08/08/2026
සමහර අය දෙවියන් ළඟට යන්න බයයි. හේතුව, එයාලා හිතනවා " ඉස්සෙල්ලාම මාව වෙනස් කරගන්න ඕනේ. නරක පුරුදු නවත්තලා, හැම වැරැද්දක්ම හදාගෙන, හොඳ මනුස්සයෙක් වෙලා දෙවියන් ළඟට යනවා. එතකොට තමයි දෙවියන් මාව පිළිගන්නේ" කියලා.
හැබැයි, "හොඳ වුණාට පස්සේ එන්න" කියලා දෙවියන් කිව්වේ නෑ. "ඉන්න විදිහටම එන්න" කියලායි කිව්වේ.
අපි පව්කාර ජීවිතේ ඉද්දී, කැඩිලා බිඳිලා, අසාර්ථක ජීවිතේ ඉද්දී, කාටවත් නොකියා හංගගෙන දුක් විඳින හැම අරගලයක්ම උන්වහන්සේ දකිනවා. එහෙම දැකලාත්, උන්වහන්සේ කියනවා, "මගේ ළඟට එන්න" කියලා. හැම අරගලයේදීම උන්වහන්සේ අපි ළඟට ආවා.
රෝම 5:8
අප උදෙසා ඇති දෙවියන්ගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ, අප පව්කාරයන්ව සිටිය දීම, ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා දිවි පිදු බැවිනි.
🤍 අපි හොඳ නොවුනාත්, දෙවියන් අපි ළඟට ආවා.
මතෙව් 9:12-13
"රෝගීන්ට මිස, නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. මම යාග පූජාවට නොව, දයාවට කැමැත්තෙමි'යි. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමටය" යි වදාළ සේක.
🤍 දෙවියන් හොඳ අය හොයන්නේ නෑ. කැඩුණු අය හොයනවා.
ගීතාවලිය 34:18
හිමිතුමාණෝ, බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින සේක.
🤍 අපි කඩා වැටුණු තැනටම, උන්වහන්සේ එනවා.
ඉතින් අපි මොකද කරන්න ඕන?
ඉන්න විදිහටම දෙවියන් ළඟට යමු. ඉතුරු ටික ජේසු කරයි.
ඒ වගේම මතක තියාගන්න: පව්කාර අපි ළඟට මුලින්ම පියවර තිබ්බේ, හැමදාමත් දෙවියන් බව.