Sri Rajawalukaramaya

Sri Rajawalukaramaya A Temple with largest buddha statue.

සම්බුදු තෙමඟුලට බැතියෙන් දිගන ශ්‍රී රාජවාලුකාරාමස්ථ පූජා වෙසක් 2026
13/05/2026

සම්බුදු තෙමඟුලට බැතියෙන්
දිගන ශ්‍රී රාජවාලුකාරාමස්ථ
පූජා වෙසක් 2026

2026.3.17දින රජවැලි සම්බුද්ධ ප්‍රථිමා වහන්සේගේ සත වර්ෂ පූර්ණ පිංකම් මාලාවේ අවසන් දිනය සනිටුහන් කරමින්  උදෑසන 5.30 කිරි ආ...
16/04/2026

2026.3.17දින රජවැලි සම්බුද්ධ ප්‍රථිමා වහන්සේගේ සත වර්ෂ පූර්ණ පිංකම් මාලාවේ අවසන් දිනය සනිටුහන් කරමින් උදෑසන 5.30 කිරි ආහාර පූජාව ,දහවල ව්‍යංජන තිස් දෙකක් සහිත වූ සම්බුද්ධ පූජාව සහ සවස අධිෂ්ඨාන පූජාව බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
අධිෂ්ඨාන පූජාව සදහා පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරාධිපති රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ මෙහෙය වීමෙන් සිදුවිය. මෙම උතුම් පින්කම සදහා බොහෝ දෙනෙකුගේ සහභාගිත්වය තිබූ අතර , පිංකම් මාලාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම සිදු කිරීමේදී මූල්‍යමය වශයෙන් ද ද්‍රව්‍යමය වශයෙන් ද, ශ්‍රමය වශයෙන් ද, නන් අයුරින් අනුමෝදන් වූ දායකත්වයන් දැරු උදව් උපකාර සියල්ල පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරමින් ඒ සැමට අනන්ත තෙරුවන් සරණ ලැබේවා! නිවන් මග වඩන්නට පාරමී දම් වේවායි පුණ්‍යානුමෝදනා පූර්වක පාර්ථනා කර සිටිමු.

2026.03.16 දින ගරු විහාරාධිපති නා හිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි  විශේෂ ධර්ම දේශනාවක් නවසීලන්ත ක්රයිස්චර්ච් සමාධි බෞ...
09/04/2026

2026.03.16 දින ගරු විහාරාධිපති නා හිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි විශේෂ ධර්ම දේශනාවක් නවසීලන්ත ක්රයිස්චර්ච් සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී රාජවාලුකාරාමය විහාරස්ථානයේ ප්‍රධාන අනුශාසක දර්ශනපති පූජ්‍යපාද මකුල්දෙණියේ සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකරන ලදි .මෙහි දායකත්වයන් විහාරස්ථ දායක සභාව ඇතුළු විහාරස්ථ සියලු සමිති සමාගම් දරණු ලැබූහ . මෙම උතුම් ධර්ම දානමය පිංකම සදහා නන් අයුරින් දායකත්වයන් සහ සහයෝගයන් ලබා දුන් සියලු දෙනාට අනන්ත තෙරුවන් සරණ ලැබේවායි පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කර සිටිමු.

08/04/2026
2026.03.14 වන දින දිගන ශ්‍රී රාජවාලුකාරාමය විහාරස්ථානයේ ''අරුත් බර දිවියකට දහම් මග විවරණය'' මැයින් විශේෂිත ධර්ම දේශනාවක්...
06/04/2026

2026.03.14 වන දින දිගන ශ්‍රී රාජවාලුකාරාමය විහාරස්ථානයේ ''අරුත් බර දිවියකට දහම් මග විවරණය'' මැයින් විශේෂිත ධර්ම දේශනාවක් ගරු විහාරාධිපති පූජ්‍ය පිල්හත මහානාම නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ,පින්වත් සංගීත වේදී අනුර දිසානායක මහත්මා ඇතුලු පවුලේ සැමගේ සම්බන්ධිකරනයෙන් දායකත්වයේන් කැකිරාව ගල්කිරියාගම ,පහමිණියාගම සිරි සමාධි උපදේශන මධ්‍යස්ථානාධිපති, ත්‍රිවිධ හමුදාවේ ධර්ම උපදේශක විචිත්‍ර ධර්ම කථික, ශාස්ත්‍රාචාර්ය .ශාස්ත්‍රපති පූජ්‍යපාද කාගම සිරිනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකරන ලදි. මෙම උත්තුංග පිංකම සදහා දෙදහසකට අධික පිරිස සම්බන්ධ වූ අතර මෙම ධර්ම දානමය පින් කම සදහා නන් අයුරින් දායකත්වයන් සහ උදව් උපකාර සංග්‍රහයන් සිදු කළ සියලු දෙනාට අනන්ත ගුණැති තෙරුවන් සරණ ලැබේවා! උතුම් නිවන් මග වඩන්නට පාරමී දම් වැඩේවායි පුණ්‍යානුමෝදනා පූර්වක ව පාර්ථනා කර සිටිමු.

රජවැලි සම්බුදු පිලිම වහන්සේ දෝවනය කිරීම හා වන්දනා මලුව පිරිසිදු කිරීමේ අවස්ථාමෙම උතුම් පිංකම සදහා ‍ නොයෙක් ලෙසින් උපකාර ...
11/03/2026

රජවැලි සම්බුදු පිලිම වහන්සේ දෝවනය කිරීම හා වන්දනා මලුව පිරිසිදු කිරීමේ අවස්ථා

මෙම උතුම් පිංකම සදහා ‍ නොයෙක් ලෙසින් උපකාර කරන්නට යෙදුනු සැම පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමු

දිගන ශ්‍රී රාජවාලුකාරාම විහාරස්ථ රජවැලි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සත්වන වර්ෂ පූර්ණ පිංකමට සමගාමීව 2025 මාර්තු මස 14 වන ...
09/03/2026

දිගන ශ්‍රී රාජවාලුකාරාම විහාරස්ථ රජවැලි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සත්වන වර්ෂ පූර්ණ පිංකමට සමගාමීව 2025 මාර්තු මස 14 වන දින සිට 17 වන දින දක්වා සිදුකරන පිංකම් මාලාව

අතිපූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ වැඩම වීමෙන් සිදුකෙරෙන ධර්ම දේශනය 2026.03.14 දින ශ්‍රී රාජවාලුකාරාම විහාරස්ථානයේදි සිදු කෙරේ.
පින් කැමති ඔබ සැමට ආරාධනා

රජවැලි සම්බුදු පිලිම වහන්සේ දෝවනය කිරීම (2026.03.08) දිගන ශ්‍රී රාජවාලුකාරාම විහාරස්ථ රජවැලි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ...
08/03/2026

රජවැලි සම්බුදු පිලිම වහන්සේ දෝවනය කිරීම (2026.03.08)
දිගන ශ්‍රී රාජවාලුකාරාම විහාරස්ථ රජවැලි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සත්වන වර්ෂ පූර්ණ පිංකමට සමගාමීව 2025 මාර්තු මස 13 වන දින සිට 17 වන දින දක්වා සිදුකරන පිංකම් මාලාවේ සමාරම්බය සනිටුහන් කරමින් උදෑසන කිරි ආහාර පූජාව හා විහාරීය මහා සගරුවනේ ආශිර්වාද මධ්‍ය‍යේ රජවැලි සම්බුදු පිලිම වහන්සේ දෝවනය කිරීම.

දිගන ශ්‍රී රාජවාලුකාරාම විහාරස්ථානයේ ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිර්මිත රජවැලි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ යනු දෙස් විදෙස් බොහෝ...
08/03/2026

දිගන ශ්‍රී රාජවාලුකාරාම විහාරස්ථානයේ ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිර්මිත රජවැලි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ යනු දෙස් විදෙස් බොහෝ ජනතාවකගේ වන්දනා මානයට පාත්‍ර වන සුවිශේෂී නිර්මාණයකි. ඒ උතුම් බුදධ ප්‍රතිමා වහන්සේ උදෙසා අත්‍යවශ්‍යව තිබූ විදුලි ආලෝකය සහිත දර්ශනීය ආලෝකස්ථම්භ පූජාව විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විශාල ධන පරිත්‍යාගයක් කරමින් එහි දායකත්වය උසුලන්නට යෙදුනේ
ඉන්දියාවේ පදිංචි තෙහානී දිලේශිකා මහත්මිය
ජපානයේ පදිංචි නිරූෂානි ඉන්ද්‍රචාපාද මහත්මිය
කැනඩාවේ පදිංචි දිනීශයා ට්‍රශානි මහත්මිය
යන ඇතුළු පවුලේ සැම විසිනි.
අරමුණ ලෙස තෙමසකට පෙර පරලොව සැපත් වන්නට යෙදුණ දිගන මහවැලි කලාපයේ හිටපු ඝණකාධිකාරී එම්. විජේවර්ධන පියතුමාට පින් අනුමෝදන් කිරීමත් පරලොව සැපත් සමන්මලි මලවර ආරච්චි සෙනෙහබර මවු තුමිය වන සමන්මලී මවට පින් අනුමෝදන් කිරීමත් යන අරමුණු ප්‍රමුඛ කර ගනිමින් 2026-02-03 දින ය. මෝහය නැමැති අඳුර මකා දමා ප්‍රඥාව නමැති ආලෝකය ලබන්නට උපකාර වන මෙම උතුම් ආලෝක පූජාවෙන් ජනිත උතුම් කුසලය බලයෙන් පරලොව සැපත් දිගන මහවැලි කලාපයේ හිටපු ගණකාධිකාරී එම්. විජේවර්ධන පියතුමන්ටත් පරලොව සැපත් සමන්මලී මලවර ආරච්චි මව්තුමියටත් මොහඳුර දුරු වී ප්‍රඥාව නමැති ආලෝකය ලබන්නට මෙම උතුංග වූ කුසල බලමහිමය උපකාර වේවා...

මේ උතුම් පින්කම සඳහා පූර්ණ දායකත්වය ලබා දුන් ඉන්දියාවේ පදිංචි තෙහානී දිලේශිකා මහත්මිය ඇතුළු පවුලේ සැමටත් ජපානයේ පදිංචි නිරූෂානි ඉන්ද්‍රචාපා මහත්මිය ඇතුළු පවු‍ලේසැමටත් කැනඩාවේ පදිංචි දිනීශයා ට්‍රශානි මහත්මිය ඇතුළු පවුලේ සැමටත් සියලු යහපත උදාවේවා උතුම් ප්‍රඥාවබෝධයට මග විවරවේවායි පුණ්‍යවානුමෝදනා පූර්වක ප්‍රාර්ථනා කර සිටිමු
මෙම උතුම් පිංකම සදහා ‍ නොයෙක් ලෙසින් උපකාර කරන්නට යෙදුනු සැම පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමු

22/02/2026

මෙත් සිත් පෙරටුව ආරාධනා

Address

Digana

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rajawalukaramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share