Sathbudhu Maha Seya Ella

Sathbudhu Maha Seya Ella official page
ශ්‍රි සත්බුදු මහා සෑ විහාරය
මහමෙව්නාව බෝධිගිරි වන සෙනසුන
කුඹල්වෙල,ඇල්ල.whatapp 0094768255729
(1)

අක්කර 48 කට වැඩි භූමි භාගයක කිලෝමීටර් 4 ක් පමණ කඳු මුදුනට නැගුණු විට ඌව පළාතේ උසම දාගැබ බණ්ඩාරවෙල - කුඹල්වෙල ශ්‍රී බෝධි පර්වතයේ පිහිටි සිරි ඉන්දික සමන් සත් බුදු මහා සෑය ගත වූ සියක් කල්පයක් තුළ ලොව පහළ වී වදාළ සත් බුදු රජාණන්වහන්සේලා පුද දෙනු පිණිස නිර්මාණය වෙමින් පවතී.

නමුණුකුල කඳු පන්තිය ප්‍රධාන කර ගත් දර්ශනීය කඳු යායකින් වට වූ සුන්දර පරිසරයේ පිහිටි සත් බුදු මහා සෑය නිර්මාණ කාර්යයේ දී ප්‍රදේශ

යට අධිගෘහිත සිරි ඉන්දික දිව්‍ය රාජයාණන් ද සුමන සමන් දිව්‍ය රාජයාණන් ද සැදැහැවත් උපකාර සලසා වදාළ බැවින් උන්වහන්සේලාගේ ශ්‍රී නාමයන් ද මහා සෑයේ නමට එක්කර ඇත.

2006 වසරේ ඓතිහාසික ඌව වෙල්ලස්ස පුරවරයේ ආරම්භ කරන ලද මහමෙව්නා අසපුවේ සත් බුදු මහා සෑය ගොඩනැංවීමේ කටුයුතු 2011 වර්ෂයේ දී ආරම්භ විය.

2018 වසරේ නොවැම්බර් මස 18 වන ඉරු දින හිමිදිරියේ ත්‍රිවිධ මංගල්‍යය, දම්සක් දෙසුම, සමනොළ ගිරි හිස ශ්‍රී පාද පද්මය පිහිටුවීම ආදී සම්බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා ඇතුලත් චිත්‍ර, පිළිම නිර්මාණ හා නොයෙක් රන් ලියකම්, නිර්මාණ ආදියෙන් අලංකෘත සත් බුදු මහා සෑයේ ධාතු ගර්භය තුළ ශ්‍රී සර්වඥ ධාතු මංජුසා තැම්පත් කර ගර්භයේ රන් ද්වාර වසා ශක්තිමත් ආරක්ෂාවක් සැලැස්විය.

මෙරට බෞද්ධයන්ගේ ධර්ම මාර්ගයේ දියුණුව උදෙසා මෙන්ම විදේශිකයන්ගේද මානසික සුවතාවය උදෙසා සංචාරය සඳහා ද කුඹල්වෙල මහමෙව්නාව අසපුව විවෘතව පවතී. මනරම් උඩරට දුම්රිය මාර්ගයේ පැමිණ ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස මේ සොබා සෞන්දර්යාත්මක අඩවියට ඇතුල් විය හැකිය.

04/09/2026

☀️☀️☀️
ඇල්ල, කුඹල්වෙල මහමෙව්නාව බෝධිගිරි වන සෙනසුනේ සුපිහිටි
ශ්‍රී සත්බුදු මහා සෑයේ ආනුභාවයෙන් සියලු උවදුරු දුරුවේවා!
රෝගබිය දුරුවේවා!
සියලු දුක් දුරුවේවා!
සියළු යහපත සැලසේවා!
දීර්ඝායු වේවා!
හැමදෙනාටම නිදුක් නීරෝගී සුවපත්භාවය සැලසේවා!!!🙏🙏🙏


#මිහිපිට #දෙව්ලොව

04/09/2026

ේ නවතම සමාජ මාධ්‍ය පි...

02/09/2026

ේ නවතම සමාජ මාධ්‍ය පි...

30/08/2026

🙏🙏🙏බදුල්ලේ ඉන්ද්‍රජිත් සෝලංග මහතා ඇතුළු පින්වතුන්, ඇල්ල කුඹල්වෙල ශ්‍රී සත්බුදු මහ සෑ විහාරයේ දී,සත්බුදු රජාණන් වහන්සේලා උදෙසා උදෑසන පූජා කළ කිරි ආහාර සම්බුද්ධ පූජාව...🙏🙏🙏

ශ්‍රී සත්බුදු මහා සෑයේ ආනුභාවයෙන් සියලු උවදුරු දුරුවේවා!
රෝගබිය දුරුවේවා!
සියලු දුක් දුරුවේවා!
සියළු යහපත සැලසේවා!
දීර්ඝායු වේවා!
හැමදෙනාටම නිදුක් නීරෝගී සුවපත්භාවය සැලසේවා!!!🙏🙏🙏


#මිහිපිට #දෙව්ලොව

30/08/2026

ේ නවතම සමාජ මාධ්‍ය පි...

Address

Mahamevnawa Bodhigiri Wana Senasuna, Kumbalwela
Ella
90100

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94768255729

Alerts

Be the first to know and let us send you an email when Sathbudhu Maha Seya Ella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sathbudhu Maha Seya Ella:

Shortcuts

Share