Galle YMBA

Galle YMBA Galle Young Men's Buddhist Buddhist Association is a
long established government approved charity organization

බැසනොගිය සරත් සඳගාල්ල තරුණ බෞද්ධ සමිතිය සහ සරත් වික්‍රම ඩයස් යන නාමයන් බෞද්ධ සමාජය තුළ ස්ථාපිතව ඇත්තේ  පර්යාය (තුල්‍යාර්...
19/03/2026

බැසනොගිය
සරත් සඳ
ගාල්ල තරුණ බෞද්ධ සමිතිය සහ සරත් වික්‍රම ඩයස් යන නාමයන් බෞද්ධ සමාජය තුළ ස්ථාපිතව ඇත්තේ පර්යාය (තුල්‍යාර්ථිත) ස්ථාන නාමයක් හා පුද්ගල නාම යුගලයක් ලෙස වේ.
එනම් ගාල්ල තරුණ බෞද්ධ සමිතිය යන්න දෙසවන වැකෙත්ම අප සිත්තුළ නිතැතින්ම නැගෙන්නේ සරත් ඩයස් යන ගෞරවණීය නාමයයි.අනිත්අතට සරත් ඩයස් යන නම කියවෙත්ම අප සිත්වලට එන්නේ තරුණ බෞද්ධ සමිතිය යන නමයි. සරත් ඩයස් හා තරුණ බෞද්ධ සමිතිය ගසට පොත්ත මෙන් විය.
සරත් වික්‍රම ඩයස් සිරිමතුන් ගාල්ල තරුණ බෞද්ධ සමිතියේ මුලින්ම ප්‍රධාන සභාපති ධූරයට පත්වන්නේ වර්ෂ 1990 දීය. එවකට ගාල්ල තරුණ බෞද්ධ සමිතිය සතුවුයේ ගාල්ල කොටුවේ අප ප්‍රධාන කාර්යාලය ගොඩනැල්ලත් බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ කුඩා කාර්යාල ගොඩනැගිල්ලත් සමග තවත් කුඩා ගොඩනැගිල්ලත් පමණි. ඒ වන විට එම ගොඩනැගිලි ඉතා අබලන් තත්වයේ මෙන්ම කලක් වර්ණ නොගැන්වීම නිසා මහත් සේ දුර්වර්ණ වු ඉදිකිරීම් කිහිපයක් විය.
පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියකු ලෙස ලත් මනා පරිචයත්, හික්මීමත් තුළින් සිය කණ්ඩායම සුපැහැදිලි සංනිවේදනය හා සංවේදනය තුළින් මෙහෙයවමින් ගාල්ල තරුණ බෞද්ධ සමිතිය නිවැරදි දිශාවට යොමුකරමින් ඉන් පෙර අත්කර ගැනීමට නොහැකි වූ අපූර්ව වූ ජයග්‍රහණ රැසක් සංවිධානයට අත්කර දුන්නේය.
නවාංගයන් රැසක් එකතු කිරීම තුළිින් ගාල්ල තරුණ බෞද්ධ සමිතිය තුල අනුවර්තනීය පරිවර්තනයක් ඇතිකලේය. ගාල්ල තරුණ බෞද්ධ සමිතියේ කීර්තිය සමස්ත දක්ෂිණ දේශය පුරා පමණක් නොව මුළු දිවයින පුරාම පැතිර වීමට සරත් ඩයස් මහතාගේ ප්‍රබල නායකත්වය හේතු විය.
සරත් ඩයස් මහතා සභාපතීත්වය දරණ කාලය තුළ සමිතියේ ආගමික අංශයේ සභාපති තනතුර දරමින් සංවිධානයේ සියළු ආගමික කටයතු මෙහෙයවමින් ඔහුට විසල් ශක්තියක් වූයේ වත්මන් අප ප්‍රධාන සභාපති නීතීඥ ප්‍රේමරත්න තිරාණගම මහතා බව මෙහිලා විශේෂිතව සටහන් කරනු කැමැත්තෙමු.
බොනවිස්ටා වැඩිහිටි නිවාසයට අමතරව ඌරල සහබන්දු වැඩිහිටි නිවාසය ,බොනවිස්ටා විශේෂ අවශ්‍යතා ඇති ගැහැණු ළමුන් සදහා වන නිවස්නය, කපුහෙම්පල දෘෂ්‍යාබාධිත නිවාසය, තල්ගස්වල මනතුංග බණ්ඩාරිගොඩ වැඩිහිටි නිවාසය, සහ පිලාන විශ්‍රාමික නිවාඩු නිකේතනය යන නව ව්‍යාපෘති සියල්ල ම සමිතියට එකතු වූයේ සරත් ඩයස් මහතාගේ අප්‍රතිහත වෙර වීර්යය නිසාත් එතුමා තුළ තිබු විශ්මිත දැක්මත් හැකියාවත් තුළින්ය.
දර්ශණීය රූමස්සල කදු ශිඛරය මත මබ නමින් ඉදිවන මෙම සරත් වික්‍රම ඩයස් ලෙහි ගුණ පාය ඔබගේ උස් ගුණ සමුදාය උස් හඩින් රාව ප්‍රතිරාව නංවමින් බොහෝ කල් පවතිණු ඇත.
මැතිදුනි, ඔබ අපගේ පරමාදර්ශයයි! අපගේ පූර්වගාමී නයුවාය! ඔබ හෙළි පෙහෙලිකල මගෙහි අපි අභිමානයෙන් යුතුව හෙට දිනයේදීත් යන්නෙමු.!
ගාල්ල තරුණ බෞද්ධ සමිති අඹරේ සුනිල්වන්ව දිදුලන බැසනොයන සරත් සඳ ඔබයි!
පාලක මණ්ඩලය- ගා.ත.බෞ.ස.

බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ ඉදිවනසරත් වික්‍රම ඩයස් ලෙහිගුණ පාය !  මෙය බහුකර්ය ඉදිකිරීමකි. වැඩිහිටි නිවාසයේ ගරාවැටුණ කාර්ය...
19/03/2026

බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ ඉදිවන
සරත් වික්‍රම ඩයස් ලෙහිගුණ පාය !
මෙය බහුකර්ය ඉදිකිරීමකි. වැඩිහිටි නිවාසයේ ගරාවැටුණ කාර්යාල ගොඩනැගිල්ල වෙනුවට මෙහි අළුතින් කාර්යාල පරිශ්‍රයක් ඉදිකෙරෙනු. ඊට අමතරව ඉහළ මාල වල වැඩිහිටි මව්වරුන්ට හා පියවරුන් වෙනුවෙන් සුය පහසු නිවහන් සමූහයකි. ඉහළම මාලය විදෙස් සංචාරකයන් සදහා නේවාසික පහසුකම් සැපයෙන සුඛෝපභෝගී කුටි සැකසෙනු ඇත.

12/03/2026
03/03/2026

ඒ අමිහිරි අතීතය තවමත් අපේ ජනතාවගේ සිත් තුළ හොල්මන් කරනවා
dasathalankanews.com
🟠 WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VarihUt9WtBwt0jbvr47

ONE MAN- ONE CHOICE- NO SUBSTITUTES! NO ALTERNATIVES
03/03/2026

ONE MAN- ONE CHOICE- NO SUBSTITUTES! NO ALTERNATIVES

ONE MAN - ONE CHOICE - NO SUBSTITUTE! NO ALTERNATIVES!
03/03/2026

ONE MAN - ONE CHOICE - NO SUBSTITUTE! NO ALTERNATIVES!

බන්දුල මැතිදුණි සුබ ගමන් - මේ සසර ගමනේදී කෙදිනක හො අපි යළි මුණගැසෙමූ!
18/11/2025

බන්දුල මැතිදුණි සුබ ගමන් - මේ සසර ගමනේදී කෙදිනක හො අපි යළි මුණගැසෙමූ!

සුභ උපන්දිනයක් ගරු සභාපතාතුමණි
03/10/2025

සුභ උපන්දිනයක් ගරු සභාපතාතුමණි

කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරන විද්‍ය පීඨයේ උපාධි අපේක්ෂිකාවන් පිරිසකගේ මහගු සමාජ සත්කාරයගාල්ල තරුණ බෞද්ධ සමිතිය මගින් ප...
28/04/2025

කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරන විද්‍ය පීඨයේ උපාධි අපේක්ෂිකාවන් පිරිසකගේ මහගු සමාජ සත්කාරය
ගාල්ල තරුණ බෞද්ධ සමිතිය මගින් පාලනය වන අක්මීමණ , කපුහෙම්පල දෘෂ්‍යාබාධිත නේවාසික නිවස්නයේ ලිං ජලසැපයුම යථාවත් කිරීමේ සහ එකී පරිශ්‍රය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරන විද්‍ය පීඨයේ උපාධි අපේක්ෂිකාවන් පිරිසකගේ මෙහයවීමෙන් සහ ශ්‍රම දායකත්වයෙන් අප්‍රේල් 27 වන දින දයස් පුරා ඉතා සාරථකව අවස්න කෙරින.
ගාල්ල තරුණ බෞද්ධ සමිතියේ පාලක මණාඩලයේ සහ සමස්ථ සාමාජිකත්වයේ කෘතවේදී ස්තූතිය එම දැරිවියන් වෙත පළකර සිටිමු. දරුවනි ඔබගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ඉදිරි සුපේක්ෂාවන් සර්වප්‍රකාරයෙන්ම ඉටු වේවායි අපි ඉතසිතින් පතමු.! ඔබ සැමට තෙරුවන් සරණ වේවා!

ගාල්ල වයි.එම්.බී.ඒ. හිටපු සේවක ඩබ්.කේ.ඒ. සුසිරිපාල මහතා අභාවප්‍රාප්ත වේ ගාල්ල තරුණ බෞද්ධ සමිතියේ කොටුව ප්‍රධාන කාර්යාලයේ...
14/07/2024

ගාල්ල වයි.එම්.බී.ඒ. හිටපු සේවක ඩබ්.කේ.ඒ. සුසිරිපාල මහතා අභාවප්‍රාප්ත වේ
ගාල්ල තරුණ බෞද්ධ සමිතියේ කොටුව ප්‍රධාන කාර්යාලයේ වසර 32 ක් පමණ අඛණ්ඩව සේවය කල කලින් පෙට්ටිගලවත්ත සහ මියයන විට අංක 195/12, කනම්පිටිය පාර , ගාල්ල පදිංචිව සිටි ඩබ්.කේ.ඒ. සුසිරිපාල මහතා අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමුු.
මියයන විට වයසු අවුරුදු 77 ක්වූ ඒ මහතා ගේ දේහය මහජන බුහුමන් සදහා ගාල්ල කරාපිටිය සමූපකාර අවංමංගල ශාලාවේ තැන්පත්කර තිබේ. ආදාහන කටයුතු ජුලි මස 14 දින ප.ව.1.30 ට අක්මීමණ කුරුදුවත්ත ආදාහනාගාරයේ දී සිදුකිරීමට නියමිතය. අවමංගල පෙරහර ප.ව. 12.30 මල් ශාලාවෙන් පිටත් වේ. ඒ මහතා වයි.එම්.බී.ඒ. පොත් මැදුරේ සේවය කරන ශසිනි මෙනවියගේ ආදරණීය මාමාණ්ඩිය ද විය.
සුසිරිපාල මහතාට ශාන්ත වූ අමා මහ නිවන් සුව අත් වේවා! - ගාල්ල තරුණ බෞද්ධ සමිතිය.

13/07/2024

ගාල්ල තරුණ බෞද්ධ සමිතියේ තවත් විශ්ෂ්ඨ සමාජ මෙහෙවරක්.
බූස්ස , රුපිවල, පැස්කුවල් හන්දි ඩෙස්මන්ඩ් ද සිල්වා සහපැස්කුවල් හන්දි ඒඩින් ද සිල්වා දෙසොයුරන් විසින්ගාල්ල තරුණ බෞද්ධ සමිතියට පරිත්‍යාගකල නිවාස පරිශ්‍රයේ සථාපිත කල විජිත හෙළ වැඩිහිටි නිවාසය විවෘත කිරීම 2024 ජුලි මස 18 වන දින පෙ.ව. 6.45 ට සිදුකෙරේ. මෙත් සිතින් යුතුව සැමට ආරාධනා

Address

Church Street Fort
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Galle YMBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share