Sri Rahula Sangaraja Idurugirilen Viharaya

Sri Rahula Sangaraja Idurugirilen Viharaya රාහුල හිමියන්ගෙ අවසන් කාලය ගත කළ ඉඳුරුගිරිලෙන පිහිටා ඇති විහාරස්ථානය https://maps.app.goo.gl/xcZMchgoq7vd5HAg9

10/07/2025

ඔබ සැමට බැතිබර ආරාධනා !!!

පිං කැමති ඔබ සැමට මෙම මහඟු පිංකම සදහා බැති සිතින් ආරාධනා !
07/11/2024

පිං කැමති ඔබ සැමට මෙම මහඟු පිංකම සදහා බැති සිතින් ආරාධනා !

23/09/2024

🌸🙏

23/09/2024

🙏🙏

14/09/2024

පින්වත් ඔබ සැමට බැතිබර ආරාධනා !!!

12/09/2024

ලෞකික ජීවිතය හෝ ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීමට නම් පුද්ග්ලයා තුළ ගොඩනගා ගතයුතු කුසලතා සතරක් ඇත.

💢 උට්ඨානේන ; උත්සහවන්ත බව.
💢 අප්පමාදේන ; අප්‍රමාදී බව.
💢 සඤ්ඤමේන ; සංයමය ( සංවර බව )
💢 දමේනච ; දැමුණු බව.

උත්සහවත් බව ලෞකික මෙන්ම ලෝකෝත්තර අර්ථ සාධනය සඳහා ඍජුවම බලපාන කුසලතාවයකි. අප එදිනෙදා ජීවිතයේ කුමන හෝ ක්‍රියාවක් සිදු කිරීමට පළමුව අවශ්‍ය වන්නේ උත්සහවන්ත බවයි. අධ්‍යාපනයේ නියැලෙන ශිෂ්‍යයෙකු/ශිෂ්‍යාවක් හෝ වේවා ගොවිතැන, වෙළඳාම හෝ මොනම ක්‍රියාවක් කරන අයෙකු හෝ වේවා උත්සහවත් බව එම කටයුත්ත සාධනය කර ගැනීමට ඍජුවම බලපානු ඇත. හීන වීර්‍යයක් ඇත්තෙකුට කිසිඳු විටක එය සිදු කිරීමට නොහැකි වනු ඇත.

අප්‍රමාදි බව ඔහු තුළ ගොඩනගා ගතයුතු දෙවන කුසලතාවය යි. සුදුසු කල්හී කලයුතු දෑ සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ නම් එය සාර්ථකත්වයට හේතුවන පියවරකි. එදිනෙදා කටයුතු ඒ අයුරින් සිදු කිරීමට අපට හැකියාව ලැබෙන්නේ නම් බොහෝ දුරට ජිවිතයේ ඇතිවන ආතතිමය තත්වයන්ද මගහරවා ගැනීමට හැකිවනු ඇත. එයට හේතු වන්නේ කළයුතු වැඩ ප්‍රමාණය අඩුවීමයි.

සඤ්ඤමය හෙවත් සංවර බව සෑම දෙයකටම හේතු වේ. ඉවසීම වැනි උතුම් මානුෂීය ගුණ ප්‍රගුණ වනුයේම සංවරය පදනම් කොටගෙනයි. එසේම ඉඳුරන්ගේ දැමුණු බව මානසික ඒකාග්‍රතාවය පවත්වගෙන යාමට ඍජුවම බලපානු ඇත. ලෞකික සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන්නා වූ සැමට ආධ්‍යාත්මික සුවපත් බව භෞතික සාධනයෙහිලා ප්‍රමුඛ වන්නකි. භෞතිකය මෙන්ම ආධ්‍යාත්මය ද සුවපත් වනුයේ මෙම කුසලතාවන් ප්‍රගුණ කිරීමෙනි. එය මානසික සුවය සමසේ පවත්වා ගන්නට සුවිශාල දායකත්වයක් ලබාදෙනු ඇත.

උට්ඨානේනප්පමාදේන - සඤ්ඤමේන දමේන ච
දීප්ං කයිරාථ මේධාවී - යං ඕඝෝ නාභිකීරති.

යන ගාථාව චුල්ලපන්ථක හිමියන් අරඹයා දේශනා කරන ලද්දකි.

ධම්ම පදය අප්‍රමාද වග්ගය 3 වන ගාථාව.......................................

✍️සංස්කාරක.
වැලිගෙපොල පියරතන හිමි.

12/09/2024

'ඉවසීම'
-------------

මිනිසා විසින් පුරුදු කළයුතු මානව ගුණ ධර්මයකි. ඉදිනෙදා ජීවින පැවැත්ම තුළ අපට ඉවසීම ප්‍රගුණ කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නම් ජීවිතයේ හමුවන බොහෝමයක් ගැටලුකාරී තැන් මගහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළ ඉවසීම උතුම් මානුෂීය ගුණයක් ලෙස පෙන්වා දෙන අතර බුද්ධ චරිතයේ එන බොහෝමයක් පුවත් තුළින් උන්වහන්සේගේ උතුම් ඉවසීමෙ ගුණය මනාව ප්‍රකට වේ. වරක අලවු නුවරට වඩින බුදුන් වහන්සේ අලවු යකුගේ විධාන ඉවසන අයුරුත් අවසානයේදී අලව් යකු බුදුන් සරණ යාමත් බුදුන් වහන්සේගේ ඉවසීම සහ ප්‍රඥාව මනාව ප්‍රකට කරන සිදුවීමකි. එසේම අක්කෝෂ පරිබ්‍රාජකයා බුදුන් වහන්සේට දැඩි සේ ගරහන විටත් නිහඬව අසාගෙන සිටීමත් බුදුන් වහන්සේ ඉවසීමෙන් පිළිතුරු දීමත් අපූරුය එහි ප්‍රතිඵලය වශයෙන් බුදුන් වහන්සේ අපහසුතාවයට පත්කිරීමට පැමිණි බොහෝ අය බුදු සවුවන් බවට පත්වීමත් දක්නට ලැබෙන සුවිශේෂ ඵලයකි.

එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේදී ඇතිවන නොයෙකුත් ගැටලු වලට හොඳම පිළිතුරක් වනුයේ නිහඬව සිටීමයි. ඇතැම් අය නිහඬව සිටීම නිවටකමක් ලෙස අර්ථ ගන්වන අතර මෙහිදි පෙන්වන නිහඬ වීම ස්වකීය ජීවිතයටත් අන්‍ය ජීවිත වලටත් අර්ථයක් එක්කරන්නකි. මෙම නිහඬ බව ජීවිතය තුළ ඉවසීමේ ගුණය දියුණු කිරීමට මහෝපකාරී වන අතර එතුළින් දරාගැනීම වැනි මානුෂීය ගුණ අප ජීවිතය තුළ වර්ධනය වන්නේ නිරායාසයෙනි.

ඉවසීම පුද්ගල ආධ්‍යාත්මයේ ප්‍රගුණ කළයුතු කුසලයක් හැටියට පෙන්වා දෙන බුදුන් වහන්සේ නිර්වාණයට ප්‍රවේශ වෙන ශ්‍රාවකයාගේ පූර්ණය විය යුතු පාරමිතාවක් හැටියට ද ඉවසීම පෙන්වා දෙයි. ජීවිතයේ අප යමක් ජයග්‍රහණය කරනවා නම් එයට මහත් ශක්තියක් වන්නේ අප ප්‍රගුණ කරන ඉවසීමයි. එතුළින් නිරායාසයෙන් ගොඩ නැගෙනුයේ අපගේ දරාගැනීමේ ශක්තියයි.

වර්ථමාන සමාජයේ දක්නට ලැබෙන ජීවිත පරිහාණියට ප්‍රධානම හේතුවක්ව ඇත්තේ ඉවසීම, දරාගැනීම වැනි ගුණ ධර්ම පුද්ගල ආධ්‍යාත්මය තුළ සංවර්ධනය නොවීමයි. එම හේතුවෙන් බොහෝමයක් අය ජීවිතයද අතර මග නතර කරගැනීම් අසන්නට ලැබෙයි. මෙය ඛේදවාචකයකි. ශනික ආවේගය, ශනික තීරණ ගැනීම්, පුද්ගල ජීවිතයට විශාල හානියක් සිදු කරයි.

සරභංග ජාතක දේශනාව තුළින් පෙන්වා දෙන්නේ ඉවසීම ඇති පුද්ගලයාගේ ජීවිතය ලබන මහත් අර්ථය කිසිඳු විටකදී මහත් සේනාවක් ඇති රජෙකුද නොලබන බවයි. එසේම වෛරී ලෝකය තුළ අවෛරය බිහි වන්නේම ඉවසීම නැමති මානුෂීය ගුණධර්මය පදනම් කොටගෙන ය.

වෛරී සිතිවිලි අපව නිරතුරුවම විනාශයට, ආතතියට පත්කරවන අතර යහපත් සිතිවිලි අපගේ මානසික සහ කායික සුවපත් බවට ඍජුවම බලපානු ඇත.

තෙරුවන් සරණයි.

✍️ සංස්කාරක.
පූජ්‍ය වැලිගෙපොල පියරතන හිමි.

12/09/2024

🙏🙏🙏

12/09/2024

🙏🌸

Address

Ambana
Elpitiya

Telephone

+94778649758

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rahula Sangaraja Idurugirilen Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share