක කොට දෙනු ලැබූ කිරිකෝපි දන්සැල සුපුරුදු පරිදි ගුණසිරි කෝදාගොඩ මහත්මාගේ මෙහෙයවීම හා ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වීමට ලැබිණි , ඒ සදහා ඔහුගේ අනුදැනුම මෙහෙයවීම මත අනෙකුත් අප හිතවත් ඥාති හිතමිතුරුු පිරිසගේ කරුණික දායකත්වය වෙනදා මෙන්ම මනා උද්‍යෝගයකින් මහත් ඕනෑකමින් ඔවුන් පවත්වනු ලැබිය.

එසේම එයට සමගාමීව , විශේෂයෙන් වෙදගෙදර වත්ත අප හිතවත් ගම්වාසීන් පිරිස , තවත් ඔවුන්ගේ හිතමිතුරන් ගේ සහ සහයෝගය සහ ශක්තිය ඇතුව මෙවරද සීනි සම්බල් පාන් දන්සැල පැවැත්වීමට දායකත්වය ලබා දීමද පැමිණ පිරිසිට මහත් ශක්තියක් විය.

මක්නිසාද වෙනත් බැති ගී ප්‍රසංගවලට සාපේක්ෂව අපේ මහා කරුණාවේ සඳ දිය දෝතක් බැති ගී ප්‍රසංගයේ පැවැත්වෙන කාලය පැය 5කට අධික වීම නිසා එසේ කෑමට යමක් සමගින් බීමට යමක් ඉතා භක්තියෙන් ලබා දීම පැමිණෙන ජනතාවට කෙරෙන තවත් ශක්තියක් නිසාවෙනි.

එසේම ප්‍රසංගය අවසාන භාගයේ රැස්ව සිටි ඇතැම් ජනතාව වෙත ස්වකීය පුද්ගලික මුදලින් වතුර බෝතල් ඉතා විශාල ප්‍රමාණයක් කෙටි වේලාවක් තුල ලබා දීමට කාරුණික වූ
අප හිතවත් වසන්ත ප්‍රේමලාල් මහතාටත් ඔහුට ඒ සදහා ශ්‍රම ශක්තිය ලබා දුන් සියලුම දෙනාටම කෘතවේදී ස්තුතිය මෙසේ පල කොට සිටිමු.

ඔබ සියලු දෙනා අපට ලබා දුන් ශක්තියට බොහෝම ස්තුතියි 🙏🙏🙏

මහා කරුණාවේ සඳදිය දෝතක් vii ( 2026)ඡායාරූප දෙවන කොටසHarsha  Maduwala All Photo credits 🙏🙏🙏
14/07/2026

මහා කරුණාවේ සඳදිය දෝතක් vii ( 2026)

ඡායාරූප දෙවන කොටස

Harsha Maduwala

All Photo credits 🙏🙏🙏

මහා කරුණාවේ සඳදිය දෝතක් vii ( 2026)ඡායාරූප පළමු කොටසHarsha  Maduwala All Photo credits 🙏🙏🙏
14/07/2026

මහා කරුණාවේ සඳදිය දෝතක් vii ( 2026)

ඡායාරූප පළමු කොටස

Harsha Maduwala

All Photo credits 🙏🙏🙏

14/07/2026

ප්‍රථමයෙන්ම මේ සටහන තැබීමට යම් කාලයක් ප්‍රමාද වීම පිළිබඳව කාරුණික කණගාටුව සටහන් කරනවා , මක්නිසාද ඒ සදහා අතිශය සාධාරණ හේතු කාරණා රාශියක් තිබුණ ද ඒ කිසිවක් ප්‍රමාදය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අප අදහස් නොකරන න බැවිනි .

සාමාන්‍යයෙන් අපි මේ බැති ගී ප්‍රසංගයට සූදානම් වන්නේ මාස දෙකක තුනක සිට වුවත් සත්‍ය වශයෙන්ම මෙවර ප්‍රසංගය පවත්වනවා ද යන්න යම් අවිනිශ්චිත තත්වයක මාර්තු 28 වන දින දක්වාම පැවතුණා. ඒ සදහා හේතු වූ යම් යම් කරුණු ප්‍රමාණයක් ද පැවතුණා

6 වරක් පැවැති මේ ප්‍රසංගය ඒ සෑම අවස්ථාවක දිම ඊට කලින් පැවති ප්‍රසංගයට වඩා නැවුම් වූ වෙනසක් සමගින් පැවැත්වීමට අපි දැඩි වෙහෙස මහන්සියක් සහ ඒ සදහා කෙතරම් කැප කිරීමක් කලාද යන්න අපේ සමීපතම අය දන්නවා .

ඒ අනුව මෙවරත් අපිට අවශ්‍ය වූයේ මෙතෙක් පැවති ප්‍රසංග සියල්ලට වඩා , සරලවම කිවහොත් මෙතෙක් ගාල්ලේ "එලිමහන් බැති ගී වේදිකාවකට " නොපැමිණි ප්‍රවීණ ගායනවේදියකු වූ සුනිල් එදිරිසිංහයන් ප්‍රධාන කොට පැවැත් වීමයි .

නමුත් දන්නා අය දන්නා ආකාරයට ඒ සදහා අපිට ප්‍රධානතම අභියෝගය වූයේ එතුමන්ගේ ප්‍රතිපත්තිමය තීරණයක් වූ එලිමහන් ප්‍රසංග වේදිකාවන් වලට ගොඩ නොවීමේ දැඩි ප්‍රතිපත්තිය යම් තරමකට හෝ වෙනස් කරගැනීමයි , ඒ සදහා අප හිතවත් සුමිත් මන්දනායක මහතාගේ උපදෙස් , සංජීව විදාණපතිරණ මහතා හරහා ප්‍රවීණ ගීත රචක බන්දුල නානායක්කාරවසම් මහතාගේ උපදෙස් සේම අප ප්‍රසංගයේ සංගීතය මෙහෙය වූ විශාරද ප්‍රනීත් සාරංගයන් ගේ ද දායකත්වය මේ අවස්ථාවේ සටහන් කොට තැබිය යුතුමයි ,

ඒ අනුව අප විසින් ඉතා ගරුකටයුතු ලෙස සුනිල් එදිරිසිංහයන් අමතා ඉතා කාරුණිකව අපේ ඉල්ලීමට සවන් දී , එතුමන්ගේ ප්‍රතිපත්තිය මදක් ලිහිල් කොට අපේ මේ බැති ගී ප්‍රසංගයට සහභාගි වන ලෙස කල එම ඉල්ලීම එතුමාගේ නිහතමානී කාරුණික ගුණය මත පිළිගැනීම මෙවර ප්‍රසංගය පැවැත්වීමට අප තීරණය කිරීමට ප්‍රධානම සාධකය වූවා.

ඒ අනුව සුනිල් එදිරිසිංහයන් ප්‍රධාන කොට ගෙන කවදත් අපිට හිතවත් අපේ කල්‍යාණ මිත්‍ර ප්‍රවීණ ගායක අල්හාජ් ඉශාක් බෙග් , අපේ හිතවත් සුමිත් මන්දනායක , සංජීව විදාණපතිරණ සහ ගායිකා උරේශා මදුවන්තී
ගායන සහභාගිත්වයෙන් සහ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ , ධාරා වාද්‍ය වෘන්දයේ නායක විශාරද ප්‍රනීත් සාරංගයන් ගේ සංගීත මෙහෙයවීමෙන් පැවැත්වීමට අපිට හැකියාව ලැබුණා.

මේ සදහා සුනිල් එදිරිසිංහයන් ගේ පැමිණීම මත අපිට වෙනත් වසර වල ප්‍රසංගවලට වඩා නව්‍යකරණයක් සහිත විචිත්‍ර බවක් එක් කිරීමට අවශ්‍ය වූ බැවින් ඒ සදහා වෙනස්ම ආකාරයේ හැඩයක වේදිකාවක් , අතිශය ප්‍රථම වරට LED පසුබිම් ගත තිරයක් , සජීවී වීඩියෝකරණයක් , වෙනස්ම ආකාරයේ ආලෝක පද්ධතියක් සහ විශේෂයෙන්ම ඉතා සුවිශේෂ වූ ශබ්ද පරිපාලන පද්ධතියක් ඉතා දුරබැහැර සිට අතිශය වෘත්තීය මට්ටමේ ආකාරයට මෙවර සම්බන්ධ වූවා.

මේ සෑම කටයුත්තක්ම ඉතා අධික පිරිවැයක් සහිත දේවල් වුවද , ප්‍රසංගයේ තත්වය උසස් කිරීමේ ඒකායන අභිප්‍රාය පෙරදැරිව කටයුතු කල අපිට මෙය ඉතා දුශ්කර අභියෝගයක් බව ආරම්භයේ සිටම වැටහුණ ද , ආරම්භය ගත් පසු යලි කිසිදු හේතුවක් , බාධාවක් මත
නැවත හැරීමේ ප්‍රතිපත්තියක් අපට නැති වූ බැවින් කෙසේ හෝ ජුනි 27 මෙය යථාර්ථයක් කිරීමේ අරමුණ සහිතව අපි කටයුතු කලා.

සංවිධායක මණ්ඩලය ලෙස අපේ සාමාජිකයන් එකිනෙකට වෙනස් විවිධ වෘත්තීන් වල යෙදෙන පසුබිමක මෙහි ප්‍රායෝගික අභියෝග තවත් වැඩි උන නමුදු ඒ කිසිවක් නැවත හැරීමකට හේතු නොවීය.

කෙසේ වුවත් අපිව වසර 7ක් තිස්සේ විස්වාස කරමින් මේ දක්වා පැවති ප්‍රසංග සියල්ල යථාර්ථයක් කර ගැනීමට හැකි වූයේ අපේ හිතවත් අනුග්‍රාහක හිතවතුන් නිසාවෙනි .
මක්නිසාද ඔවුන් නොවන්නට අපේ ශක්තිය තිබුණ ද මේ කිසිවක් මේ තලයට ගෙන ඒමට අපට කිසිදා හැකි වන්නේ නැත . ප්‍රායෝගික සත්‍ය එයයි.

එසේම මෙවර එක්වු නවමු කටයුතු නිසා පෙර වසරවලට සාපේක්ෂව අධික පිරිවැයක් මෙවර අපට දරන්නට සිදුවිණි. එබැවින් මේ කාරණය අපේ සෑම අනුග්‍රාහක හිතවතුන් හමු වූ අවස්ථාවේ දී අප විසින් ඔවුනට කරුණු සහිතව පෙන්වා දීමේ ප්‍රතිපලයක් ලෙස සෑම දෙනෙකුම පාහේ තමන්ට හැකි අයුරින් කෙසේ හෝ පෙර වසරවලදී ඔවුන් ලබා දුන් මුදලට වඩා මුදලකින් අපිට අනුග්‍රහය ලබා දීමට කටයුතු කිරීම ද ඉතා කෘතවේදිව සිහිපත් කල යුතුමයි.

එසේම විදෙස් ගත අපගේ ඥාති හිත මිතුරු
පිරිසද මෙවර මූල්‍ය වශයෙන් අපිට මූණ දීමට ඇති අභියෝගය ඔවුන්ට දැනුවත් කල පසු ලබා දුන් සහය ශක්තිය ඇතැම් විටක අපද
පුදුමයට පත් කල අතර ඔවුන්ගේ ඒ ශක්තිය නිසාවෙන්ම අපිට මේ අභියෝගය සාර්ථක ලෙස ජයගත හැකි බව දිනෙන් දින දැනෙන්නට වූවා.

එසේම මේ කටයුතු මේ ලෙස සාර්ථකව ඉදිරියට යද්දී ඍජුව නොවුවද අපිට සිදු කිරීමට උත්සාහ කල , යම් යම් අකටයුතුකම් ඉතා ඥානාන්විත ලෙස විසඳා ගනිමින් ඉදිරියට යෑමට අපගේ පවුල්වල වැඩිහිටියන් සහ නිරතුරුවම අපගේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කළ හිතවතුන්ගේ සහය සහ උපදෙස් ද ඉතාමත් ස්තුති පූර්වකව සඳහන් කළ යුතුමයි.

අපට අනුග්‍රහය ලබා දුන් නම් සඳහන් කිරීමට
ස්වකීය විරුද්ධත්වයක් ප්‍රකාශ නොකල අනුග්‍රාහක හිතවතුන්ගේ නම් පමණක්ම පහත වීඩියෝවේ සඳහන්වේ.. නමුත් සඳහන් කිරීමට අකමැති තවත් සැලකිය යුතු පිරිසක්ද
මේ ප්‍රසංගයේ නොමිලයේ ප්‍රදේශයේ ජනතාව වෙත සමීප කිරීමට සියලු කෘතවේදී දායකත්වය ලබා දුන් බව සඳහන් කොට යුතුමයි .

ඒ අනුව අප නැවත නැවතත් අපේ ගෞරවනීය ස්තූතිය සමඟින් පුණ්‍යානුමෝදනීය ස්තූතියි. අපගේ ගෞරවනීය අනුග්‍රාහක බව තුන් වෙත
පල කොට සිටිමු

ස්තුතියි ,
සංවිධායක මඩුල්ල

සංවිධානයක මඩුල්ල
14/07/2026

Address

Kanampitiya
Galle
80000

Telephone

+94777992288

Website

Alerts

Be the first to know and let us send you an email when මහා කරුණාවේ සඳ දිය දෝතක් - Maha Karunawe Sanda Diya Dothak posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share