Udalamaththa YMBA

Udalamaththa YMBA උඩලමත්ත තරුණ බෞද්ධ සංගමය

පින්බර ජන්ම දිනයක් වේවා!
11/01/2026

පින්බර ජන්ම දිනයක් වේවා!

උඩලමත්ත - ඇසළ මහා තොරණ සහ සංස්කෘතික මංගල්‍යය.
24/06/2025

උඩලමත්ත - ඇසළ මහා තොරණ සහ සංස්කෘතික මංගල්‍යය.

☸️පින්බර නවම් පුරපසළොස්වක පොහොය අදයි.
12/02/2025

☸️පින්බර නවම් පුරපසළොස්වක පොහොය අදයි.

77 වන නිදහස් දිනයඅභිමානයෙන් සමරමු! 🇱🇰
04/02/2025

77 වන නිදහස් දිනය
අභිමානයෙන් සමරමු! 🇱🇰

14/01/2025

ඔබ සැමට පින්බර දුරුතු පුර පසළොස්වකපොහෝ දිනයක් වේවා!දුරුතු පෝය දිනයේ ඇති වැදගත්කම. දුරුතු පෝය ඉතිහාසයේ මෙන්මවර්ථමානයේදීත්...
13/01/2025

ඔබ සැමට පින්බර දුරුතු පුර පසළොස්වක
පොහෝ දිනයක් වේවා!

දුරුතු පෝය දිනයේ ඇති වැදගත්කම.

දුරුතු පෝය ඉතිහාසයේ මෙන්ම
වර්ථමානයේදීත් ශාසනික වශයෙන් වැදගත්
සිදුවීම් කිහිපයකින් සමන්විතයි..

▪️බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට
වැඩම කිරීම.

▪️මහියංගණය වෙත වැඩම කළ බුදුරජාණන්
වහන්සේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන්ගේ
ආරවුල සමථයකට පත් කිරීම.

▪️එහිදී බුදුන් වහන්සේගෙන් බණ ඇසූ සුමන
සමන් දෙවියන් සෝවාන් වීම.

▪️බුදුරජාණන් වහන්සේ කේශ ධාතු මිටක්
සුමන සමන් දෙවියන්ට පරිත්‍යාග කිරීම.

▪️සුමන සමන් දෙවියන් කේශ ධාතු තැන්පත්
කර මහියංගණ චෛත්‍ය ඉදිකිරීම.

▪️බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නව
මසකට පසු උරුවෙල් දනව්වට වැඩම කර
උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප
යන තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් පිරිසට
ධර්මය දේශනා කිරීම.

▪️බිම්බිසාර රජු විසින් වේළුවනාරාමය බුදුන්
වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පූජා
කිරීම.

▪️ආරාම පිළිගැනීම සුදුසු යැයි බුදුරදුන්
භික්ෂුන් අමතා නියම කිරිම.

▪️ ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික අළුත් සහල්
මංගල්ලය පැවැත් වීම.

▪️කැළණිය පෙරහැර වීදි සංචාරය කිරීම.

දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම
කෙටියෙන් විමසා බලමු බුද්ධත්වයෙන් නව
වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ
දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය
සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා
වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග
කිරීම. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ
කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය
ඉදි කිරීම බුදුන් වහන්සේ ජටිල රහතන්
වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.
බුදු සසුනේ පළමු ආරාම පූජාව වන
වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු
කිරීම. ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන්
වැදගත් වන කැලණි රජමහා විහාරයේ
වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම.

ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික
සිදුවීම් ලෙස සැලකිය හැකිය.

සුදෝ සුදු පුන්සඳ කිරණින් මිහිතලයම
ආලෝකවත් කරමින් දුරුතු සඳ උදාවෙයි. දුරුතු
පුන් පොහෝ දින ලක්වැසි බොදු දනන්ගේ සිත්
සතන් සැදැහැයෙන් පිරී ඉතිරී යන්නේ ලක්
දෙරණ බුදු සසුන බබුළුවමින් සදහම් එළියෙන්
ආලෝකවත් වූ නිසා ය.

දුරුතු පුර පසළොස්වක සෑම වසරකම ජනවාරි
මාසයේහි යෙදෙන අති උතුම් පොහෝ දිනයකි.
එය වසරේ පළමු පොහෝ දිනය නිසාම තම
ආගමික ස්ථානවලට ගොක් දන්දීම්, සිල් රැකීම්
ආදී ආගමික වතාවත්වල යෙදීම බොදු
දනන්ගේ සිරිතකි.

බුදුරදුන් බරණැස ඉසිපතනාරාමයේ පළමු වස්
කාලය ගත කළ සේක. දහම් පණිවිඩය ලොව
පුරා පැතිරවීමට, පළමු රහතන් වහන්සේ
හැටනම ගම්දනව් කරා පිටත් කර යැවූහ.
බුදුන් වහන්සේ උරුවේල් දනව්වට වැඩම
කළහ. උරුවේල් කශ්‍යප, නදී කශ්‍යප, ගයා
කාශ්‍යප ඇතුළු දහසක් පිරිසට දම් දෙසා කුරු
රට පිඬු සිඟා වැඩි ‍සේක.

අනවතත්ත විල් තෙරදී දන් වළඳ සමවත්
සුවයෙන් වැඩසිට බුදු ඇසින් ලොව දෙස බැලූ
සේක. එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ
යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමක් පැවැත්විණි.
කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්,
අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය
කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ
ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක.

ලක්දිවට වඩා හැට ගුණයක් පමණ විශාල
ඉන්දියාවේ විවිධ නගරවල චාරිකා කිරීමට
තිබියදී විදේශ චාරිකාවක් ලෙස ලක්දිවට
වැඩම කිරීම, ලක්වාසීන් ලද මහා භාග්‍යයකි.

ඌව පළාතේ් බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න
කෝරළයේ අලුත්නුවර නගර වසමට අයත්ම
මහියංගනය පිහිටා ඇත. මහවැලි ගං ඉවුරේ
සොළොස් ගව්වක් දිග - සතර ගව්වක් පළල
මේ පෙදෙස මහානාග වනෝද්‍යානය නමින්
හැඳින්විය. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට
සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ සියලු
සත්ත්වයන් කෙරෙහි මහා කරුණාව
පතුරුවමින් ලක්දිව පහළවූහ. එදා යක්ෂ නමින්
හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා,
සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව
මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට
පත්කළ සේක. බුදුසසුනේ අනාගත පැවැත්ම
උදෙසා මංපෙත් සොයා දෙමින් දෙව් මිනිස්
සිත්සතන් සනසමින් සදහම් අමාවැසි වස්වා
සැම සිත් පහන් කළ සේක. දහම් ඇසීමට රැස්වූ
පිරිස අතර සිටි සමන්ත කූට පර්වතවාසී සුමන
සමන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වූහ.
වන්දනාමාන කර ගැනීමට යම් පූජා වස්තුවක්
දෙවියෝ ඉල්ලා සිටියහ. බුදුන් වහන්සේ හිස
අතගා කේශධාතු මිටක් පරිත්‍යාග කළහ.
සුමන සමන් දෙවියෝ එම කේශධාතුª මිටක්
පරිත්‍යාග කළහ. සුමන සමන් දෙවියෝ එම
කේශ ධාතු රන් කරඬුවකින් පිළිගෙන පත්කඩ
එළා බුදුන් වහන්සේ දහම් දෙසූ ස්ථානයේ
සත්රියන් , උස විසි රියන් වට ඉන්ද්‍රනීලමය
සෑයක් කරවීය. බුදුන් වහන්සේ ජීවමාන
කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය
මහියංගන චෛත්‍යය බව ඉතිහාසයේ
දැක්වෙයි. එය දෙවියන් විසින් සාදන ලද්දක්
බවද කියැවෙයි.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සැරියුත් මහ
රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ මහා සරභූ
රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ ආදාහන
සෑයෙන් ගී‍්‍රවා ධාතුව රහසේ ලබාගෙන,
ලංකාවට පැමිණි මහියංගන සෑයේ තැන්පත්
කොට හිමවතෙන් ගෙනා ‘මේඝවර්ණ’
පාෂාණයෙන් දොළොස් රියන් උස සෑයක්
සැදවීය. වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර
මෙම චෛත්‍ය කර්මාන්තය කෙරී ඇත. ලොව
රහතන්වහන්සේ නමක් නිමකළ එකම
චෛත්‍යයද මෙයයි.

ක්‍රි.පූ.267 දී පමණ දෙවනපෑතිස් රජුගේ
සොහොයුරු උද්ධචූලාභය රජු දොළොස් රියන්
දාගැබ වසා තිස්රියන් දාගැබක් සාදවන ලදී. ක්‍රි.
පූ. 161 දී අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු
රජු අසූරියන් උස මහා චෛත්‍යයක් කරවීය.
වසර විසි හතරක් (24) පමණ සිරිලක සරු
සාරවත් කරමින් බුදු සසුන බැබළ වූ මෙම රජු
සව¢ඥ ධාතූන් වහන්සේ 160 නමක් සහිත
කරඬුවක් මෙම චෛත්‍යයේ තැන්පත් කරවීය.
වරින්වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ,
අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය
ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළහ.

මහියංගන විහාරවාසීව සිටි නන්ද තෙරණුවන්
තම බෑණනුවන් වූ සංඝබෝධි කුමරු භික්ෂූන්
වහන්සේ ඇසුරේ ඇතිදැඩි කර දසරාජ ධර්මය
අවබෝධකර දුන් පසු ඔහු රාජාභිෂේකය
ලැබුවේ ද මෙම ඓතිහාසික භූමියේදී ය.
සිරිසඟබෝ රජු බෝසත් ගතිගුණ ඇති, ඉතා
ප්‍රසිද්ධ වූ සිය කැමැත්තෙන් හිස දන් දුන්
උතුමෙකි.

බුදුන් වහන්සේ පළමු ලංකා ගමනයෙන් පසු
මගධ රට රජගහනුවර බිම්සර රජුගේ
ඇරැයුමක් පරිදි උරුවෙල් දනව්වේ සිට දහසක්
ජටිල රහතන් වහන්සේ සම¼ග රජගහ
නුවරට වැඩම කළේ මසදී ය. බිම්සර රජතුමා
විසින් රජගහනුවර ඉදි කරන ලද
වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ
මහසඟරුවනට පූජා කරන ලදී.

මෙය බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව විය.
මෙතැන් පටන් ආරාම පිළිගැනීම භික්ෂූන්
වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත
කළහ.

බුදුරජාණන් වහන්සේ බුදු සසුන නිරුපද්‍රිතව
ආරක්ෂා වන දේශය ලෙස ලක්දිව හැඳින්වූ බව
වංසකථාකරුවෝ පවසති. මහ සඟ රුවන
ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය හා දහම්
පොතපත රැකගැනීම, ත්‍රිපිටක ධර්මය
පොත්පත්වල ලියා තැබීම, රාජ්‍ය නායකයන් හා
ජනතාව උත්තරීතර සදහම් මගට
යොමුකරවීම බුදුදහමේ චිරස්ථිතිය, ව්‍යාප්තිය,
පෝෂණය සඳහා ඉවහල් විය. බුදු සසුනේ
අනාගත පැවැත්ම දුරුතු මස දුරුතු පොහෝ දින
බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනින් තහවුරු විය.

බුදුගුණ ගීයෙන් මවු තුරුලේ නැළවී මහ
සඟරුවනේ ඇසුරෙන් සියලු සිප්සත හදාරා
සදහම් අමා වැස්සෙන් නැහැවෙමින් මවුපිය
වැඩිහිටි අවවාද අනුශාසනා වැඩුණු වියපත්
අතීත හෙළ දරුවන් දෙස, බස, රැස රැක
ගනිමින් වෙහෙර විහාර ඉදි කරමින් කළ උදාර
සේවාව, අපි දුරුතු පොහෝදින සිහිපත් කරමු.

‘කෙලෙස් මලින් පීඩිතව එකිනෙකා
වෛරයෙන්, ක්‍රෝධයෙන්, තණ්හාවෙන්, මුසපත්
වී විනාශ මුඛයට යන ජීවිත මෛත්‍රියෙන්
කරුණාවෙන් දයාවෙන් සනසා සදහම්
ආලෝකයෙන් ඒකාලෝක කිරීමට මේ උදාර
දුරුතු පොහෝ දින අදිටන් කර ගනිමු’.

බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනය සිදු
වූ කැලණි පුරවරය ඒකාලෝක කරමින් දුරුතු
පොහෝ දින කැලණියේ දුරුතු පෙරහර
පැවැත්වේ. විවිධාංග රාශියකින් අලංකාරවත්
වන දුරුතු පෙරහර, බුදුදහම නිසා අප ලද
සංස්කෘතික දායාදයකි.

අප හැමගේ ජීවිතවල නව ප්‍රබෝධයක් ඇති
කිරීමට සීතල දුරුතු මහේ උදාවන දුරුතු
පොහොය දින සැඳෑ අඳුර බිඳ හැර සිසිල් සඳ
රැස් දහරා ගලා ඉතිරී පැතිරී යයි. උපාසක
උපාසිකාවෝ අටසිල්, දස සිල් රකිමින්
පෙහෙවස් සමාදන්ව, අපමණ පින් දහම්
රැස්කර ගනිති. භික්ෂු භික්ෂුණී, උපාසක,
උපාසිකා සැමට දන් දී ඇප උපස්ථාන කිරීමෙන්
සැදැහැතියෝ ද පින් රැස්කර ගනිති. දරුවෝද
වැඩිහිටියෝ ද විහාරස්ථානයට ගොස් මල්
පහන් පුදා කුසල් කර ගනිති.

12/01/2025
23/07/2024

දකුණු පළාත් රාජ්‍ය සංගීත කණ්ඩායම
"සප්තා" ස්වරයට විශාරද ඉෂාක් බෙග් ශූරීන්ගේ බොදු බැති ගි ප්‍රසංගයට සියල්ල සූදානම්...

රාත්‍රී 8.30 ට උඩලමත්ත ශ්‍රී ස්වර්ණාබිම්බාරාම පින්බිමේ සිට...

20/07/2024

අද සිට පුරා දින 04 ක්
උඩලමත්ත ශ්‍රී ස්වර්ණබිම්බාරාම පින්බිමේ දී..

ඔබ සැමට ආරාධනා..!

12/07/2024

උඩලමත්ත ඇසළ උදානය 2024
ජාතික රූපවාහිනී මාධ්‍ය අනුග්‍රහය

අද(11) යෙදුණු සුබ මොහොතින් 2024 උඩලමත්ත ඇසළ උදානයේ තොරණ ඉදිකිරීම සඳහා වූ කප් සිටු වීම සිදුවිය.උඩලමත්ත ශ්‍රී ස්වර්ණබිම්බා...
11/07/2024

අද(11) යෙදුණු සුබ මොහොතින් 2024 උඩලමත්ත ඇසළ උදානයේ තොරණ ඉදිකිරීම සඳහා වූ කප් සිටු වීම සිදුවිය.

උඩලමත්ත ශ්‍රී ස්වර්ණබිම්බාරම විහාරාධිපති, ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය යටලමත්තේ පාලිත නා හිමිපාණන්ගේ අනුශාසනා පරිදි සංවිධානය වන "2024 උඩලමත්ත ඇසළ උදානය" මෙවර ජූලි 20 සිට 23 දක්වා කාලය තුලදි උඩලමත්ත ශ්‍රී ස්වර්ණබිම්බාරම විහාර පරිශ්‍රයේදී පැවැත්වේ.

▪️දර්ශනීය ඇසළ තොරණ
▪️උඩරට/පහතරට නර්ථනාංග
▪️දකුණු පළාත් රාජ්‍ය සංගීතයට විශාරද ඉෂාග් බෙග් ශූරීන්ගේ බොදු බැති ගී ප්‍රසංගය
▪️වේදිකා නාට්‍ය සමඟින් සෑම දිනකම රාත්‍රී මහ බත් දන්සල

ඔබ සැමට ආරාධනා....!

උඩලමත්ත ඇසළ උදානය - 2024 22 වැනි වරට මෙවරත් දර්ශනීය ඇසළ තොරණ සමඟින් ජූලි 20 සිට 23 දක්වා විචිත්‍රාංග රැසක්...ඔබ සැමට ආරා...
07/07/2024

උඩලමත්ත ඇසළ උදානය - 2024

22 වැනි වරට මෙවරත් දර්ශනීය ඇසළ තොරණ සමඟින් ජූලි 20 සිට 23 දක්වා විචිත්‍රාංග රැසක්...

ඔබ සැමට ආරාධනා...

Address

Sri Swarnabimbarama Temple, Udalamaththa
Galle
80108

Telephone

0912296615

Website

Alerts

Be the first to know and let us send you an email when Udalamaththa YMBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share