Walpola Sri gauthamara purna maha viharya

Walpola Sri gauthamara purna maha viharya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Walpola Sri gauthamara purna maha viharya, Buddhist Temple, Mayakaduwa Imaduwa, Galle.

30/05/2026
30/05/2026

සුබ වෙසක් මංගල්ලයක් වේවා.. 🙏🙏🙏
අද දවස පුරා ගුණධර්මම වඩත්වා . උතුම් බුදුගුණ සිහිකරමින් වෙසෙත්වා.


✍ පූජ්‍ය ආනන්දශීල හිමි

゚viralシfypシ゚viralシalシ

30/05/2026

🌼 වෙසක් පොහෝ දින වැදගත්කම...

සමස්ත ලෝකවාසී සැදැහැති බෞද්ධයාගේ ශ්‍රේෂ්ඨතම,පූජනීය ඓතිහාසික වැදගත්කමකින් අනූන ආගමික දිනය වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.

1. මීට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අනියත විවරණ සම්පූර්ණ කර සිටි අප මහ බෝසතාණන් වහන්සේ, සුමේධ තාපසතුමා ලෙස පංච අභිඥාලාභී ඍර්ධිමත් තවුසෙක්ව උපන්නේය. මේ සුමේධ තාපසතුමා දීපංකර බුදු පියාණන් වහන්සේගේ පාද මූලයේදී, මතු බුදුබව පතා ප්‍රථම වරට නියත විවරණ ලැබීම.

2. කපිලවස්තුපුර ශාක්‍ය වංශික සුද්ධෝදන මහ රජතුමා ගේ සහ මහාමායා දේවියගේ පින්බර පුත්‍ර රත්නය ලෙස සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ලුම්බිණි සල් උයනේ දී උපත ලැබීම.
මෙදිනම යසෝදරා දේවිය, ඡන්න ඇමතිතුමා, කාලුදායි ඇමතිතුමා, කන්ථක අශ්වයා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, සතර මහ නිධානය පහළ විය.

3. “අග්ගෝ හමස්මි ලෝකස්ස......” ආදී ලෙස අභීත සිංහනාදය පැවැත්වීම.

4. සසරේ අවසන් ආත්ම භාවය වන මේ භවයේ, විසිනව වන වියට එළැඹුණු සිදුහත් කුමරු, උයන් කෙළියට පැමිණෙද්දී, ජීවිතයේ අනියත වටහා දුන් සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය දැකීම.

5. සිදුහත් තාපසතුමන් ගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පාමුල දී ලොව්තුරා සම්බුද්ධත්වයට පත්වීම.

6. බුද්ධත්වයෙන් දස මසකින් කිඹුල්වත්පුර තම උපන් ගමට වැඩම කළ බුදු පියාණන් වහන්සේ ඥාතීන්ගේ අතිමානය දුරැලීමට යමා මහා පෙළහර පෑම.

7. බුදුරජාණන් වහන්සේ අසූ වැනි වියේදී කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී ස්කන්ධයන්ගේ අනියත බව පසක් කරමින් පිරිනිවන් පෑම.

8. බුදුරජාණන් වහන්සේ මණි අක්ඛිත නා රජුගේ ආරාධනාවෙන් තෙවන වර ලංකාවේ කැලණියට වැඩම කොට චූලෝදර, මහෝදර නා රජුන් ප්‍රමුඛ බොදු මහ ජනතාවගේ දානය වළඳා, ඔවුනට ධර්ම දේශනා කළ සේක. එහිදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනළ කදු සිරසෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවාලූහ. ඉන්පසුව සොළොස්මස්ථානයන්ට වැඩම කර ශ්‍රී ලංකා භූමිය සම්බුද්ධ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ භූමියක් බවට පත් කළ සේක.

9. විජය කුමරු ඇතුලු සත්සියයක් පිරිස ලංකාවට පැමිණීම. (බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමද, විජයාගමනයද එකම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක සිදුවිය.)

10.බුදුපියාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් සක්‍ර දිව්‍ය රාජයාට

“පතිට්ඨිස්සති දේවින්ද ලංකායං මම සාසනං
තස්මා සපරිවාරන්තං රක්ඛ ලංකඤ්ච සාධුකං”
(මහාවංශය)

“දේවේන්ද්‍රය, මාගේ සසුන ලංකාද්වීපයෙහි පිහිටන්නේ ය. එනිසා පිරිවර ද සමගින් ඒ ලක්දිව මනාව රැකිය යුත්තාහ.” යැයි පැවරීම.

10. ප‍්‍රථම ධර්ම සංගායනාවෙන් පසු තවත් හතළිස් වසරක් ම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ වැඩ සිටි සේක. උපතින් වයස එකසිය විස්සක් ගෙවුනු තැන ආනන්ද මහ රහතන් වහන්සේ වෙසක් පොහෝ දිනක රෝහිණී නදිය ඉහළ අහසේ වැඩහිඳ, පෙළහර පා, දහම් දෙසා, “සිරුරේ ධාතු දෙකොටසකට සමව බෙදේවා” යි අදිටන් කොට, තේජෝ සමාපත්තියෙන් පිරිනිවන් පෑම.

11. අසහාය බෞද්ධ රජු වූ දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහ සෑයෙහි වැඩ, විසා නැකතින් ඇරඹුවේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනක ය.

12. මහා විහාර භික්ෂූන් වහන්සේ වසරක් පුරා උපසම්පදා මහෝත්සවය පවත්වන්නේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

13. සිරිපා වන්දනාවේ යෙදෙන අවසන් පොහොය දිනයද වෙසක් පොහෝ දිනය වේ.

දුටුගැමුණු රජතුමා වෙසක් උළෙල සූවිස්සක් ද , භාතිය රජතුමා වෙසක් උළෙල විසි අටක් ද, වසභ රජතුමා වෙසක් උළෙල හතළිස් හතරක් ද, පැවැත්වූ බව මහා වංශයෙහි සඳහන් වේ. ප්‍රදර්ශන හා පෙරහර රැසකින් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අසිරිමත් වූ බව අශෝක චක්‍රවර්තීන් සිව්වන සෙල් ලිපියෙහි සඳහන් කරයි.

ආදී වශයෙන් කරුණු කාරණා රැසක් නිසා ලෝ වැසි සියලු බෞද්ධයින්ට වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය තරම් වැදගත් වන වෙනත් දිනයක් නැත. මේ පින්බර දිනයේ දී සිදුවුණු සුවිශේෂී සිදුවීම් කිහිපයක් පහත සඳහන් වේ.

මේ පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය පින්වත් ඔබ සැමත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයම අනුගමනය කර, චතුරාර්ය සත්‍යාවබෝධ ඤාණයෙන් කෙලෙසුන් නසා නිවන් දකින්නට හේතු සම්පත් සම්පූර්ණව වන පින්බර දිනයක් බවට පත් කරගන්න..

තෙරුවන් සරණයි !

🙏🙏🙏
27/05/2026

🙏🙏🙏

වල්පොළ ශ්‍රී ගෞතමාරාම පුරාණ මහා විහාරය වාර්ෂික පොසොන් මහා පෙරහැර සමග සත් දින මහා පින්කමි මාලාව 2026.ජුනි.23 සිට එම මස 29...
20/05/2026

වල්පොළ ශ්‍රී ගෞතමාරාම පුරාණ මහා විහාරය වාර්ෂික පොසොන් මහා පෙරහැර සමග සත් දින මහා පින්කමි මාලාව 2026.ජුනි.23 සිට එම මස 29 වන දින දක්වා. මෙම පිංකම සදහා ඔබ සැමගේ අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. 🙏🙏🙏 විහාරස්ථ දායක කමිටුව

Address

Mayakaduwa Imaduwa
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Walpola Sri gauthamara purna maha viharya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share