Parappuduwa Island Hermitage

Parappuduwa Island Hermitage Budhist monastery grounded by sister Ayya Khema, also known as Nun's island, now inhabited by male buddhist monks

26/06/2018
නමෝබුද්ධාය ..........!!!පින්බර සුභ උදෑසනක් වේවා
25/06/2018

නමෝබුද්ධාය ..........!!!
පින්බර සුභ උදෑසනක් වේවා

අසිරිමත් "බක් පොහොය" අදයි..2018.03.31අසිරිමත්,අනන්ත  බුදුගුණයෙන් සියල්ලෝම සැනසීම අවබෝධ කරගනිත්වා...!!!******************...
31/03/2018

අසිරිමත් "බක් පොහොය" අදයි..2018.03.31
අසිරිමත්,අනන්ත බුදුගුණයෙන් සියල්ලෝම සැනසීම අවබෝධ කරගනිත්වා...!!!
****************************
මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම් ගොත් දම්රදාණන් ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් දනන් නිවී සැනසී ගියේත් බක් මාසයේ ය.

බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චුලෝදර -මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. උන්වහන්සේ නාගයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනට සුවසෙත් සදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම නාගදීපයට වැඩිසේක. මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරි කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය.

ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චුලෝදර නම් විය. ගොඩවැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්නයෝ වූහ.

චුලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චුලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චුලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පළඟ ය.

බුදුරජාණන් වහන්සේ බක්‌ අවපසළොස්‌වක්‌ පොහෝදා උදෑසන ලක්‌දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක්‌ මැවුහ. නාගයන් බියෙන් හැකිලී සිටින විට ආලෝකයක්‌ මවා උන් වහන්සේ ඔවුනට දක්‌නට සැලැස්‌ වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදුසිරිපා කමල් වැන්දාහ.

ඓතිහාසික සිද්ධියකින් ශේ්‍රෂ්ඨත්වයට පත් බක්‌ පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක්‌ උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස්‌ ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක්‌ සිහිපත් කරවන වටිනා දිනයෙකි.

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක්‌ මාසය කොයි කවුරුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස්‌ සුවය ගෙනදෙන නොයෙක්‌ සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක්‌ වශයෙන් සම්මතව ඇත.

හැම තුරුලියක්‌ම විසිතුරු මලින් හා මනහර පලයන්ගෙන් ගැවැසී ගිය, නොයෙක්‌ සියොතුන්ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ මදින් මඳ හමන සිසිල් මඳ පවතින් හා මනහර පියකරු පියුමෙන් ගැවසීගත් බක්‌ මාසය සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි.

වෙසෙසින් ලක්‌වැසි බොදුනුවන් හට අමා සිසිල ලබාදෙන කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන අසිරිමත් මසකි.

තෙරුවන් සරණයි ..!!!

තිංස සූත්‍රයමා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි’ (හුනවනයෙහි) වාසය කරනසේක. ඉක්බිති...
22/02/2018

තිංස සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි’ (හුනවනයෙහි) වාසය කරනසේක. ඉක්බිති සියල්ලන්ම ආරණ්‍යකවූ, සියල්ලන්ම පිණ්ඩපාතිකවූ සියල්ලන්ම පාංසුකූලිකවූ, සියල්ලන්ම තේචීවරිකවූ, සියල්ලන්ම සංයෝජන සහිතවූ, (පෘථග්ජනවූ) තිසක් පමණවූ, පාවාරට වැසි භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට නමස්කාරකොට, එක් පැත්තක හුන්නාහුය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ සිත පහළවිය. ‘මේ තිසක් පමණ පාව්‍යෙයක භික්ෂූහු වනාහි සියල්ලෝම ආරණ්‍යක වූවාහුය. සියල්ලෝම පිණ්ඩපාතිකයහ. සියල්ලෝම පාංසුකූලිකයහ. සියල්ලෝම තේචීවරිකයහ. සියල්ලෝම සංයෝජන සහිතයහ. යම්සේ මේ ආසනයෙහිදීම මොවුන්ගේ සිත් (තණ්හාදී) ආශ්‍රවයන්ගෙන් දැඩිකොට නොගෙන ඉන් මිදෙත්ද (රහත්වෙත්ද) එසේ මම මොවුන්ට ධර්මය දේශනා කරන්නෙම් නම් ඉතා හොඳය’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ දීර්ඝ කාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ, ගැලුවාවූ යම් ලෙයක් වේද, සතර මහා සාගරයෙහි යම් දියක් වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද?”
“ස්වාමීනි, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු. ස්වාමීනි, මේ දීර්ඝ කාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, අපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, මා විසින් දේශනා කරනලද ධර්මය තොපි ඒ ආකාරයෙන් දන්නාහුය. මහණෙනි, මේ දීර්ඝකාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි ගොන්ව ඉපදුණාවූ තොපගේ හිස් සිඳීමෙන් ගැලු යම් ලෙයක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහාසාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි මීගොන්ව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි එළුව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි බැටළුව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි මුවව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝකාලයක් මුළුල්ලෙහි සූකරව (හූරුව) ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි කුකුළුව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි ගම්පහරණ සොරුයයි අල්වාගෙන තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි මංපහරණ සොරුයයි (මංකොල්ල කාරයෝයයි) අල්ලාගෙන තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි අන් අඹු සොරුයයි අල්ලාගෙන තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
“ඊට හේතුව කවරේද?
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. සතුටු සිත් ඇත්තාවූ, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ඒ දේශනාවට සතුටුවූහ. මේ දේශනාව පවත්වන කල්හි වනාහි තිසක් පමණවූ පාවෙය්‍යක භික්ෂූන්ගේ සිත් (තණ්හාදී) ආශ්‍රවයන්ගෙන් දැඩිකොට නොගෙන ඉන් මිදුනාහුය.

--------------------------------------------------------------
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » අනමතග්ග සංයුක්තය » දුග්ගත වර්ගය» තිංස සූත්‍රය
--------------------------------------------------------------

සියලු ලෝ සතුන් උතුම් නිවනින් සැනසෙවා...!!!

Most. Ven Pannipitiye Upasama Thero is a long standing Sri Lankan forest monk and one of the two disciples of great Germ...
08/08/2017

Most. Ven Pannipitiye Upasama Thero is a long standing Sri Lankan forest monk and one of the two disciples of great German monk Most.Ven Gnanawimala Thero and the brother of Most.Ven Bamabalapitiye Gnanaloka Thero. I was fortunate enough to meet Bhante Upasama on several occasions as a layman when he was at Parappuduwa Island Hermitage next to Island Hermitage and later as a junior monk to seek his further advice- My deep bow and respects to Bhante Upasama

15/06/2017
13/11/2016

Opening of New Budda Statue & Medtitation Hall - 12/11/2016

නවතම බුදුපිළිමය නිරාවරණය කිරීම සහ භාවනා ශාලාව විවෘත කිරීම
2016 නොවැම්බර් මස 12 දින

Last Evening
06/08/2016

Last Evening

භාවනා ශාලාවේ අද දිනට (2016-06-23) ප්‍රගතිය. 1. පින්තාරු කටයුතු නිමවෙමින්.2. ඇලුමිනියම් වැඩ , ජනෙල් දොරවල් සදහා Progress ...
23/06/2016

භාවනා ශාලාවේ අද දිනට (2016-06-23) ප්‍රගතිය.
1. පින්තාරු කටයුතු නිමවෙමින්.
2. ඇලුමිනියම් වැඩ , ජනෙල් දොරවල් සදහා

Progress of Medtitation Hall as at 23rd June 2016.

1. Painting work
2. Aluminium works for doors and windows

Address

Parappuduwa
Dodanduwa
80250

Alerts

Be the first to know and let us send you an email when Parappuduwa Island Hermitage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Parappuduwa Island Hermitage:

Share