Mahamevnawa Hunumulla

Mahamevnawa Hunumulla Mahamevnawa is an organization of monasteries established for the sake of spiritual development of human beings through the teachings of the Sakyamuni Buddha

මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය
‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් මංගල ශිලා ප‍්‍රතිශ්ඨාපනය සිදුවීමත් සමඟ මහමෙව්නාව භාවනා අසපුව නම් පුණ්‍ය භූමිය දෙව් මිනිස් ලෝකයට බිහිවුණා. ඉන්පසු ගත වූ මෙම දොලොස් වසරක් වූ කෙටි කාලය තුළදී ‘මහමෙව්නාව’ ලක්දිව ද දේශ දේශාන්තරයේ ද කීර

්තිමත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්වුණා.
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වන පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ තිස් වසරක් වූ පැවිදි ජීවිතයේ දී ලද අත්දැකීම් මුල් කරගෙන, දියත් කළ ධර්ම දූත සේවාව සුළු කලකින් ම දිවයින පුරා පැතිර ගියා. සරළ සිංහල බසින් බුද්ධ දේශනා විස්තර කර දීම නිසා, සෑම වයස් කාණ්ඩයකම පසුවන සැදැහැවතුන් උන්වහන්සේගේ භාවනා වැඩසටහන් වලට පැමිණෙන්නට පටන් ගත්තා. මනස දියුණු කරගැනීම පිණිස හිත නැවෙන ආකාරයට භාවනාව ඉදිරිපත් කිරීමේ දී උන්වහන්සේ දැක් වූ දක්ෂතාවය, භාවනා පංති සොය සොයා ගිය පිරිසකට විශාල අස්වැසිල්ලක් වුණා. බුදුරජුන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති වන සේ ඉතා නිර්මාණශීලී ලෙස ධර්මය ඉදිරිපත් කිරීම නිසා මිහිරි ධර්මයේ රසය මිනිස් හදවත් තුළට දැනෙන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම, ත‍්‍රිපිටක ධර්මය ඇසුරු කරගනිමින් නිර්මල බුද්ධ වචනය ඒ අයුරින්ම ලබාදීමට කටයුතු කිරීම මහමෙව්නාවේ සුවිශේෂීම ලක්ෂණයයි. ඒ අනුව රට පුරා භාවනා කරන, ධර්මය ශ‍්‍රවණය කරන තරුණ පිරිසක් බිහිවුණා. ධර්මයට ලැදි, සිල් රකින දරු පිරිසක් බිහිවුණා. මේ දෙපිරිසම සමඟින්, ගෞතම බුදු සමිඳුන් විසින් මේ ලෝකයට හඬ ගා කියන ලද, එම ඒකායන ඉලක්කය නම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය වෙනුවෙන් ධර්මයේ හැසිරෙන වැඩිහිටි පිරිසක් ද බිහිවුණා.

25/08/2026
නමො බුද්ධාය!පින්බර වස්සාන කාලය තුලදි ඔබගේ ගම් ප්‍රදෙශයේ පිරිස ව්සින් සංවිධානය කරන වස් පින්කම් දේශනාවට සම්බන්ඩ වි පින්ඵල ...
02/08/2026

නමො බුද්ධාය!

පින්බර වස්සාන කාලය තුලදි ඔබගේ ගම් ප්‍රදෙශයේ පිරිස ව්සින් සංවිධානය කරන වස් පින්කම් දේශනාවට සම්බන්ඩ වි පින්ඵල රැස් කරගැනිමට මෙත්සිතින් ආරාධනා කරමු.

තෙරුවන් සරණයි!

Address

Hunumulla
Divulapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Hunumulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share