29/06/2026
👉 මෙහි දැක්වෙනුයේ ඉන්දියාවේ සුප්‍රකට සාංචි ස්ථුපය සංරක්ෂණයට පෙර 1875 වසරේ දී Joseph David Beglar විසින් ලබා ගත් ප්‍රකට ඡායාරූපයකි.
👉 සාංචි ස්ථුපය යනු ක්‍රිස්තු පූර්ව 268 - 232 අතර කාලයේ රාජ්‍යත්වය හෙබ වූ අශෝක අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තු පූර්ව 250 පමණ ඉදි කරන ලද ලොව ප්‍රකට බෞද්ධ සිද්ධස්ථානයකි.
👉 වර්ෂ 1818 දී පමණ Henry Taylor විසින් මේ පිළිබඳ බටහිර ලෝකයට කරුණු අනාවරණය කරනු ලැබීය.
👉 එහෙත් ඒ කාලය වන විට ඡායාරූප ගැනීමේ පහසුකම් නොතිබූ අතර, ඡායාරූපකරණය සන්නිවේදන මාධ්‍යයක් ලෙස ලෝකය පුරා ප්‍රකට වනුයේ 1839 වසරේ ප්‍රංශ ජාතික Louis Daguerre විසින් හඳුන්වා දුන් Daguerreotype තාක්ෂණය සමගිනි.
👉 මෙහි ඇද වැටී ඇති නටඹුන් අතර සිංහ රූප සහිත සුප්‍රකට අශෝක ස්ථම්භයේ කොටසක් දක්නට ලැබේ.
👉 මෙහි මුල් ස්ථම්භයේ උස මීටර් 12.8ක් පමණ බව පැවසෙන අතර, අද එය මුල් ප්‍රමාණයෙන්ම දක්නට නැත.
👉 මෙවැනි අශෝක ස්ථම්බ තිහක් පමණ ඉන්දියාවේ විවිධ ස්ථානවල ඇති අතර, ඒ අතරින් සාරානාථයේ ඇති සිංහ රූප හතරක් සහිත අශෝක ස්ථම්භය 1950 ජනවාරි 26 වැනිදා සිට ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය ලෙස භාවිත කෙරේ.
👉 ඉන්දියාව හින්දු බහුතරයක් සහිත රාජ්‍යයක් වුවද එහි අතීත බෞද්ධ උරුමයට ගරු කරමින් අශෝක ස්ථම්භය ඔවුන් තම රාජ්‍ය ලාංඡනය ලෙස තෝරා ගෙන තිබේ.
👉 ඒ සඳහා මුල් වී කටයුතු කරන ලද්දේ ලක්ෂ පහක පමණ දලිත් ජනතාවක් සමඟ බුදු දහම වැළඳගත් ඉන්දියාවේ පළමු අධිකරණ ඇමතිවරයා සහ ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ ප්‍රධානියා වූ බී. ආර්. අම්බෙඩ්කාර් විසිනි.
👉 අම්බෙඩ්කාර් තුමා පිළිබද අප පළ කළ වීඩියෝව පළමු කමෙන්ටුවෙන් නැරඹිය හැකිය.
අම්බේඩ්කාර් තුමා පිළිබද වීඩියෝව මෙතැනින් - https://www.facebook.com/reel/2925681657823507